settings icon
share icon
ප්‍රශ්නය

ටාඕ වාදය / ඩාවෝ වාදය යනු කුමක්ද?

පිළිතුර


ටාඕ වාදය (හෝ ඩාවෝ වාදය) ඈත නැගෙනහිර රටවල් වන චීනය, කොරියාව, ජපානය, වියට්නාමය සහ සිංගප්පූරුව වැනි රටවල්වල පාක්‍ෂිකයන් සිටින ආගමක් වේ. නූතන ඇස්තමේන්තු අනුව මිලියන සිය ගණනක් ජනයා යම් ආකාරයක ටාඕ වාදයේ ප්‍රතිපත්ති අනුගමනය කරන අතර මිලියන විස්සත් තිහත් අතර සෙනඟක් චීන මහාභුමි ප්‍රදේශයෙන් වේ.චීන ප්‍රධාන භුමිය කොමියුනිස්ට් රාජ්‍යයක් වන බැවින් කිසියම් ආකාරයක ආගමක් ඇදහීම තහනම් බැවින් මෙය අපූර්ව සිදුවීමකි. ටාඕ වාදයේ ආරම්භය ක්‍රි.පූ 3 වන 4 වන සියවසේදි පමණ වේ. අනෙකුත් බොහෝ ආගම් මෙන් ඔවුන්ටම වෙන්වූ ලියවිලි වේ. එය ප්‍රධාන වශයෙන් "ටාඕ" වශයෙන් හදුන්වනු ලබන අතර අනෙකුත් ලියවිලිත් ඇතුලත් කර ඇති අතර ටාවෝවාදී කැනනයේ සම්පූර්ණ වර්ණාවලිය ඩෝසැන්ස් ලෙස හදුන්වනු ලැබේ. "ටාඕ" වචනය චීන හෝඩියේ ටාඕ අක්‍ෂරයෙන්ම පැමිණේ.මෙම වචනය "මාර්ගය" හෝ "මාවත" යන අරුත දේ.

ටාඕ වාදය කිසිදිනක ඒකාබද්ධ ආගමක් නොවූ අතර විශාරදයන් එය කොටස් තුනකට වෙන්කර දක්වයි. එනම් දර්ශණය පිළිබඳ වූ, ආගම්වාදී (භක්තිවන්ත) සහ පුරාණ චීන ආගමක් ලෙස වේ. එහිඇති පුළුල් වූ විශ්වාසයන් නිසා හරියාකාරව ටාඕ වාදය කුමක්දැයි හදුනා ගත නොහැක. බොහෝවිට ටාඕ වාදය විශ්වයේ ගලායෑම හෝ ස්වාභාවික අනුපිළිවෙල පිටුපස බලය සියල්ල සමතුලිතව තබන බවට සළකයි. එමෙන්ම ටාඕ පවතින සහ "නොපවතින" දෙය අතර මූලාශ්‍රයක් බවට සළකනු ලැබේ. සමහර නැගෙනහිර ආගම් මෙයට විශ්වයේ "යින් සහ යෑන්ග්" ලෙස හදුන්වන අතරම, සමාන "යහපත සහ නපුර" බලයන් බව ප්‍රකාශ කරයි.

සමහර ටාඕවාදි පාක්‍ෂිකයින් බහුදේවවාදය විශ්වාස කරන අතර අනෙක් අය මුතුන්මිත්තන්ගේ නමස්කාරයන් අනුගමනය කරයි. ටාඕවදින් බොහෝවිට ඔවුන්ගේ දින දර්ශණයට අනුව නිවාඩු දිනයන්හි නමස්කාර කිරීමට කැමැත්තක් දක්වන අතර එම දිනයන්හි ආහාර දෙවිවරුන්ට හෝ තමන්ගේ මළගිය මුතුන්මිත්තන්ගේ ආත්ම වලට කැප කරනු ලබයි. තවත් ආකාරයක පූජාවක් ලෙස මුදල් නෝට්ටු පිළිස්සීම ඇතුළත් වේ. එලෙස කිරීමෙන් ආත්මික ලෝකය නැවත ප්‍රතිමූර්තිමත් වන බවටත් එමඟින් මියගිය මුතුන්මිත්තන්ට එය පරිහරණය කිරීමට හැකි වන බවටත් විශ්වාස කරයි. සටන් කලා විෂයන් වන ටායි චි චවිවන් සහ බැගුවා සැන්ග් ටාවෝවාදයෙන් හටගෙන ඇත. බටහිර ලෝකයේ සමහර පුද්ගලයන් ටාඕවාදය අනුගමනය කරන අතර සමහරුන් ටාඕ සෙන් සමඟ පටලවා ගෙන ඇති අතර එයට සාක්‍ෂි වශයෙන් ෆිරිට්ජ්ඔෆ් කාප්රාගේ භ්‍යෙතික විද්‍යාවේ ටාඕ හෝ බෙන්ජමින් හොෆ් ගේ වහ් හි ටාඕ පොත් සාක්‍ෂි දරයි.

ටාඕ යන පදයේ අරුත "මාර්ගය / මාවත" වුවත් එය සැබෑ මාවත / මාර්ගය නොවේ. තමන් දෙවියන් වහන්සේ වෙතට යාමට මාවතක් / මාර්ගයක් යයි සඳහන් කරන බොහෝ ආගම් වේ. නමුත් යේසුස් වහන්සේ පවසා සිටියේ තමන් දෙවියන් වහන්සේ වෙතට යාමට එකම මඟ බවය (යොහාන් 14:6). ටාඕ වාදය මෙය ප්‍රතික්‍ෂේප කරනු ලබන්නේ මනුෂ්‍යයාගේ පාපිෂ්ඨ ස්වභාවය සමඟ ගනුදෙනු කිරීමට ඇති අපොහොසත්කම නිසාය. (යේසුස් වහන්සේ හැර) මේ ලොවට පැමිණියාවූ හැම කෙනෙක්ම ආදම් ගෙන් උරුම වූ පාපය සමඟ වන අතර එම පාපය අපව දෙවියන් වහන්සේ ගෙන් වෙන් කරයි. ශුද්ධ සහ ධර්මිෂ්ට දෙවියන් වහන්සේට පාපය සහිත කිසිවක් බලන්නට නොහැකිය. නමුත් එතුමන් ගේ දයාව නිසා තමන්ගේ පූත්‍රයාණන් වන යේසුස් වහන්සේ (මාංසවත්වූ දෙවියන් වහන්සේ) අපගේ පාපයට එතුමන් ගේ ධර්මිෂ්ටකමට හුවමාරු කරගන්නට කුරුසිය මත මැරෙන පිණිස ලොවට එවන ලද්දේය (2 කොරින්ති 5:21). මෙම ආලේප ලත් මරණය පිළිගැනීමෙන් සහ යේසුස් වහන්සේව විශ්වාස කිරීමෙන් පමණක් විනිශ්චයෙන් ගැලවී සදාකාල ජීවනය උරුම කරගන්නට හැකි වේ (එපීස 2:8-9). සදාකාල ජීවනයට මඟ යේසුස් වහන්සේ මිස ටාඕ නොවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ටාඕ වාදය / ඩාවෝ වාදය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries