සර්පයකු තමන්ට කථා කරනු ලබන කළ ආදම්ට සහ ඒවට එය අපූර්ව කාරණයක් නොවූයේ මන්ද?


ප්‍රශ්නය: සර්පයකු තමන්ට කථා කරනු ලබන කළ ආදම්ට සහ ඒවට එය අපූර්ව කාරණයක් නොවූයේ මන්ද?

පිළිතුර:
සිත්ගන්නා සුළුවල දේව වචනයේ සත්ත්වයන් කථා කරනු ලබන එකම අවස්ථාව සර්පයා / නාගයා ආදම්ට සහ ඒවට කථා කීරීම පමණක් නොවේ. අනාගතවක්තෘවූ බාලාම්ට තම කොටළුවා විසින් තරවටු කරනු ලැබීය (ගණන් කථාව 22:21–35 බලන්න) අප විසින් මතක තබා ගත යුත්තේ සතුන්ට කථා කිරීමට හැකියාවක් නොතිබුනත් (දෙවියන්වහන්සේ, දේව දූතයන්, සාතන් සහ යක්ෂයන්) වැනි බලවතුන්ට සත්ත්වයන් ලවා කථා කරවීම ආදී ආශ්චර්‍යයන් කිරීමේ හැකියාවන් සතු බවය. බොහෝ විද්වතුන් පිළිගනු ලබන්නේ ඒදන් උයනෙහි නාගයා තුළින් කථා කරනු ලැබුවේ සාතන් මිස නාගයා විසින් තමන්ම කථා නොකළ බවය. මෙලෙස, නාගයන් බුද්ධියකින් හෙබවී වචන උච්චාරණය කිරීමට හැකියාවක් තිබූ බවට උත්පත්ති කථාවේ 3 වන පරිච්ඡේදයේ යෝජනා කරනු නොලබයි.

එසේ වුවද සත්ත්වයෙකු තමන්ට කථා කරනු ලබන කළ ආදම්ට සහ ඒවට එය අපූර්ව කාරණයක් නොවූයේ මන්ද? අපට සතුන් කෙරෙහි ඇති ආකාරයේ දෘෂ්ඨිකෝණයක් ආදම්ට සහ ඒවට තිබූ බව අසම්භව්‍ය කරුණකි. අපගේ යුගයේ අත්දැකීමෙන් අප දන්නාවු කරුණක් නම් මනුෂ්‍යයන්ගේ මටිටමෙන් කථා කිරීමට සත්ත්වයන්ට නොහැකි බවය. ආදම්ට සහ ඒවට ළමා කාලයක් හෝ තමන්ට යමක් ඉගෙනීමට හැකි ආකාරයේ වෙනත් මනුෂ්‍යයන් ඔවුනට නොසිටියහ. බොහෝ විට ආදම් සහ ඒව ජීවත් වීමට ආරම්භ කර දින කිහිපයක් වූවා පමණි යන නියමිතය සලකා බැලූවහොත් සමහර සතුන්ට වචන උච්චාරණය කිරීමට හැකියාවක් තිබූ බව ඔවුන් විසින් විශ්වාස කිරීම අසාධාරණ කරුණක් නොවේ. ආදම්ට සහ ඒවට මුණ ගැසුනු කථා කිරීමට හැකි පළමු සත්ත්වා මෙය නොවීමට සම්භාව්‍යතාවයක්ද ඇත. ඇතැම්විට ආදම් සහ ඒව හා සමග සන්නිවේදනය කිරීමට මීට ප්‍රථමයෙන් සත්ත්වයන්ව සාතන් විසින් හෝ දෙවියන්වහන්සේ විසින් භාවිතා කොට තිබෙන්නට ඇත. මෙම කථාවේ මේ පිළිබදව විස්තර ලබා දී ඇත්තේ ඉතා අල්ප වශයෙන් වන අතර බොහෝ දෑ සමපේක්ෂණය කිරීමට මෙන්ම පූර්ව නිගමනය කිරීමට ඉතිරිව ඇත.

අවසාන වශයෙන් ඒව විසින් නාගයාට පිළිතුරු දීම අසාධාරණ කරුණක් නොවේ. එය එසේ වූවත් නාගයා විසින් ප්‍රත්‍යක්ෂ ලෙසම කථා කරනු ලැබුවේ ඇයට අවබෝධ කොට ගත හැකි භාෂාවක් වූ අතර ඌ විසින් අසනු ලැබුවේ බුද්ධිමත් පැණයකි. ආදම් ඇය අසල සිටි හෙයින් ඇය විසින් යමක් සිතෙහි මවා නොගත් බවට තහවුරු කරගත හැක්කක් වන්නට ඇත. ඔවුන් විසින් තැති ගැනීමට ලක්විය යුතු වූයේ සර්පයා විසින් ඔවුනට කථා කරනු ලැබීම නොවේ. ඔවුන් විසින් තැති ගැනීමට ලක්විය යුතු වූයේ දෙවියන්වහන්සේගේ උපදෙස් සැක කිරීමටත් (උත්පත්ති 3:1), දෙවියන්වහන්සේ පරස්පර වීමට සහ (උත්පත්ති 3:4), දෙවියන්වහන්සේගේ චේතනාවන් ප්‍රශ්න කිරීමට (උත්පත්ති 3:5) ඌ විසින් හේතුකාරකයක් වූ කරුණ නිසාවෙනි. ආදම්ට සහ ඒවට සර්පයා හා සමග කථා කිරීමට අවසන් කිරීමට ප්‍රමාණවත් වූ හේතුවම එය වන්නට තිබිණි.

English


නැවතත් සිංහල මුල් පිටුවට
සර්පයකු තමන්ට කථා කරනු ලබන කළ ආදම්ට සහ ඒවට එය අපූර්ව කාරණයක් නොවූයේ මන්ද?