settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන්වහන්සේට කතා කරන බව කියන අය උන්මත්ත ද?

පිළිතුර


එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට කතා කිරීමේ පිස්සුවක්, විහිළුවක් හෝ අසාධාරණ කිසිවක් නැත. යාච්ඤාව යනු අපගේ මැවුම්කරු සමඟ කරන සංවාදයකි. දෙවියන්වහන්සේ ආත්මය, නමුත් උන්වහන්සේ ද පුද්ගලයෙකි, එයින් අදහස් කරන්නේ උන්වහන්සේට හැඟීම්, ආශාවන් සහ බුද්ධිය සහිත පෞරුෂය ඇති බවයි. උන්වහන්සේ උන්වහන්සේගේ මැවිල්ල සමඟ අන්තර් ක්‍රියා භුක්ති විඳින අතර, අප උන්වහන්සේව සෙවීමට තෝරාගත් විට, උනවහන්සේ අපට උන්වහන්සේව සොයා දෙන බවට පොරොන්දු වෙයි (යෙරෙමියා 29:13). බයිබලය ඒදන් උයනේ පටන් දෙවියන්වහන්සේ සහ මිනිසුන් අතර සංවාද වලින් පිරී ඇත (උත්පත්ති 2:17). දෙවියන්වහන්සේ මිනිසා මැව්වේ සහයෝගීතාවය සඳහා වන අතර සංවාදය එහි විශාල කොටසකි. උන්වහන්සේ අප ගැන ප්‍රීති වන අතර අප උන් වහන්සේ තුළ ප්‍රීති වෙනවාට අවශ්‍යය (ගීතාවලිය 37:4, 23).

දෙවියන්වහන්සේම අපට උන්වහන්සේව ඇමතීමට ආරාධනා කරන අතර, උන්වහන්සේ පිළිතුරු දීමට පොරොන්දු වේ (යෙරෙමියා 29:12; ගීතාවලිය 50:15; එපීස 6:18; 1 යොහන් 5:14). “ස්වාමීන් වහන්සේගේ යාච්ඤාව” (ලූක් 11:2-4) ලෙස හඳුන්වනු ලබන දෙයෙහි යාච්ඤා කරන ආකාරය යේසුස් වහන්සේ අපට ඉගැන්වූ සේක. යොහන් 17 හි වාර්තා කර ඇති උන් වහන්සේගේම යාච්ඤාව, පියාණන් සහ පුත්‍රයා අතර හෘදයාංගම, සමීප යාච්ඤාව සඳහා හොඳ උදාහරණයක් ද වේ. අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල තුළින් දෙවියන්වහන්සේගේ දරුවන් වී ඇත්නම්, අපට ඒ තරමටම සමීපව යාච්ඤා කර අපගේ පියාණන්වහන්සේ අපට සවන් දෙන බව දැනගත හැක (යොහන් 1:12).

දෙවියන්වහන්සේ සමඟ කතා කරන පරිපූර්ණ සිහිබුද්ධිය ඇති පුද්ගලයින් උපුටා දැක්වීමට බොහෝ අවස්ථා තිබේ. මෝසෙස් (නික්මයාම 4:10), එලියා (යාකොබ් 5:17), දාවිත් (2 සාමුවෙල් 24:10), සහ යේසුස්වහන්සේ (මතෙව් 11:24; යොහන් 17:1) වඩාත් කැපී පෙනෙන ඒවායින් සමහරකි. අතීතයේ සිටි බොහෝ ශ්‍රේෂ්ඨ නායකයින් තම තීරණ ගැනීමට යාච්ඤාව මත විශ්වාසය තබා ඇත. ජෝර්ජ් වොෂින්ටන්, ඒබ්‍රහම් ලින්කන් සහ ඇමරිකාවේ බොහෝ ආරම්භක පියවරුන් යාච්ඤාවේ බලය දැඩි ලෙස විශ්වාස කළහ. අයිසැක් නිව්ටන්, ලුවී පාස්චර්, ෆ්‍රැන්සිස් බේකන්, ජෝර්ජ් වොෂින්ටන් කාර්වර්, ගැලීලියෝ වැනි ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෝ ද යාඥාව විශ්වාස කළහ. මේ කිසිවකුට “පිස්සු (උන්මත්ත)” ලෙස වර්ග කළ නොහැක.

දෙවියන්වහන්සේ සමඟ සමීපව ගමන් කරන අයට ද උන්වහන්සේ කතා කරන හඬ ඇසේ. දෙවියන්වහන්සේගේ හඬ ඇසෙන්නේ කලාතුරකිනි. උන් වහන්සේ කතා කරන්නේ උන්වහන්සේට සම්පූර්ණයෙන්ම කැප වූ පුද්ගලයෙකුගේ හදවතටය (ක්‍රියා 8:29; 10:19; 2 කොරින්ති 12:9). උන්වහන්සේ තම දරුවන්ට මඟ පෙන්වීමට, ආරක්ෂා කිරීමට සහ දිරිගැන්වීමට උන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් ඔවුන්ගේ හදවත් තුළට කථා කරයි (රෝම 8:14; ගලාති 5:18). යේසුස්වහන්සේ පැවසුවේ, “මාගේ බැටළුවන් මාගේ හඬ දනී” (යොහන් 10:27).

අපි ගැලවීම සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල තබන විට, දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ හදවත් තුළ ජීවත් වීමට පැමිණේ (1 කොරින්ති 6:9). දෙවියන්වහන්සේට අපගේ සැබෑ හදවතේ ආශාව සන්නිවේදනය කරන ආකාරයෙන් යාච්ඤා කිරීමට උන් වහන්සේ අපට උපකාර කරයි (රෝම 8:26). යොහන් 14:26 හි, යේසුස් වහන්සේ තම ගෝලයන්ට පැවසුවේ, “පියාණන්වහන්සේ මාගේ නාමයෙන් එවන ශුද්ධාත්මයාණන්වහන්සේ වන සැනසිලිදායකයා, උන්වහන්සේ ඔබට සියල්ල උගන්වා, මා කී සෑම දෙයක්ම ඔබගේ මතකයට ගෙන එනු ඇත.” බොහෝවිට, අපගේ යාච්ඤාවලට දෙවියන්වහන්සේගේ පිළිතුර දැනටමත් උන්වහන්සේගේ වචනයෙහි දක්නට ලැබේ. අප යාච්ඤා කරන විට, ශුද්ධාත්මයාණන්වහන්සේ උන්වහන්සේගේ වචනය සිහියට ගෙන එන අතර, අපට අපගේ පිළිතුර ඇත. මිනිසුන් තම මැවුම්කරු සමඟ සන්නිවේදනය කිරීමට ඉගෙන ගන්නා තෙක් ඔවුන් නිර්මාණය කර ඇති සියල්ල බවට පත් නොවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන්වහන්සේට කතා කරන බව කියන අය උන්මත්ත ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries