settings icon
share icon
ප්‍රශ්නය

යමෙකුට උදව්කිරීම සහ ඔබගෙන් වාසි ලබා ගැනීමට යමෙකුට ඉඩදීම අතර රේඛාව අඳින්නේ කොහෙන්ද?

පිළිතුර


ලූක් 6:30, 35-36 අපට පවසන්නේ "ඔබෙන් ඉල්ලන සෑම කෙනෙකුටම දෙන්න, ඔබේදේ කවුරුන් හෝ උදුරාගන්නේ නම් එය ආපසු ඉල්ලන්න එපා." "එහෙත්, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, යහපත කරන්න, ණයට දෙන්න, ආපසු කිසිවක් බලාපොරොත්තු නොවන්න. ඔබේ විපාකය මහත්ය, ඔබ මහෝත්තමයාණන්ගේ පුත්‍රයෝ වන්නහු ය. මක්නිසාද උන් වහන්සේ කෘතඥානොවූ හා නපුරු මිනිසුන්ට කරුණාවන්ත ය. ඔබේ පියාණන්වහන්සේ දයා වන්තයි. "මෙම පද සහ තවත් බොහෝ දේ අපට උගන්වන්නේ කිතුනුවන් ප්‍රේමණීය, දයානුකම්පිත හා ආත්ම පරිත්‍යාගශීලී විය යුතු බවයි. අප අවට සිටින මිනිසුන්ගේ අවශ්‍යතා දකින විට අපගේ හදවත් අනුකම්පාවෙන් පිරී තිබිය යුතුය. අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ සියලු ජනයා කෙරෙහි අනුකම්පා කරන සේක. "සමිඳාණන්වහන්සේ සැමට යහපත්ය; ඔහු සෑදූ සියල්ල කෙරෙහි අනුකම්පා කරයි" (ගීතාවලිය 145: 9).

අඛණ්ඩව අන්‍යයන්ට ලබා දෙන හදවතක් තිබීම හරි, අපගේ ජීවිත තුළ මෙම පුදුමාකාර ලක්ෂණය දැකීම දෙවියන්වහන්සේ සතුටු කරයි. කෙසේ වෙතත්, දීමේ හා උපකාර කිරීමේ මෙම ක්ෂේත්‍රය තුළ, අපට ප්‍රඥාවන්ත විචාර බුද්ධියක් තිබිය යුතු බව බයිබලයද උගන්වයි (මතෙව් 10:16). අපගේ කාලය හා මුදල් අන් අයට ලබාදීමේදී දෙවියන්වහන්සේ අපට යම් ප්‍රමිතීන් ලබාදිය යුතුය. අප අන් අයට උපකාර කිරීම යැයි බයිබලය පවසනවිට, එය කිසිවිටෙකත් හානි කරවන තෙක් මෙය කිරීම අපගේ අරමුණ නොවේ. අපට කළ හැකිදේ කිරීම හොඳයි, නමුත් 2 තෙසලෝනික 3:10 අපට මතක් කර දෙන්නේ,"මක්නිසාද යමෙක් වැඩ කරන්ට කැමති නැත්නම් ඔහු කෑම නොකා සිටීවා කියා අපි නුඹලා සමග සිටිද්දීම පවා නුඹලාට අණ කෙළෙමුව."යනුවෙනි. වගකීම් විරහිත ජීවන රටාවක් ගත කිරීමට කැමති අය සිටිති. එබැවින් සීමාවන් තිබිය යුතුය; අවශ්‍යතාවයක් ඇති කෙනෙකුට අපි උදව් කරන්නෙමු, නමුත් එය නිදන්ගත ජීවන රටාවක් බවට පත්ව ඇති බව අප දුටුවහොත්, එය දිගටම දිරිමත් කිරීම වැරදිය. ඔවුන්ගේ උදාසීනත්වය, කම්මැලිකම සහ උත්සාහය නැතිකම සඳහා දායකවීම අන් අයට ඉතා හානිකර ය. "මිනිසෙකුට මාළුවෙකු දෙන්න, ඔහු දිනක් අනුභව කරයි, මසුන් ඇල්ලීමට උගන්වන්න, ඔහු ජීවිත කාලය පුරාම කයි" යන පැරණි කියමන සත්‍යයකි. යමෙකු අවංකව උත්සාහයක් දරන බව අප දකින තාක්කල්, දෙවියන්වහන්සේ මෙහෙයවන ඕනෑම ආකාරයකින් ඔහුට සහායදීමට අප එහි සිටිය යුතුය.

බොහෝවිට, අන්‍යයන්ට උපකාර කිරීම සඳහා වඩාත් පලදායී ක්‍රමයක් නම් බයිබලානුකුල සභාව, මූලධර්ම සහ දිරිගැන්වීම් ලබාදීම සඳහා ඔවුන් සමඟ පැමිණීමයි. ඔවුන් සවන්දීමට හා උත්සාහ කිරීමට කැමති නම්, ඔවුන් තුළ ඇති ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය තුළින්, අන් අය මත යැපීමේ මෙම රටාව ආපසු හැරවීමට ඔවුන්ට හැකිවිය යුතුය. ඇත්ත වශයෙන්ම, මෙය ආරම්භ වන්නේ, යේසුස්ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පැහැදිලිව ඉදිරිපත් කිරීමෙනි, කාගේ බල ගැන්වීමකින් තොරව, මෙම විශාලත්වයේ ජීවන රටාවේ වෙනස් කම් කළ නොහැකි ය.

හොඳ භාරකරුවන්වීම පිළිබඳව බයිබලය පවසනදේද අප සැලකිල්ලට ගත යුතුය. අපි දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා උන්වහන්සේ සමඟ ගමන් කරන විට, අපගේ අවශ්‍යතා සපුරාලීමට උන්වහන්සේ පොරොන්දුවේ (පිලිප්පි 4:19). සමිඳාණන්වහන්සේ අපට සපයන දේ, අපි ඥානවන්තව භාවිතා කළ යුතුය. සමිඳාණන්වහන්සේ අපට දෙන දෙයින් කොටසක් අප ආපසු ලබාදිය යුතු ය. අපි අපේ පවුල්වල අවශ්‍යතා සපුරාලිය යුතුයි. අපි අපේ බිල් ගෙවිය යුතුයි. අප අපගේ කාලය ගත කරන ආකාරය භාරකාරත්වයට සම්බන්ධ වේ; නමස්කාරය, රැකියාව සහ පවුලේ සමබරතාවය වැදගත් ය. මේ සියල්ල භාරකාරත්වයේ ප්‍රධාන අංගයන් වන අතර ඒවා නොසලකා හැරිය නොහැකිය, එබැවින් ඒවා අන්‍යයන්ට උපකාරකිරීමේදී අපට කළ හැක්කේ කෙසේද සහ කුමක් කළ යුතුද යන්න තීරණය කිරීමේදී සලකා බැලිය යුතුය. වෙනත් කෙනෙකුට මූල්‍යමය වශයෙන් උදව් කිරීමෙන් අපට අපේම ණය සහ වගකීම් බලා ගැනීමට නොහැකි නම්, උපකාර කිරීමට අප දරන උත්සාහයේදී අපි නිවැරදිදේ නොකරමු.

මිනිසුන්ට අන් අයගෙන් ප්‍රයෝජන ගත හැකි බොහෝ ක්‍රම තිබේ. අප මෙය යාච්ඤා කිරීමේ කාරණයක් බවට පත් කිරීම වැදගත් වන අතර, ස්වාමින් වහන්සේ අපෙන් බලාපොරොත්තුවනදේ අපට පෙන්වන ලෙස ඉල්ලා

සිටීම. අව්‍යාජ අවශ්‍යතාවය හඳුනා ගැනීමටත් අවස්ථාවක් හා අවධානය වෙනතකට යොමු කිරීමටත් ඔහු අපට ප්‍රඥාව ලබා දෙනු ඇත (යාකොබ් 1: 5). සමහරවිට, මිනිසුන් ජීවිතයේ පීඩා සහ අසාර්ථකත්වයන්ගෙන් පීඩා විඳින අතර ඔවුන්ට දිගු කාලීන මිතුරෙකුවීමට කැමති කෙනෙකු අවශ්‍ය වේ. මෙය උත්සාහ කරන සම්බන්ධතාවයක් විය හැකි නමුත් එය ඉතා හොඳ ප්‍රතිපලදායක එකක් විය හැකිය. අවශ්‍යතා ඇති අයට බරක් ඇති අයට ප්‍රාදේශීය සභාවන් ඉමහත් උපකාරයක් විය හැකිය. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විසඳුමක් සඳහා කිසිදු පියවරක් ගැනීමට අකමැති කෙනෙකුට උපකාර කිරීමට උත්සාහ කිරීම බලාපොරොත්තු රහිත හේතුවක් විය හැකිය. නැවතත්, දෙවියන්වහන්සේගේ ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කිරීම සහ උන්වහන්සේ දෙන විචාර බුද්ධිය ක්‍රියාත්මක කිරීම මෙම අවස්ථාවලදී ඉතා වැදගත් වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යමෙකුට උදව්කිරීම සහ ඔබගෙන් වාසි ලබා ගැනීමට යමෙකුට ඉඩදීම අතර රේඛාව අඳින්නේ කොහෙන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries