settings icon
share icon
ප්‍රශ්නය

ආත්මයාණන් වහන්සේගේ කඩුව යනු කුමක්ද?

පිළිතුර


"ආත්මයාණන් වහන්සේගේ කඩුව" යන වාක්‍ය ඛණ්ඩය ලියවිල්ලෙහි එක් වාතාවක් පමණක් එපීස 6:17 හි මූණ ගැසේ. කඩුව පාවුල්තුමා ඵලදායීව සටන් වදින පිණිස කිතුණුවන්ට පැළඳ ගන්නට කියනු ලැබු එක් ආයුධයක් වේ (එපීස 6:13).

කඩුව ආක්‍රමණය සදහා මෙන්ම ආරක්‍ෂාව පිණිස දෙයාකාරයෙන්ම තමන්ව නපුරෙන් ආවරණය කිරීමට මෙන්ම සතුරාට පහරදී ජය ගන්නා පිණිස පරිහරණය කරන ආයුධයකි. සොල්දාදුවෙක් ඉන් උපරිම ප්‍රයෝජන ලැබීමට නම් හරියාකාර දැඩි / තියුණු පුහුණුවක් ලැබීම අත්‍යවශ්‍යය. සෑම කිතුණුවෙකුම ආත්මයාණන් වහන්සේගේ කඩුව වන "දේව වචනය" හරියාකාරව පරිහරණය කිරීම සඳහාද මනා පුහුණුවක් අනිවාර්යෙන් ලැබිය යුතුය. සෑම කිතුණුවෙක්ම මෙලොව සාතන්ගේ බලකායන්ට විරුද්ධව ආත්මික සංග්‍රාමයක යෙදී සිටින බැවින් වචනය හසුවරුන්නට අප හරියාකාරව දැන සිටිය යූතුය. එවිට පමණක්ම එය නපුරෙන් රැකෙන්ට මෙන්ම ඵලදායී සහ සාවද්‍ය සහ අසත්‍යතාවයේ "සතුරාගේ බලකොටු" විනාශ කරන්නට වටිනා / වැදගත් ප්‍රහාරකයක් වේ (2 කොරින්ති 10:4-5).

හෙබ්‍රෙව් 4:12 වචනය කඩුව ලෙස සඳහන් වේ. මෙහි වචනය ජීවමාන සහ බලවත් කොයිම දෙමුහත් කඩුවකට වඩා තියූණු ලෙස විග්‍රහ කරයි. රෝම කඩුව පොදුවේ දෙමුහත් වූ අතර අනින්ටත් කපන්නටත් දෙයාකාරයටම හොඳ ලෙස සාදන ලදී. ලියවිල්ල හරහා ගමන් කිරීමේ අදහසෙහි තේරුම නම් දේව වචනය ක්‍රියාවේ හරි මැද වන "හදවත" කරා ළඟාවන බව සහ එයින් ස්පර්ශය ලබන්නවුන්ගේ අභිප්‍රායන් සහ හැඟීම් විවෘත කරවන බවයි.

ආත්මයාණන් වහන්සේගේ කඩුවෙහි - බයිබලය පරමාර්ථය වනුයේ සතුරාගේ ආක්‍රමණයන්ට විරුද්ධව සිටින්නට හැකිවන පිණිස ශක්තිමත් කිරීමය (ගීතාවලිය 119:11, 119:33-40, 119:99-105). ශුද්ධාත්මයාණන් වහන්සේ වචනයේ බලය ආත්ම ගලවා ගැනීමටත් ඔවුන් ස්වාමින් වහන්සේ උදෙසා ශක්තිමත් සොල්දාදුවන් කරන පිණිසත් පරිහරණය කරනු ලැබේ. දේව වචනය දැන ගැනීම සහ වටහා ගැනීම ඉතා යහපත් වන අතර එමඟින් දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීම සහ අපගේ ආත්මයේ සතුරාට විරුද්ධව ක්‍රියාශීලීව නැඟී සිටින්නට හැකිවේ.



English



නැවතත් සිංහල මුල් පිටුවට

ආත්මයාණන් වහන්සේගේ කඩුව යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries