settings icon
share icon
ප්‍රශ්නය

ස්වූන්න්‍යාය කුමක්ද? යේසුස්වහන්සේ කුරුසපත්වීමෙන් බේරුණාද?

පිළිතුර


ස්වූන්න්‍යාය නම් යේසුස්වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ අවස්ථාවේදී මිය නොගිය නමුත් ඔහු සොහොන්ගෙය තුළ තැන්පත් කරන විට සිහිසන්ව සිටි අතර ඔහු නැවත පණ ගැන්වීය. ඒ අනුව, සොහොන් ගෙය තුළ දින තුනකට පසු උන්වහන්සේගේ පෙනී සිටීම හුදෙක් පුනරුජ්ජීවනය ලෙස පෙනී ගියේය. මෙම න්‍යාය අවලංගුවීමට හේතු කිහිපයක් ඇති අතර ඒවා පහසුවෙන් අසත්‍ය බව ඔප්පු කළ හැකි අතර, යේසුස්වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීමට අවම වශයෙන් වෙනස් පුද්ගලයින් හෝ කණ්ඩායම් තුනක්වත් සම්බන්ධවී සිටියහ. ඔවුන් රෝම ආරක්ෂකයින්, පිලාත් සහ සැන්හෙඩ්‍රින යයි.

රෝම ආරක්ෂකයින් — යේසුස්වහන්සේගේ මරණය සහතික කිරීම සඳහා රෝමානු සොල්දාදුවන් කණ්ඩායම් දෙකක් සිටියහ: මරණය ක්‍රිත්මක කරවන්නන් සහ සොහොන් ආරක්ෂකයින්. මරණය ක්‍රියාත්මක කරවන සොල්දාදුවන් මරණ, දඬුවම පිළිබඳ විශේෂඥයින් වූ අතර කුරුසියේ ඇණ ගැසීම ඉතිහාසයේ ඉතාම ම්ලේච්ඡ ඝාතන ක්‍රමයකි. මෙම වෘත්තීමය මරණ වෙළෙන්දන් අතින් දරුණු ලෙස පහරදීමෙන් පසු යේසුස්වහන්සේ කුරුසියකට ඇණ ගසනු ලැබූ අතර, කුරුසියේ ඇණ ගසා මරාදැමූ සෑම පුද්ගලයෙකුම මෙම සොල්දාදුවන් විසින් හසුරුවනු ලැබීය. ඔවුන්ගේ කාර්යය වූයේ කාර්යය සම්පූර්ණ කිරීම සහතික කිරීමයි. යේසුස්වහන්සේට කුරුසියේ ඇණ ගැසීමෙන් බේරීමට නොහැකිවූ අතර, මෙම සොල්දාදුවන් යේසුස්වහන්සේගේ ශරීරය කුරුසියෙන් උදුරාගැනීමට පෙර මියගොස් ඇති බවට සහතික විය. යේසුස්වහන්සේ සැබවින්ම මියගොස් ඇති බවට ඔවුන් සෑහීමකට පත්විය. දෙවන සොල්දාදුවන් කණ්ඩායමට යේසුස්වහන්සේගේ සොහොන් ගෙය ආරක්ෂා කිරීමේ කාර්යය පැවරී තිබුණේ සැන්හෙඩ්‍රිනය විසින් පිලාත් ගෙන් කළ ඉල්ලීම නිසාය. මතෙව් 27: 62-66 අපට පවසනවා, "සූදානම් වීමේ දවසට පසුදින, ප්‍රධාන පූජකයන් සහ පරිසිවරු පිලාත් වෙතට රැස්වී, "ස්වාමීනි, ඔහු ජීවත්ව සිටියදී අපට මතකයි, එම රැවටිලිකාරයා පැවසූ ආකාරය "දවස් තුනකට පසු මම නැඟිටින්නෙමි." එබැවින් ඔහුගේ ගෝලයන් රාත්‍රියට පැමිණ ඔහුව සොරකම්කර, "ඔහු මළවුන්ගෙන් උත්ථානවූ සේක" කියා ජනයාට නොකියන ලෙස තුන්වෙනි දවස දක්වා සොහොන් ගෙය සුරක්ෂිත කරන ලෙස අණ කරන්න. එබැවින් අන්තිම රැවටීම පළමුවැන්නාට වඩා නරක වනු ඇත. 'පිලාත් ඔවුන්ට කතා කොට, 'ඔබට මුරකරුවෙක් ඇත; ඔබේ මාර්ගය යන්න, ඔබ දන්නා පරිදි එය ආරක්ෂිත කරන්න. ' එබැවින් ඔවුහු ගොස් සොහොන් ගෙය සුරක්ෂිත කොට ගල මුද්‍රා කර මුරකරු තැබූහ. "මෙම ආරක්ෂකයින් සොහොන් ගෙය සුරක්‍ෂිත බව සහතික කළ අතර ඔවුන්ගේ ජීවිත රඳා පැවතියේ ඔවුන්ගේ මෙහෙවර සම්පූර්ණ කිරීමෙන් පසුවය. දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ නැවත නැඟිටීමෙන් පමණක් ඔවුන්ගේ කාර්යය වළක්වා ගත හැකිවිය.

පිලාත් — පිලාත් යේසුස්වහන්සේව කුරුසියේ ඇණ ගසනු පිණිස නියෝගයක් ලබා දුන් අතර රෝමානු සොල්දාදුවන් 100 දෙනෙකුගේ විශ්වාසවන්ත හා ඔප්පු කළ අණ දෙන නිලධාරියෙකුවූ රෝම ශතාදිපතියෙකු විසින් මෙම කාර්යය භාර දෙන ලදී. කුරුසියේ ඇණ ගැසීමෙන් පසු, යේසුස්වහන්සේගේ දේහය සොහොන් ගෙයක තැන්පත් කරන පිණිස, අරිමාතියේ ජෝසෙප් විසින් යේසුස්වහන්සේගේ දේහය ඉල්ලා සිටියේය. පිලාත් දේහය අරිමාතියේ යෝසෙප්ගේ භාරයට මුදාහැරියේ ශතාදිපතියා යේසුස්වහන්සේගේ මරණය තහවුරු කිරීමෙන් පසුවයි. මාර්ක් 15: 42-45: "දැන් සවස් වන විට, එය සූදානම් වීමේ දිනය, එනම්, සබත් දවසට පෙරදින, අරිමාතියේ ජෝසප්, ප්‍රමුඛ සභ සාමාජිකයෙක්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය එන තුරුබලා සිටියේය. ධෛර්යවත්වී පිලාත් ළඟට ගොස් යේසුස්වහන්සේගේ දේහය ඉල්ලුවේය. ඔහු ඒ වන විටත් මිය ගොස් ඇති බව පිලාත් පුදුමයට පත්විය. ශතාදිපතියා කැඳවා, ඔහු කලක් මිය ගොස් ඇත් දැයි විමසීය. ඔහු ශතාදිපතියාගෙන් දැන ගත් විට දේහය අරිමාතියේ යෝසෙප්ට දුන්නේය. "යේසුස්වහන්සේ සැබවින්ම මිය ගොස් ඇති බවට පිලාත් තෘප්තිමත් විය.

සැන්හෙඩ්‍රිනය — සැන්හෙඩ්‍රිනය යනු යුදෙව් ජනතාවගේ පාලක සභාව වන අතර, ඔවුන් ඉල්ලා සිටියේ යේසුස්වහන්සේ ඇතුළු කුරුසියේ ඇණ ගසනු ලැබූ අයගේ සිරුරු ඔවුන්ගේ මරණයෙන් පසු කුරුසයෙන් ඉවතට ගන්නා ලෙසයි. යොහන් 19: 31-37: "එබැවින්, මළසිරු සබත් දවසේදී කුරුසියේ නොතැබිය යුතු බවට සූදානම්වීමේ දිනය වූබැවින් (එම සබත උසස් දවසක් බැවින්) යුදෙව්වන් පිලාත්ගෙන් ඉල්ලා සිටියේ මලාවු අයගේ කකුල් කැඩිමට ඉඩහැරී මට මන්ද ඒවා රැගෙන යන පිණිස ය. එවිට සොල්දාදුවන් පැමි යේසුස්වහන්සේ සමඟ කුරුසියේ ඇණ ගසනු ලැබූ පළමු වැන්නාගේ සහ අනෙක් අයගේ කකුල් කැඩීය. නමුත් ඔවුන් යේසුස්වහන්සේ ළඟට ඇවිත් උන්වහන්සේ ඒ වන විටත් මිය ගොස් ඇති බව දුටුවිට ඔව්හු ඔහුගේ කකුල් කැඩුවේ නැත. නමුත් එක් සොල්දාදුවෙක් හෙල්ලයකින් ඔහුගේ පැත්තට ඇන්න අතර වහාම ලේ හා ජලය පිටතට පැමිණියේය. ඒ දුටු තැනැත්තා සාක්ෂි දුන් සේක, ඔහුගේ සාක්ෂිය සත්‍යය; ඔබ විශ්වාස කරන පිණිස ඔහු සත්‍යය පවසන බව ඔහු දනී. මක්නිසාද මේ දේවල් සිදු කරනු ලැබුවේ, 'උන්වහන්සේගේ එක ඇටයක්වත් නොබිඳිය යුතුය' යන ශුද්ධ ලියවිල්ල සම්පූර්ණ කළ යුතුය. තවත් ශුද්ධ ලියවිල්ලක, 'ඔවුන් විසින් සිදුරු කළ තැනැත්තා දෙස බලනු ඇත' කියා පවසයි. "යේසුස්වහන්සේ කුරුසියේ ඇණ ගසන්නැයි ඉල්ලාසිටි මේ යුදෙව්වන්, කුරුසියේ ඇණ ගසනු ලැබුවේ නැත්නම් කැරැල්ලක් යෝජනා කිරීමට තරම් දුරගියත්, යේසුස්වහන්සේගේ ශරීරයට කිසිවිටෙකත් ඉඩ නොදෙනු ඇත. උන්වහන්සේ මැරී නොසිටියේ නම් කුරුසියෙන් ඉවත් කරනු ලැබේ. යේසුස් සැබවින්ම මිය ගොස් ඇති බවට මේ මිනිසුන් සෑහීමකට පත්විය.

ස්වූන්න්‍යාය අවලංගු බවට තවත් සාක්ෂි තිබේ, එනම් නැවත නැඟිටීමෙන් පසු යේසුස්වහන්සේගේ ශරීරයේ තත්වය. සෑම පෙනුමකින්ම, යේසුස් වහන්සේගේ ශරීරය මහිමාන්විත තත්වයක පවතින බව පෙන්වන ලද අතර, උන්වහන්සේගේ කුරුසපත් කිරීම පිළිබඳ සාක්ෂියක් ලෙස ඉතිරිව ඇති එකම ලකුණු වන්නේ තමන් කවුරුන්ද යන්න සනාථ කිරීම සඳහා උන්වහන්සේ විසින් තමන්ගේ ඇන සලකුණු ස්පර්ශ කර බලන ලෙස තෝමස්ගෙන් ඉල්ලාසිටිම. යේසුස්වහන්සේ ශාරීරිකව අත්විඳි වෙදනා වෙන ඕනෑම කෙනෙකුට ශාරීරිකව සුවය ලැබීමට මාස ගණනක් අවශ්‍යවනු ඇත. යේසුස්වහන්සේගේ ශරීරය දරා සිටින්නේ උන්වහන්සේගේ අත් සහ පාද වල සිදුරුවු සලකුණු පමණි. කුරුසියේ ඇණ ගසනු ලැබීමෙන් පසු යේසුස්වහන්සේගේ දේහය සකස් කළ ආකාරය න්‍යාය ප්‍රතික්ෂේප කිරීමට තවත් සාක්ෂියකි. යේසුස්වහන්සේ සිහිසන්ව සිටියා නම්, ඔහු ඔතා තිබූ ලිනන් රෙදි වලින් ගැලවීමට නොහැකි වනු ඇත. ස්ත්‍රීන් යේසුස්වහන්සේගේ දේහයට ගිය ආකාරය ඔහුගේ මරණයට තවත් සාක්ෂියකි. සබත් දවස ආරම්භවීමට පෙර උන්වහන්සේගේ දේහය පිළියෙළ කිරීමට එතරම් කාලයක් නොතිබූ බැවින් ඔවුහු ඔහුගේ ශරීරය එම්බාම් (සුවඳලාටු)

ආලේපන වලින් ආලේප කිරීම සඳහා සතියේ පළමු දිනයේ සොහොනට පැමිණියහ. න්‍යාය අනුව යේසුස්වහන්සේ සිහිසන්ව සිටියා නම්, ස්ත්‍රීන් උන්වහන්සේගේ නැවත නැඟිටීම සඳහා ඖෂධීය මෙවලම් ගෙන එනු ඇත.

ස්වූන්න්‍යායේ අරමුණ යේසුස්වහන්සේගේ මරණය පිළිබඳව විවාද කිරීම නොව, එය උන්වහන්සේගේ උත්ථානය ප්‍රතිකේෂ්ප කිරීමට උත්සාහ කිරීමයි. යේසුස්වහන්සේ නැවත නැඟිටින්නේ නැත්නම්, ඔහු දෙවියන්වහන්සේ නොවේ. යේසුස්වහන්සේ සැබවින්ම මිය ගොස් මළවුන්ගෙන් උත්ථානවූවා නම්, මරණය කෙරෙහි උන්වහන්සේගේ බලය ඔප්පු කරන්නේ ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයා බවය. සාක්ෂි මගින් තීන්දුව ඉල්ලා සිටියි: යේසුස්වහන්සේ සැබවින්ම කුරුසියේ මිය ගියේය, යේසුස්වහන්සේ සැබවින්ම මළවුන්ගෙන් උත්ථානවිය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ස්වූන්න්‍යාය කුමක්ද? යේසුස්වහන්සේ කුරුසපත්වීමෙන් බේරුණාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries