settings icon
share icon
ප්‍රශ්නය

අවසාන කාලයෙන් දිවි රැක ගැනීම-එය පිළිබඳව මා දැන ගත යුත්තේ කුමක්ද?

පිළිතුර


බොහෝවිට මනුෂ්‍යයන් අනාගතය ගැන කල්පනා කරන කළ අවුල් සහගත බවක් අත් දකී, නමුත් එසේ ඒ ආකාරයෙන් සිදුවිය යුතු නැත. මන්ද යත් දෙවියන් වහන්සේ හදුනන අයට, අනාගතය පිළිබඳ සිතුවිලි නැගෙන කල්හි මහත් ආශාවක් සහ සැනසිල්ලක් ගෙන දේ. උදාහරණයක් ලෙස, දෙවියන් වහන්සේ හදුනන සහ විශ්වාස කරන කාන්තාවක් පිළිබඳ විග්‍රහ කරන හිතෝපදේශ 31:25 හි පවසන්නේ "ඈ මතු දවස් ගැන සිනාසෙන්නීය" යනුවෙනි.

අනාගතය පිළිබඳ සිතෙහි තැන්පත් කරගත යුතු කරුනු දෙකක් නම්, පළමුව දෙවියන් වහන්සේ ස්වෛරී බවත් සියල්ල එතුමන් පාලනය කරන බවත්ය. එතුමාණන් වහන්සේ අනාගතය පිළිබදව දන්නා අතර සිදුවන සියල්ල සහමුලින්ම එතුමන් පාලනය කරනවා ඇත. බයිබලය පවසන්නේ "පුරාණයේ පළමු කාරණා සිහිකරපල්ලා. මක්නිසාද මමම දෙවියන් වහන්සේය, වෙන කෙනෙක් නැත: මම දෙවියන් වහන්සේය, මා සමාන කෙනෙක් නැත. මම වනාහි අන්තිමය මුල පටන්ද තවම සිද්ධනූණ දේ පුරාණයේ පටන්ද දන්වන්නාවූ, මාගේ මන්ත්‍රණ පවත්නේය කියාත් මාගේ මුළු කැමැත්ත ඉෂ්ඨකරන්නෙමි කියාත් කියන්නාවූ තැනන්වහන්සේය. එසේය, මම කියා තිබෙන්නාක්මෙන්ම ඒක පමුණුවන්නෙමි. මම යෝජනාකර තිබෙන්නාක්මෙන්ම ඒක කරන්නෙමි (යෙසායා 46: 9-11 එකතු කිරීම් ඇතුළත් කොට ඇත).

අනාගතය පිළිබඳ සිහි තබා ගත යුතු දෙවන කරුණ නම්, බයිබලය "අවසාන කාලය" හෝ "පසුව පැමිණෙන දවස්" පිළිබඳ හා එහි සිදුවීම් පිළිබඳ සංක්‍ෂේප තොරතුරු දැක්වීමක් කර ඇත. මන්දයත් බයිබලය යනු මානව වර්ගයාට දෙන ලද දෙවියන් වහන්සේගේ එළිදරව්ව සහ දෙවියන් වහන්සේ සියල්ල දැන සිටින නිසාත් සියල්ල පාලනය කරන බැවිනුත් (ඉහත යෙසායා සඳහන් කරන අයුරින්), අනාගතයේ සිදුවීමට නියමිත සිද්ධීන් පිළිබඳ අපට විශ්වාස කල හැකි ආකාරයෙන් බයිබලය පවසන්නේ කවදාද යන්න විමසා බැලීමක් කළ යුතුය. අනාගතය පිළිබඳ ඇති අනාවැකි සලකා බැලීමේදී, බයිබලය පවසන්නේ "මක් නිසාද කිසි අනාගතවාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසිකලක නොපැමිණියේය. නමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයාණන් විසින් පොලඹවනු ලැබ, දෙවියන් වහන්සේගෙන් ලැබූ ලෙස කථා කළෝය (2 පේත්‍රස් 1:21). අනෙකුත් ආගම්වල සාවද්‍ය අනාවැකි හෝ පුද්ගලයන් වශයෙන් නොස්ට්‍රඩමස් මෙන් නොව බයිබලයට කිසි දින වැරදීමක් සිදුවී නැති අතර අනාගතය පිළිබඳ බයිබලය පෙන්වා දුන් කරුණ හරියටම ලියවිල්ල පැවසූ ආකාරයටම සිදුවූ බැවින් මෙම සත්‍යතාවය පැහැදිලිව මෙම කරුන තුළ සනාථවේ.

අවසාන කාලයේ දිවි රැක ගැනීම වටහා ගැනීම පිළිබඳ සලකා බැලීමේදී, මෙම ප්‍රශ්ණ තුනට පිළිතුරු සපයන්න.

1. අනාගතය පිළිබඳ බයිබලය පවසන්නාවූ දේ මම පරිවර්ථනය කරගන්නේ කෙසේද? (බයිබලීය අනාවැකි).

2. අවසාන කාලයේදී සිදුවනවායි බයිබලය පවසන්නේ මොනවාද?

3. වර්තමානයේ මම ගත කරන ජීවිතයට බයිබලය පවසන අන්දමේ අනාගතය කෙලෙස බලපායිද?

බයිබලීය අනාගතවාක්‍ය පරිවර්ථනය කරන්නේ කෙසේද?

අවසාන කාලය පිළිබඳ ඇති කොටස් පරිවර්ථනය කිරීමේදී කුමණ ක්‍රමයක් පරිහරණය කළ යුතුද යන්නට බොහෝ දෘෂ්ටි කෝණයන්වේ. විවිධ විශ්වාසයන්ට සහාය දක්වන යහපත් මනුෂ්‍යයන් සිටී, නමුත් බයිබලීය අනාවැකි මේ ආකාරයෙන් පරිවර්ථනය වි යුතුය යන්න විශ්වාස කිරීමට සුදුසු කරුණු වේ. 1. වචනානුසාරයෙන් 2. අනාගතවාදියෙකුගේ දැක්මෙන් සහ 3. පූර්ව සහස්‍ර වාර්ෂික කියමන, ධෛර්ය්‍යමත් කරන්නාවූ වචනානුසාරයෙන් පරිවර්ථනය කරන ලද ක්‍රිස්තුස් වහන්සේගේ පළමු පැමිණිම පිළිබඳ අනාවැකි 300 කට අධික ප්‍රමාණයක් වේ. එම සියල්ල ඇත්ත වශයෙන්ම සම්පූර්ණ විය. මෙසියස් වහන්සේගේ උපත, ජීවිතය, පාවාදීම, මරණය සහ මළවුන් ගෙන් උත්ථානය වීම පිළිබඳ පුරෝකථනයන්හි වටපිටාව දෘෂ්ටාන්ත ලෙස හෝ අධ්‍යාත්මික ලෙස සම්පූර්ණ නොවීය. ඇත්ත වශයෙන් යේසුස් වහන්සේ බෙත්ලෙහෙමෙහි උපත ලද අතර, හාස්කම් සිදුකරන ලද අතර, සමීපස්ථ සගයෙකු විසින් රිදී 30 කට පාවා දෙනු ලැබ, කකුල් වලට සහ අත් වලට ඇණ පහර ලැබ, සොරුන් සමඟ මියැදුණත් පොහොසත් මනුෂ්‍යයෙකුගේ සොහොන් ගෙයක තැන්පත් කරනු ලැබ මරණයෙන් තෙදිනකට පසු මළවුන්ගෙන් උත්ථානවිය. යේසුස් වහන්සේගේ උත්පත්තියට අවුරුදු සියයකටත් වඩා පෙර මෙම විස්තරයන් පෙන්වා දෙනු ලැබූ අතර වචනනුසාරයෙන්ම ඒ සියල්ල සම්පූර්ණ විය. විවිධ අනාවැකි වල සංකේත භාවිතා (උදා: මකරුන්, අශ්වාරෝහකයන් , වැනි දෑ) කර ඇති අතර, මේ සියල්ලම පදගතාර්තව නිරුපණය කරන්නේ පණඇති දෙයක් / ජීවයක් සහිත හෝ සිදුවීම්ය. එය හරියට යේසුස් වහන්සේව සිංහයෙක් ලෙස හා බැටළු පැටියෙක් ලෙස කීමය.

අනාගතවාදියෙකුගේ දැක්මට අනුව, දානියෙල් සහ එළිදරව් වැනි අනාවැකි පොත් අනිතර්ගතව ඇත්තේ ඓතිහාසික සිදුවීම් පමණක් නොව අනාගතයේ සිදුවීමට නියමිත සිද්ධීන්ද සඳහන්වේ. යොහාන්හට එතුමාගේ දවසේදී එතුමාගේ පණිවිඩය සභාවට ලබා දුන් පසු, අවසාන කාලයේදී සිදුවීමට නියමිත සිද්ධීන් පිළිබඳ දර්ශණ ලැබුවේය. "මෙහි නැඟී වරෙන්න, මේ දේවල් වලට පසුව සිදුවිය යුතු දේවල් නුඹට පෙන්වන්නෙමියි කීය". (එළිදරව් 4:1 අවධාරණය කිරීම් ඇතුළත් කොට ඇත.)

සමහරවිට තවත් තදබල විවාදයකට තුඩුදෙන අනාගතවාදියෙකුගේ දැක්මක්, දෙවියන් වහන්සේ විසින් ආබ්‍රහම්ට දෙන ලද ඊශ්‍රායල් දේශය පිළිබඳ පොරොන්දුව තුළ ඇත (උත්පත්ති 12 සග 15 සසඳා බලන්න). දෙවියන් වහන්සේ විසින් ආබ්‍රහම් සමඟ ඇති කරගත් ගිවිසුම කොන්දේසි විරහිතවූ අතර ආබ්‍රහම් ගෙන් පැවතෙන්නන්ට එතුමන්ගේ පොරොන්දු තවමත් ඉෂ්ට වී නැතිනම් අනාගතවාදියෙකුගේ දැක්ම වන ඊශ්‍රායෙල් දේශය සඳහා දුන් පොරොන්දුවද සහතික වශයෙන්ම සිදුවන්නකි.

අවසාන වශයෙන් "පූර්ව සහස්‍ර වාර්ෂික" ආකාරයකින් පරිවර්ථනය කරන ලද අනාවැකියන්ට ගෞරව පූර්වකව පවසුනු ලබන්නේ මෙහි අරුත නම් සභාව පළමුව ඔසවා ගන්නා අතර, ඉන්පසු ලොව හත් අවුරුදු පීඩා කාලය අත්විඳින්නට යන අතර, ඊළඟට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ චවනනුසාරයෙන් ලියා ඇති අවුරුදු 1000 කාලාය පෙළොවේ රජකම් කරන්නට පැමිණෙනවා බවය. (එළිදරව් 20).

නමුත් ඊට ප්‍රථමයෙන් කුමක් සිදුවන බවට බයිබලය පවසයිද?

අවසාන කාලයේදී කුමක් සිදුවන බව බයිබලය පවසන්නේද?

අවාසනාවකට බයිබලය මහා විපත්තියක ආවර්තිත පසුබැස්මක්, මනුෂ්‍යයාගේ පාපය සහ යේසුස් වහන්සේගේ පැමිණීමට ප්‍රථම පිහිටි ධර්මය සමයානුකුලව පෙන්නුම් කරයි. "නමුත් අන්තිම දවස් වලදී අන්තරා සහිත දවස් පැමිණෙන බව දැනගනින්න. නමුත් නපුරු මනුෂ්‍යයොත් රැවටිලිකාරයොත් රවටමින්ද රැවෙටමින්ද වඩ වඩා නරක් වන්නෝය (2 තිමොති 3:1,13). ලොව නොනවත්වා යේසුස් වහන්සේව එතුමා ගේ වචනය සහ එතුමාගේ සෙනඟ ප්‍රතික්‍ෂේප කරනු ලබනු බව පාවුල්තුමා පවසයි.

නුදුරු අනාගතයේ දවසක-කවුරුත් නොදන්නා දවසක-දෙවියන් වහන්සේ පළමු ශත වර්ෂයේ පෙන්තකොස්ත දා (ක්‍රියා 2 සසඳා බලන්න) ආරම්භ කළ සභා යුගය ඔසවා ගැනීම යනුවෙන් හදුන්වනු ලබන සිදුවීමක් සමඟින් අවසන් කරනවා ඇත. එම වේලාවේදී ක්‍රිස්තුස් වහන්සේගේ මුළු ඇදහිලිවතුන් පොළොවෙන් ඉවත් කරනුයේ, පොළොව එතුමාගේ අවසන් විනිශ්චය සඳහා සූදානම් කරනු පිණිසය. "මක්නිසාද යේසුස් වහන්සේ මැරී නැවත නැගුටුණු සේකැයි අපි අදහමු නම්, එසේම දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කරණකොටගෙන, සැතපී සිටින්නන් උන්වහන්සේ සමඟ ගෙනෙන සේක. මක්නිසාද ස්වාමින් වහන්සේගේ ඊම දක්වා ජීවත්ව ඉතුරු වෙන අපි සැතපුණු තැනැත්තන්ට කිසිසේත් ඉස්සර නොවන්නෙමුයයි ස්වාමින්වහන්සේගේ වචනයෙන් අපි නුඹලාට කියමුව. මක්නිසාද ස්වාමින් වහන්සේම මහත් ශබ්දයක් ද උත්තම දේවදූතයෙකුගේ හඬද දෙවියන් චහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගයෙන් බස්නා සේක. ක්‍රිස්තුස් වහන්සේ තුළ මළාවූ අය පළමුකොට නැගිටින්නෝය. එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එකවිටම ඔවුන් සමඟ ස්වාමින්වහන්සේ සම්මුඛ වන පිණිස වලාකුල්වලින් අහසට ඇදගනු ලබන්නෙමුව. මෙසේ අප නිතරම ස්වාමින්වහන්සේ සමඟ සිටින්නෙමුව. ඉන්නිසා මේ වචන වලින් එකිනෙකා සනසාසනිල්ලා"යයි පාවුල්තුමා ඔසවා ගැනීම පිළිබඳව පවසයි (1 තෙසලෝනික 4:14-18).

සමාදානයේ සෝදාපාලු වීම සහ ආරවුල් / කලබලයන්හි වැඩිවීමත් සමඟ, ඔසවා ගැනීමේ පූර්වාගමනය නිසා ගණන් නොකල සංඛ්‍යාවක් සෙනඟ පොළොවෙන් අතුරුදහන් වූවිට, ඔසවා ගැනීමේ වීර කාව්‍යය එහි මුදුන් පෙත්තට නඟිනවා ඇත. එවැනි සිදුවීමක් මහත් සංත්‍රාපයක් ගෙනෙන අතර ලොව සියලු ප්‍රශ්ණ වලට පිළිතුරු දිය හැකි ශක්තිමත් නායකයෙකුගේ අවශ්‍යතාවය උග්‍රවනවා ඇත. මෙවැනි නායකයෙකු සඳහා සූදානම්වීමක් කලක සිටන් පැවතුණි. ඓතිහාසිකයකු වන ටොයින්බී දුටු ආකාරයෙන්, "බලහත්කාරයෙන් මනුෂ්‍යයා මත මාරක ආයුධ පටවන අතරම ආර්ථික හා තාක්‍ෂණික වශයෙන් එකිනෙකා මත රඳා පවතින්නට යොමු කරමින් මනුෂ්‍ය සංහතිය මහත් කළකිරිමකට පමුණුවා ලොවට සමාදානය සහ එකමුතුකම දෙන්නට හැකි නව සීසර් කෙනෙක් සොයා ගැනීමට යොමු වෙනවා ඇත". පුනර්ජීවනයක් ලැබූ රෝම අධිරාජ්‍යයෙකු යූරෝපීය දස ඡන්ද කොට්ඨාශය සැලැස්ම (දානියෙල් 7:24, එළිදරව් 13:1 සසඳා බලන්න). අන්ත ක්‍රිස්තුස් පැමිණ ඊශ්‍රායලය සමඟ ගිවිසුමක් ඇති කරගන්නා අතර, එය නිල වශයෙන් දෙවියන් වහන්සේගේ හත් අවුරුදු අනාවැකි කාලය ආරම්භ වන අතර, එය ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම දක්වා අවරෝහණ ගණන් කිරීමක් වනු ඇත දානියෙල් 9:27 සසදා බලන්න).

අවුරුදු තුනහාමාරක කාලයක්, අන්ත ක්‍රිස්තුස් ලොව පාලනය කරන අතර සමාදානය සඳහා බොරු පොරොන්දුවක් දී පොළොවෙහි සෙනඟ මුළා කරනවා ඇත. "සමාදානයය අනතුරක් නැත කියා කියනවිට ගර්භණීයට විලිරුජාව පැමිණෙන්නාක්මෙන් හදිසියේ ඔවුන් පිටට විනාශය පැමිණේ. ඔව්හුද කිසිසේත් නොගැළවෙන්නෝය" යයි බයිබලය පවසයි (1 තෙසලෝනික 5:3). යුද්ධ, පොළොකම්පා සාගත වැඩිවෙනවා ඇත (මතෙව් 24:7 සසඳා බලන්න). අන්ත ක්‍රිස්තුස් ගේ අවුරුදු 3-5 රාජ්‍ය පාලනයෙන් පසුව, යෙරුසලමෙහි නැවත ගොඩනඟන ලද දේව මාලිගාවට ඇතුල්ව එහි තමා දෙවියන් වහන්සේ බවට ප්‍රකාශ කරමින් සියල්ලන්ට ඔහුට නමස්කාර කරන්නට අණ කරනවා ඇත (2 තෙසලෝනික 2:4, මතෙව් 24:15). ඒ අවස්ථාවේදී සැබෑ වූ දෙවියන් වහන්සේ අභියෝගයට ප්‍රතිචාර දක්වනවා ඇත. තවත් අවුරුදු තුන හාමාරක කාලයක කිසි දිනක නොදුටු අයුරින් මහත් පීඩාව හටගන්නවා ඇත. "මක්නිසාද ලෝකයේ පටන් ගැන්මේ සිට මේ දක්වා නූණාවූ, මතදු කොයි කලෙකවත් නොවන්නාවූ මහත් පීඩාවක් ඒ කාලයෙහි වන්නේය. ඒ දවස් ලුහුඬු නොකරන ලද්දේවී නම් කිසි කෙනෙක් නොගැළැවන්නේය. නමුත් තෝරාගනු ලැබුවන් උදෙසා ඒ දවස් ලුහුඬු කරනු ලබන්නේය", යනුවෙන් යේසුස් වහන්සේ පෙන්වා දෙනු ලැබූසේක (මතෙව් 24:21-22).

මහත් පීඩාව කාලය තුළ අප්‍රමාණ ජීවිත නැතිවීමක් හා මහත් විනාශයක් මිහිමත සිදුවනවා ඇත. එලෙසම විශාල ප්‍රමාණයක් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළට හැරෙනවා ඇත. එසේ කරනු ලබන්නේ තමන්ගේ ජීවිත පරදුවට තැබීමෙනි. ඒ වන විටත් පාලනය තමන් සතු කරගනිමින් ලොව නොඇදහිලිවන්ත හමුදාවන් ඔවුන්ගේ විනිශ්වය සඳහා රැස් කරනවා ඇත. මෙම සිදුවීම පිළිබඳ යෝවෙල් මෙසේ ලියනු ලැබුවේය. "මම සියලු ජාතීන් රැස්කොට,යෙහෝවාෂාපාත් මිටියාවතට පමුණුවා එහි මාගේ සෙනඟද මාගේ උරුමය වූ ඊශ්‍රායෙල්ද ගැන ඔවුන් සමඟ විනිශ්චයකට පැමිණෙන්නෙමි (යෝවෙල් 3:2). යෝහාන් මෙම යූද්ධය පිළිබඳ මෙසේ වාර්ථා කළේය. "තවද සර්පයාගේ කටිනුත් මෘගයාගේ කටිනුත් බොරු අනාගතවක්තෘගේ කටිනුත් මැඩියන් වැනි වූ අශුද්ධාත්මයන් තුන් දෙනෙක් නික්ම එනවා දුටිමි. මක්නිසාද ඔව්හු සර්වපරාක්‍රමවූ දෙවියන් වහන්සේගේ මහත් දවසේ යුද්ධයට මුළු ලෝකයේ රජුන් රැස්කර පිණිස ඔවුන් ළඟට යන්නාවූ, හාස්කම් කරන්නාවූ යක්‍ෂයින්ගේ ආත්මයෝය. (බලව, මම සොරෙකු මෙන් එමි. නග්නව ඇවිද තමාගේ ලජ්ජාව මනුෂ්‍යයන්ට නොපෙණෙන පිණිස අවදිව සිට තමාගේ වස්ත්‍ර ආරක්‍ෂා කරගන්නා ආශීර්වාද ලද්දෙක්ය.) ඔව්හු හෙබ්‍රෙව් භාෂාවෙන් හර්-මගෙදොන් කියන ස්ථානයට රුස් කළෝය (එළිදරව් 16:13-16).

මෙම අවස්ථාවේදී මෙසියස් යේසුස් වහන්සේ නැවත පැමිණෙනවා ඇත. එතුමන්ගේ සතුරන් විනාශ කර නිත්‍යානුකුල බලය ලත් තමන්ගේ ලෝකය නැවතත් තම අයිතියට නතු කරගන්නවා ඇත. "එවිට ස්වර්ගය ඇරී තිබෙනවා දුටිමි: බලව සුදු අශ්වයෙක් සිටියේය. විශ්වාසය, සැබෑ යයි කියනු ලැබූ තැනන්වහන්සේ ඌ පිට වැඩහුන්සේක: උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් විනිශ්චයත් යුද්ධයත් කරන සේක. උන්වහන්සේගේ ඇස් ගිනි දැල්ලක්ය. උන්වහන්සේගේ හිසේ බොහෝ මකුට තිබේ. උන්වහන්සේම මිස අන් කිසිවෙක් නොදන්නාවූ නමක් උන්වහන්සේට එහි ලියා තිබේ. තවද උන්වහන්සේ ලේ ඉසිනු ලැබූ වස්ත්‍රයක් පැළඳ සිටිසේක. උන්වහන්සේගේ නාමය දෙවියන් වහන්සේගේ වාක්‍යයාණෝයයි කියනු ලැබේ. ස්වර්ගයෙහි සිටින සේනාවෝ සුදුවූ පවිත්‍ර සිහින් වස්ත්‍ර හැඳ, සුදු අශ්වයන් පිටින් උන්වහන්සේ පස්සේ ගියෝය. ජාතීන්ට පහරදෙන පිණිස උන්වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මෙයි. උන්වහන්සේ යදණ්ඩකින් ඔවුන් ආණ්ඩු කරන සේක. උන්වහන්සේ සර්වපරාක්‍රම දෙවියන්වහන්සේගේ කෝපයේ උදහස නැමති මුද්‍රික පැස මඬිනසේක. උන්වහන්සේගේ වස්ත්‍රයෙහිද කළවයෙහිද රජවරුන්ගේ රජය, ස්වාමිවරුන්ගේ ස්වාමින් වහන්සේය යන නාමය ලියා තිබේ. තවද සූර්යයා තුළ දේවදූතයෙක් සිටිනවා දුටිමි: ඔහුද ආකාශ මධ්‍යයෙහි පියාසර කරන සියලු පක්‍ෂීන්ට මහත් හඬකින් මොරගසා: තෙපි රජුන්ගේ මස්ද සේනාපතින්ගේ මස්ද බලවත් මනුෂ්‍යයන්ගේ මස්ද අශ්වයන් සහ උන්පිට හිදිනවුන්ගේ මස්ද දාස නිර්දාස ලොකු කුඩා සියලු මනුෂ්‍යයන්ගේ මස්ද කන පිණිස, දෙවියන් වහන්සේගේ මහත් රාත්‍රී කෑමට ඇවිත් රැස්වෙයව්යයි කීවේය. අශ්වයා පිට වැඩහුන් තැනන් වහන්සේටත් උන් වහන්සේගේ සේනාවටත් විරුද්ධව යුද්ධකිරීමට මෘගයාද පොළොවේ රජවැන්ද ඔවුන්ගේ සේනාවන්ද රැස්ව සිටිනවා දුටිමි. එකල මෘගයාද ඌ ඉදිරියෙහි ඒ හාස්කම්කර උගේ සලකුණ ලැබුවන් සහ උගේ රූපයට නමස්කාර කළවුන් රැවටුවාවූ බොරු අනාගතවක්තෘද අල්ලනු ලැබුවෝය. ඔවුන් දෙදෙනාම ගෙන්දගමින් දැවෙන ගිනිවිලට පණපිටින් හෙළනු ලැබුවෝය. අනික් අය අශ්වයා පිට වැඩහුන් තැනන්වහන්සේගේ කඩුවෙන් එනම් උන් වහන්සේගේ මුඛයෙන් නික්මුණු කඩුවෙන් මරනු ලැබුවෝය. ඔවුන්ගේ මාංසවලින් සියලු පක්‍ෂීහු තෘප්තියට පැමුණුණෝය (එළිදරව් 19:11-21).

හර්-මගෙදොන් මිටියාවතෙහි රැස්වූනු සියලු සේනාවන් පරාජය කළායින් පසුව ක්‍රිස්තුස් වහන්සේ එතුමන්ගේ ශුද්ධවන්තයන් සමඟ අවුරුදු දහසක් රජකම් කරන අතර ඊශ්‍රායලය සම්පූර්ණයෙන් ඇගේ දේශය තුළ ප්‍රතිෂ්ඨාපනය කරනවා ඇත. අවුරුදු දහස අවසානයේදී ජාතීන් සහ ඉතුරුව සිටින මනුෂ්‍ය සංහතියේ අවසාන විනිශ්චය කිරීම සිදුවන අතර, ඉන්පසු සදාකාලික ස්වභාවය වන දෙවියන් වහන්සේ සමඟ ජීවත්වීම හෝ එතුමාණන්වහන්සේ ගෙන් වෙන්වීම සිදුවේ (එළිදරව් 20-21 සසඳා බලන්න).

ඉහත සඳහන් සිදුවීම් අනුමාන කල්පනාවන් හෝ විය හැකි දේවල් නොවන අතර-ඒවා නිතැතින්ම නුදුරු අනාගතයේදී සිදුවනවා ඇත. යේසුස් වහන්සේගේ පළමු පැමිණීම පිළිබඳ බයිබලය පැවසූ සියලු අනාවැකි සැබෑවූවාක් මෙන්ම එතුමාණන්වහන්සේගේ දෙවන පැමිණීම පිළිබඳ බයිබලයේ සියලූ අනාවැකිද සම්පූර්ණවෙනවා ඇත.

මෙලෙස දී ඇති සැබෑවූ අනාවැකි කුමන ආකාරයේ බලපෑමක් අප හට ගෙන එනවාද? "මේ සියල්ල මෙසේ නාස්තිවෙන්ට තිබෙන බැවින්, නුඹලා දෙවියන් වහන්සේගේ දවස පැමිණීම බලා සිටිමින්ද, ඒ ගැන උනන්දුව ක්‍රියා කරමින්ද සියලු ආකාර ශුද්ධවූ හැසිරීමෙහිත් භක්තිවන්තකමෙහිත් කොයි ආකාර අයවල්ව සිටින්ට ඕනෑද? ඒ නිසා අහස ගිනි ඇවිලී නාස්තිවෙනවා ඇත. මහා භුතයෝද දාලා උණුවී යන්නෝය!" (2 පේත්‍රස් 3:11-12).

බයිබලයේ අනාවැකි වර්තමානයේ අපට කෙළෙස බලපෑම් කරයිද?

බයිබලීය අනාවැකියක් සඳහා අප දැක්විය යුතු ප්‍රතිචාර හතරක්වේ. පළමුව කීකරුකම, ඉහත සඳහන් පදයන්හි පේත්‍රස්තුමා ඒ පිළිබඳව කතා කරයි. ඕනෑම මොහොතක සිදුවිය හැකි යේසුස් වහන්සේගේ පැමිණීමට සූදානම් වන ලෙස එතුමා ප්‍රකාශ කරයි (මාර්ක් 13:33-37 සසඳා බලන්න) අප ගැන ලැජ්ජා නොවන ආකාරයක හැසිරීමකින් යුක්තව ජීවත්වන ලෙස පවසයි.

දෙවන ප්‍රතිචාරය නම්, නමස්කාරයයි. අවසාන කාලයේ විනිශ්චයෙන් ගැළවෙන පිණිස මඟක් දෙවියන් වහන්සේ අපට සපයා ඇත. එනම් යේසුස් වහන්සේ කරණකොටගෙන දෙන ලද ගැළවීමයි. එතුමන්ගේ ගැළවීම ලබා ගැනීම පිළිබඳව අප නිසැකවිය යුතු අතර එතුමන් ඉදිරියේ කෘතඥපූර්වකව ජීවත්විය යුතුය. පොළොවෙහි අපගේ නමස්කාරය දවසක ස්වර්ගයේ නමස්කාර කිරීමකට පරිවර්ථනය වෙනවා ඇත. " ඔව්හු අළුත් ගීතිකාවක් ගායනා කරමින්: ඔබ පොත ගන්ටත් එහි මුද්‍රා කඩන්ටත් වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ මරනු ලැබ,සියලු ගෝත්‍ර වලින්ද භාෂාවන්ගෙන්ද සෙනඟගෙන්ද ජාතීන් ගෙන්ද මිනිසුන් ඔබගේ ලෙයින් දෙවියන් වහන්සේට මිලේට ගෙන" (එළිදරව් 5:9).

තුන්වෙනි ප්‍රතිචාරය නම් ප්‍රකාශනය වේ. සියලුම දෙනාට ඇසීමට හැකිවන ලෙස, විශේෂයෙන් තවමත් ඇදහිල්ලට නොපැමිණි අයට දෙවියන් වහන්සේගේ ගැළවීම පණිවිඩය ගැනත් එතුමන්ගේ දෙවන පැමිණීමේ සැබෑව ගැනත් ප්‍රකාශ කල යුතු වේ. සෑම කෙනෙකුටම දෙවියන් වහන්සේ වෙතට හැරී ගැළවීම ලබා පැමිණෙන එතුමන්ගේ උදහසින් බේරීමට අවස්ථාවක් දිය යුතු වේ. "තවද ඔහු මට කථාකොට මේ පොතේ අනාගතවාක්‍යයේ වචන මුද්‍රා නොකරන්න. මක්නිසාද කාලය ආසන්නය" යනුවෙන් එළිදරව් 22:10 සඳහන් කරයි.

අවසාන ප්‍රතිචාරය දෙවියන් වහන්සේගේ අනාගතවාක්‍යයට සේවයවේ. සෑම ඇදහිලිවන්තයෙක්ම දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කිරීම සහ යහපත් වැඩයෙහි යෙදීම පිළිබඳව කාර්යශීලී විය යුතුය. ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චයෙහි කොටසක් වන්නේ ඇදහිලිවතුන් විසින් පවත්වනු ලැබූ වැඩයන් / කාර්යයන් පිළිබඳව වේ. ඔවුන් ස්වර්ගයෙහි කිතුණු පිළිගැනීමක් ගැන අධිෂ්ඨානයක් නොමැති නමුත් සෑම ඇදහිලිවන්තයෙකුම පෙන්නුම් කිරිමට උත්සුක වන්නේ සියල්ල කරනු ලැබුයේ දෙවියන් වහන්සේ විසින් ඇයට හෝ ඔහුට දෙන ලද දීමනා කරණකොගෙන බවය. "මක්නිසාද එකිනෙකා තම තමාගේ ශරීරයේදී කළාවූ දේවල ඵල, ඒ දේ යහපත් වුවත් අයහපත් වුවත් කළ දේවල හැටියට ලබන පිණිස අප සියල්ලෝම ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි ප්‍රකාශවෙන්ට ඕනෑය (2 කොරින්ති 5:10).

සියල්ල සම්පිණ්ඩනය කළ කල්හි, දෙවියන් වහන්සේ ලොව සියලු සෙනඟ කෙරෙහිද, සියලු සිදුවීම් කෙරෙහිද ස්වෛරී දෙවියන් වහන්සේ වේ. එතුමාණන් වහන්සේ ස්ථීර ලෙස සියල්ල පාලනය කරන අතර එතුමන් ආරම්භ කළ සියල්ලටම පරිසමාප්ත අවසානයක් ගෙනෙනවා ඇත. පැරණි කිතුණු ගීතිකාවක් එය මෙසේ සනිටුහන් කරයි. "එකම අතකින් නිර්මාණය කරන ලද සියල්ල දෙවියන් වහන්සේගේ මැවිල්ලය. සාතන් / යක්‍ෂයා සහ ගැළවීම එකම අණක් යටතේය."

බයිබලයේ අධිස්වභාවයට ඔප්පුකරය නම් සම්පූර්ණවූ අනාවැකියන්ය. පරණ ගිවිසුමෙහි සියයකට වඩා අධික අනාවැකි සම්පූර්ණවී ඇති බැවින් අවසන් කිරීමට, අවසාන කාලය පිළිබඳ කියැවෙන සියල්ලද එසේම සිදුවන පැවසීම සාධාණය. දෙවියන් වහන්සේව දැන ඔවුන් ගේ ගැළවුම්කරු සහ ස්වාමින් වහන්සේ ලෙස විශ්වාස කළ අයට එතුමාණන් වහන්සේගේ පැමිණීම අශීර්වාද ලත් බලාපොරොත්තුව වේ (තීතස් 2:13 සසඳා බලන්න). නමුත් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රතික්‍ෂේප කළ අයට, එතුමන් ඔවුන්ගේ ශුද්ධ භීතිය වන්නේය (2 තෙසලෝනික 1:8 සසඳා බලන්න). පහළ මායිම වන්නේ, අවසාන කාලයෙන් දිවි රුක ගැනීම සඳහා, ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ ඇදහිලිවන්තයෙකු බවට සහතිකයක් ඇති කරගන්න "මක්නිසාද දෙවියන් වහන්සේ උදහසට නොව අපගේ ස්වාමිවූ යේසුස් වහන්සේ කරණකොටගෙන ගැළවීම ලබා ගැනීමට අප නියම කළ සේක" (1 තෙසලෝනික 5:9).

English



නැවතත් සිංහල මුල් පිටුවට

අවසාන කාලයෙන් දිවි රැක ගැනීම-එය පිළිබඳව මා දැන ගත යුත්තේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries