සාලමොන්ගේ ගීතිකාව



කර්තෘ: පළමු පදයට අනුව සාලමොන්ගේ ගීතිකාව ලියනු ලැබුවේ සලමොන් විසිනි. සලමොන් විසින් ලියන ලද්දාවූ ගීතිකා 1005 අතුරින් මෙයද එකකි. (1 රාජාවලිය 4:32) “සාලමොන්ගේ ගීතිකාව” යන මාතෘකාව අතිශ්‍රේෂඨ වන අතර එහි අර්ථය වූ කලී හොදම එක යන්නයි. ලියනු ලැබූ දිනය: සලමොන් බොහෝ විට මෙම ගීතිකාව ඔහුගේ පාලන සමයෙහි මුල් අවධියේ ලියන්නට ඇත. එහෙයින් නිබන්ධනය කළ දිනය ක්‍රි. පූ. 965 වැන්නක් විය හැක. ලිවීම්හි අභිමතාර්ථය: සාලමොන්ගේ ගීතිකාව වූ කලී අතීශය වර්ණනාත්මක කාව්‍යයක් වන අතර එය ලියන ලද්දේ ස්වාමිපුරුෂයකු සහ භාර්‍යයාව අතර ඇති ප්‍රේමයේ ගුණාංග වර්ණනා කිරීමටය. එම කාව්‍යය පැහැදිලිව ඉදිරිපත් කරනු ලබන්නේ විවාහය දෙවියන්වහන්සේගේ රටාව ලෙසය. විවාහය යන පෙළ යෙදුම තුළ පුරුෂයා සහ ස්ත්‍රිය එක්ව ජීවත් විය යුත්තේ එකිනෙකාට ආත්මිකව, චිත්තවේගීව සහ ශාරිරිකව ප්‍රේම කිරීමෙනි. මෙම පොත සීමාන්ත දෙකකට වාද කරනු ලබයි: ශ්‍රමණභාවය (සියලූ සන්තුෂ්ටියන් ප්‍රතිශේධනය කිරීම) සහ සුඛ පරමවාදය (සෑම සන්තුෂ්ටියක්ම පරිශ්‍රීලනය කිරීම) සාලමොන්ගේ ගීතිකාවෙහි අකෘතිමය වී ඇති විවාහය වූ කලී සැලකිල්ලල කැපවීම සහ මහත් සොම්නස පිළිබදව නිරූපකයකි. මූලික පද: සාලමොන්ගේ ගීතිකාව 2:7; 3:5; 8:4 – “ප්‍රේමය කැමති වන තුරු එය නොනැගිවුනු ලෙසත්” සාලමොන්ගේ ගීතිකාව 5:1 – “මිත්‍රයෙනි කාපල්ලා; ප්‍රිය තැනැත්තෙනි බීපල්ලාල එසේම බොහෝ සෙයින් බීපල්ලා.” සාලමොන්ගේ ගීතිකාව 8:6–7 - “මුද්‍රවක් කොට නුඹේ සිතෙහිද මුද්‍රවක් කොට නුඹේ හස්කයෙහිද මා තබාගනින්න. මක්නිසාද ප්‍රේමය මරණය මෙන් බලවත්යත කාම ක්‍රෝධය මිනිවළ මෙන් ක්‍රෑරතරය. ඒකේ දැල්ල ගිනිදැල්ය. ස්වාමින්ගෙන්ව ඇවිළෙන ගිනිදැල්ලක්මය. ත්බාහෝ වතුර වලින් ප්‍රේමය නිවන්ට බැරිය. ගංගා වලට එය යට කරන්ටත් බැරිය. මනුෂ්‍යයෙක් ප්‍රේමය දිනාගන්ට තමාගේ ගෙයි සියලූ සම්පත දෙතත් ඔහු සහමුලින්ම සුළු කරනු ලැබේ.” කෙටි සාරංශය: මෙම කවිත්වය ස්වාමිපුරුෂයා (රජ) සහ ඔහුගේ භාර්යාව (ශුලම්මීය ස්ත්‍රිය) අතර වූ දෙබසක ස්වරූපයක් ගනියි. මෙම පොත කොටස් තුනකට බෙදා වෙන් කළ හැක: විවාහ බස් ඉල්ලන්නාවූ අවධිය (1:1–3:5); විවාහ මංගල්‍යය (3:6–5:1); සහ විවාහයේ පරිණතභාවය (5:2–8:14). ගීතිකාව ආරම්භ වන්නේ විවාහ මංගල්‍යයට ප්‍රථමයෙන් වන අතර මනාලිය වීමට සිටින තැනැත්තිය ඇය විවාහ ගිවිසගත් පුද්ගලයා හා සමග සීටීමට ප්‍රිය කරන කරමින් ඇය ආශාවෙන් බලාපොරොත්තු වන්නේ ඔහුගේ ලෙන්ගතු පහස ලැබීමටය. ඇය විසින් උපදෙස් දෙනු ලබන්නේ නියමිත කාලයේදී ප්‍රේමය ස්වභාවිකව වර්ධනය වීමට ඉඩ හැරිය යුතු බවය. රජතුමා ශුලම්මීය ස්ත්‍රියගේ රූප සම්පත්තිය වර්ණනා කරනු ලබන්නේ ඇයගේ පෙනුම පිළිබදව ඇය තුළ ඇති අනාරක්ෂිතභාවය මැඩපවත්වනු වස්ය. සලමොන් නැතිවී මුළු නගරය පුරාම ඔහුව සොයනු ලබන සිහිනයක් ශුලම්මීය ස්ත්‍රිය විසින් දකිනු ලබයි. නගර ආරක්ෂකයන්ගේ උපකාරය ඇතිව ඇයගේ ප්‍රේමවන්තයාව සොයා ගෙන ඇය ඔහුට වෙළී සිටිමින් ඔහුව ආරක්ෂා සහිත ස්ථානයකට ගෙන යනු ලබයි. ඇය අවදි වීමෙන් අනතුරුව ඇයගේ තහනම් නියෝගය වන ආදරය බල නොකරන්න යන්න ඇය නැවතත් කරගෙන යන්නීය. ඇයගේ විවාහ මංගල්‍යය රාත්‍රියේදී ඇයගේ ස්වාමිපුරුෂයා නැවතත් ඔහුගේ භාර්‍යයාවගේ රූප සම්පත්තිය වර්ණනා කරනු ලබන අතර ඉතාමත් ඉහළ සංකේතාත්මක භාෂාවකින් ඔහුගේ භාර්‍යයාව ඇයගේ ස්වාමිපුරුෂයාට ආරාධනා කරනු ලබන්නේ ඇයට පිරි නැම්මට ඇති සියල්ලම භුක්ති විදින ලෙසයි. ඔවුන් ආදරය කරන අතර දෙවියන්වහන්සේ ඔවුන්ගේ එක් වීමට ආශිර්වාද කරනු ලබයි. විවාහය පරිණතභාවයට පත්වන විට ස්වාමිපුරුෂයා සහ භාර්‍යයාව දුෂ්කර කාලයක් තුළින් ගමන් කරන්නේ තවත් සිහිනයක් නිරූපණය කිරිමෙනි. මෙම දෙවන සිහිනයේදී ශුලම්මීය ස්ත්‍රිය ඇයගේ ස්වාමිපුරුෂයාට තරවටු කරනු ලබන අතර ඔහු පිටත්වී යනු ලබයි. සාවද්‍යතාවය මැඩපවත්වනු ලැබ ඇය නගරය පුරාම ඔහුව සොයනු ලබයි; එනමුත් මෙවර ඇයට උපකාර කරනු වෙනුවට ආරක්ෂකයන් ඇයට පහර දෙනු ලබන අතර එය සංකේතාත්මක වන්නේ ඇයගේ වේදනාවට පත් හෘදසාක්ෂ්‍ය යයි. සියල්ලම සතුටින් අවසන් වන්නේ ප්‍රේමවන්තයන් නැවත එකතුවී සමගි වීම හේතුවෙනි. ගීතිකාව අවසන් වන විට ස්වාමිපුරුෂයා සහ භාර්‍යයාව ඔවුන්ගේ ප්‍රේමය පිළිබදව නිශ්චිතව සහ ආරක්ෂා සහිතවීමෙනුත්, ඔවුන්ගේ සත්‍යය ප්‍රේමයේ නිත්‍ය ස්වභාවය පිළිබදව ගී ගයමිනුත්, එකිනෙකා අභියස සිටීමට මහත් සේ ආශා කිරීමෙනුත්ය. ලකුණු පහල වීම්: සමහර බයිබල් පරිවර්තකයන් සාලමොන්ගේ ගීතිකාව දකින්නේ ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ සභාව පිළිබදව නියම සංකේතාත්මක නියෝජනයක් ලෙසයග ක්‍රිස්තුස්වහන්සේව දකිනු ලබන්නේ රජ ලෙස වන අතර ශුලම්මීය ස්ත්‍රිය සභාව නියෝජනය කරනු ලබයි. මෙම පොත විවාහයේ සංවර්ණනය වචනානුසාරයෙන් තේරුම් ගත යුතු බව අප විශ්වාස කරනු ලබන අතර එහි ඇති සමහර මූලිකාංග සභාව සහ ඇයගේ රජ වන ස්වාමින් වන යේසුස්වහන්සේ හා සමග ඇති සබැදියාවේ ලකුණු පහල වීමක් දක්වයි. සාලමොන්ගේ ගීතිකාවේ 2:4 හී විස්තර කරනු ලබන්නේ ස්වාමින් වන යේසුස්වහන්සේ විසින් සොයා ගනු ලැබූ සහ මිලදී ගනු ලැබූ සෑම ඇදහිලිවන්තයකුගේම අත්දැකීමය. අප සිටින්නේ ඉති මහත්වූ ආත්මික ධනයක් තුළ වන අතර උන්වහන්සේගේ ප්‍රේමයෙන් අපව වැසී තිබේ. දෙවන පරිච්ඡේදයේ 16 වන පදයේ සදහන් පරිදි: මාගේ ප්‍රේමවන්තයා මාගේය. මම ඔහුගේය. ඔහු මහනෙල් අතරේ රැළ කවයි. මෙය ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයාට ඇති ආරක්ෂාව පිළිබදව පින්තාරුවක් පමණක් නොව (යොහාන් 10:28–29) එනමුත් අප වෙනුවෙන් ජීවිතේ පුදනු ලැබූ උන්වහන්සේගේ බැටළුවන්ව සහ ඇදහිලිවන්තයන්ව දන්නාවූ යහපත් එඩේරා පිළිබදවත්ය (යොහාන් 10:11). උන්වහන්සේ හේතුකොටගෙන අප තවදුරටත් පාපයෙන් කැලල් ඇති වී නැති අතර අපගේ පැල්ලම් උන්වහන්සේගේ ලේ කරණාකොටගෙන ඉවත් කොට ඇත. (සාලමොන්ගේ ගීතිකාව 4:7; එපීස 5:27). ප්‍රායෝගික උපයෝගය: අපගේ ලෝකය විවාහය පිළිබද ව්‍යාකූල තත්වයකින් පසුවේ. දික්කසාදයේ ව්‍යාප්තිය සහ විවාහය නැවත නිර්වචනය කිරීමට ගන්නාවූ නවීනතම උත්සාහයන් පවතින්නේ සාලමොන්ගේ ගීතිකාවට දිදුලන්නාවූ ප්‍රතිවිරෝධයකිනි. විවාහය පිළිබදව කිවිවරයා කියනු ලබන්නේ එය සැමරිය යුතු, අත්විදිය යුතු සහ ගරු කළ යුත්තක් යනුය. අපගේ විවාහයන් ශක්තිමත් කර ගත හැකි ප්‍රායෝගික මාර්ග නිර්දේශන් සමහරක් මෙම තුළින් සපයා දෙනු ලැබේ: 1–ඔබගේ විවාහක සහකරුවාට අවශ්‍යය කරන අවධානය ලබාදෙන්න. ඔබගේ විවාහක සහකරුවාව හරි ආකාරව දැන ගැනීමට කාලය ගන්න. 2–සම්බන්ධතාවය සාර්ථක කරගනු වස් විවේචනය නොව ධෛර්මත් කිරීම සහ ප්‍රශංසා කිරිම අත්‍යවශ්‍යවේ. 3–එකිනාකා සමග සතුටු වන්න. විවේකයක් ගත කිරිමට සැළසුම් කරන්නත. එකිනාකා සමග නිර්මාණශීලි සහ සෙල්ලක්කාර වුවද වන්න. දෙවියන් වහන්සේ විසින් දී ඇති විවාහයේ ප්‍රේමය නමැති ත්‍යාගය තුළ ප්‍රීතිවන්න. 4–ඔබගේ විවාහක සහකරුවාට ඇති කැපවීම පුනාරක්ෂණය කරනු වස් අවශ්‍යය කරන්නාවූ සෑම දෙයක්ම කරන්නග ඔබගේ ගිවිසුම් නැවත අළුත් කරගන්න; ප්‍රශ්න තුළින් ක්‍රියාත්මක වන්න එමෙන්ම දික්කසාදය විසඳුමක් ලෙස නොසලන්න. දෙවියන්වහන්සේගේ අභිප්‍රාය නම් ඔබ දෙදෙනාම ගැඹුරු සමාදානයකින් සහ සුරක්ෂිත ප්‍රේමයකින් ජීවත් වීමය.



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



සාලමොන්ගේ ගීතිකාව