ගීතාචලිය



කර්තෘ: බොහෝ කෙටි වූ ගීතාවලියේ පරිච්ඡේද 73 ක දාවිත් කර්තෘ ලෙස පැහැදිලිව පෙන්වා දෙයි. බොහෝ ගීතාවල්යේ පරිච්ඡේද වල දාවිත්ගේ පෞර්ශත්වය මනාව පිළිඹ්බු කරයි. කෙසේ හෝ දාවිත් විසින් රචිත සෑම ගීතාවලියකම කතෘ දාවිත් කියා අපට නිසැකවම සඳහන් කිරීමට හැකියාවක් නැත. 72 හා 127 වන ගීතාවලියන් දෙකෙහිම ආරෝපිත වන්නේ දාවිත්ගේ පුත්‍රවූ සාලමොන්ටය. ගීතාවලිය 90 හි සඳහන් යාච්ඤාව මොසෙස්ට විශේෂ වූවකි. තවත් ගීතාවලියන් 12 ක් එනම් 50 සහ 73 සිට 83 දක්වා ආසාප්ගේ පවුල සමඟ බැඳී පවතී. කෝරාගේ පුත්‍රයා තවත් ගීතාවලියන් 11 පමණ රචනා කළ අතර (42,44-49, 84-85, 87-88) ගීතාවලිය 88 ට හාමාන්ට ආරෝපිත අතර 89 ඒතන් හට ආරෝපිතය. සාලමොන් හා මොසෙස් හැරෙන්න අනෙකුත් සෑම කතුවරයෙකුම දාවිත්ගේ රඡකම් කාලයේදී සංගීතය භාරව සිටි පූඡකවරුන් හා ලෙවීවරුන්ය. තවත් ගීතාවලියන් 50 ක් පමණ කිසිඳු කර්තෘ කෙනෙකු නොමැතිව සිටියි.

ලියනු ලැබූ කාලය: ගීතාවලියෙහි කර්තෘන් පිළිබඳව ඉතා ප්‍රවේසමෙන් පරිශීලනය කරන විට අපට පෙනී යන්නේ මෙය සියවස් ගණනක් මුළුල්ලේ දිව යන බවය. මෙහි පැරණිතම ගීතාවලිය නම් මෝසෙස් විසින් රචිත ගීතාවලිය 90 වයි. මෙය සැබවින්ම දෙවියන් වහන්සේගේ හා මිනිසාගේ සදාකාලික බව පිළිබඳ විචාරයකි. මෑතක දී ලියවුණු ගීතාවලිය නම් 137 වන ගීතාවලියත් මෙය සැබවින්ම විලාප ගීයක් හා මෙය ක්‍රි. පූ. 586 සිට 538 දී හෙබ්‍රව්වරුන් බබිලෝනියේ සිරගතව සිටි කාලයේ ලියවුණ ලද්දක් බව විශ්වාසයි. එබැවින් අපට පැහැදිලි වන්නේ 150 ක්වූ ගීතාවලියෙහි පරිච්ඡේද ලියවී ඇත්තේ අවුරුදු 1000 කාල සීමාවම දිවෙන විවිධ වූ මිනිසුන් පිරිසක් විසිනි. ක්‍රි.පූ.537 දී මිදීමෙන් පසු මේ සෑම ලියවිල්ලක්ම දැන් තිබෙන තත්වයට එකට එක් කොට ඇත්තේ නිර්නාමික කර්තෘ කෙනෙකු විසින් බව පැහැදිලිය.

ලියනු ලැබූ කාරණය: බයිබලයෙහි දීර්ඝතම පොත ගීතාවලිය වන අතර එහි ගීතිකාවන් 150 ක් අන්තර්ගතය. මෙය බොහෝ සුවිශේෂී වන්නේ දෙවියන් වහන්සේ හා උන් වහන්සේගේ මැවිල්ල, යුද්ධය, නමස්කාරය, ඥානය, පාපය හා විපාකය, විනිශ්චය, යුක්තිය හා පැමිණෙන්නා වූ මෙසියස් වහන්සේ ගැන පැවසෙයි.

ප්‍රධාන පදයන්:
ගීතාවලිය 19:1, අහස දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරයි. ගුවන්තලය උන් වහන්සේගේ හස්තකර්මාන්තය දක්වයි.

ගීතාවලිය 22:16-19, මක්නිසාද බල්ලෝ මා වට කළෝය. නපුරන් රැළ මා වටලාගත්තෝය. ඔවුහු මාගේ අත් පා සිදුරු කළෝය. මාගේ ඇට සියල්ල ගණන් කළ හැක්කෙමි. ඔවුහු මා දෙස රවා බලති. මාගේ වස්ත්‍ර ඔවුන් අතරේ බෙදා ගනිති. මාගේ සළුව පිණිස පස ඇට දමති.

ගීතාවලිය 23:1, ස්වාමින් වහන්සේ මාගේ එඞේරාය, මට හිඟයක් නොවන්නේය.

ගීතාවලිය 29:1-2, බලවතුන්ගේ පුත්‍රයෙනි, ස්වාමින් වහන්සේට දෙවි. මහිමයත් බලයත් ස්වාමින්ට දෙවි, ශුද්ධකමේ අලංකාරයත් ස්වාමින්ට නමස්කාර කරව්.

ගීතාවලිය 51:10, දෙවියන් වහන්ස පවිත්‍ර සිතක් මා තුළ ඇති කළ මැනව. ස්ථිර ආත්මයක් මා තුළෙහි අළුතෙන් මැවුව මැනව.

ගීතාවලිය 119:1-2, ස්වාමින් වහන්සේගේ ව්‍යවස්ථාවේ හැසිරෙන්නාවූ තැනැත්තෝ බාග්‍යවන්තයෝය. උන් වහන්සේගේ ශික්ෂා පවත්වන්නෝ හා මුළු සිතින් උන් වහන්සේ සොයන්නාවූ තැනැත්තෝ බාග්‍යවන්තයෝය.

කෙටි සාරාංශය: ගීතාවලිය යනු යාච්ඤා, පද්‍ය හා ගද්‍ය, ගීතිකා වලින් සෑදුම් ලත් හා නමස්කාර කරන්නෙකුගේ සිත දෙවියන් වහන්සේ කෙරෙහි සතුටු වන ආකාරය මනාව පෙන්වා දෙයි. පුරාණ ඉශ්‍රායෙල්හි මෙම පොතෙහි කොටස් ගීතිකා ලෙස භාවිතා කර ඈත. මෙමෙඟින් ගීතාවලිය ඈත අතීතයේ සිට පැවත එන ගීතිකා පුරාණට සාක්ෂි දරයි. සැබවින්ම මෙම නාමයේ තේරුම පැමිණෙන්නේ සංගීත භාණ්ඩවල එකතුවකදී ගයනු ලබන ගීය ලෙසය.

අනාගතකීමි: ගීතාවලියෙහි නැවත නැවතත් පැවසෙන තේමාව නම්, දෙවියන් වහන්සේ විසින් තම ඡනයා මුදවා ගැනීම පිණිස ගැළවුම් කරුවෙකු එවීම පිළිබඳවයි. ගීතාවලියෙහි බොහෝ ස්ථාන වල එන්නාවූ මෙසියස් වහන්සේ ගැන පවසයි. ගීතාවලිය 2:1-12 දක්වා පදයන්හි නිරූපණය වන්නේ මෙසියස් වහන්සේගේ විඡයග්‍රහණය හා රාඡධානියයි. ගීතාවලිය 16 : 8-11 අනාගතවාක්යන් පවසන්නේ මෙසියස් වහන්සේගේ මරණය හා උත්ථානය පිළිබඳවයි. ගීතාවලිය 22 අපට පෙන්වා දෙන්නේ ගැළවුම්කරුගේ කුරුස යාගය ඒ තුළින් අපව සම්පූර්ණ කිරීමට හේතු වී කාරණා හා ආශිර්වාදයි. එන්නාවූ මෙසියස් වහන්සෙගේ මහිමය හා උන් වහන්සේගේ මනාලියගේ ස්වරූපය පැහැදිළිව ගීතාවලිය 45:6-7 මනාව පෙන්වා දෙන අතර ගීතාවලිය 72:6-17, 89:3-37, 110:1-7, සහ 132:12-18 යන පදයන්හි උන් වහන්සේගේ මහිමය හා තේඡාන්විත බව මනාව පෙනවා දෙයි.

ප්‍රායෝගික භාවිතය: දෙවියන් වහන්සේගේ ආත්මයෙන් හා යේසුස් වහන්සේගේ වචනයෙන් පිරීමට හා ආලේපය ලැබීමට ඇති එක ක්‍රමයක් නම් ගායනා කිරීමයි. ගීතාවලිය යනු පැරණි කිතුනු සභාවේ ගීතිකා පොත නියෝඡනය කරන යේසුස් වහන්සේගේ සත්‍යතාවයන් පෙන්වා දෙන පොතකි.

දෙවියන් වහන්සේ සෑම ගීතාවලියකම පවා සමානවූ දෙවියන් වහන්සේය. නුමුත් අපි අපගේ ඡීවිත සන්දිස්ථාන යන්හි දෙවියන් වහන්සේට ප්‍රතිචාර දක්වන ආකාරය එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වේ.අප කෙතරම් වූ පුදුම වූ දෙවි කෙනෙක් අදහනවා ඇති ද? ගීතිකාකරු එය සනාථ කරනු ලබන්නේ මිනිස් මනසට වඩා බොහෝ උසස් මනසකින් යුත් හා මිනිසාගේ සිතට බොහෝ ළං වූ හා අප සමඟ ගමන් ගන්නාවූ දෙවිකෙනෙකු ලෙසය.

අපට අපගේ සියළුම හැඟීමි, එනම් ධනාත්මක හෝ රිනාත්මක යන දෙකම දෙවියන්වහන්සේ වෙත යොමු කළ හැක. අපට බොහෝ ලෙස උන්වහන්සේ තුළ සම්පුර්ණ ලෙස විශ්වාස කළ හැක. ගීතිකාකරු අපට මනාව පැහැදිලි කර දෙන්නේ ගැඹුරු කන්නලව්ව තුළින් අපට සිතා ගත නොහැකි වූ දේ අප දෙවියන් වහන්සේ තුළින් අත්දැකිය හැකි බවය.



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



ගීතාචලිය