settings icon
share icon

නාහුම් පොත

කර්තෘථ: නාහුම් පොතේ කර්තෘ තමා බව එල්කෝෂිය වූ නාහුම් හඳුන්වනු ලබයි. හෙබ්‍රව් භාෂාවෙන් “සහනදායකයා” නොහොත් “සැනසිලිදායකයා” (1:1). මෙම නුවර කොහේ තිබුණාද යන්න බොහෝ න්‍යායන් තිබුණු නමුත් ඒ පිළිබද තීරණාත්මක සාක්ෂි නොතිබි. මූලධර්මයක් නම් එය අදාල කරනු ලබන්නේ කපර්ණවුවම නම් ගලීලය මුහුද අද්දර වූ නගරයකටය. (වචනානුසාරයෙන්ම එහි අදහස නාහුම් නම් ගම්මානය යනුය).

ලියනු ලැබූ දිනය: දී ඇති සීමිත තොරතුරු වලින් අප නාහුම් පිළිබදව දැන ගෙන අපට කළ හැකි උපරිමය නම් නාහුම් පොත ලියනු ලැබූ කාලවකවානුව එනම් ක්‍රි. පූ. 663 ත් 612 ත් ලෙස පටු කර දැක්වීමය. එම දිනයන් නිර්ණය කිරිම පිණිස සිද්ධීන් දෙකක් පිළිබදව සදහන් කරනු ලබයිග පළමුව ඊජිප්තුවේ තිබස් අසිරියානුවන්ට (ක්‍රි. පූ. 663 දී) අත්පත් වීම පිළිබදව අතීත කාලයෙන් එනම් දැනටමත් සිදුවී ඇති බව නාහුම් සදහන් කරනු ලබයි. දෙවනුව ක්‍රි. පූ. 612 දී නාහුම්ගේ අනාගතවාක්‍යය වල අවශේෂය ඉෂ්ට වීමය.

ලිවීම්හි අභිමතාර්ථය: නාහුම් විසින් මෙම පොත ලියනු ලැබුවේ අනතුරු ඇගවීමක් ලෙසවත් නිනිවයේ සෙනගට පසුතැවිලි වීමට කැදවීමක් ලෙසවත් නොවේ. වසර 150 කට ප්‍රථම දෙවියන්වහන්සේ ප්‍රොපේත යෝනාව යවනු ලැබුවේ නිරන්තරයෙන්ම ඔවුන්ගේ දුෂ්ට මාර්ගවල ඔවුන් ගමන් කළහොත් කුමක් සිදුවේද යන්න පිළිබදව උන්වහන්සේගේ පොරොන්දුව සමගය. ඒ කාලයේ සිටි සෙනග පශ්චාතාප වූවත් වර්තමානයේ ඔවුන් අයහපත් ලෙස එසේත් නොමැති නම් ඊටත් වඩා නරක ලෙස ජීවත් වූහ. උසිරියානුවන් ඔවුන්ගේ විජයග්‍රහණය කරණකොටගෙන උදක්ම කුරිරු බවට පත්වූහ. එනම් ඔවුන්ට ගොදුරු වූවන්ගේ ශරීර ලීයක එල්ලා ඔවුන්ගේ සම අනෙකුත් දාමරිකයන් අතර ඔවුන්ගේ කූඩාරම් වල බිත්ති මත දමනු ලැබූහ. මේ වන විට නාහුම් යුදාහී සෙනගට කියනුයේ දෙවියන්වහන්සේ තීන්දුව ප්‍රකාශ කර ඇති හෙයින් සහ අසිරියානුවන් ඉතා ඉක්මනින් ඔවුන්ට සුදුසු වූ දේ ලබා ගන්නා හෙයින් ඔවුන්ට බලාපොරොත්තු නැති නොකර ගන්නා ලෙසය.

මූලික පද:
නාහුම් 1:7, “ස්වාමින්වහන්සේ යහපත්ය, විපත්ති දවසේදී බලකොටුවක්ය, උන්වහන්සේ තමන් කෙරෙහි විශ්වාස තබන්නන් දන්නා සේක.”

නාහුම් 1:14 “අෂූරියා– නුඹ ගැන ස්වාමින්වහන්සේ මෙසේ අණ කළ සේක: නුඹේ නාමය තවත් පැවත නොඑන්නේය.”

නාහුම් 1:15, “අන්න ශුභාරංචි දන්වන්නාවූ සමාදානය ප්‍රකාශ කරන්නාවූ අයගේ පාද කඳු පිට එති.” (යෙසායා 52:7 සහ රෝම 10:15 ද බලන්න)

නාහුම් 2:13, “බලව මම නුඹට විරුද්ධ යයි සේනාවල ස්වාමින්වහන්සේ කියන සේක.”

නාහුම් 3:19 “නුඹේ තුවාලයට සහනයක්ද නැතල නුඹට වැදුණු පහර තදය. නුඹේ ප්‍රවෘත්තිය අසන සියල්ලෝ නුඹට විරුද්ධව අත්පොළසන් දෙති, මක්නිසාද නුඹේ දුෂ්ටකම නුඹ පිටට නොපැමුණේ කා පිටටද?”

කෙටි සාරංශය: නිනිවය එක් අවස්ථාවක ජෝනාගේ දේශනා වලට ප්‍රතිචාර දක්වා ස්වාමි වූ යොහොවා දෙවියන්වහන්සේට සේවය කරනු වස් ඔවුන්ගේ දුෂ්ට මාර්ග වලින් හැරුණෝය. නමුත් වසර 150 කට පසුව නිනිවය රූප වන්දනාවල ප්‍රචණ්ඩත්වය සහ අහංකාරය වෙතට හැරී ආවහුය (නාහුම් 3:1–4). නැවත වාරයක් දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේගේ ප්‍රොපේතවරයෙකුව නැවත නිනිවය වෙත යවනු ලබන්නේ විනාශ වන නගරයට විනිශ්චය පිළිබද දේශනා කරනු ලබන්නටත් පසුතැවිලි වීමට ඔවුන් උනන්දු කරනු පිණිසත්ය. කනස්සල්ලට කරුණක් ලෙස නිනිවයේ වැසියන් නාහුම්ගේ අනතුරු ඇගවීම නොතැකූ හෙයින් එම නගරය බබිලෝනිවරුන්ගේ ආධිපත්‍යය යටතට ගෙන එනු ලැබූහ.

ලකුණු පහල වීම්: පාවුළු විසින් රෝම 10:15 හි නාහුම් 1:15 පිළිබදව නැවත නැවතත් කියනු ලබන්නේ මෙසියස්වහන්සේ සහ උන්වහන්සේගේ සේවය මෙන්ම ඔහුගේ වකවානුවේ සිටි ක්‍රිස්තුස්වහන්සේගේ අපෝස්තුළුවරුන් සම්බන්ධයෙනි. එලෙසම සුභාරංචියේ උපස්ථායකු පිළිබදව තේරුම් ගනු ලබන්නේද ඔහුගේ රාජකාරිය “සාමයේ සුභාරංචිය දේශනා කිරීම” බවය. දෙවියන්වහන්සේ පවිකරුවන් සමග ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය කරණකොටගෙන සමාදානය ඇති කර ගෙන උන්වහන්සේගේ සෙනගට දී ඇත්තේ “කිසි නුවණකින් දැන ගත නොහැකි වූ දෙවියන්වහන්සේගේ සමාදානයයි” (පිලිප්පි 4:7). දේශනාකරුවකුගේ කාර්‍යයභාරය නම් “යහපත් දේ පිලිබදව සුභාරංචි ගෙන ඒමය.” එනම් සමගි කිරීම, ධර්මිෂ්ඨකම, සමාව දීම සහ කුරුසිපත්වූ ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන වූ සදාකාලික ගැළවීමයි. එසේ සුභාරංචිය ගෙන ඒම තුළින් ඔවුන්ගේ පාද අලංකාර කරනු ලබයි. මෙහි ඇති රූප සංකල්පය නම් උත්සුකභාවයෙන් සහ ප්‍රීතියෙන් සුභාරංචිය ප්‍රකාශ කරනු වස් අන්‍යයන් වෙතට දිව යන්නාවූ කෙනෙකු පිළිබදවය.

ප්‍රායෝගික උපයෝගය: දෙවියන්වහන්සේ ඉවසිලිවන්ත මෙන්ම කෝප වීමට ප්‍රමාදය. උන්වහන්සේ සෑම රටකටම උන්වහන්සේ ඔවුන්ගේ ස්වාමින්වහන්සේ බවට පිළිගැනීමට කාලය දෙනු ලබන සේක. එනමුත් උන්වහන්සේ සමච්චලයට ලක් නොවන සේක. ඕනෑම රටක් උන්වහන්සේගෙන් ඉවත් තමන්ගේ අභිප්‍රායන් ඉෂ්ට කර ගැනීමට තැත් කරන විට එතුමාණන් විනිශ්චය තුළින් මැදිහත් වන සේක. වසර 220 කට පමණ ප්‍රථමයෙන් එක්සත් ජනපදය පිහිටුවනු ලැබුවේ දේව වචනයේ මූලධර්ම කරණකොටගෙන මග පෙනවනු ලැබූ ජාතියක් ලෙසයග ඵසු ගිය වසර 50 තුළ එය වෙනස් වී දිනපතා අප විරුද්ධ දිශාවට හැරෙමින් පවතිමුග කිතුණුවන් හැටියට අපගේ වගකීම නම් දේව වචනය හා සම්බන්ධ මූලධර්ම සහ දේව වචනයේ සත්‍යතාවයන් වෙනුවෙන් සිට ගැනීමය. මන්දයත් අපගේ එකම බලාපොරොත්තුව නම් සත්‍යයය. English



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

නාහුම් පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries