settings icon
share icon

මලාකි පොත

කර්තෘ: මලාකි පොතෙහි කර්තෘන් දිවැසිවර මලාකි ලෙස මලාකි 1 වන පරිච්ඡෙදයෙහි 1 වන පදයෙහි හැදින්වේ.

ලියනු ලැබූ දිනය: මලාකි පොත ලියනු ලැබුවේ ක්‍රි. පූ. 440 ත් 400 ත් අතර කාලයේදීය.

ලිවීම්හි අභිමතාර්ථය: මලාකි පොත දිවැස්වැකි පවසන ස්ථානයකි: මලාකි තුළින් ඉශ්‍රායලිතයන්ට ස්වාමින්වහන්සේගේ වචනය දෙනු ලැබිණි (1:1). මෙය වූ කලී නැවතත් දෙවියන්වහන්සේ වෙතට හැරී එන ලෙස සෙනගට මලාකි තුළින් දුන්නාවූ අනතුරු ඇගවීමකි. පැරණි ගිවිසුමේ අවසාන පොත නිමා වන විට ඉශ්‍රායලිතයන්ගේ දෙසවන් වල රැව් පිළිරැව් දෙනු ලබන්නේ එන්නාවූ මෙසියස්වහන්සේ තුළින් ඔවුනට වන දෙවියන්වහන්සේගේ සාධාරණ සහ ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබීමේ පොරොන්දුවේ තීන්දුව ප්‍රකාශ කරනු ලැබීමය. වසර 400 ක නිශ්චලතාවයක්, ඉන් පසුව සිදුවන අතර එය අවසාන වන්නේ දෙවියන්වහන්සේගේ ඉක්බිති දිවැසිවරයා වන යොහාන් බව්තීස්තගේ ඊට අනුරූපී පණිවුඩය වන “පසුතැවිලි වෙයල්ලාල මක්නිසාද සවර්ග රාජ්‍යය ළගයැයි” (මතෙව් 3:2) නිවේදනය කිරීමෙනි.

මූලික පද:

මලාකි 1:6, “පුත්‍රයා තමාගේ පියාටත් මෙහෙකරුවා තමාගේ ස්වාමියාටත් ගෞරව කරති. එබැවින් මාගේ නාමය සුළු කරන පූජකයෙනි, මම පියෙක් නම් මාගේ ගෞරවය කොයිද? මම ස්වාමියෙක් නම් මා කෙරෙහි ඇති භය කොයිදැයි සේනාවල ස්වාමින්වහන්සේ නුඹලාගෙන් අසන සේක. එහෙත්: අපි ඔබවහන්සේගේ නාමය කුමකින් සුළු කළෙමිදැයි නුඹලා අසන්නහුය.”

මලාකි 3:6–7, “මක්නිසාද ස්වාමින්වහන්සේ වන මම වෙනස් නොවෙමි, එබැවින් යාකොබ්ගේ පුත්‍රයෝ වූ නුඹලා විනාශ නොවී සිටින්නහුය. නුඹලාගේ පියවරුන්ගේ දවස්වල පටන්ම නුඹලා මාගේ නියෝග නොපවතවා එයින් අහක්ව ගියහුය. මා වෙතට හැරී වරෙල්ලා, මමත් නුඹලා වෙතට හැරී එන්නෙමියි සේනාවල ස්වාමින්වහන්සේ කියන සේක.”

කෙටි සාරංශය: මලාකි විසින් ලියනු ලැබුවේ දෙවියන්වහන්සේ විසින් තෝරා ගනු ලැබූ නමුත් මුළාවූ සෙනගට ස්වාමින්වහන්සේ විසින් දෙනු ලැබූ වචනය වන අතර එය විශේෂයෙන්ම වූයේ ස්වාමින්වහන්සේගෙන් ඈත්වූ පූජකයන්ටය. තමන් විසින් දෙවියන් වහන්සේට කළ යුතුව තිබූ පූජාවන් පිළිබදව පූජකයන් එතරම් වැදගත් ලෙස නොසැළකුහ. ව්‍යවස්ථාව මගින් කිසිඳු විකලතාවයක් නොමැති සතුන්ව නියම කොට තිබුනත් (ද්විතීය කථාව 15:21) පූජා කරනු ලැබුවේ කැළැල් සහිත සතුන්වය. යුදා පුරුෂයන් තම යොවුන් වියේ භාර්‍යයාවන් හා සමග විශ්වාසය තැබිය නොහැකි අන්දමට කටයුතු කරනු ලැබූ අතර දෙවියන්වහන්සේ විසින් තමන්ගේ පූජාවන් පිළිගනු නොලැබුවේ මන්ද යන්නට මවිත වූවෝය. එසේම තමන් විසින් කළ යුතු වූ ආකාරයට සෙනග විසින් ඔතු ගෙනැවුත් දෙනු නොලැබූහ (ලෙවී කථාව 27:30, 32). සෙනග පාපයෙන් මෙන්ම දෙවියන්වහන්සේගෙන් ඈත්වී ගොස් සිටියදී පවා මලාකි විසින් පුනර්වාචනය කරනු ලබන්නේ දෙවියන්වහන්සේට උන්වහන්සේගේ සෙනග කෙරෙහි ඇති ප්‍රේමය (මලාකි 1:1–5) සහ එන්නාවූ පණිවුඩකාරයාණන් පිළිබදව උන්වහන්සේගේ පොරොන්දුව පිළිබදවත්ය (මලාකි 2:17-3:5).

ලකුණු පහල වීම්: මලාකි 3:1–6 සදහන් වන්නේ යොහාන් බව්තීස්ත අරභයා ඇති අනාවැකියකි. යේසුස්ක්‍රිස්තුස් නම් මෙසියස්වහ්න්සේට මාර්ගය පිළියෙල කිරීමට එවනු ලැබූ (මතෙව් 11:10) පණිවුඩකාරයා නම් මොහුය. යොහාන් පශ්තාපවීම සහ බවිතීස්මය ලැබීම පිළිබදව දේශනා කරනු ලැබුවේ යේසුස් වහන්සේගේ පළමු පැමිණීමට මෙලෙස මාර්ගය සලසමිනි. බලයෙන් සහ ශක්තියෙන් එතුමන්ගේ දෙවැනි ඊමේදී දේවමාලිගාවට හදිසියෙන්ම එනු ලබන පණිවුඩකාරයාණන් නම් ක්‍රිස්තුස්වහන්සේමය (මතෙව් 24). එම අවස්ථාවේදී උන්වහන්සේ ලෙවීගේ පුත්‍රයන්ව පවිත්‍ර කරනු ලබන සේක, ඉන් අදහස් කරනු ලබන්නේ මොසෛයික ව්‍යවස්ථාව උදාහරණය කොට දෙන්නවුන්ට ගැළවුම්කාරයාණන්ගේ රුධිරය කරණකොටගෙන ඔවුන්ගේ පාපයට පවිත්‍රීකරණය අවශ්‍යය වන බවයග ඔවුනට “ධර්මිෂ්ඨකමේ පූපාවක්” ඔප්පු කිරීමට හැකි වන්නේ ඉන් අනතුරුව පමණක් වන්නේ ඔවුන් තුළට ඇදහිල්ල කරණකොටගෙන ආරෝපණය කරනු ලබන ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන හෙයිනි (2 කොරින්ති 5:21).

ප්‍රායෝගික උපයෝගය: අප උන්වහන්සේගේ ආඥා වලට අකීකරු වන විට දෙවියන්වහන්සේ ප්‍රසන්න නොවන සේක. උන්වහන්සේව නොතකා හරින්නවුන්ට එතුමාණෝ නැවත එලෙසම කරනු ලබන සේක. දෙවියන් වහන්සේ දික්කසාදයට ද්වේශ කරනු ලබන හෙයින් (2:16) දෙවියන්වහන්සේ විසින් විවාහ ගිවිසුම ඉතා වැදගත් ලෙස සළකනු ලබන අතරම උන්වහ්න්සේ එය බිදී තිබෙනු දැකීමට අකමැති වන සේක. අපගේ යොවුන් වියේ ස්වාමි පුරුෂයාට හෝ භාර්‍යයාවට මුළු ජීවිත කාලයේදීම විශ්වාසවන්තව සිටිය යුතුවෙමු. දෙවියන්වහන්සේ අපගේ හදවත් මෙන්ම අපගේ සංකල්පනාද දන්නා සේකත කිසිවක් උන්වහන්සේගෙන් සැගවිය නොහැක. උන්වහන්සේ නැවත ආපසු පැමිණ විනිශ්චයකාරයාණන් වන සේක. එනමුත් අප නැවත උන්වහන්සේ වෙතට හැරී එනු ලබන්නෙමු නම් උන්වහන්සේද නැවත අප වෙතට හැරී එනු ලබන සේක (මලාකි 3:6). English



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

මලාකි පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries