settings icon
share icon

යෙසායා පොත

කර්තෘ: යෙසායා පොතෙහි කර්තෘන් දිවැසිවර යෙසායා ලෙස යෙසායා 1 පරිච්ඡේදයෙහි 1වන පදයෙහි හැදින්වේ.

ලියනු ලැබූ දිනය: යෙසායා පොත ලියනු ලැබුවේ ක්‍රි. පූ. 701 ත් 681 ත් අතර කාලයේදීය.

ලිවීමිහි අභිමතාර්ථය: දිවැසිවර යෙසායා මූලිකවම කැදවනු ලැබුවේ යුදා රාජ්‍යයට දිවැස්වැකි පැවසීමටය. යුදා දේශය පුනරුත්ථාන කාලයක් සහ කැරළි ගැසීම් කාලයක් තුළින් ගමන් ගනු ලැබීය. උසිරියාව සහ ඊජීප්තුව කරණකොටගෙන යුදා දේශය විනාශ කරනු ලැබීමට තර්ජනය කරනු ලැබ සිටිය නමුත් දෙවියන්වහන්සේගේ දයාව හේතුකොටගෙන විනාශ නොකොට බේරාගනු ලැබීය. යෙසායා විසින් නිවේදනය කරනු ලැබූ පණිවුඩය නම් පාපයෙන් පශ්චාතාප වීමත් ඉදිරියේදී දෙවියන්වහන්සේ විසින් ලබා දෙනු ලබන ගැළවීම පිළිබදව බලාපොරොත්තු සහිත අපේක්ෂාවත්ය.

මූලික පද:

යෙසායා 6:8, “එවිට: මම කවරෙකු යවමිද? අප උදෙසා යන්නේ කවුදැයි කියන්නාවූ ස්වාමින්වහන්සේගේ හඩ මට ඇසුණේයග මමද: මෙන්න මම මෙහිය: මා යැවුව මැනවැයි කීමී.”

යෙසායා 7:14, “එබැවින් ස්වාමින්වහන්සේම නුඹලාට ලකුණක් දෙන සේක: බලව කන්‍යාව ගර්භනීව පුත්‍රයකු වදා එමිමානුවෙල් යන නම ඔහුට තබන්නීය.”

යෙසායා 9:6, “මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙන ලද්දේය; ආණ්ඩුවද උන්වහන්සේගේ කර පිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය.”

යෙසායා 14:12–13, “දීප්තිමත් පහන් තාරකාවල අලූයම් පුත්‍රය, නුඹ ස්වර්ගයෙන් වැටුණු හැටි නුඹ සිත තුළ සිතාගෙන: මම ස්වර්ගයට නැගීල මාගේ සිංහාසනය දෙවියන්වහන්සේගේ තාරකා වලට උඩින් තබාල උතුරේ ඉතා දුර සීමාවල තිබෙන රැස්වීමේ කන්ද පිට හිදගන්නෙමි.”

යෙසායා 53:5–6, “නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය. පොඩි කරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඩුවම උන්වහන්සේ පිටට පැමුණුණේය. උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබේ. අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුලාවී එකිනෙකා තම තමාගේම මාර්ගයට හැරී ගියෙමුව. ස්වාමින්වහන්සේද අප සියල්ලන්ගේ අයුතුකම උන්වහන්සෙ පිට තැබූ සේක.”

යෙසායා 65:25, “වෘකයාද බැටළුවස්සාද එකට තෘණ කන්නෝය. සිංහයා හරකා මෙන් පිදුරු කන්නේය. ධූලි සර්පයාලේ කෑම වන්නේය. මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නැතැයි ස්වාමින්වහන්සේ කියන සේක.”

කෙටි සාරංශය: යෙසායා පොත තුළින් අනාවරණය කරනු ලබන්නේ දෙවියන් වහන්සේගේ විනිශ්චයත් ගැළවීමත් පිළිබදවය. දෙවියන්වහන්සේ ශුද්ධය ශුද්ධය ශුද්ධය (යෙසායා 6:3) එසේ හෙයින් පාපය දඩුවම් නොලැබ සිටීමට එතුමන් ඉඩ නොසලස්වන සේක. (යෙසායා 1:2; 2:11–20; 5:30; 34:1–2; 42:25) දෙවියන්වහන්සේගේ ඉදිරියේදි එන විනිශ්චය යෙසායා නිරූපණය කරනු ලබන්නේ “පරිභෝජනය කරනු ලබන ගින්නක්” ආකාරයටය (යෙසායා 1:31; 30:33).

ඒ ආකාරයටම යෙසායා විසින් තේරුම් ගනු ලබන්නේ දෙවියන්වහන්සේ දයාවේ කරුණාවේ සහ අනුකම්පාවේ දෙවි කෙනෙකු ලෙසය (යෙසායා 5:25; 11:16; 141–2; 32:2: 40:3; 41:14–16). ඉශ්‍රායෙල් ජාතිය: යුදා සහ යෙසායා යන දෙකම– දෙවියන්වහන්සේගේ ආඥා වලට අන්ධව සහ බිහිරිව සිටියහ. (යෙසායා 6:9–10; 42:7) මඩිනු ලැබිය යුතු සහ මඩිනු ලබන මිදිවත්තකට යුදා දේශය සසදනු ලැබේ. (යෙසායා 5:1–7). උන්වහන්සේ ඉශ්‍රායෙලයට සහ යුදා දේශයට දී ඇති පොරොන්දු කරණකොටගෙන පමණක් ඉශ්‍රායෙලය හෝ යුදාව මුළුමනින්ම විනාශ වීමට දෙවියන්වහන්සේ ඉඩ නාරින සේක. උන්වහන්සේ නැවතත් පාපකමාව සහ සුවය ප්‍රතිෂ්ඨාපනය කරනු ලබන සේක. (43:2; 43:16–19; 52:10–12).

පැරණි ගිවිසුමේ අනෙකුත් පොත් වලට වඩා යෙසායා කේන්ද්‍රගත කරනුයේ මෙසියස්වහන්සේ තුළින් වන ගැළවිම පිළිබදවය. මෙසියස්වහන්සේ යම් දිනක සාධාරණත්වයෙන් සහ ධර්මිෂ්ටකමින් පාලනය කරන සේක. (යෙසායා 9:7; 32:1). මෙසියස්වහන්සේගේ පාලනය ඉශ්‍රායෙලයට සමාදානය සහ ආරක්ෂාව ගෙන දෙයි. (යෙසායා 11:6–9). මෙසියස්වහන්සේ කරණකොටගෙන ඉශ්‍රායෙලය සියළුම ජාතීන්ට ආලෝකයක් වේ. යෙසායා 42:6, 55:4–5. මුළු යෙසායා පොතම යොමු කරනු ලබන ඉලක්කය නම් මේ පොළොවෙහි මෙසියස්වහන්සේගේ රාජ්‍යයයි. (යෙසායා පරිච්ඡේද 65–66) දෙවියන් වහන්සේගේ ධර්මිෂටකම මුළු ලෝකයාටම අනාවරණය වනු ලබන්නේ මෙසියස්වහන්සේගේ පාලන සමයෙහිය.

විරුද්ධාභාසයකින් පෙනීමට ඇත්තේ මෙසියස්වහන්සේ දුක් විදිය යුතු කෙනෙකු ලෙස යෙසායා පොත ඉදිරිපත් කරනු ලබන බවය. යෙසායා වන පරිච්ඡේදයේ විචිත්‍රව විස්තර කරනු ලබන්නේ මෙසියස්වහන්සේ පාපය වෙනුවෙන් දුක් විදිනු ලබන බවය. සුවය මුදුන් පැමිණෙන්නේ උන්වහන්සේගේ තුවාල කරණකොටගෙනය. අපගේ අපරාධ ඉවත ලනු ලබන්නේ උන් වහන්සේගේ දුක් විදීම කරණකොටගෙනය. මෙම විද්‍යාමාන ප්‍රතිවිරෝධය විසදනු ලබන්නේ යේසුස්ක්‍රිස්තුස්වහන්සේ නමැති පුද්ගලයා තුළින්වේ. උන් වහන්සේගේ ප්‍රථම පැමිණීමේදී යෙසායා 53 වන පරිච්ඡෙදයේ සදහන් වන පරිදි යේසුස්වහන්සේ දුක් විදීනු ලැබූ සේවකයාවේ. උන්වහන්සේගේ දෙවන පැමිණීමේදී යේසුස්වහන්සේ ජයග්‍රාහී සහ පාලනය කරනු ලබන රජතුමා මෙන්ම සමාදානයේ කුමාරයාදවේ. (යෙසායා 9:6).

ලකුණු පහල වීම්: ඉහත සදහන් පරිදි යෙසායා 53 වන පරිච්ඡෙදයේ විස්තර කරනු ලබන්නේ මෙසියස්වහන්සේගේ පැමිණීමත් අපගේ පව් උදෙසා ගෙවනු වස් උන්වහන්සේ විසින් දරාගෙන සිටිනු ලබන දුක් විදිමත්ය. උන්වහන්සේගේ ශ්‍රේෂඨත්වය තුළික් දෙවියන්වහන්සේ මෙම පරිච්ඡේදයේ සෑම අනාවැකියක්ම සම්පූර්ණ කරනු වස් කුරුසිපත්වීමේ සෑම විස්තරයක්ම මෙන්ම පැරණි ගිවිසුමෙහි සදහන් ක්‍රිස්තුස්වහන්සේ පිළිබද අනෙකුත් අනාවැකිද සමායෝජනය කළ සේක. යෙසායා 53 වන පරිච්ඡෙදයේ රූප සංඥව ළගන්නා සුළු මෙන්ම අනාවැකිමය වන අතර සුභාරංචිය පිළිබදව සම්පූර්ණ පින්තාරුවක්ද අන්තර්ගතවේ. යේසුස්වහන්සේ නිග්‍රහ සහ ප්‍රතික්ෂේප කරනු ලැබ (ලුක් 13:34; යොහාන් 1:10–11) දෙවියන්වහන්සේ විසින් පහර දෙනු ලැබ (මතෙව් 27:46); අපගේ අපරාධ උදෙසා සිදුරු කරනු ලැබූ සේක. (යොහාන් 19:34; 1 පේත්‍රැස් 2:24); උන්වහන්සේගේ දුක් විදිම තුළින් අපට යුතුවූ දඩුවම එතුමන් ගෙවූ අතර අප වෙනුවෙන් පර්යන්ත යාග පූජාවක්ද වූ සේක. (හෙබ්‍රව් 10:10) “අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට (දෙවියන්වහන්සේ– සැලැස්සූ සේක’ (2 කොරින්ති 5:21)

ප්‍රායෝගික උපයෝගය: යෙසායා පොතෙන් අපගේ ගැළවුමිකාරයාණන් වහන්සේව ඉදිරිපත් කරනු ලබන්නේ සැකයන් නොමැති විස්තර සහිතවය. ස්වර්ගයට යන එකම මාර්ගය, දෙවියන්වහන්සේගේ කරුණාය ලබා ගත හැකි එකම විධික්‍රමය, එකම මාර්ගය, එකම සත්‍යය සහ එකම ජීවනයද උන්වහන්සේය. (යොහාන් 14:6; ක්‍රියා 4:12). ක්‍රිස්තුස්වහන්සේ අප වෙනුවෙන් ගෙවූ මිලය දැන දැනත් මෙතරම් මහත්වූ ගැළවීමක් අප නොසලකා හරින්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද (හෙබ්‍රව් 203) ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ එතුමන් විසින් පිරිනමනු ලබන ගැළවීම වැළද ගැනීමට මේ පොළොවෙහි ඇත්තේ ඉතාමත් කෙටි වසර කිහිපයකි. මරණයට පසුව දෙවන අවස්ථාවක් නොමැති අතර පාතාලයේ සදාකාලිත්වය නමී ඉතාම දීර්ග කාලයකි,

ක්‍රිස්තුස්වහන්සේ ඇදහිලිවන්තයන් ලෙස හිමිකම් පාන දෙපිටකාට්ටු සහ කෛරාටික මනුෂ්‍යයන් ඔබ දන්නේද? යෙසායා ඉශ්‍රායෙල් ජාතිය සම්ප්‍රේක්ෂණය කළ ආකාරය පිළිබදව හොදම සාරාංශය සමහර විට මෙය වන්නට පිළිවනග ඉශ්‍රායෙලයෙහි පෙනුම ධර්මිෂ්ඨ වුවද එය මුහුණතින් පමණක් වියග යෙසායා පොතෙන් දිවැසිවර යෙසායා ඉශ්‍රායෙලයට අභියෝග කරනු ලබන්නේ පරිබාහිරව පමණක් නොවී දෙවියන්වහන්සේට මුළු හදවතින් කීකරු වන ලෙසටය. යෙසායාගේ අභිප්‍රාය වූයේ ඔහුගේ වචන ඇසූවන් සහ කියවූවන් දෝෂණය කරනු ලැබ ඔවුනගේ දුෂ්ටකමෙන් හැරී පව් කමාව සහ සුවට පිණිස දෙවියන්වහන්සේ වෙතට හැරීමය. English



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

යෙසායා පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries