settings icon
share icon

හග්ගයි පොත

කර්තෘ: හග්ගයි පොතෙහි කර්තෘන් දිවැසිවර හග්ගයි ලෙස හග්ගයි 1 වන පරිච්ඡෙදයෙහි 1වන පදයෙහි හැදින්වේ.

ලියනු ලැබූ දිනය: හග්ගයි පොත ලියනු ලැබුවේ දළ වශයෙන් ක්‍රි. පූ. 520 දීය.

ලිවීමිහි අභිමතාර්ථය: හග්ගයි බලාපොරොත්තු වූයේ දේවියන්වහන්සේගේ සෙනගට ඔවුන්ගේ ප්‍රමුඛතා අරභයා අභියෝග කිරීමටය. ඔහු ඔවුන්ව කැදවූයේල දේශීය සහ නිල වශයෙන් ප්‍රතිවිරෝධතා තිබියදී පවා දේවියන්වහන්සේගේ දේවමාලිගාව ගොඩ නැගීමෙන් ඔවුන්ගේ ප්‍රණාමය සහ ගෞරවය දක්වන ලෙසය. හග්ගයි ඔවුන්ට අධෛර්‍යය නොවන ලෙස ඇරයුම් කරනු ලැබුවේ මෙම දේවමාලිගාව සලමොන්ගේ හා සේම මුළුමනින්ම පාහේ උසස් අන්දමින් සරසනු නොලබන හෙයිනි. ඔහු ඔවුන්ව උනන්දු කරවූයේ ඔවුන්ගේ අපවිත්‍ර මාර්ග වලින් හැරී දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ බලය කෙරෙහි විශ්වාසය තබන ලෙසයි. හග්ගයි පොත වූ කලී දෙවියන්වහන්සේගේ සෙනගට මේ වකවානුවේ මුහුණ දීමට තිබූ ගැටළු, එම සෙනග අභීතව දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කළ අන්දම සහ දෙවියන්වහන්සේ ඔවුන්ගේ අවශ්‍යයතා සපයා දුන් ආකාරය ආදිය මතක් කර දීමකි.

මූලික පද:

හග්ගයි 1:4, “මේ ගෘහය පාළුව තිබෙද්දීම ඇතුළත ලෑලි වලින් වසා තිබෙන නුඹලාගේ ගෙවල් වල වාසය කිරීමට නුඹලාට මෙය නිසි කාලයද?”

හග්ගයි 1:5–6, “එබැවින් සේනාවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: නුඹලාගේ මාර්ග සිතට ගනිල්ලා. නුඹලා බොහෝම වැපුරූ නමුත් එකතු කරගත්තේ ස්වල්පයක්ය. නුඹලා කන නමුත් තෘප්තියට නොපැමිණෙන්නහුය. බොන නමුත් සෑහීමට නොපැමිණෙන්නහුයග අදින නමුත් උණුහුම් නොවන්නහුය. කුලී ලබා ගන්නාද එය ලබා ගන්නේ හිල් ඇති පසුම්බියකටය.”

හග්ගයි 2:9, “මේ ගෘහයේ අන්තිම තේජස පළමු එකේ තේජසට වඩා මහත් වන්නේ යයි ස්වාමිවහන්සේ කියන සේක. මේ ස්ථානයෙහිදී මම සමාදානය දෙන්නෙමියි සේනාවල ස්වාමින්වහන්සේ කියන සේකැයි කීය.”

කෙටි සාරංශය: දෙවියන්වහන්සේගේ සෙනග ඔවුන්ගේ ප්‍රමුඛතා යලි සලකා සලකා බලා ධෛර්‍යය රැගෙන දෙවියන්වහන්සේගේ පොරොන්දු වල පදනම මත ක්‍රියා කරනු ලබයිද? දෙවියන්වහන්සේ බලාපොරොත්තු වූයේ තමන්ගේ වචන වලට සවන් දෙනු වස් සෙනගට අනතුරු ඇගවීමටය. දෙවියන්වහන්සේ ඔවුන්ට අනතුරු ඇගවූවා පමණක් නොව උන්වහන්සේ තම සේවකයා වූ හග්ගයි තුළින් උන්වහන්සේව අනුගමනය කරනු වස් ඔවුන්ව අභිප්‍රේරණය කිරීමට පොරොන්දු දුන්සේක. දෙවියන්වහන්සේගේ සෙනග ඔවුන්ගේ ප්‍රමුඛතා ප්‍රතිවර්තනය කිරිමටවත් ඔවුන්ගෙ ජීවිතයේ දෙවියන්වහන්සේට ප්‍රමුඛ ස්ථානය දීමටවත් අසමත් වූ හෙයින්, යුදා ජාතිය බබිලෝනියේ විප්‍රවාසයට යවනු ලැබූහ. දාවිත්ගේ යාච්ඤාවට ප්‍රතිචාර ලෙස සහ දෙවියන්වහන්සේගේ පොරොන්දු ඉටු කිරිමක් ලෙස දෙවියන්වහන්සේ පර්සියානු රජ වන සයිරස්ට මග පෙන්වූයේ, විප්‍රවාසයේ සිටින යුදෙව්වන්ට නැවත යෙරුසලමට යෑමට ඉඩහරින ලෙසය. යුදෙව්වන්ගේ කණ්ඩායමක් ඔවුන්ගේ දේශයට මහත් ප්‍රීතියකින් යුක්තව ආපසු පැමිණ, දෙවියන්වහන්සේව ඔවුන්ගේ ජීවිතයේ ප්‍රථම ස්ථානය බවට පත් කොටගෙන උන්වහන්සේට නමස්කාර කොට යෙරුසලමේ දේවමාලිගාව නැවත ගොඩ නැගීමට ආරම්භ කළේ පලස්තීනයේ ජීවත්වූ දේශීය ජනතාවගේ උපකාරය නොමැතිවය. දළ වශයෙන් වසර 15 ක වැනි කාලයක් තුළ ඔවුන්ගේ නිර්භීත ඇදහිල්ලට දේශීය ජනතාව මෙන්ම පර්සියානු රජයේ ප්‍රතිවිරුද්ධතාවයද මුණ ගැසෙන ලදී.

ලකුණු පහල වීමි: බොහෝ සුළු අනාගතවතෘන්ගේ පොත් හා සේම හග්ගයි පොතද අවසාන වන්නේ ප්‍රතිෂ්ඨාපනය සහ ආශිර්වාදය පිළිබදව පොරොන්දු දීමෙනි. අවසාන පදය වන හග්ගයි 2:23 ට අනුව “මාගේ මෙහෙකරුවූ” සෙරුබාබෙල් නිර්දේශ කොට ගත් ක්‍රිස්තුස්වහන්සේ පිළිබදව උත්කර්ෂවත් මාතෘකාවක් දෙවියන්වහන්සේ විසින් භාවිතා කරනු ලබන සේක (2 සාමුවෙල් 3:18; 1 රාජාවලිය 11:34; යෙසායා 42:1-9; එසකියෙල් 37:24, 25 සසදන්න). හග්ගයි තුළින්, උපහාරයේ, ආධිපත්‍යයේ සහ බලයේ සංකේතයක් වන රාජ මුද්‍රාවක් එනම් ලිපි සහ නියෝග මුද්‍රා කරනු ලබන රජුගේ සෙංකෝලයක් ලෙසට පත් කිරීමට දෙවියන්වහන්සේ පොරොන්දු වනු ලබන සේක. දෙවියන්වහන්සේගේ රාජ මුද්‍රාව වන සෙරුබාබෙල් නියෝජනය කරනු ලබන්නේ දාවිත්ගේ වංශය සහ විප්‍රවාසය හේතුකොටගෙන බාධා ඇතිවූ ක්‍රිස්තුස්වහන්සේ පිළිබදව වූ පෙළපතෙහි පුනරාරම්භයවේ. සෙරුබාබෙල් විසින් නැවත තහවුරු කරනු ලැබුවේ ක්‍රිස්තුස්වහන්සේගේ සහශ්‍ර වාර්ෂික පාලනය කුළුගැන්වෙන දාවිත්ගේ පෙළපතෙහි රජවරුන්වය. සෙරුබාබෙල් ක්‍රිස්තුස්වහන්සේගේ පෙලපතෙහි යොසෙප්ගේ පාර්ශවය (මතෙව් 1:12) මෙන්ම මරියාගේ පාර්ශවයේද (ලුක් 3:27) ප්‍රකාශ වනු ලබයි.

ප්‍රායෝගික උපයෝගය: බොහෝ සෙනග අදටත් මුහුණ දෙනු ලබන පොදු ප්‍රශ්න කෙරෙහි හග්ගයි පොත අවධානය යොමු කරනු ලබයි. හග්ගයි අපගෙන් ඉල්ලා සිටිනු ලබන්නේ: 1– අප වඩාත්ම ඇල්මක් දක්වනු ලබන්නේ දෙවියන්වහන්සේගේ කාර්‍යයන්ට වඩා අපගේ සන්තුෂ්ටිය පිළිබදවද යන්න දැන ගැනීම පිණිස අපගේ ප්‍රමුඛතා සෝදිසි කරන ලෙසත්; 2– අප ප්‍රතියෝග සහ අධෛර්‍යමත් තත්වයන් කරා ගමන් කරන විට පරාජිත පුද්ගලයකුගේ ආකල්ප ප්‍රතික්ෂේප කිරිමටත්; 3– අපගේ අසමර්ථකම් පිළිබදව පාපොච්චාරණය කර දෙවියන්වහන්සේ ඉදිරියේ පවිත්‍ර ජීවිත ගත කිරීමට උත්සාහ දැරීමටත්; 4– දෙවියන්වහන්සේ අප හා සමග සෑම විටම සිටින මෙන්ම අපගේ සෑම තත්වයක් කෙරෙහි සම්පූර්ණ පාලනයකින් සිටින බවට අපට ඇති සහතිකය කරණකොටගෙන නිර්භීතව ක්‍රියා කිරීමටත්; සහ 5– අප විශ්වාසවන්තව උන්වහන්සේට සේවය කරන විට උන්වහන්සේ අපට අධික ලෙස ආශිර්වාද කර සියල්ල දෙවියන්වහන්සේගේ හස්තය මත සුරක්ෂිතව තබා ඇති බව දැන ගැනීමටත්ය. English



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

හග්ගයි පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries