settings icon
share icon

හබක්කුක් පොත

කර්තෘ: හබක්කුක් පොත හබක්කුක් 1:1 හි හඳුන්වා දෙන්නේ දිවැසිවර හබක්කුක්ගේ දිවැස්වැකි කීමක් ලෙසය.

ලියනු ලැබූ දිනය: හබක්කුක් පොත බොහෝ දුරට ක්‍රි. පූ. 610 ත් 605 ත් අතරතුර කාලයේදී ලියවෙන්නට ඇත.

ලිවීමිහි අභිමතාර්ථය: උන්වහන්සේගේ තෝරාගත් සෙනගට ඔවුන්ගේ සතුරන් කරණකොටගෙන වර්තමාන පීඩා ලබමින් යන්නට දෙවියන්වහන්සේ විසින් ඉඩ හරිනු ලබන්නේ මන්ද යන්න සිතමින් හබක්කුක් මවිත විය. දෙවියන් වහන්සේ පිළිතුරු දුන් හෙයින් හබක්කුක්ගේ ඇදහිල්ල නැවත ප්‍රතිෂ්ඨාපනය විය.

මූලික පද:

හබක්කුක් 1:2, “ස්වාමින්වහන්ස මම කොපමණකල් මොරගසමිද? එහෙත් ඔබ නොඅසන සේක. බලාත්කාරය ගැන ඔබට කෑගසමි. එහෙත් ඔබ නොගලවන සේක.”

හබක්කුක් 1:5, “ජාතීන් අතරෙහි බලා කල්පනා කර ඉතා විස්මපත් වෙයල්ලා. මක්නිසාද නුඹලාට කීවත් නුඹලා විශ්වාස නොකරන ක්‍රියාවක් නුඹලාගේ දවස්වලදී කරමි.”

හබක්කුක් 1:12, “මාගේ දෙවිවූ ස්වාමින්වහන්ස මාගේ ශද්ධ තැනන්වහන්ස ඔබ පූරිණයේ සිට නොසිටින සේක්ද? අප නොනසින්නෙමුව.”

හබක්කුක් 2:2–4, “ස්වාමින්වහන්සේ මට උත්තර දෙමින් දර්ශනය කියවන්නා ඉක්මනින් කියවන්ය පුළුවන්වන පිණිස එය ලෑලි වල පැහැදිලි ලෙස ලියාපන්න. මක්නිසාද දර්ශනය නියම කාලය දක්වා තව ප්‍රමාදවේ, එහෙත් එය බොරු නොවී ඉක්මනින් තීන්දුවට පැමිණින්නේය. ඔය ප්‍රමාද වෙතත් ඒ ගැන බලා සිටපන්න, මක්නිසාද එය පසු නොබැස පැමිණේනවාම ඇත. බලව ඔහුගේ සිත උඩගුය එය ඔහු තුළ අවංක නැත. ධර්මිෂ්ඨයා තමාගේ විශ්වාස කමෙන් : දෙවියන්වහන්සේ කෙරෙහි– ජීවත් වන්නේයයි කීසේක.”

හබක්කුක් 2:20, “ස්වාමින්වහන්සේ තමන්ගේ ශුද්ධ මාළිගාවේ සිටින සේක. මුළු පොළොව උන්වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්ද වේවා.”

හබක්කුක් 3:2, “ස්වාමින්වහන්ස මම ඔබගේ පුරාවෘත්තිය අසා භයවීමී. ස්වාමින්වහන්ස අවුරුදු අතරතුරේ ඔබගේ ක්‍රියා කිරීම ප්‍රාණවත් කළ මැනව, අවුරුදු අතරතුරේ දැන්වුව මැනව, උදහසේදී අනුකම්පාව සිහිකළ මැනව.”

හබක්කුක් 3:19, “ස්වාමිවූ යෙහෝවා වහන්සේ මාගේ බලයය. උන්වහන්සේ මාගේ පාද මුව දෙනුන්ගේ පාද වලට සමාන කොටල මාගේ උසස් ස්ථානයට යන්ට සලස්වන සේක.”

කෙටි සාරංශය: හබක්කුක් පොත ආරම්භ වන්නේ උන්වහන්සේගේ තෝරාගත් සෙනගට ඔවුන්ගේ වහල්භාවයේදී පීඩා ලබමින් යන්නට දෙවියන්වහන්සේ විසින් ඉඩ හරිනු ලබන්නේ මන්ද යන්නට පිළිතුරක් ලබා ගන්නට උන්වහන්සේට හඩක් ඔසවීමෙනි. (හබක්කුක් 1:1–4). දෙවියන්වහන්සේ හබක්කුක්ට පිළිතුරු දෙනු ලබන්නේ ප්‍රධාන වශයෙන්ම මෙසේ ප්‍රකාශ කරමිනි. “නුඹලාට කිවත් නුඹලා විශ්වාස නොකරන ක්‍රියාවක්” (හබක්කුක් 1:5–11). හබක්කුක් ඒ අනුගමනය කරමින් කියනුයේ “ඔබ දෙවියන්වහන්සේය. එසේ නමුත් මෙසේ වන්නේ තවත් මන්දැයි මට කිව මැනව” යයි කීවේය. (හබක්කුක් 1:17–2:1). දෙවියන්වහන්සේ නැවත පිළිතුරු දෙමින් තවත් තොරතුරු දෙමින් භූමියට කියනුයේ උන්වහන්සේ ඉදිරියේ නිශ්චල වන ලෙසය. (හබක්කුක් 2:2–20). මෙම බලවත් හිරිහැර මධ්‍යයේ වුවද හබක්කුක් යාච්ඤාවක් ලියා දෙවියන්වහන්සේ කෙරෙහි ඔහුට ඇති ප්‍රබල ඇදහිල්ල පැහැදිලි සදහන් කලේය (හබක්කුක් 3:1–19).

ලකුණු පහල වීම්: අපෝස්තුළු පාවුලූ විසින් හබක්කුක් 2:4 ප්‍රස්ථාවන් දෙකකදී ගෙන හැර දක්වන්නේ (රෝම 1:17; ගලාති 3:11) ඇදහිල්ල කරණකොටගෙන යුක්ති සාධනයේ මතවාදය පුනර්වාචනය කරනු වස්ය. ඇදහිල්ල දෙවියන් වහන්සේගේ දීමනාවක් වන අතර ගැළවීම ගෙන එනු ලබන ඇදහිල්ල ක්‍රිස්තුස්වහන්සේ තුළින් ලබා ගත හැක, (එපිස 2:8–9) එසේම එය ජීවිත කාලය මුළුල්ලෙහිම ස්ථිර කරනු ලබන ඇදහිල්ලකි. සදාකාල ජීවනය අප අත්පත් කර ගනු ලබන්නේ ඇදහිල්ල කරණකොටගෙන වන අතර අපගේ කිතුණු ජීවිතයද අප ගත කරනු ලබන්නේ එම ඇදහිල්ල තුළින්මය. පදයේ මුල සදහන් වන පරිදි “උඩගු වූවන්” මෙන් නොව ඔහුගේ ප්‍රාණය හරි ආකාරව නොමැති වන අතර ඔහුගේ ආශාවන්ද අවංක නොවේ. ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ කරනු ලැබූ අපව සම්පූර්ණයෙන්ම ධර්මිෂ්ඨ කරනු ලබා ඇත්තේ උන්වහන්සේගේ පරිපූර්ණ ධර්මිෂ්ඨකම අපගේ පාපයට හුවමාරු කර ඇති මෙන්ම (2 කොරින්ති 5:21), අපට ඇදහිල්ලෙන් ජීවත් වීමට ශක්තිය දී තිබේ.

ප්‍රායෝගික උපයෝගය: හබක්කුක් පොත කියවන්නන්ට ඇති අදාල කිරීම නම් දෙවියන් වහන්සේ විසින් කරනු ලබන දේ ප්‍රශ්න කිරීමට අපට අවසර ලැබිය හැක්කේ ගෞරවයෙන් සහ ප්‍රණාමයෙන්ය. සමහර අවස්ථා වලදී කුමක්ද සිදු වන්නේද යන්න ප්‍රත්‍යක්ෂ නොවන්නේ, විශේෂයෙන්ම යම් කිසි කාලයකට දුක් විදීමට පාත්‍ර වී සිටින අවස්ථාවන්හීදී හෝ අප යන්තම් ජීවිතය ගත කරන අවස්ථාවන්හීදි අපගේ සතුරන් සඵල වන ආකාරය දකින විටය. හබක්කුක් පොත කෙසේ නමුත් තහවුරු කරනු ලබන්නේ දෙවියන්වහන්සේ සියල්ලම තමන්වහන්සේගේ පාලනයට යටත් කොටගත් ශ්‍රේෂ්ඨ සර්වබලධාරී දෙවියන්වහන්සේ බවය. අප කළ යුත්තේ නිශ්චලව සිට උන්වහන්සේ ක්‍රියාකාරි බව දැන ගැනීමය. උන්වහන්සේ යම්සේ සිටීද එසේම සිටින සහ පොරොන්දු ඉෂ්ට කරන දෙවියන්වහන්සේය. උන්වහන්සේ දුෂ්ටයන්ට දධුවම් දෙන සේක. අපට දක්නට නොලැබුනත් උන්වහන්සේ තවමත් මුළු විශ්වයේම සිහසුනේ වැඩ සිටින සේක. අප කේන්ද්‍රගත වී සිටිය යුත්තේථ “ස්වාමිවූ යෙහෝවා වහන්සේ මාගේ බලයයග උන්වහන්සේ මාගේ පාද මුව දෙනුන්ගේ පාද වලට සමාන කොටල මාගේ උසස් ස්ථානයට යන්ට සලස්වන සේක.” (හබක්කුක් 3:19). උසස් ස්ථානයට යෑමට ශක්තිය දෙනු ලැබීම වූ කලී අපව උන්වහන්සේ හා සමග උසස් ස්ථාන වලට ගෙන ගොස් ලෝකයෙන් අපව වෙන් කර තබන සේක යන්නය. සමහර අවස්ථාවන්හී අපට ඒ කරා යා යුතු මාර්ගය වන්නේ දුක්විදීම සහ කනස්සල්ල තුළින් වුවද අප උන්වහන්සේ තුළ විවේක ගෙන එතුමන් කෙරෙහි අපගේ විශ්වාසය තැබුවහොත් උන්වහන්සේ බලාපොරොත්තු වන ආකාරයට අපට ජය ලැබුනු ඇත. English



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

හබක්කුක් පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries