settings icon
share icon

එස්තර් පොත

කර්තෘ: එස්තර් පොතෙහි කර්තෘ පිළිබඳව විශේෂාකාරයෙන් කර්තෘ පිළිබඳව සඳහන් නොවේ. බොහෝ විට විශ්වාසකරනු ලබන්නේ මොර්දකයි, එස්රා හෝ නෙහෙමියා යන්නන්ගෙන් කෙනෙකු අතින් රචනා විය ඇති බව නිර්ණය කළ හැකිය.

ලියනු ලැබූ කාලය: මෙය ලියනු ලැබුවේ ක්‍රි.පූ.460 හා 350 යන කාලයේදීය.

ලියනු ලැබූ හේතුව: එස්තර් පොත ලියනු ලැබූ කාරණය නම් සැබවින්ම දෙවියන් වහන්සේගේ කැමැත්ත විසින් එනම් උන් වහන්සේ තෝරාගත් ඡනයා පිළිබඳ ප්‍රකාශ වීමටය. එස්තර්ගේ පොතෙහි මනාව පූරීම් මංගල්‍ය චාරීත්‍ර පිහිටුවීම හා එය මනාව කරගෙන යාමේ ආශිර්වාදය හා අපට එය කරගෙන යාමේ හේතුව පැහැදිළිකර පෙන්වයි. පූරිම් උත්සව අවස්ථාවලදී එස්තර් පොත කියවනු ලැබූ අතර එය කියවීමෙන් සිහි කරනු ලබන්නේ එස්තර් තුළින් දෙවියන් වහන්සේගේ ඡනයා යුදෙව් පරපුරෙන් පැවත ඒමයි. යුදෙව්වන් දැනටත් පූරිම් උත්සව අවස්ථාවලදී එස්තර් පොත කියවනු ලබයි.

ප්‍රධාන පදයන්: එස්තර් 2:15 - මොර්දෙකයි විසින් දුවකොට හදාගත්තාවූ තමාගේ තමාගේ බාප්පා වන අබ්හයිල්ගෙ දුව එස්තර් රඡූ ළඟට යාමට වාරය පැමිනෙන විට රඡුගේ නපුංසකයා වූ ස්ත්‍රීන්ගේ රැකවළාවූ හෙගයි නියම කළ දේ හැර ඈ වෙන කිසිවක් නොඉල්ලුවාය.

එස්තර් 4:14 මක්නිසාද මේ ප්‍රස්ථාවේදී නුඹ නිශ්ශබ්දව හිටියොත් වෙන තැනකින් යුදෙව්වරුන්ට නිදහසත් ගැළවීමත් පැමිණෙනවා ඇත. නුමුත් නුඹ හා නුඹේ පියවංශය නැතිවන්නේය. නුඹ රාඡ්‍යට පැමිණුනේ මෙවැනි ප්‍රස්ථාවක් නිසාම නිසාම නොවේදැයි කියා දන්නේ කව්දැයි කියා කියන්ට අණ කළේය.

එස්තර් 6:12 - නුඹ මොර්දෙකයි ඉදිරියෙහි වැටෙන්නට පටන්ගත්තෙහිය. ඔහු යුදෙව් වංශයේ කෙනෙක් නම් ඔහුට විරුද්ධ ව සිටීමට නුඹට බැරිය. ඔහු ඉදිරියෙහි ඔහු වැටෙනවාම ඇතයි කීවේය.

එස්තර් 7:3 රඡ්ඡුරුවනි, ඔබගෙන් මට කරුණාව ලැබී තිබේ නම් එසේම රඡ්ඡුරුවන් පූසන්න නම් මාගේ ඉල්ලීමට මාගේ ප්‍රාණය ද මාගේ අයදුමට මගේ ඡාතියද මට දෙනු ලැබේ.

කෙටි සාරාංශය: එස්තර් පොත ප්‍රධාන කෙටස් තුනකට වෙන් කළ හැකිය. පරිච්ඡේද 1:1-2:18 දක්වා එස්තර් වස්ති හා හුවමාරු වෙයි. 2:19-7:10 - මොර්දෙකයි හාමාන්ව පැරදීම - 8:1-10: 3 - ඊශ්‍රායෙල් ගැළවී සිටීම හා හාමාන්ගේ විනාශ කිරීම් ප්‍රයත්නය. එස්තර් බිසව ඇගේ ඡීවිතය පරඳුවට තබා මෙම ප්‍රශ්නය තුළ සිටගන්නට විය. ඇය සිය කැමැත්තෙන් මරණිය වූ දෙය පවා ඇගේ ස්වාමිපුරුශයාගේ එනම් හාමාන්ගේ රාඡධානිය වෙනුවෙන් ඉටුකළාය. ඇය බෙහෝ ප්‍රඥාවන්ත වූ ද වටිනා වූ විරුද්ධ වීම ඇගේ ස්වාමිපුරුශයාගේ මෘදුවූ විශේෂ හා ගෞරවාන්විත ස්ථානයටද ගරු කරමිනි. උත්පත්ති 41:34-37 දක්වා පරිදි යෝසෙප්ගේ කථාව සේ මෙම කතන්දරයට පවා යුදෙව්වන්ගේ දෛවය තීරණය කරන විදේශීය රඡවරුන්ගේ ආක්‍රමණ පැමිණේ. කතන්දර දෙකෙහිම පැහැදිලිව පෙන්නුම් කරනු ලබන්නේ ඉශ්‍රායෙල් මිනිසුන් තුළ සිය ඡනයාගේ හා ඡාතියගේ ගැළවීම ගැන තිබුණාවූ පරාක්‍රමය පැහැදිලිව පෙන්වා දෙයි. දෙවියන් වහන්සේගේ දෑත් ප්‍රත්‍යක්ශ හා අප මුහුණ දෙන්නාවූ නරක සිඳුවීම් වලද පාහේ දෙවියන් වහන්සේගේ පුදුම වූ කරුණාව හා උන් වහන්සේගේ සෙනඟ කෙරෙහි තිබුණාවූ අනුග්‍රහය පැහැදිලිව පෙනේ. මෙම කතන්දරය මැද භාගයේ යුදෙව්වරුන් හා අමලෙක්වරුන් අතර බෙදීමක් පෙනෙන්නට යන අතර මෙය මීට පෙර නික්මයාම පොතෙහි අරම්භයේද සඳහන් වන්නට විය. සියළු යුදෙව්වන්ගේ ඡාතිය මුලින් උපුටා දැමීමේ ප්‍රයත්නය, පැරණි ගිවිසුමෙහි යුදෙව්වන්වන්ව විනාශ කිරීම සම්බන්ධව හාමාන් විසින් සිදු කළ අවසාන ප්‍රයත්නය වේ. ඔහුගේ සියළු සැළසුම් ඔහුගේ මරණය සමඟ නිමාව දකින අතර, මොර්දකයි ඔහුගේ සිහසුන හිමිකරගැනීමත් සමඟ යුදෙව්වන්ගේ ගැළවීම සනාථ වන්නේය.

විශාල උත්සව මෙම ග්‍රන්ථයේ ප්‍රධාන තේමාවක් ගන්නා අතර ප්‍රධාන වූ උත්සව අවස්ථා 10 ක් පිළිබඳව සඳහන් වේ. මෙම උත්සව මානව සැළසුම් කර තිබීම විශේෂත්වයකි. දෙවියන් වහන්සේගේ නාමය පොතෙහි කොතැනවත් සඳහන් නොවන අතර පෙනෙන්නට තිබෙන දේ නම් ඔවුන් දින 3 ක් නිරාහාරව යාච්ඤාවෙහ් නිරත වන දවස් වල සූසාගේ යුදෙව්වරුන් මොවුන්ගේ ඡීවිත වල අක්‍රමණයක් කර ඇති බවය (එස්තර්4:16) එය එසේ වන අතර ඔවුන්ව විනාශ කරන නීතිය ද ලියනු ලැබුවේ ද වෙනස් කළ නොහැකි වූ මේදීස් හා පර්සියානු නම් නීතිය, මෙය ඔවුන්ට ඔවුන්ගේ යාව්ඤා සිදුකිරීමට හා පිළිතුරු ලැබීමට ක්‍රමයක් වූවේය. එස්තර් බිසව ඇයට ආරාධනා ලැබුණ සැනකින් රඡ ළඟට නොගිය අතර දෙවන ආරාධනයෙන් ඇය රඡ ළඟට ගියාය. (එස්තර් 4:1-2, 8:3) ඇය හාමාන් විනාශ කිරීමේ අදහසින් සිටියේ නැත. ඇය සිටියේ ඇගේ ඡනයා බේරා ගැනීමේ අදහසිනි. පූරීම් මංගල්‍ය පිළිබඳ තතු දැනටත් මිනිසුන් විසින් සිය ප්‍රයෝඡනයට ගනී. එස්තර් බිසවගේ ප්‍රඥාව හා කරුණාව කරණකොටගෙන දෙවියන් වහන්සේ විසින් තෝරාගත් ඡනයා කිසිඳු උපද්‍රවයකින් තොරව ඡීවත්ව සිටීම දක්නට ලැබුණි.

අනාගතවාක්‍ය: එස්තර්ගේ කථාවෙහි අපට ගැඹුරෙන් ඇකිය හැක්කේ දෙවියන් වහන්සේ සමඟ සටන්වැඳි සාතන් හා විශේෂ ලෙස පොරොන්දු වූ මෙසියස් වහන්සේ හා සටන් වැඳීමය. යුදෙව් ඡාතිය කරණකොටගෙන පසුකලෙක මිනිස් ඡාතියට ගැළවීම දෙන යේසුස් වහන්සේව පිළිඹ්ඹු විය. හාමාන් යුදෙව්වන්ව විනාශ කිරීමට සැකසුණා සේ සාතන් ද යේසුස් වහන්සේ හා උන් වහන්සේගේ සෙනඟ විනාශ කිරීමට සැළසුම් සදන්නට විය. හාමාන් මොර්දකයි අතින් පරාඡය වූ ලෙස සාතන් ද යේසුස් වහන්සේ අතින්, උන් වහන්සේ සතු ආත්මික ආනුභාවය කරණකොටගෙන පරාඡය ලැබුවේය. කුරුසිය තුළින් විනාශ කිරීමට සැළසුම් කර තිබූ යේසුස් වහන්සේව, අපට එදිරිව තිබුණාවූ නියෝග වල ලියවිල්ල මකා දමා ඒක කුරුසියේ ඇන ගසා අහක් කළ සේක. උන් වහන්සේ තමන් කෙරෙන් අධිපතීන් ද බලය ලද්දන්ද පහකොට ප්‍රසිද්ධයෙන් ඔවුන් දක්වා කුරුසිය කරණකොටගෙන ඔවුන්ගෙන් ඡයගත් බව ප්‍රකාශ කළ සේක. (කොලොස්සි 2:14-15) හාමාන් මොර්දකයි අතින් පරාඡය වූවාසේ යක්ශයා යේසුස් වහන්සේගේ කුරුසිය තුළින් පොඩි කර දැමුණි.

ප්‍රායෝගික භාවිතය: එස්තර් පොතෙහි අපට ප්‍රශ්නයක් වූ විට අප දෙවියන් වහන්සේගේ අතෙහි රැදෙනවා ද නැතහොත් කටුක බව දෑතෙහි දරාගෙන සිටිනවා දැයි අපට හොඳින් වටහා ගැනීමට කරුණාව ලබා දෙයි. දෙවියන් වහන්සේ ලෙව මවා පාලනය කරන දෙවියන් වහන්සේ බැවින් යක්ශයාගේ සෑළසුම් උන් වහන්සේගේ සැළසුම් වලට බලනොපායි. දෙවියන් වහන්සේගේ නාමය ග්‍රන්ථයේ සඳහන් නොවුනත් දෙවියන් වහන්සේගේ බලය හා කරුණාව මුළු පොත පුරා පැහැදිලිව සඳහන් වේ. දෙවියන් වහන්සේ සර්සීස් රඡුට සැළකිය යුතු බලපැමක් නොකරන බව සඳහන් වූවත් රඡුට නිදා ගත නොහැකි විය. මොර්දකයි හා එස්තර් බිසවගේ නිහඬ ආදරය කළ භාෂාව හා අපට දැනගැනීමට හැකි වන්නේ අප ද දේව තාත්තා සමඟ සංවාද කළ යුතු ආකාරයයි. මෙය මනාව මෙම පොතෙහි පැහැදිලිව පෙන්වා දෙයි.

එස්තර් බිසව අපට මෙම පොතෙන් පෙන්වා දෙන්නේ දෙවියන් වහන්සේගෙන් වූත් ගුරුකම් දිය හැකි ආත්මයක් හා ඉතා ශක්තිමත් හා කීකරු ආත්මයක් ලැබීම දේව ආශිර්වාදයක් බවය. එස්තර් බිසවගේ යටහත්භාවය කරණකොටගෙන ඇයට බිසවකගේ ස්ථානය කරා යෑමට හැකි විය. ඇය අපට පෙන්වා දෙන්නේ බොහෝ බියකරු හා ප්‍රශ්නකාරී අවස්ථාවල දෙවියන් වහන්සේට යටහතින් හා කීකරුව ඡීවත් වීමෙන් ඒවා තුළින් ඡය ගත හැකි බව හා දෙවියන් වහන්සේ විසින් සැළසුම් කර තිබෙන අපට ලැබිය යුතු හා අප තුළින් අන් අයට ලැබිය යුතු ආශිර්වාද වෙන වෙනම සඳහන් වේ. අප සැමවිටම ඇය ඇගේ අමාරු අවස්ථා වල ක්‍රියා කළ ආකාරයට ක්‍රියා කිරීමට උත්සහ දැරිය යුතුය. බොහෝ අවස්ථා වල සඳහන් වන්නේ ඇය ඈ අවට සිටින සෑම කෙනෙකුගේම සිත දිනාගෙන සිටිව බවය. එම සිත් දිනා ගැනීම ඇයව මුළු ඡාතියක් දිනා ගැනීමට පත් කළේය. එම සිත් දිනා ගැනීම අප කොතෙකුත් ආසාධාරණ දේ අපට සිදු වූවත් එය ධනාත්මකව අපගේ ඡීවිතයට ලංකර ගැනීමෙන්ය. එයත් සමඟම යටහත්කම හා දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම සැමවිටම අප මතකයෙහි තබා ගත යුතුය. අපටද දිනයක මෙවැනි අවස්ථාවක් උදා වූ විට අප හැසිරෙන ආකාරය බොහෝ දෙනෙකු බලා සිටිනවා ඇත.

English



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

එස්තර් පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries