settings icon
share icon

දානියෙල් පොත

කර්තෘ: දානියෙල් පොතෙහි කර්තෘන් දිවැසිවර දානියෙල් ලෙස හඳුනාගෙන ඇත. (දානියෙල් 9:2; 10:2). යේසුස්වහන්සේද කර්තෘන් දානියෙල් ලෙස සදහන් කරනු ලබයි. (මතෙව් 24:15).

ලියනු ලැබූ දිනය: දානියෙල් පොත බොහෝ දුරට ක්‍රි. පූ. 540 ත් 530 ත් අතරතුර කාලයේදී ලියවෙන්නට ඇත.

ලිවීමිහි අභිමතාර්ථය: ක්‍රි. පූ. 605 දී බබිලෝනියේ රජවූ නෙබුකද්නේශර් යුදා දේශය ජයගෙන දානියෙල් ඇතුළුව එහි වැසියන් බොහෝ දෙනෙකු බබිලෝනියට නෙරපා දැමූහග දානියෙල් නෙබුකද්නේශර් රජුගේ රජමාළිගයෙහි මෙන්ම නෙබුකද්නේශර් රජුව අනුගමනය කළ පාලකයන් කිහිප දෙනෙකුටද සේවය කළේය. දානියෙල් පොතෙහි දිවැසිවර දානියෙල්ගේ ක්‍රියාල අනාවැකි සහ දර්ශන වාර්තා කරනු ලබයි.

මූලික පද:

දානියෙල් 1:19–20, “රජ ඔවුන් සමග කථා කළේය. ඔවුන් සියල්ලන් අතරේ දානියෙල්ටත් හනනියාටත් මිෂායෙල්ටත් අසරියාටත් සමානවූ කිසිවෙක් සම්බ නොවීය. ඔව්හූ රජු ඉදිරියේ සිටියෝය. රජු විසින් ශාස්ත්‍රයත් නුවණත් සම්බන්ධ මොන කාරණයක් ඔවුන්ගෙන් විභාග කළත් තමාගේ මුළු රාජ්‍යයෙහි සිටි සියලූ මන්ත්‍රකාරයන්ටත් අනවිනකාරයන්ටත් වඩා ඔවුන් දස ගුණයක් සමර්ථ බව ඔහුට පෙනී ගියේය.”

දානියෙල් 2:31, “රජ්ජුරුවෙනි ඔබ මහත් රූපයක් දුටුවෙහිය. ඒ රූපය මහත්ව ඉතා දීප්තිමත්ව තිබුණේය. ඒක ඔබ ඉදිරියේ සිටියේය. ඒකේ පෙනීමද භයංකාරය.”

දානියෙල් 3:17–18, “ඇවිලෙන ගිනි උඳුනෙන් ගළවන්නට නම් අප සේවය කරන අපේ දෙවියන්වහන්සේට පුළුවන. රජ්ජුරුවෙනි, උන්වහන්සේගේ අතින් අප ගළවන සේක. එසේ නොකළත් රජ්ජුරුවෙනි ඔබගේ දෙවිවරුන්ට අප සේවය කරන්නේවත් ඔබ පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාර කරන්නේවත් නැති බව දැන ගත මැනවයි කීවෝය.”

දානියෙල් 4:34–35, “සදාකාලේටම ජීවත්වන්නාවූ සදාකාල ආණ්ඩුවක්ද පරම්පරාවෙන් පරම්පරාවට පවතින රාජ්‍යයක්ද ඇත්තාවූ තැනන්වහන්සේ වර්ණනා කොට ගෞරව දුනිමි. පොළොවේ සියලූ වැසියන් අතර තමන් කැමති ලෙස කරන සේක. උන්වහන්සේගේ අත නවත්වන්ටවත් ඔබ කුමක් කරන සේක්දැයි උන්වහන්සේට කියන්ටවත් පුළුවන්වූ කිසිවෙක් නැත.”

දානියෙල් 9:25–27, “එබැවින් නුඹ මෙසේ දැනගන තේරුම් ගනින්න, එනම් යෙරුසලම නැවත පිහිටුවා ගොඩනගන්ට ආඥාවක් ලැබෙන තැන පටන් අධිපතියාවූ ආලේප ලත් තැනැත්තා දක්වා සති සතක්ද සති සැටදෙකක්ද තිබෙන බවය. කැළඹීම් සහිත කාලවලදී වුවත් විථියත් අගලත් නැවත ගොඩ නගනු ලබනවා ඇත. සති සැට දෙකකට පසු ආලේප ලත් තැනැත්තා සිදදමනු ලැබේ. කිසිවෙක්ද ඔහුට නොවන්නේය. පැමිණෙන අධිපතියාගේ සෙනග නුවර සහ ශුද්ධස්ථානය විනාශ කරන්නෝය. එහි කෙළවර ජලගැල්මකින් මෙන් වන්නේය. කෙළවර දක්වාම යුද්ධ පවතින්නේය. පාළු කිරීම්ද නියම කර තිබේ. ඔහු සතියකට බොහෝ දෙනෙකු සමග ගිවිසුමක් ස්ථිර කොට සතිය මැදදී යාගයත් ආහාර පූජාවත් නවත්වන්නේය. පාළුකරන්නෙක් පිළිකුල්වල මුදුන් පිට එන්නේය. පාළු කරන දේ පිටට නියමවූ තීන්දුව දක්වාම උදහස වගුරුවනු ලබන්නේයයි කීවේය.”

කෙටි සාරංශය: දානියෙල් පොත කොටස් තුනකට බෙදා වෙන් කළ හැක. 1 වන පරිච්ඡේදයේ බබිලෝනිවරුන් විසින් යෙරුසලම විජයග්‍රහණය පිළිබදව විස්තර කරනු ලබයි. අනෙකුත් බොහෝ අය හා සමග දානියෙල් සහ ඔහුගේ මිතුරන් තිදෙනාවද නෙරපා දමනු ලැබූ නමුත් ඔවුන්ගේ නිර්භීතභාවය සහ ඔවුන්ගේ ජීවිත වලට දෙවියන්වහන්සේගෙන් වූ පැහැදිලි ආශිර්වාද හේතුකොටගෙන රජුට සේවය කරනු වස් ඔවුන්ව “උසස් ” කරනු ලැබූහ. (දානියෙල් 1:17–20).

2–7 දක්වා පරිච්ඡේදවල වාර්තා කරනු ලබන්නේ දානියෙල්ට පමණක් නිවැරදිව අර්ථය පහදා දීමට හැකිවූ නෙබුකද්නේශර්ගේ සිහිනය පිළිබදවය. නෙබුකද්නේශර්ගේ සිහිනයේ ප්‍රතිමාව තුළින් නිරූපණය කරනු ලබන්නේ ඉදිරියේදී නැගී සිටින්නට වූ නොයෙකුත් රාජ්‍යයන්ය. නෙබුකද්නේශර් ඔහුගේ විශාල ප්‍රතිමාවක් ගොඩනගා සියල්ලන්ටම එයට නමස්කාර කිරීමට බල කළේය. ශද්‍රක් මේශක් සහ අබ්ද්නෙගෝ එසේ කිරීමට ප්‍රතික්ෂේප කළ හෙයින් ඔවුන්ව ඉතා ප්‍රබලවූ ගිනි උඳුනකට දැමුවත් දෙවියන්වහන්සේ විසින් ඉතා ආශ්චර්යජනක ලෙස ඔවුන් ගළවා ගනු ලැබූ සේක. නෙබුකද්නේශර්ගේ උඩගුකම හේතුකොටගෙන දෙවියන්වහන්සේ ඔහුව විනිශ්චය කරනු ලැබුවත් ඔහු නැවත හඳුනාගෙන දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය එත්තු ගත් හෙයින් පසුව ඔහුව නැවත ප්‍රතිෂ්ථාපනය කරනු ලැබිණි.

දානියෙල් 5 වන පරිච්ඡේදයේ වාර්තා කරනු ලබන්නේ යෙරුසලමේ දේවමාලිගාවෙන් ගෙන එනු ලැබූ භාණ්ඩ නෙබුකද්නේශර්ගේ පුත්‍රයා වූ බෙල්ශේසාර් විසින් අයුතු ලෙස භාවිතා කිරීම සහ එයට ප්‍රතිචාර වශයෙන් බිත්තිය මත ලියවුනු පණිවුඩයක් දෙවියන්වහන්සේගෙන් ලැබීම පිළිබදවය. දෙවියන්වහන්සේගේ විනිශ්චය පිළිබදව පණිවුඩය වූ එම ලියවිල්ලෙහි අර්ථය පහදා දීමට හැකිවූයේ දානියෙල්ට පමණි. අගරජට යාච්ඤා කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දානියෙල්ව සිංහ ගුහාවට විසි කර දමනු ලැබුනද ඉතා ආශ්චර්යජනක ලෙස ඔහුව ගළවා ගනු ලැබිණි. දෙවියන්වහන්සේ විසින් දානියෙල්ට මෘගයන් සතර දෙනෙකු පිළිබදව දර්ශනයක් දුන් සේක. එම මෘගයන් සතර දෙනා නිරූපණය කරනු ලැබුවේ බිබලෝනියේ රාජ්‍යයන් වන මෙදෝල පර්සියාවල ග්‍රීසිය සහ රෝමයයි.

8–12 දක්වා පරිච්ඡේදවල අන්තර්ගත වන්නේ බැටළුවකුල එළුවකු සහ අං කිහිපයක් පිළිබදව දර්ශනයක්ය – එසේම අනාගත රාජ්‍යයන් සහ එහි පාලකයන් පිලිබදව යොමු කිරීමක්ද කරනු ලබයි. දානියෙල් 9 වන පරිච්ඡේදයේ වාර්තා කරනු ලබන්නේ දානියෙල්ගේ “සති හැත්තෑවෙහි” අනාවැකිය පිළිබදවය. දෙවියන්වහන්සේ විසින් දානියෙල්ට මෙසියස්වහන්සේ පැමිණෙනු ලබන සහ නැවත යනු ලබන නිශ්චිත කාලවකවානුව ලබා දුන් සේක. එම අනාවැකියේම සදහන් වන්නේ ඉශ්‍රායෙලය හා සමග වසර හතක ගිවිසුමක් ඇති කොට ගත් නමුත් වසර තුනහමාරකට පසුව එය කඩා දැමූ පාලකයෙක් පිළිබදව සහ ඊට කෙටි කලකට අනතුරුව අනුගතවූ මහත් විනිශ්චය සහ සියල්ලෙහි පරිසමාප්තිය පිළිබදවය. එම මහත්වූ දර්ශනයට අනතුරුව දේවදූතයකු විසින් දානියෙල් බැහැ දැකීමට පැමිණ ඔහුව ශක්තිමක් කරනු ලැබ එම දර්ශනය පිළිබදව සවිස්තරව පහදා දෙනු ලැබිණ.

ලකුණු පහල වීම්: ගිනි උඳුන සහ දානියෙල් සිංහ ගුහාවේ සිටීම පිළිබදව කථා තුළින් අපට දක්නට ලැබෙන්නේ ක්‍රිස්තුස්වහන්සේ විසින් ලබා දෙනු ලැබූ ගැළවීම පිළිබදව ලකුණු පහල වීමය. මෙම පුරුෂයන් තිදෙනා විසින් අපට ප්‍රකාශ කරනු ලබන්නේ දෙවියන්වහන්සේ වූ කලී ගළවා ගනු ලබන්නාවූ සහ ආරක්ෂා වීමට මාර්ගයක් සලසා දෙන්නාවූ දෙවිකෙනෙකු බවත්ය (දානියෙල් 3:17). එලෙසම අපගේ පාපයන් වලට දිවි පුදනු වස් යේසුස්වහන්සේව මෙලොවට එවූ දෙවියන්වහන්සේ පාතාලයේ ගිනිදලූ වලින් ආරක්ෂා වීමට මාර්ගයක් සලසා දුන් සේක (1 පේත්‍රැස් 3:18). දානියෙල්ගේ සිදුවීමෙහිදී දෙවියන්වහන්සේ විසින් සිංහයන්ගේ කටවල් වසනු පිණිස දේවදූතයකු සපයා දී දානියෙල්ව මරණින් බේරා ගත් සේක. අපව විනාශ කිරීමට තර්ජනය කරනු ලබන පාපයේ අනතුරු වලින් ආරක්ෂා වීමට අපට ඇති සැපයීම යේසුස් ක්‍රිස්තුස්වහන්සේය.

අවසාන කාල පිළිබදව දානියෙල්ගේ දර්ශනය තුළින් පිළිබ්ඹු කරනු ලබන්නේ බොහෝ දෙනාව නිර්මල සහ ශුද්ධ කරනු ලබන ඉශ්‍රායෙල්හී මෙසියස් වහන්සේවය. (දානියෙල් 12:10) අපගේ රුධිරය මෙන් රතුව ඇති පාපය සෝදා ඉවත් කර අපව හිම මෙන් සුදු කරනු ලබන (යෙසායා 1:18) අපගේ ධර්මිෂ්ඨකම නම් උන්වහන්සේය (1 පේත්‍රැස් 5:21).

ප්‍රායෝගික උපයෝගය: ශද්‍රක් මේශක් සහ අබ්ද්නෙගෝ මෙන්ම අපද සෑමවිටම අප දන්නාවූ නිවැරදි දේ වෙනුවෙන් නැගී සිටිය යුතු වෙමු. අප කෙරෙහි පැමිණිය හැකි ඕනෑම දඩුවමකට වඩා දෙවියන්වහන්සේ බලවත්ව සිටින සේක. දෙවියන්වහන්සේ අපව ගළවා ගැනීමට තෝරා ගත්තත් නොගත්තත් උන්වහන්සේ නිතරම අපගේ විශ්වාසය ලැබීමට වටින සේක. අපට යහපත්ම දේ දෙවියන්වහන්සේ දන්නා අතරම උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන සහ උන්වහන්සේට කීකරු වන්නන්ට එතුමාණෝ ගෞරවය කරන සේක.

දෙවියන්වහන්සේට සැලැස්මක් ඇති මෙන්ම එම සැලැස්ම සංකීර්ණ වශයෙන් විස්තරාත්ම වී ඇත. අපගේ අනාගත පිළිබදව දෙවියන්වහන්සේ දන්නා අතරම එහි පාලනයද උන්වහන්සේ තුලය. දෙවියන්වහන්සේ විසින් අනාවැකි පවසා ඇති සියල්ලම එතුමන් පැවසු ලෙස තත්වාකාරයෙන්ම සත්‍යය බවට පත්වී ඇතග එසේ හෙයින් උන්වහ්න්සේ විසින් අනාගතය පිළිබදව අනාවැකි පැවසූ සියල්ල එක් දිනක දෙවියන්වහන්සේ විසින් ප්‍රකාශ කළ ආකාරයටම සිදුවන්නට යන හෙයින් අප විසින් අදහා විශ්වාස කළ යුතු වෙමු. English



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

දානියෙල් පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries