settings icon
share icon

රූත්ගේ පොත

කර්තෘ: රූත්ගේ කථාවෙහි ප්‍රධාන කොට සඳහන් කර ඇති කර්තෘ කෙනෙකු නොමැත. සම්ප්‍රදායානුකුලව මෙම පොත ලියවී ඇත්තේ ද සාමුවෙල් විසිනි.

ලියවී ඇති වර්ශය: රූත්ගේ පොත ලියවී ඇති වර්ශය සත්‍ය වශයෙන්ම කිව නොහැක. කෙසේ නුමුත් පිළිගත හැකි අදහස නම් මෙය ක්‍රි. පු.1011 සහ 931 අතර ලියවී ඇති බවයි.

ලියවී ඇති හේතුව: රූත්ගේ කථාව ලියවී ඇත්තේ ඊශ්‍රායෙල් ඡනයාටයි. එහි සැබවින්ම උගන්වන්නේ සැබෑවූ ප්‍රේමය විටෙක ඉතා දැඩි කැපකිරීම් වළට ලක් වන බවයි. අප අපගේ ඡීවිත පසෙකළා ඡීවත් වූවහොත්, අපට දෙවියන් වහන්සේගේ අඥාවට අනුව ඡීවත් විය හැක. සැබෑවූ ප්‍රේමය හා කරුණාව අපට දයාද වෙයි. දෙවියන් වහන්සේ කීකරුවන්නන්ට බොහෝ ලෙස ආශිර්වාද කරනු ලබයි. කීකරුකමින් ඡීවත් වීම හා දේව සැළැස්ම අනුව ඡීවත් වීම අපව බොහෝ අනතුරු වලින් වළක්වයි. දෙවියන් වහන්සේ කරුණාවෙත් කරුණාවයි.

ප්‍රධාන පදයන්:
රූත් 1:16, රූත් කියන්නී, නුඹ අත්හැර හැරීයන ලෙස මට පෙරැත්ත නොකරන්න. මක්නිසාද නුඹ යන තැනට මමත් යමි, නුඹ නවතින තැන මමත් නවතිමි. නුඹේ සෙනඟ මාගේ සෙනඟ වන්නේය. නුඹේ දෙවියන් වහන්සේ මාගේ දෙවියන් වහන්සේ වන සේක.

රූත් 3:9, ඈද මම ඔබගේ මෙහෙකාරීවූ රූත්ය. එබැවින් ඔබගේ වස්ත්‍ර ඔබගේ මෙහෙකාරී පිට අතුරනු මැනවි. මක්නිසාද ඔබ ළඟනෑයෙක්යැයි කීවාය.

රූත් 4:17, අසල්වාසි ස්ත්‍රියෝ, නායොමිට පුත්‍රයෙක් උපන්නේය කියා ඕබෙද් යන නාමය ඔහුට තැබුවේය. ඔහු දාවිත්ගේ පියවූ යෙස්සේගේ පියාය.

කෙටි සාරාංශය: රූත්ගේ කථාවට පෙළගැස්ම නිසැකවම වැටී තිබෙන්නේ මෝවබි රාජ්‍ය මිථ්‍යාදෘෂ්ඨික රට, ඊසාන දෙසින් මළ මුහුදත එතැනින් යෙරුසලම දක්වා ද ඇත. මෙම සිද්ධිය සැබවින්ම සිදුවන්නේ ඊශ්‍රායෙල් ඡනයා බොහෝ කනස්සල්ලෙන් හා විරුද්ධ පෑම් මත හා විනිශ්චය කරන කාල පරිච්ඡේදයයි. මේ කාලය එළිමෙලෙක් හා ඇගේ භාර්‍යාව වූ නායෝමි ඊශ්‍රයෙල් දේශය සිට මොවබ් දේශය වෙත නැවත එන සාගත කාලයයි. එළිමෙලෙක් මැරුණු අතර නයෝමි ඇගේ පුතුනුවන් දෙදෙනා විවාහ වී සිට ඔර්පා හා රූත් සමඟ වාසය කළාය. පසුකලෙක පුතුනුවන් දෙදෙනා ද මැරුණේය. නයෝමි ඔර්පා සමඟ වාසය කළ අතර රූත් තනිව ඡීවත් වූවා. පසුකලෙක ඔර්පා තම දෙමාපියන් වෙත හැරී ගියද රූත් සිය නැන්දණිය සමඟ ඔවුන්ගේ ගමනාන්තය වූ යෙරුසැසලම දක්වා යාමට තීරණය කළා. මෙම ප්‍රේමණිය හා කැපකිරීම බොහෝ වූ කථාවේ පසුකලෙක රූත් ඉතා පොහොසත් මිනිසෙකු වන බෝවාස් සමඟ විවාහ වී ඔවුන්ට දාව ඕබෙද්, දාවිත්ගේ සීයා වූ හා යේසුස් වහන්සේගේ මූමුත්තන් වූයේය. කීකරුකම රූත්ව යේසුස් වහන්සේගේ වරප්‍රසාධ භුක්ති විඳින පරපුරෙහි කාන්තාවක් කරනු ලැබීය.

අනාගතවැකි: රූත්ගේ කථාවේ ප්‍රධාන තේමාව වන්නේ ගැළවුම්කරුගේ පරම්පරාව පෙන්වා දීමයි. බෝවාස්, රූත්ගේ ස්වාමි පුරුශයාගේ පාර්ශවයෙන් ඇය මොසෙස්ගේ පරපුරේ සිට පැවත එන දිළිඳුකමෙන් සිය නෑදෑ පරපුර මිදීමට සමත් වූවාය. (ලෙවී කථාව 25:47-49) මෙම සිද්ධිය නැවතත් කරළියට පැමිණෙන්නේ යේසුස් වහන්සේ අපව පවින් ගැළවීමට පැමිණිමත් සමඟයි. පාපයේ වහල් හා දුගීබවින් අපව උන් වහන්සේ ගැළවීමට පැමිණියා, අපගේ ස්වර්ගික පියාණන් වහන්සේ තමන්ගේ ඒකඡාතික පුත්‍රයාණන් වහන්සේව කුරුසිය මතට එවනු ලැබුවේ අපට දේව දරුවන් වීමට හා යේසුස් වහන්සේ තුළ සහෝදර සහෝදරියන් වීමටය. උන්වහන්සේ අපගෙ ගැළවුම්කරු වීමෙන් අප උන් වහන්සේගේ ලේ ඥාතීන් බවට පරිවර්ථනය විය.

ප්‍රායෝගික භාවිතය: රූත්ගේ කථාවෙහි දෙවියන් වහන්සේගේ ස්වාධිපත්‍ය මනාව පැහැදිලිව පෙනුනේය. උන් වහන්සේ ඇය දෙවියන් වහන්සෙගේ දරුවෙක් වූ දා පටන්, දෙවියන් වහන්සේගේ සැළැස්ම තුළ ඇගේ ඡීවිතය රැගෙන ගිය අතර ඒ තුළින් ඇය යේසුස් වහන්සේගේ මී මිත්තනියක් වූවාය, (මතෙව්1:5) ඒ ආකාරයටම අප සෑම කෙනෙකුටම දෙවියන් වහන්සේ තුළ සැළැස්මක් ඇත. නයෝමි සහ රූත් දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ලැබුවාක් මෙන් අපට ද දැක්වීමට බලවත්ය.

හිතෝපදේශ 31 හි රූත් ඉතා ධර්මිෂ්ඨ කාන්තාවක් ලෙස උදාහරණ දක්වා තිබේ. ඇය ඇගේ පවුලට කැපවී සිටියාක් මෙන් (රූත්1:15-18, හිතෝපදේශ 31:10-12) හා ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේව තදින් අල්ලාගත් කාන්තාවකි, (රූත් 2:12, හිතෝපදේශ 31:30) දෙවියන්වහන්සේ_ තුළින් කථා කළ ගැහැණියක් ලෙස අපට රූත්ව හැඳින්විය හැක. ඇගේ වචන බෝවාස් ට හා නයෝමිට බොහෝ කරුණාවන්ත, ආදරණිය හා ගෞරවාන්විත වචන වූවාය. ඇගේ දිවෙහි කරුණාවන්ත දැනමුතුකම් තිබේ යන හිතෝපදේශ සඳහන් පදය, රූත් ධර්මිෂ්ඨ කාන්තාවක් බව සනාථ කරයි. අපට රූත් වැනි ගැහැණියන් අද සමාඡයෙන් අපගේ ආදර්ශයට තෝරා ගැනීමට අපහසුය.

English



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

රූත්ගේ පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries