settings icon
share icon

විනිශ්චයකාරයාගේ පොත

කර්තෘ: විනිශ්චයකාරයාගේ පොතෙහි විශේෂ වූ කර්තෘ කෙනෙක් සඳහන් කළ නොහැක. අතීතයේ සිට පිළිගැන්ම නම් සාමුවෙල් මෙම කෘතිය රචනා කළ බවයි. අභ්‍යන්තර සාක්ෂි සැමවිට පෙන්වා දෙන්නේ විනිශ්චයකාරයාගේ පොත රචනා වූ කෙටි කලකට පසු එහි කර්තෘ මරණයට පත්ව ඇති බවයි. මෙය සාමුවෙල් හා සමකාලීන වෙයි.

ලියනු ලැබූ කාලය: විනිශ්චයකාරයාගේ පොත ලියවී ඇත්තේ ක්‍රි. පූ.1045 හා1000 අතර කාලයේදීය.

ලියනු ලැබූ කාරණය: විනිශ්චයකාරයාගේ පොත කොටස් දෙකකට වෙන් කළ හැක.1-16 වන පරිච්ඡේදය දක්වා ඊශ්‍රායෙල් ඡනයා කානාන් හා පිලිස්තිවරුන් සමඟ සටන් වැදීමේ ගැළවීම් සටන් හා සෑම්සොන්ගේ මරණය පිළිබඳ සඳහන්වේ.17 වන පරිච්ඡේදයේ සිට 21 දක්වා මුල් පරිච්ඡේද වළට ආදාළ නොවූ කරුණු රැසක් පිළිබඳව සඳහන් වේ. මෙම කාලය ඊශ්‍රායෙලට රඡ කෙනෙකු නොමැති කාලය ලෙස හැඳින් වෙයි. (විනිශ්චයකාරයාගේ පොත 17:6,18:1,19:1,21:25) රූත්ගේ කථාව ද විනිශ්චයකාරයාගේ පොත හා සබැඳිව පැවති දතර පසුකලෙක එය විනිශ්චයකාරයාගේ පොත ලෙස වෙන් කිරීමට වෙනම පොතක් ලෙස වෙන් කරනු ලැබුවා.

ප්‍රධාන පදයන්:
විනිශ්චයකාරයාගේ පොත 2:16-19, එවිට ඔවුන්ගෙන් කොල්ලකෑ අයගෙන් ඔවුන් ගළවගන්න පිණිස ස්වාමින් වහන්සේ විනිශ්චයකාරයන් නැගිටුව සේක. එහෙත් ඔවුහු ඒ විනිශ්චයකාරයන්ටත් ඈහුම්කන් නොදී, අන් දෙවිවරුන් අනුව ආනාචාරයේ හැසිරෙමින් ඔවුන්ට නමස්කාරය කළෝය. ස්වාමින් වහන්සේගේ ආඥ වලට කීකරුව සිටි තමුන්ගේ පියවරු මෙන් ඔවුහු නොකොට, ඔවුන්ගේ මාර්ගයෙන් වහාම ඉවත්ව ගියෝය. ස්වාමින් වහන්සේ ඔවුන්ට විනිශ්චයකාරයන් නැගිටුවා දුන් කළ උන් වහන්සේ විනිශ්චයකාරයා සමඟ සිට ඔහුගේ සියළු දවස්වල ඔවුන්ගේ සතුරන්ගේ අතින් ඔවුන් ගැළවූ සේක. මක්නිසාද ඔවුන්ය පීඩා කළාවූ අය කරණකොටගෙන හටගත් ඔවුන්ගේ කෙඳිරිගෑම් නිසා ස්වාමින් වහන්සේ අනුකම්පා කළ සේක. නුමුත් විනිශ්චයකාරයා මෑරුණු කළ ඔවුහූ හැරී අන් දෙවිවරුන් පස්සේ ගොස් ඔවුන්ට සේවය කොට නමස්කාර කරමින් තමුන්ගේ පියවරුන්ට වඩා දුෂ්‍යකම් කළේය. ඔවුහු තමුන්ගේ ක්‍රියා වලින්වත් තමුන්ගේ මුරණ්ඩු මාර්ගයෙන්වත් හැරුණේ නැත.

විනිශ්චයකාරයාගේ පොත10:15, ඊශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමින් වහන්සේට කථා කොට, අපි පව් කළෙමුව, ඔබ වහන්සේට යහපත්ව පෙනෙන දෙයක් අපට කළ මැනව, එහෙත් මේ වතාවේ අප ගැළවුව මැනව.

විනිශ්චයකාරයාගේ පොත 21:25, ඒ දවස්වල ඊශ්‍රායෙල්හි රඡෙක් නොසිටියේය. එක් එක් මනුෂ්‍ය තෙමේ තම තමාගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේ කළේය.

කෙටි සාරාංශය: විනිශ්චයකාරයාගේ පොත සැබවින්ම යාවේ ස්වාමින් වහන්සේව සිය දරුවන් පරපුරෙන් පරපුරට දායාද කළ ආකාරය ඉතා ශෝකඡනක ලෙස සඳහන් කර ඇත. විනිශ්චයකාරයාගේ පොත සැබවින්ම යොෂුවාගේ පොත හා සසඳන කළ එය හා එහි සඳහන් වන්නේ දේශය අත්පත් කර ගන්තේ දෙවියන් වහන්සේ තුළ ඔවුන්ට තිබුණාවූ කීකරුකම නිසා බව පැහැදිලිව වෙන්වයි. විනිශ්වයකාරයාගේ පොතෙහි එය හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගනී. එහි සඳහන් වන්නේ ඡනයාගේ අකීකරුකම හා රූප වන්දනාව කරණකොටගෙන, ඔවුන් බොහෝ පරාඡයන්ට මුහුණ දීමයි. ස්වාමින් වහන්සේ ඔවුන්ට විනිශ්වයකාරයාණන් නැගිටුවා දුන් කළ උන් වහන්සේ විනිශ්වයකාරයා සමඟ සිට, ඔවුන්ගේ සියළු දවස්වල දී ඔවුන්ගේ සතුරන්ගේ අතින් ඔවුන්ව ගැළවූ සේක, (විනිශ්වයකාරයාගේ පොත 2:18) විනිශ්චයකාරයාගේ පොතෙහි 15 වන පරිච්ඡේදයෙහි උත්පත්ති 12:2-3 සඳහන් පරිදිම දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දුව, එනම් සිය වර්ගයාට ආශීර්වාද කිරීම ඔවුන්ට ද දුන් සේක.

යොෂුවා හා ඔහුගේ සමකාලීනයනගේ වියොවීමත් සමඟ, ඊශ්‍රායෙලිතයන් බාල් දෙවියන්ට හා අශ්ටරොත්ට සේවය කිරීමට පටන්ගත්තෝය. දෙවියන් වහන්සේ ඡනයාට සිය දෙවිවරුන් ඇදහීමේ අහිතකර බලපෑම් හා දඬුවම් ද ගෙන දුන් සේක. ඒ දවස්වලදී ඡනයා යාවේ දෙවියන් වහන්සේට අඬමින් ආයාචනා කරන්නට විය හැකිය. දෙවියන් වහන්සේ විනිශ්චයකාරයන් ලවා තමන්ගේ සෙනඟගේ මාර්ගය වෙනස් කිරීමට වෑයම් කළ සේක. කෙසේ හෝ නුමුත් කාලායගේ ඇවෑමෙන් ඔවුන් තවත් නපුරු පැත්ත්ට එළබීමට පටන්ගත්තා. කෙසේ හෝ වේවා දෙවියන් වහන්සේ වසර 480 පමණ විනිශ්චකාරයාගේ පොත දිවෙන කාලයේදී ඡනයාව ආබ්‍රහම්ගේ පොරොන්ඳුව මත ගෙන ගියසේක.

සැබවින්ම විශේෂ වූ විනිශ්චයකාරායානන් සැම්සොන්,12 වන පරිච්ඡේදයේ සඳහන්, එනම් ඊශ්‍රායෙල් ඡනයාව 40 වසරක් පිලිස්ති පාලනයෙන් ගළවා ගත්තේ මොහුය. අවුරුදු 20 පමණ කාලයක් ඔහුගෙ ඡීවිතයේ නැතිවී ගිය ඔහුට දෙවියන් වහන්සේගේ ඡනයාව ගළවා ගැනීමට හැකි විය.

අනාගතවාක්‍ය: සැම්සොන්ගේ මව විසින් සැම්සොන් පිළිසිඳ ගැනීමට පැමිණෙන බව පැවසීම සැබවින්ම මරියා විසින් යේසුස් වහන්සේ පිළිසිඳ ගැනීමට වූ අනාගතවාක්‍ය යයි. දෙවියන් වහන්සේ දේවදූතයන් ලවා කාන්තාවන්ට කියනු ලැබුවේ, නුඹලා ගර්භනීව පුත්‍රයෙකු වඳන්නීය, එම දරුවා දේව ඡනතාව ගළවනු ලබන්නේය යනුයි. (විනිශ්චයකාරයාගේ පොත13:7,ලූක් 1:31).

දෙවියන් වහන්සේව ඔවුන් කෙසේ ප්‍රතික්ශේප කරනු ලැබුවත්, ඔවුන්ගේ පාපය ඔවුන්ව දෙවියන් වහන්සේගෙන් ඈත් කරනු ලැබුවත් යේසුස් වහන්සේව කුරුස ගසේ පූඡා කිරීමෙන් දේව ප්‍රේමය බොහෝ ලෙස පිළිඹ්බු විය. යේසුස් වහන්සේ උන් වහන්සේ කෙරෙහ් අදහාගන්නා සියළු දෙනා උදෙසා ඡීවිතය පුද කරනු ලැබුවේය. උන් වහන්සේ පොළොවෙහ් ඡීවත් වූ කාලයේදී උන් වහන්සේව ප්‍රතික්ශේප කළ පිරිසට උන් වහන්සේ විශ්වාසවන්තව සිටි අතර ඔවුන් උදෙසා උන් වහන්සේ කුරුස ගසට නැගුණා.

ප්‍රායෝගික භාවිතය: අකීකරකම සෑමවිට අප විනිශ්චයට භාඡනය කරයි. ඊශ්‍රායෙලිතයන් අපට මනාව කළ යුතු හා නොකළ යුතු දේ පෙන්වා දෙයි. දෙවියන් වහන්සේගේ අත්දැකීම් වලින් උන් වහන්සේව අදහාගැනීම වෙනුවට තව තවත් උන් වහන්සේට විරුද්ධව කැරළි ගසමින් ගෙවන ඡීවිතය තුළින් අප දෙවියන් වහන්සේට අකීකරු වීම නොනවත්වා සිඳු කරමින් දිවි ගෙවයි. දෙවියන් වහන්සේ සැමවිට උන් වහන්සේට විරුද්ධ වන්නන් දඬුවමට පමුණුවන අත අපගේ නොනවත්වන අකීකරුකම සමඟ දෙවියන් වහන්සේ අප උදෙසා බොහෝ ලෙස දුක් විඳිනු ලබයි. මක්නිසාද උන් වහන්සේ ප්‍රේම කරන අයට උන් වහන්සේ දඬුවම් කරන සේක.(හෙබ්‍රෙව්12:6).

සැබවින්ම විනිශ්වයකාරායාගේ පොත දෙවියන් වහන්සේ තුළ ඇති විශ්වාසභාවයට සාක්ශියකි. අප අවිශ්වාසව උනත් උන්වහන්සේ විශ්වාසවන්තව සිටින සේක. (2 තිමෝති 2:13) අප උන් වහන්සේට කෙතෙකුත් අවිශ්වාස වූවත්, ඊශ්‍රායෙල් ඡනයා සේ ඒ තත්තවය මැද ද ස්වාමින් වහන්සේ අපට ආරක්ෂාව වී අප රැගෙන යනසේක.(1 තෙසලෝනික 5:24) හා අප කමාව අයඳින විට අපට කමා කිරීමට ද උන් වහන්සේ අප සමඟම සිටින සේක. (1 යොහාන් 1:9) අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දවසේදී නුඹලා දෝෂ රහිතව සිටින පිණිස උන් වහන්සේ අන්තිම දක්වා නුඹලා ස්ථර කරන සේක. ස්වකීය පුත්‍රවූ අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සහභාගීකමට නුඹලා කැඳවාගත් දෙවියන් වහන්සේ විශ්වාසවන්තව සිටින සේක. (1 කොරින්ති 1: 8-9).

English



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

විනිශ්චයකාරයාගේ පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries