උත්පත්ති පොත



කර්තෘ: උත්පත්ති පොතෙහි කර්තෘන්ව හඳුනාගෙන නොමැත. සාම්ප්‍රදායික වශයෙන් කර්තෘ ලෙස උපකල්පනය කොට ඇත්තේ මෝසෙස්වය. උත්පත්තියෙහි මොසෙයික කර්තෘත්වය ප්‍රතික්ෂේප කිරීමට තීරණාත්මක හේතුවක් නොමැත.

ලියනු ලැබූ දිනය: උත්පත්ති පොත ලියනු ලැබුවේ කෙදිනකද යන්න සදහන් වී නොමැත. එහි කර්තෘත්වයෙහි දිනය බොහෝ විට ක්‍රි. පූ. 1440ත් ක්‍රි. පූ. 1400 අතර කාලයෙහිදී එනම් මෝසෙස් ඊශ්‍රාලිතයන්ව මිසරයෙන් එළියට ගෙන ආ කාලය සහ ඔහුගේ මරණය අතරතුර වන්නට පිළිවන.

ලිවීම්හි අභිමතාර්ථය: උත්පත්ති පොත මුළු බයිබලයේම බීජ පාත්තිය ලෙස සමහර අවස්ථාවන්හී නම් කරනු ලැබී තිබේ. බයිබලයේ සදහන් ප්‍රධාන මතවාද බොහෝමයක් උත්පත්ති පොතෙහි හඳුන්වනු ලබන්නේ බීජ ආකාරයෙන්ය. මිනිසාගේ වැටීමත් සමගම දෙවියන් වහන්සේගේ පොරොන්දුව වන ගැළවීම සහ මිදීම සදහන් කරනු ලබයි. (උත්පත්ති 3:15) මැවීම පිළිබදව ඇති මතවාද, පාපයෙහි ආරෝපණය, යුක්ති සාධනය, ප්‍රායශ්චිත්තය, බලවත් දුෂ්චරිතය, උදහස, කරුණාව, ශ්‍රේෂඨත්වය, වගකීම සහ තවත් බොහෝ කරුණු උත්පත්ති නමින් හැදින්වෙන මෙම මූල ග්‍රන්ථය තුළින් ආමන්ත්‍රණය කරනු ලබයි.

ජීවිතයේ බොහෝ බලවත් ප්‍රශ්ණ වලට පිළිතුරු මෙම උත්පත්ති පොත තුළින් දෙනු ලබයි. (1) මාගේ පැවැත එන්නේ කොහේ සිටද? (දෙවියන් වහන්සේ අපව මැවූ සේක) උත්පත්ති 1:1 (2) මා මෙහි සිටින්නේ කුමක් හෙයින්ද? (අප මෙහි සිටින්නේ දෙවියන් වහන්සේ හා සමග සම්බන්ධතාවයක් ගොඩනැගීම පිණිසය) උත්පත්ති 15:6 (3) මා ගමන් ගන්නේ කොතැනටද? (මරණයෙන් පසුව අපේ ගමනාන්තයක් ඇත) උත්පත්ති 25:8 උත්පත්ති පොත විද්‍යාඥයන්ට, ඉතිහාසඥයන්ට, දේවධර්මධරයන්ට, ගෘහණියන්ට, වගාකරන්නන්ට, සංචාරකයන්ට මෙන්ම දේව ස්ත්‍රීන්ට සහ පුරුෂයන්ටද අයදුම් කරනු ලබයි.

බයිබලය වූ කලී මනුෂ්‍යයාට ඇති සැලසුමෙහි උන්වහන්සේගේ කථාවෙහි ආරම්භයට මහත් සුදුසු වන්නකි.

මූලික පද ථ
උත්පත්ති 1:1, “පටන්ගැන්මෙහිදී දෙවියන් වහන්සේ අහසත් (ස්වර්ගත්) පොළොවත් මැවූසේක.”

උත්පත්ති 3:15, "මම තා සහ ස්ත%sය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩි කරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩි කරන්නෙහියයි කීසේක.”

උත්පත්ති 12:2–3, " මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි; නුඹට ආශීර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි; නුඹද ආශීර්වාදයක් වෙයන්න. තවද නුඹට ආශීර්වාද කරන්නන්ට මම ආශීර්වාදකරන්නෙමි, නුඹට ශාපකරන්නාට මම ශාපකරන්නෙමි. පොළොවේ සියලු පවුල් නුඹ කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝයයි කීසේක.”

උත්පත්ත 50:20, "නුඹලා වනාහි මට නපුර කරන්ට අදහස්කළහුය; එහෙත් බොහෝ සෙනඟ දිවි සහිතව රක්ෂා කරන පිණිස අද තිබෙන ප%කාර ඉෂ්ට කිරීමට දෙවියන් වහන්සේ ඒක යහපතට අදහස්කළසේක.”

කෙටි සාරංශය: උත්පත්ති පොත කාණ්ඩ දෙකකට බෙදා වෙන් කළ හැක: අතිපුරාණ ඉතිහාසය සහ පීතෘ මූලක ඉතිහාසය යනුවෙනි. අතිපුරාණ ඉතිහාසයෙහි වාර්ථා කරනු ලබන්නේ (1) මැවීම (උත්පත්ති පරිච්ඡෙද 1–2); (2) මිනිසාගේ වැටීම (උත්පත්ති පරිච්ඡෙද 3–5); (3) මහා ජලගැල්ම (උත්පත්ති පරිච්ඡෙද 6–9); සහ (4) විසරණය (උත්පත්ති පරිච්ඡෙද 10–11). පීතෘ මූලක ඉතිහාසයේ වාර්ථා කරනු ලබන්නේ බලවත් පුරුෂයන් සතර දෙනෙකුගේ ජීවිත පිළිබදවය:

(1) ආබ්‍රහම් (උත්පත්ති 12:25: 8); (2) ඊසාක් (උත්පත්ති 21:1–35–29); (3) යාකොබ් (උත්පත්ති 25:21–50:14); සහ (4) යෝසෙප් (උත්පත්ති 30:22–50:26).

දෙවියන් වහන්සේ විසින් මවනු ලැබූ විශ්වය යහපත් සහ පාපයෙන් තොරවූ එකකි. දෙවියන් වහන්සේ විසින් මනුෂ්‍යයවර්ගයා මවනු ලැබුවේ උන් වහන්සේ හා සමග පෞද්ගලික සම්බන්ධතාවයක් පවත්වනු වස්ය. ආදම් සහ ඒව පව් කර එතුළින් මෙලොවට නපුර සහ මරණය ගෙන ආහග නපුර ක්‍රමාණුකූලව ලෝකය තුළ වර්ධනය වූයේ යහපත් යයි සැලකිය හැකි එක් පවුලක් පමණක් ඉතිරි වන තෙක්ය. දෙවියන් වහන්සේ මහා ජලගැල්ම එවනු ලැබුවේ නපුර සහමුලින් විනාශ කිරීමට වන නමුත් නෝවා සහ ඔහුගේ පවුල මෙන්ම ඔහුගේ නැවෙහි සිටි අනෙකුත් සත්ත්වයන් සමගම ගළවා ගනු ලැබූහ. මහා ජල ගැල්මෙන් අනතුරුව මනුෂ්‍යයවර්ගයා නැවතත් මුලූ ලොව මුළුල්ලෙහිම බෝවීමට සහ ව්‍යාප්ත වන්නට පටන් ගත්හ.

දෙවියන් වහන්සේ ආබ්‍රහම්ව තෝරාගනු ලැබුවේ ඔහු තුළින් තෝරාගත් සෙනගක් එමෙන්ම අවසානයේදී පොරොන්දුවූ මෙසියස් වහන්සේව නිර්මාණය කරනු සදහාය. තෝරාගනු ලැබූ පරම්පරාව ඉදරියට ගෙන යාම සදහා ආබ්‍රහම්ගේ පුත්‍රවූ ඊසාක්ටද ඉන්පසු ඊසාක්ගේ පුත්‍රවූ යාකොබ්ටද භාරදෙන ලදී. දෙවියන් වහන්සේ යාකොබ්ගේ නම ඊශ්‍රායෙල් ලෙස වෙනස් කරනු ලැබූ සේක. එසේම ඔහුගේ පුත්‍රයන් දොලොස් දෙනා ඊශ්‍රායෙල්හී ගෝත්‍ර දොළසේ මුතුන් මිත්තෝ වූහ. උන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය තුළින් දෙවියන් වහන්සේ යාකොබ්ගේ පුත්‍රයා වූ යෝසෙප්ව ඔහුගේ සහෝදරයන්ගේ අධම ක්‍රියා හේතුකොටගෙන මිසරයට යවනු ලැබූ සේක. ඔහුගේ සහෝදරයන් මෙම ක්‍රියාව නපුරට අදහස් කරන ලද වුවද දෙවියන් වහන්සේ එය යහපතට අදහස් කළ සේක. එසේම අවසානයේදී එහි ප්‍රතිඵලයක් ලෙස යෝසෙප් මිසරයේ ඉතා බලවත් තත්ත්වයකට ඔසවනු ලැබ යාකොබ් සහ ඔහුගේ මුළු පවුලව අතිශයෙන් ප්‍රබල දුර්භික්ෂයකින් බේරා ගැනීමට හැකි විය.

ලකුණු පහල වීමි: නව ගිවිසුමේ තේමා බොහෝමයකම මූලය වී ඇත්තේ උත්පත්තියයි. සාතන්ගේ බලය විනාශ කරනු ලබන්නාවූ, ගැහැණියගේ බීජය නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේය. (උත්පත්ති 3:15) යෝසෙප්ට මෙන්ම දෙවියන් වහන්සේ, උන් වහන්සේගේ පුත්‍රයාව පූජාකිරීම තුළින් අදහස් කරනු ලැබුවේ මනුෂ්‍යය වර්ගයාගේ යහපත නමුත් යේසුස් වහන්සේව කුරුසිපත් කළවුන් එය අදහස් කළේ නපුරටය. බයිබලයේ චිත්‍රිත අයවලූන්ගෙන් බොහෝ සෙස්සන් අතරින් නෝවා සහ ඔහුගේ පවුල ප්‍රථම ස්ථානයක් ගනියි. කෙතරම් නොතකා සිටිය නොහැකි තරම් බලවත් වාසි අවාස සහ අසීරු තත්ත්වයන් මධ්‍යයේ වුවද දෙවියන් වහන්සේ සෑමවිටකම විශ්වාසවන්න සෙස්සන් කොටසක් තමන් වහන්සේට වෙන් කොට ආරක්ෂා කරන සේක. බබිලෝනියේ වහල්භාවයෙන් පසුව ඊශ්‍රායෙල්හී සෙස්සන් යෙරුසලමට පැමිණියහ; යෙසායි සහ යෙරමියා පොත්වල විස්තර කරනු ලබන ආකාරයට සියලූ හිංසා කිරීම් මධ්‍යයේ සෙස්සන් පිරිසක් දෙවියන් වහන්සේ වෙන් කොට ආරක්ෂා කළ සේකත යෙසබෙල්ගේ උදහසින් පූජකයන්ගේ 7000 ක සෙසු පිරිසක් සගවා තබන ලද්දාහත දෙවියන් වහන්සේ පොරොන්දුව නම් යුදෙව්වන්ගේ සෙසු පිරිසක් කෙදිනක හෝ සත්‍යවූ මෙසියස් වහන්සේව වැළද ගන්නා බවයි. (රෝම 11). ආබ්‍රහම් විසින් විදහා දැක්වුවාවූ ඇදහිල්ල දෙවියන් වහන්සේගෙන් වූ ත්‍යාගයක් වන අතර යුදෙව්වාගේ සහ අන්‍යය ජාතිකයාගේ ගැළවීමේ පදනමද එයවේ. (එපීස 2:8–9; හෙබ්‍රව් 11).

ප්‍රායෝගික උපයෝගය: උත්පත්තියේ සදහන් අධිගාමික තේමාව නම් දෙවියන් වහන්සේගේ සදාකල් පැවැත්ම සහ එතමන් ලෝකය මැවීමයි. දෙවියන් වහන්සේගේ පැවැත්ම විත්තිවාචනය කිරීමට කිසිඳු උත්සාහයක් කර්තෘන් විසින් කර නොමැත; ඔහු ඉතා සරලව සදහන් කරනු ලබන්නේ දෙවියන් වහන්සේ දැනටත්, සෑම විටත්, මතුවටත් සියල්ලෙහි සර්වබලධාරී බවය. ඒ ආකාරයෙන්ම අපට උත්පත්තියේ සත්‍යතාවයන් කෙරෙහි නිශ්චිතභාවය ඇත්තේ එය ප්‍රතිෂේධනය කරන අයගේ අයිතින් තිබියදීමය. සියලූ ජනතාව සංස්කෘතිය, ජාතිය හෝ භාෂාව නොතකා මැවුම්කරුවාණන්ට වගකිව යුතුවේ. එනමුත් වැටීම කරණකොටගෙන හඳුන්වා දුන් පාපය හේතුකොටගෙන අප දෙවියන් වහන්සේගෙන් වෙන් කරනු ලැබ සිටිමු. එනමුත් කුඩා එක් ජාතියක් වන ඊශ්‍රායෙල් කරණාකොටගෙන මනුෂ්‍යයවර්ගයාගේ ගැළවීමේ සැලැස්ම දෙවියන් වහන්සේ එළිදරව් කර සියල්ලන්ටම ලබාගන්නට සැලැස්වූ සේක. අප ඒ සැළසුම තුළ ප්‍රීතිවන්නෙමු.

දෙවියන් වහන්සේ විශ්වය, ලෝකය සහ සෑම ජීවමාන දෙයක්ම මැවූ සේක. අපගේ ජීවිතයේ සියලූම ඕනැ එපාකම් හසුරුවනු පිණිස අපට එතුමන් කෙරෙහි විශ්වාසය තැබිය හැක. දෙවියන් වහන්සේ කිසිම බලාපොරොත්තුවක් නොමැති තත්ත්වයක් රැගෙන, එනම් නිදසුනක් ලෙසල ආබ්‍රහම් සහ සාරාට දරුවන් නොමැති වීම, එවැන්නක් රැගෙන විශ්මිත දෑ කළ හැක්කේ අප විශ්වාස කර කීකරු වූවොත් පමණි. යෝසෙප්ට මෙන් දරුණු සහ අධර්මිෂ්ඨ දෑ අපගේ ජීවිතයේ විය හැකි නමුත් උන් වහන්සේ තුළ සහ උන් වහන්සේගේ තබා ශ්‍රේෂඨ සැලැස්ම කෙරෙහි ඇදහිල්ලෙන් සිටියහොත් දෙවියන් වහන්සේ සෑමවිටකම ඉතා යහපත් දේ කරනු ලබන සේක.



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



උත්පත්ති පොත