නික්මයාම පොත



කර්තෘ : නික්මයාම පොතෙහි කර්තෘ වූ කලී මෝසෙස්ය. (නික්මයාම 17:14; 24:4–7; 34:27)

ලියනු ලැබූ දිනය: නික්මයාම පොත ලියනු ලැබුවේ ක්‍රි. පූ. 1440 ත් ක්‍රි. පූ. 1400 අතර කාලයේදීය.

ලිවීම්හි අභිමතාර්ථය: නික්මයාම යන වචනයෙහි අර්ථය නම් පිටත් වී යාමය. දෙවියන් වහන්සේගේ කාල නියමය අනුව ඊශ්‍රායෙල් ජාතිකයන් ම්සර දේශයෙන් පිටවී යාම සනිටුහන් වන්නේ ආබ්‍රහම්ගෙන් පැවත එන්නන්ට තිබූ බලවත් පීඩා කාලයේ අවසානය (උත්පත්ති 15:13) සහ ආබ්‍රහම්ට දුන්නාවූ ගිවිසුම් පොරොන්දුවෙහි ආරම්භය එනම් ඔහුගෙන් පැවතෙන්නන් පොරොන්දු දේශයේ ජීවත් වනවා පමණක් නොව වැඩි වර්ධනය වී බලවත් ජාතියක් බවට පත්වනවා යන්නය. (උත්පත්ති 12:1–3,7) මෙම පොතෙහි අභිප්‍රාය ලෙස අපට සදහන් කළ හැක්කේ මිසර දේශයේදී යාකොබ්ගෙන් පැවතෙන්නන්ගේ සීඝ්‍ර වර්ධනය සළකුණු කිරීමේ පටන් පොරොන්දු දේශයේ මිශ්‍ර දේවවාදී ජාතියක් සංස්ථාපනය කිරීම දක්වාය.

මූලික පද:
නික්මයාම 1:8, තවද යෝසෙප් නාඳුනන අලුත් රජෙක් මිසරය කෙරෙහි පත්වුණේය.

නික්මයාම 2:24–25, දෙවියන් වහන්සේ ඔවුන්ගේ කෙඳිරිගෑම අසා ආබ්‍රහම් සමගද ඊසාක් සමගද යාකොබ් සමගද කළාවූ තමන්ගේ ගිවිසුම සිහිකළසේක. දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් පුත්‍රයන් බලා ඔවුන්ගේ තත්ත්වය සලකූසේක.

නික්මයාම 12:27 ඒක නම් ස්වාමීන් වහන්සේගේ පාස්කුවය, උන් වහන්සේ මිසරවරුන්ට පහර දුන් කල මිසරයෙහිවූ ඊශ්‍රායෙල් පුත්‍රයන් ගෙවල් පසුකර ගොස් අපේ ගෙවල් ගළවාගත් සේකැයි කියයුතුයයි කීයේය. එවිට සෙනඟ හිස් නමා වැන්දෝය.

නික්මයාම 20:2–3, මම වනාහි වහල්කමේ ගෙයින් එනම් මිසර දේශයෙන් තා පිටතට ගෙනාවාවූ තාගේ දෙවිවූ ස්වාමීන් වහන්සේය. මා ඇර අන් දෙවිවරුන් තට ඇතුව නොසිටුව.

කෙටි සාරංශය: නික්මයාම ආරම්භ වන්නේ උත්පත්තිය අවසානවී දෙවියන් වහන්සේ උන් වහන්සේගේ තෝරාගත් සෙනග එනම් යුදෙව්වන් හා සමග කටයුතු කිරීමත් හා සමගය. ජෝසෙප්ගේ ආගන්තුකයන් ලෙස ඊජිප්තුවට ඇතුළුවූ ඊශ්‍රායලිතයන්ල ඊජිප්තුවේ බලවත් වී සිට ජෝසෙප් නාඳුනන අළුත් රජ කෙනෙක් (නික්මයාම 1:8) විසින් ගෙනාවාවූ කෘර වහල් භාවයේ බන්දනයෙන් අවසානයේද නිදහස් කරනු ලැබූ අවස්ථාව දක්වා සිදුවීම් සළකුණු කරයි.

1–14 දක්වා පරිච්ඡෙදයන්හී විස්තර කරනු ලබන්නේ පාරාවෝ යටතේ සිටි යුදෙව්වන්ගේ බලවත් පීඩාකාරී තත්වයල ඔවුන්ගේ මිදුම්කරු ලෙස මෝසෙස්ගේ පිබිදීමල දෙවියන් වහන්සේට යටත් වීමට ඔවුන්ගේ නායකයාගේ ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මිසර දේශයට උන්වහන්සේ විසින් ගෙනාවාවූ වසංගතයන් සහ මිසර දේශයෙන් පිටත් වී යාමග දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ බලය මෙම වසංගත තුළින් පිළිබ්ඹු කරනු ලබයි - මිසරයේ කුලූඳුලන්ට පහර දීමෙන් අවසාන වීම සහ ප්‍රථම පාස්කුව සංස්ථාපිත කිරීම – ඊශ්‍රායලිතයන්ගේ මිදීමල රතු මුහුද දෙබෑ කිරීම සහ මිසර හමුදාව විනාශ කිරීම ආදියයි.

නික්මයාම පොතෙහි මධ්‍යම කොටස කැප කොට ඇත්තේ පාළුකරයේ වූ ගමන සහ දෙවියන් වහන්සේගේ සෙනගට උන් වහන්සේගේ ආශ්චර්යජනක සැපයීම පිළිබදවයි. කෙසේ නමුත් උන් වහන්සේ ස්වර්ගයෙන් මන්නා සැපයා දුන්නත්ල තිත්ත තුළින් මිහිරි ජලයද, පර්වතයෙන් ජලයද, ඔවුන්ව විනාශ කිරීමට තැත් කලවුන් කෙරෙන් ජයග්‍රහණය, ගල් පුවරු මත එතුමන්ගේ දෑතින්ම ලියනු ලැබූ එතුමන්ගේ ආඥාල ගිනි සහ වළා ටැඹයන් තුළින් උන් වහන්සේ පෙනී සිටීයත් සෙනග නිරන්තරයෙන්ම එතුමන්ට විරුද්ධව කොඳුරන්ටත් කැරලි ගසන්ටත් වූහ.

පොතෙහි අවසාන තුනෙන් කොටස විස්තර කරනු ලබන්නේ ගිවිසුම් පෙටිටිය ඉදි කිරිමදල කූඩාරම සහ එහි විවිධවූ යාග පූජාවන්, පූජාසන, ගෘහ භාණ්ඩ, චාරිත්‍ර සහ නමස්කාර විධි පිළිබද සැළසුම්ය.

ලකුණු පහල වීම්: ඊශ්‍රාලිතයන්ට නියම කර තිබූ විවිධ යාග පූජාවන් නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එනම් දෙවියන් වහන්සේගේ බැටළු පැටවාණන්ගේ පාස්කුවෙහි පර්යන්ත පූජාවේ රූපයකි. මිසරයේ අවසාන වසංගතය වූ රාත්‍රියෙහි, නොකැලැල්වූ බැටළු පැටවෙකු මරණු ලැබ උගේ ලේ දෙවියන් වහන්සේගේ සෙනගගේ නිවෙස් වල උළුවහු වල තවරනු ලැබුවේ මරණ දූතයාගෙන් ආරක්ෂා කරනු වස්ය. මෙතුලින් යේසුස් වහන්සේ එනම් කිසිඳු පැල්ලමක් හෝ කැළලක් නොමැතිවූ දෙවියන් වහන්සේගේ බැටළු පැටවාණන් පිළිබදව ලකුණු පහල වූ අතර උන් වහන්සේගේ තැවරුණු රුධිරය අපට සදාකාල ජීවනය සහතික කරනු ලබයි. (1පේත්‍රැස් 1:19) ක්‍රිස්තුස් වහන්සේගේ සංකේතාත්මක පිළිගැන්වීම් අතරල නික්මයාම පොතෙහි 17:6 හි සදහන් ආකාරයට පර්වතයෙන් ජලය ලබා ගැනීමේ පුවතදවේ. සෙනගට පානය කිරීම සදහා ජීවය ඇති කරන ජලය ලබා ගැනීම පිණිස මෝසෙස් පර්වතයට පහර දුන්නාක් මෙන් දෙවියන් වහන්සේද අපගේ ගැළවීම නමැති පර්වතයට පහර දී අපගේ පාපය උදෙසා කුරුසියෙහි ඇණ ගසනු ලැබූ හෙයින් එම පර්වතයෙන් ජීවනදායක ජලය නමැති ත්‍යාගය ලබා දුන්සේක. (යොහාන් 4:10) පාළුකරයේදී සපයනු ලැබූ මන්නා තුළින් පිළිඹ්බු කරනු ලබන්නේ ක්‍රිස්තුස් වහන්සේ පිළිබද පරිපූර්ණ පින්තාරුවක් එනම් අපට ජීවනය දීම පිණිස දෙවියන් වහන්සේ විසින් සපයන ලද ජීවනදායක රොටිය. (යොහාන් 6:48).

ප්‍රායෝගික උපයෝගය: එක් කොටසක් ලෙස මොසායික නීතිය දෙනු ලැබුවේ ඒවා පිළිපැදීමට මනුශ්‍යය සංහතියට ඇති නොහැකියාව පෙන්වා දීමටය. නීතිය පිළිපැදීම තුළින් අපට දෙවියන් වහන්සේව ප්‍රසන්න කළ නොහැකත එසේ හෙයින් පාවුළු තුමා අපට අනුශාසනා දෙනු ලබන්නේ (ගලාති 2:16).

දෙවියන්වහන්සේ විසින් ඊශ්‍රාලිතයන්ට සැපයීමල එනම් වහල් භාවයෙන් මුදවා ගැනීම පටන් පාළුකරයේදී මන්නා සහ වටුවන් සැපයීම තුළින් උන් වහන්සේගේ සෙනගට දක්වන්නාවූ දයාන්විත සැපයීම පිළිබදව පැහැදිලි ඇඟවීමක් කරනු ලබන සේක. දෙවියන් වහන්සේ අපගේ සියළුම අවශ්‍යතාවයන් සැපයීමට පොරොන්දුවක් දී තිබේ (1කොරින්ති1:9).

ස්වාමින් වහන්සේට අපව සියල්ලෙන්ම ගළවා ගත හැකි හෙයින් අප උන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය යුතුමය. නමුත් දෙවියන් වහන්සේ සදාකාලයටම පාපයට දඞුවම් නොලැබ සිටීමට ඉඩ නොහරින සේක. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපට උන් වහන්සේගේ ඵලවිපාක සහ සාධාරණය කෙරෙහි විශ්වාසය තැබිය හැක. දෙවියන් වහන්සේ අපව අයහපත් තත්වයකින් ඉවත් කළ විට අප නැවතත් ඒ වෙතට ගමන් නොකළ යුතු වෙමු. දෙවියන් වහන්සේ යමක් නියම කර ඇති විට අප විසින් එය ඉෂ්ට කිරීමට උන් වහන්සේ අපගෙන් බලාපොරොත්තු වන සේකල නමුත් ඒ ආකාරයෙන්ම අපගේ ශක්තියෙන් අපට තනිවම ඒවාට කීකරු විය නොහැකි බව දන්නා හෙයින් එතුමන් කරුණාව හා දයාව අපට දෙනු ලබන සේක.



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නික්මයාම පොත