ද්වීතීය කථාව පොත



කර්තෘ: ද්වීතීය කථාව පොත ලියනු ලැබුවේ මෝසෙස් විසින් වන අතර එය වූ කලී ඔවුන් යොර්දානෙන් එතර වනන්ට ප්‍රථමයෙන්වූ ඔහු විසින් ඊශ්‍රාලිතයන්ට කරන ලද දේශනා වල එකතුවකි. මෝසෙස් විසින් සියලු ඉශ%dයෙල්වරුන්ට කියනලද වචන මේවාය. (1:1) අවසාන පරිච්ඡේදය වෙනත් කෙනෙකු (සමහර විට ජොෂුවා) විසින් ලියනු ලබන්නට ඇත.

ලියනු ලැබූ දිනය: මෙම දේශනා දෙනු ලැබුවේ ඊශ්‍රාලිතයන් පොරොන්දු දේශයට ඇතුලත් වන්නට ප්‍රථම දිව 40හේ කාල වකවානුවේදීය. ප්‍රථම දේශනාව කරනු ලැබුවේ එකොලොස් වන මාසයේ පළමු දිනවේ. (1:3) එසේම ඊශ්‍රාලිතයන් යොර්දානෙන් එතර වූයේ දින සැත්තෑවකට පසුව එනම් පළමුවන මාසයේ දස වන දිනයෙහිදීයග (යොෂුවා 4:19) මෝසෙස්ගේ මරණයෙන් පසුව දින 30 ක ශෝක කාලය අඩු කළ විට (ද්වීතීය කථාව 34:8) අපට ඉතිරි වන්නේ තව දින 40 කි. වර්ෂය නම් ක්‍රි. පූ. 1410 ය.

ලිවීමිහි අභිමතාර්ථය: ඊශ්‍රාලිතයන්ගේ නව පරම්පරාවක් පොරොන්දු දේශයට ඇතුලත් වන්නට සැරසී සිටියහ. මේ මහත්වූ සමූහය රතු මුහුදෙහි හාස්කම අත්දැක හෝ සීනයි කන්දේදි දෙනු ලැබූ ආඥා පිළිබද අසා හෝ නොමැති මෙන්ම ඔවුන් ඇතුල් වීමට සැරසුනේ බොහෝ අනතුරු සහ පරීක්ෂාවන් තිබූ නව දේශයකටය. ද්වීතීය කථාව පොත දෙනු ලැබුවේ දෙවියන් වහන්සේගේ නීති සහ උන් වහන්සේගේ බලය පිළිබදව ඔවුනට මතක් කර දීමටය.

මූලික පද:
මා නුඹලාට අණකරන නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥා පවත්වන පිණිස මා නුඹලාට අණකරන වචනයට කිසිවක් එකතුකිරීමවත් එයින් කිසිවක් අඩුකිරීමවත් නොකරල්ලා.” (oajS;Sh l:dj 4:2)

“එම්බා, ඉශ%dයෙල්, අසාපන්න. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එකම ස්වාමීන් වහන්සේය. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද පේ%මකරපන්න. මා විසින් අද නුඹට අණකරන මේ වචන නුඹේ සිතේ තිබේවා. ඒවා නුඹේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා, නුඹ ගෙයි හිඳින කලද මග යන කලද නුඹ සයනයකරන කලද නැගිටින කලද ඒවා ගැන කථාකරපන්න.” (oajS;Sh l:dj 6:4-7)

“මේ වHවස්ථාවේ සියලු වචනවල ප%කාරයට කරන්ට බලාගන්න හැටියට නුඹලාගේ දරුවන්ට නුඹලා අණකරන පිණිස මා අද නුඹලාට ස්ථිරකර කියන්නාවූ සියලු වචනවලට නුඹලාගේ සිත් යොමුකරපල්ලා. මක්නිසාද මේක නුඹලාට නිෂ්ඵල දෙයක් නොව නුඹලාගේ ජීවනයව තිබේ. නුඹලා හිමිකරගන්ට යොර්දානෙන් එතරව යන භූමිය මතුපිට මේ දෙය කරණකොටගෙන නුඹලාගේ දවස් නුඹලා වැඩිකරගන්නවා ඇතැයි කීවේය.” (oajS;Sh l:dj 32:46-47)

කෙටි සාරංශය: ඊශ්‍රාලිතයන්ට කාරණා 4ක් මතකයේ තබා ගැනීමට අණ කරනු ලැබූහ: දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තකම, දෙවියන් වහන්සේගේ ශුද්ධකම, දෙවියන් වහන්සේගේ ආශිර්වාද සහ දෙවියන් වහන්සේගේ අනතුරු ඇඟවීම්.

කෙටි සාරංශය: මුල් පරිච්ඡේද තුන සාරංශ කොට දක්වන්නේ මිසරයේ සිට ඔවුන්ගේ වර්තමාන ස්ථානය එනම් මොවබ්ට දක්වා වූ ගමන පිළිබදවයි. සතර වන පරිච්ඡේදය කීකරුවීමටත් ඔවුනට විශ්වාසවන්තවූ දෙවියන් වහන්සේට විශ්වාසවන්ත විශ්වාසවන්තව සීටීමට කරන්නාවූ ඇරයුමකි.

5 සිට 26 දක්වා පරිච්ඡේද වනාහී ව්‍යවස්ථාව පිළිබදව කෙරෙන පුනරුච්චාරණයකි. දස පනත, යාගපූජා සහ විශේෂ දින අරභයා ඇති නීති සහ අනෙකුත් ව්‍යවස්ථාවන් නව පරම්පරාවන්ට දෙනු ලැබිණි. කීකරුවන්නන්ට ආශිර්වාද පොරොන්දු වී ඇති අතර (5:29; 6:17–19; 11:13–15). නීතිය උල්ලංඝනය කරන්නන්ට සාගතයද පොරොන්දු වී ඇත. (11:16–17).

ආශිර්වාද සහ ශාප යන තේමාවන් පරිච්ඡේද 27–30 යන්හී පවත්වා ගෙන යනු ලැබේ. පොතෙහි මෙම අංශය අවසාන වන්නේ ඊශ්‍රායෙල් ඉදිරියේ පැහැදිලි අභිමතයක් තබමිනි. මා ඔබ ඉදිරියේ ජීවනය සහ මරණයත්, ආශිර්වාද සහ ශාපයත් තැබුවෙමි. දෙවියන් වහන්සේගේ සෙනග කෙරෙහි ඇති අභිලාෂය උන් වහන්සේ නිර්දේශ කරන්නාවූ දේ එනම් ජීවනය තෝරාගන්න (30:19) යන්න තුළින් සොයාගත හැකිවේ.

අවසාන පරිච්ඡේද වල මොසේස් විසින් සෙනග ධෛර්මත් කරනු ලබයි; ඔහුගේ ආදේශනයවූ ජොෂුවාව පත් කරනු ලබයි; ගීතයන් සටහන් කරනු ලබයි; ඊශ්‍රායෙල්හී සෑම ගෝත්‍රයකට ආශිර්වාද කරනු ලබයි. 34 වන පරිච්ඡේදය මෝසෙස්ගේ මරණය පිළිබදව අවස්ථාවන් හා සම්බන්ධ කරනු ලබයි. ඔහු පිස්ගා කන්ද නැංගේය, එහිදී ඔහුට ඇතුල් වීමට නොහැකි වූ පොරොන්දු දේශය බලා ගැනීමට ස්වාමින් වහන්සේ සැලැස්වූ සේක. වයස අවුරුදු 120 දී වූවද තරුණයෙකුට මෙන් යහපත් දෘෂ්ඨිය සහ ශක්තිය ඇතිව ස්වාමින් වහන්සේ ඉදිරියේ මෝසෙස් මිය ගියේය. ද්වීතීය කථාව පොත අවසාන වන්නේ මෙම බලවත් අනාගත වක්තෘවරයාගේ කෙටි අවමංගල දැන්වීමෙනි.

ලකුණු පහල වීම්: නව ගිවිසුමේ බොහෝ තේමාවන් ද්වීතීය කථාව පොතෙහි දක්නට ලැබේ. ඒ සියල්ලෙන්ම ප්‍රමුඛතාවය ගන්නේ මොසෙයික නීතිය පරිපූර්ණව රැක ගැනීමේ අවශ්‍යයතාවය සහ එසේ කිරීමට ඇති නොහැකියාව පිළිබදවයි. දිගින් දිගටම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ සෙනගගේ පව් කමාව පිණිස අවැසිවූ අනන්ත යාගපූජා ක්‍රිස්තුස් වහන්සේගේ එකම යාගපූජාව තුළින් ඔවුන්ට අවසාන පූරණය ලබා ගත හැකි විය. (හෙබ්‍රව් 10:10) උන් වහන්සේගේ පව් කමාවේ ක්‍රියාවලිය හේතුකොටගෙන අපගේ පාප වලට වෙනත් කිසිඳු යාගපූජාවක් අවශ්‍යය නොවේ.

දෙවියන් වහන්සේ විසින් ඊශ්‍රාලිතයන්ව උන් වහන්සේගේ විශේෂිතවූ සෙනග ලෙස තෝරා ගැනීම තුළින් ලකුණු පහල වන්නේ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදහාගන්නන්ගේ තෝරා ගැනීමයි. (1 පේත්‍රැස් 2:9) ද්වීතීය කථාව18:15–19 යෙහි තවත් අනාගතවක්තෘවරයෙකු පිළීබදව අනාවැකියක් පල කරයි – එනම් පර්යන්ත අනාගතවක්තෘවරයාණන් වූ මෙසියස් වහන්සේය. මෝසෙස් කළා සේම උන් වහන්සේද දේව එළිදරව් ලබා ගනිමින් සහ දේශනා කිරීමෙන් එතුමන්ගේ සෙනගට මග පෙන්වන සේක. (යොහාන් 6:14; 7:40).

ප්‍රායෝගික උපයෝගය: ද්වීතීය කථාව පොත දෙවියන් වහන්සේගේ වචනයේ වැදගත්කම මනාවට පැහැදිලි කොට දක්වයි. එය අපගේ ජීවිතයේ ඉතා වැදගත් කොටසකි. අප පරණ ගිවිසුමේ ව්‍යවස්ථාවට යටත් නොවූවත්, අපගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ කැමැත්ත යටත් වීමට අපට වයකීමක් ඇත. සරල කීකරුකම තුළින් ආශිර්වාද ලැබෙන අතර පාපයේ ප්‍රතිවිපාක ඇත.

අප කිසි කෙනෙකු ව්‍යවස්ථාවට ඉහළින් නොසිටුමු. එසේම නායකයකු සහ දෙවියන් වහන්සේ විසින් තෝරා ගත් අනාගතවක්තෘවරයකු වූ මොසෙස්ටද එයට කීකරුවීමට සිදුවුනි. ඔහුට පොරොන්දු දේශයට ඇතුලත් වීමට අවසර නොලැබුනේ ඔහු ස්වාමින් වහන්සේගේ පැහැදිලි ආඥාවට අකීකරු වූ හෙයිනි. (ගණන් කථාව 20:13).

යේසුස් වහන්සේව පාළුකරයේ පරීක්ෂා කරනු ලබන කාල වකවානුවේදී උන් වහන්සේ 3 වතාවක් ද්වීතීය කථාව පොතෙන් ගෙන හැර දැක්වූ සේක. (මතෙවි 4) එසේ කිරීමෙන් යේසුස් වහන්සේ විසින් සන්නිදර්ශනය කරනු ලැබුවේ පව් නොකරන පිණිස දෙවියන් වහන්සේගේ වචනය අපගේ සිතේ නිධානය කර ගැනීමේ අවශ්‍යතාවයයි. (ගීතාවලිය 119:11).

ඊශ්‍රාලිතයන් දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තකම සිහිකර තබා ගත් ආකාරයටම අපද එසේ කළ යුතුවේ. රතු මුහුදෙන් එගොඩ වීම, සීනයි කන්දෙදි උන් වහන්සේගේ අභිමුඛත්වයල කාන්තාරයේදී මන්නා එවා ආශිර්වාද කිරීම ආදිය අපටද ධෛර්‍යයක් විය යුතුය. ඉදිරියටම බලවත් ලෙස ගමන් කරනු වස් අප මොහොතක් රැගෙන දෙවියන් වහන්සේ කර ඇති මහත් දේ පිළිබදව සිතා බැලිය යුතු වෙමු.

ද්වීතීය කථාවේ අපට ඇති තවත් අලංකාර රූපයක් නම් තම දරුවන් සමග සම්බන්ධතාවයකට අභිප්‍රාය කරනු ප්‍රේමණීය දෙවියන් වහන්සේ පිළිබදවයි. ස්වාමින් වහන්සේ ප්‍රේමය නම් කරනු ලබන්නේ උන් වහන්සේගේ බලවත් හස්තයෙන් ඊශ්‍රාලිතයන්ව මිසරයෙන් මුදා ගැනීමට හේතුව ලෙසය. (ද්වීතීය කථාව7:7–9). බන්ධනයෙන් මුදනු ලැබ සර්වබල දෙවියන් වහන්සේ විසින් ප්‍රේම කරනු ලැබීම කෙතරම් අසිරිමත් දෙයක්ද?



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



ද්වීතීය කථාව පොත