2 වන සාමුවෙල් පොත



කර්තෘ: 2 වන සාමුවෙල් පොත එහි කර්තෘන්ව හදුනා නොගනියි. එයට ප්‍රෝපේත සාමුවෙල් විය නොහැක්කේ ඔහු 1 වන සාමුවෙල් පොතෙහිදි මිය ගිය හෙයිනි. මෙය බොහෝ විට නාතාන් සහ ගාද් විසින් ලියනු ලැබුවා වන්නට පිළිවන (1 ලේකම් 29:29).

ලියනු ලැබූ දිනය: මූලිකවම 1 වන සහ 2 වන සාමුවෙල් එක පොතක් විය. සෙප්ටූජන් පරිවර්තකයන් විසින් ඒවා වෙන් කරනු ලැබූ අතර එම වෙන් කිරීම් එවක සිට දැනුදු තෙක් පවත්වාගෙන එනු ලැබී ඇත.1 වන සාමුවෙල්හී සිදුවීම් දළ වශයෙන් ක්‍රි.පූ.1100 සිට ක්‍රි.පූ.1000 කාල පරාසය දක්වා ව්‍යාප්තවේ.2 වන සාමුවෙල්හී සිදුවීම් තවත් වසර 40ක් පමණ ආවරණය කරනු ලබයි. එසේ නම් ලියනු ලැබූ දිනය ක්‍රි.පූ.960 න් පසු යම් කලෙක විය යුතුවේ.

ලිවීමිහි අභිමතාර්ථය: 2 වන සාමුවෙල් නම් දාවිත් රජුගේ රාජ්‍යය කාලය පිළිබදව වාර්තාවකි. මෙම පොත දාවිත්ගේ ගිවිසුම එහි ඓතිහාසික පෙළ යෙදුම තුළ පිහිටුවා තබයි.

මූලික පද: නුඹේ වංශයද රාජශ්‍රියද මා ඉදිරියෙහි සදහටම ස්ථිර කරනු ලබන්නේය. නුඹේ සිංහාසනය සදහටම පිහිටුවනු ලබන්නේය. (2 සාමුවෙල් 7:16). රජ තමාගේ මුහුණ වසාගෙන, අනේ මාගේ පුත් අබිසලෝමි අනේ අබිසලෝම් මාගේ පුත්‍රය මාගේ පුත්‍රය කියා මහා හඩින් හැඩීය. (2 සාමුවෙල් 19:4).

සමිදාණෝ මාගේ පර්වතයල බලකොටුවල මිදුම්කාරයාණෝය; මාගේ පර්වතය වන දෙවිදාණෝය; මම එතුමන් සරණ කරගතිමි. එතුමාණෝ මාගේ පලිහයත මාගේ ගැළවීමේ බලයය; මාගේ බලකොටුවය; මාගේ රක්ෂා ස්ථානයය; මාගේ විමුක්තාදායකයාණෝයත ඔබ බලහත් කාරකමෙන් මා ගළවන සේක.සියලූ පැසසුම් වලට හිමිකම් ඇති සමිදු මම අයැද සිටිමි. මෙසේ මාගේ සතුරන්ගෙන් මම ගැළවෙන්නෙමි (2 සාමුවෙල් 22:2–4).

කෙටි සාරංශය: 2 වන සාමුවෙල් පොත ප්‍රධාන කොටස් දෙකකට බෙදා වෙන් කළ හැක දාවිත්ගේ විජයග්‍රහණය (1–10 දක්වා පරිච්ඡේද) සහ දාවිත්ගේ දුක් කම්කටොලූය. (11–20 දක්වා පරිච්ඡේද) මෙම පොතෙහි අවසාන කොටස (21–24 දක්වා පරිච්ඡේද) දාවිත්ගේ රාජ්‍ය කාලය පිළිබදව වැඩි විස්තර සදහන් කෙරෙන කාලානුක්‍රමික නොවන අනුබද්ධයකි.

මෙම පොතෙහි ආරම්භය දකින්නේ දාවිත් සාවුල් සහ ඔහුගේ පුතුන්ගේ මරණය පිළිබද පුවත දැනගැනීමෙනි. ඔහු ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරනු ලබයි. ඉක්බිති නොබො කලකින් යුදාහි රජ ලෙස දාවිත් ඔටුනු පළදනු ලබන්නේ සාවුල්ගේ නොනැසී ජීවත්ව සිටි එක් පුත්‍රයකු වූ ඉෂ් – බොෂෙත් ඉශ්‍රායෙල් රාජ්‍යයේ රජ ලෙස ඔටුනු පළදනු ලැබී. 2 වන පරිච්ඡේදය– අභ්‍යන්තර යුද්ධයක් පසුව ඇති වී ඉෂ් – බොෂෙත්ව මරා දමනු ලැබීමෙන් අනතුරුව ඉශ්‍රායලිතයන් තමන් කෙරෙහි රජ කරන ලෙස දාවිත් ඉල්ලා සිටිති. (4 – 5 වන පරිච්ඡේද).

දාවිත් රටෙහි අගනුවර හෙබ්‍රොන් සිට යෙරුලසම දක්වා ගෙන ගිය අතරම පසුව ගිවිසුම් පෙට්ටයද ගෙන ගියේය. (5–6 වන පරිච්ඡේද) යෙරුලසමේ දේවමාලිගාවක් ගොඩ නැගීමට දාවිත් තුළවූ සැලැසුම දෙවියන් වහන්සේ විසින් නිශේධනය කරනු ලැබුවේ පහත සදහන් කරුණු දාවිත්ය පොරොන්දු වීමෙනි: 1) දාවිත්ගෙන් පසු රජ කිරීමට ඔහුට පුත්‍රයකු සිටිනු ලබන බවත්ත 2) දාවිත්ගේ පුත්‍රයා විසින් දේවමාලිගය ගොඩ නගනු ලබන බවත්; 3) දාවිත්ගේ පෙළපත නියැලෙනු ලබන සිහසුන සදාකාලයට තහවුරු කරනු ලබන බවත්; 4) දෙවියන් වහන්සේ කිසිදිනෙක දාවිත්ගේ නිවසෙන් එතුමන්ගේ දයාව ඉවත් නොලන බවත්ය (2 සාමුවෙල් 7:4–16).

බොහෝ සතුරු ජාතීන් ඔවුන් වට කොට සිටියත් දාවිත් ඉශ්‍රායෙල් සෙනග ඔවුන් කෙරෙන් ජයග්‍රණය ලැබීමට මග පෙන්වනු ලැබීය. ඔහු ජොනතන්ගේ පවුල කෙරෙහි කරුණාව දක්වනු ලබන්නේ ජොනතන්ගේ අබ්බගාතවූ පුත්‍රයාවූ මෙපිබොෂෙත්ව පිළිගැනීමෙනි (8–10 වන පරිච්ඡේද).

ඉන් අනතුරුව දාවිත් වැටීමට ලක්වේ. බෙත්ශෙබා නම්වූ රූමත් ස්ත්‍රයකු කෙරෙහි කාමතෘෂ්ණාවක් ඔහුට ඇතිවූ ඇය හා සමග ඔහු කාමමිථ්‍යාචාරය කරනු ලැබ ඇයගේ ස්වාමිපුරුෂයාවද මරා දමනු ලබයි (11 වන පරිච්ඡේදය). නාතාන් නම්වූ ප්‍රොපේතවරයා දාවිත් පව් කළ බවට ඔහුගේ මුහුණට කියා පෑ විට දාවිත් පසුතැවිලි වේ එසේම දෙවියන් වහන්සේ දයාන්විතව ඔහුට සමාව දෙනු ලබන සේක. කෙසේ නමුත් දෙවියන් වහන්සේ දාවිත්ට කියනු ලබන්නේ දුක් කම්කටොලු ඔහුගේ ගෘහස්ථයෙන්ම ඇතිවනු ලබන බවයි.

දාවිත්ගේ කුළුදුල් පුත්‍රයා වන අම්මොන් තමාගේ අඩ සොයුරිය වන තාමාර්ව දූෂණය කරනු ලැබූ කළ කම්කටොලු සැබවින්ම පැමිණෙනු ලැබේ .ඊට පළිගැනීමක් වශයෙන් අබිසලොම් අම්මොන්ව මරා දමනු ලබයි. ඉන් අනතුරුව අබිසලොම් තම පියාගේ උදහසට මුහුණ නොදී සිටිනු වස් යෙරුසලමට පලා යයි. පසුව අබිසලොම් දාවිත්ට එරෙහිව විප්ලවයක මග පෙන්වනු ලබන අතර දාවිත්ගේ හවුල්කරුවන් කිහිප දෙනෙකුද එම කරුල්ල හා සමග ෂබැදේ (15– 16 වන පරිච්ඡේද). දාවිත්ව බලහත් කාරකමින්ම යෙරුසලමෙන් ඉවත ලනු ලබන අතර අබිසලොම් මද කලකට තමා රජ ලෙස පත් කර ගනු ලබයි. එම පැහැරගන්නාව පරාජය කරනු ලබයි, කෙසේ නමුත් දාවිත්ගේ අපේක්ෂාවට විරුද්ධව ඔහුව මරනු ලැබේ. දාවිත් ඔහුගේ මරණයට පත් කරනු ලැබූ පුත්‍රයා වෙනුවෙන් ශෝකවේ.

දාවිත්ගේ රාජ්‍ය කාලයේ සෙස්ස සාමාන්‍ය නොසන්සුන් හැගීමකින් හිරිහැර විදිනු ලබයි. ඉශ්‍රායෙල් ජනතාව යුදාවෙන් බෙදී යාමට තර්ජනය කරනු ලබන අතර දාවිත්තවත් නැගී සිටීමක් කෙසේ හෝ මැඩ පැවැත්විය යුතුවේ (20 වන පරිච්ඡේදය).

දේශයේ වසර 3ක දුර්භික්ෂයක (21 වන පරිච්ඡේදය) දාවිත්ගේ ගීතයක් (22 වන පරිච්ඡේදය) දාවිත්ගේ එඩිතරම රණශූරයන්ගේ වීරක්‍රියා පිළිබද වාර්ථාවක් (23 වන පරිච්ඡේදය) සහ දාවිත්ගේ පාපකාරී සංගණනය මෙන්ම ඊට පසුව එන සාගතය (24 වන පරිච්ඡේදය) අරභයා විස්තර මෙම පොතෙහි අනුබද්ධයෙහි අන්තර්ගතවේ.

ලකුණු පහල වීම්: 2 වන සාමුවෙල්හී දෙකොටසක ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මූලිකම දක්නට ලැබේ. ප්‍රථමයෙන්ම 2 සාමුවෙල් 7:16 හි සංක්ෂිප්තයක් ලෙස දක්වනු ලබන දාවිත්ගේ ගිවිසුමල නුඹේ වංශයද රාජශ්‍රියද මා ඉදිරියෙහි සදහටම ස්ථිර කරනු ලබන්නේය. නුඹේ සිංහාසනය සදහටම පිහිටුවනු ලබන්නේය. සහ යේසුස්වහන්සේගේ උපත දැනුම් දෙනු ලබනු වස් මරියාට ප්‍රකාශ වූ දේව දූතයාගේ වචන ලුක් 1:32–33 හි පුනර්වාචනය කර ඇත. උන්වහන්සේ ශ්‍රේෂ්ඨ වන සේකල පරමෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක: උන් වහ්න්සේගේ පියවූ දාවිත්ගේ සිංහාසනය දෙවි ස්වාමින් වහන්සේට ප්‍රදානය කරන සේක; උන් වහන්සේ යාකොබ්ගේ වංශය කෙරෙහි සදහටම රජකම් කරන සේක; උන් වහන්සේගේ රාජ්‍යය කෙළවරක් නොදක්නේයයි කීය. දාවිත්ගේ ගිවිසුමෙහි සම්පූර්ණවීම ක්‍රිස්තුස් වහන්සේය; දාවිත්ගේ පෙළපතෙහි සදාකාලයට රජකරනු ලබන දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් උන් වහන්සේය.

දෙවනුව දාවිත්ගේ ජීවිතයේ අවසානයේ ඔහුගේ ගීතයෙහි යේසුස් වහන්සේව දක්නට ලැබේ (2 සාමුවෙල් 22:2–51). ඔහුගේ පර්වතයල බලකොටුවල මිදුම්කාරයාණෝ, ඔහුගේ රක්ෂා ස්ථානය සහ ගැළවුම්කරුවාණන් පිළිබදව ඔහු ගායනා කරනු ලබයි. යේසුස් වහන්සේ අපගේ පර්වතය, (1කොරින්ති 10:4; 1පේත්‍රැස් 2:7–9), ඉශ්‍රාලේහි මිදුම්කාරයාණෝ (රෝම 11:25–27), ඒ නිසා අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අත් කරගැනීමට ආරක්ෂාව සොයා ආ පැමිණි අපට මහත් ධෛර්යයක් ලැබී ඇත. අපගේ බලකොටුව (හෙබ්‍රව් 6:18), සහ අපගේ එකම ගැළවුම්කරුවාණන්ය. (ලුක් 2:11; 2 තිමොති 1:10).

ප්‍රායෝගික උපයෝගය: අප ඕනෑම කෙනෙකු වැටීමට ලක්විය හැක. සත්‍ය වශයෙන්ම දෙවියන් වහන්සේ පසු පස යාමට අපේක්ෂා කළ සහ දෙවියන් වහන්සේ විසින් මහත් ආශිර්වාද කරනු ලැබූ දාවිත් වැනි මනුශ්‍යයෙකුද පරීක්ෂාවට ලක්වීමට නැඹුරු විය. බෙත්ශෙබා හා සමග දාවිත්ගේ පාපය, අපගේ හදවත, අපගේ දෑස් සහ අපගේ මනස ආරක්ෂා කර තබා ගැනීමට අනතුරු ඇගවීමක් විය යුතුය. අපගේ ආත්මික පරිණතභාවය මතවූ අහංකාරය සහ අපගේම ශක්තියෙන් පරීක්ෂාවට විරුද්ධව සිටීම අපගේ විනාශයේ මුල් පියවර වේ (1 කොරින්ති10:12).

අප සත්‍යය වශයෙන්ම පසුතැවිලි වන විට අපගේ ඉතාමත් දරුණු පාප වලට වුවද සමාව දෙනු වස් දෙවියන් වහන්සේ දයාන්විතව සිටින සේක. එනමුත් පාපය කරණාකොටගෙන ඇතිවූ තුවාලය සුව කළත් එතුළින් වූ කැළල සැමවිටම මකා දැමිය නොහැක. පාපයෙහි ස්වභාවික ප්‍රතිවිපාක ඇති අතර ඔහුට සමාව දුන් පසුවද දාවිත් ඔහු වපුල දේ කපා ගන්නා ලදී. තව මනුශ්‍යයකුගේ භාර්යාවක් හා සමග ඔහුගේ පුත්‍රයාගේ වූ අයුතු ඒකාබද්ධය ඔහුගෙන්ම ලබා ගන්නා ලද්දකී. (2 සාමුවෙල් 12:14–24) එසේම දාවිත් තම ස්වර්ගීය පියාණන්වහන්සේ හා සමග තිබූ සබදතාවය බිදී යාම කරණකොටගෙන වූ දුක්ඛිතභාවයෙන් පීඩා විදිනු ලැබිණ. (ගීතාවලිය 32 සහ 51). මූලික වශයෙන්ම පාපයෙන් වැළකී සිටීම තුළින් පසුව සමාව ඉල්ලා සිටීමට වඩා කෙතරම් යහපත්ද!



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



2 වන සාමුවෙල් පොත