2 වන රාජාවලිය පොත



කර්තෘ: 2 වන රාජාවලිය පොත නිරූපිත වශයෙන්ම එහි කර්තෘන්ව නම් කරනු නොලබයි. ප්‍රවාදය නම් අනාගතවතෘ වන යෙරමියා විසින් 1 වන සහ 2 වන රාජාවලිය පොත් ලියනු ලැබූ බවයි.

ලියනු ලැබූ දිනය: 2 වන රාජාවලිය පොත, 1 වන රාජාවලිය හා සමග බොහෝ විට ක්‍රි. පූ. 560 ත් 540 ත් අතරතුර කාලයෙහි ලියවෙන්නට ඇත.

ලිවීම්හි අභිමතාර්ථය: 2 වන රාජාවලිය පොත, 1 වන රාජාවලිය පොතෙහි අනුගාමී කෘතියකි. බෙදුනාවූ රාජ්‍යයේ (ඉශ්‍රායෙල් සහ යුදා) රජවරුන් පිළිබද වෘත්තාන්තය දිගින් දිගටම සදහන් කරගෙන යනු ලබයි. 2 වන රාජාවලිය පොත නිමාව දකින්නේ ඉශ්‍රායෙල් සහ යුදාහි සෙනගගේ අවසාන පරාජය මෙන්ම පිළිවෙලින්ල අසිරියාවට සහ බබිලෝනියට පිටුවහල් කිරිම තුළිනි.

මූලික පද: 2 රාජාවලිය 17:7–8: එසේ වූයේ ඉශ්‍රායෙල් ජනයා පාරාවෝ රජුගේ බලයෙන් නිදහස් කොට මිසර දේහයෙන් ගෙනා තමන්ගේ දෙවි සමිදාණන් වහන්සේට විරුද්ධව පව් කරමින් වෙන දෙවිවරුන්ට බියව සමිදාණන් වහන්සේ ඉශ්‍රායෙල් ජනයා ඉදිරියෙන් පන්නා දැමූ විජාතීන්ගේ සම්ප්‍රදායන් අනුවද හැසුරුණු නිසාය.

2 රාජාවලිය 22:1–2, ජොෂියා අට අවුරුදු වයසේදී රජවී තිස්එක් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කළේය. ජොෂියා සමිදාණන් වහන්සේගේ ඇස් හමූහයෙහි හරි දේ කොට ආඥා අකුරටම පිළිපැද තම පියාවූ දාවිත්ගේ මුළු මාර්ගයෙහි ගමන් කළේය.

2 රාජාවලිය 24:2 සමිදාණන් වහන්සේ කල්දිවරුන්ගේ හමුදාවන්ද සිරියන්වරුන්ගේ හමුදාවන්ද මෝවබ්වරුන්ගේ හමුදාවන්ද අම්මොන්වරුන්ගේ හමුදාවන්ද ඔහුට විරුද්ධව එවූ සේක. තමන්ගේ මෙහෙකරුවූ දිවැසිවරුන් ලවා සමිදාණන් වහන්සේ කියවූ වචනයේ හැටියට ජුදා නැති කරන පිණිස ඊට විරුද්ධව උන් වහන්සේ ඔවුන් එවූ සේක.

2 රාජාවලිය 8:19 එසේවී නමුත් සමිදාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ දාවිත්ට ඔහුගේ පෙළපතින් එන කෙනෙකු නොනිවෙන පහනක් මෙන් රජ පාලනය කරන බවට පොරොන්දුවූ ලෙස ඔහු නිසා ජුදා රාජ්‍යය නැති කරන්ට අකමැති වූ සේක.

කෙටි සාරංශය: 2 වන රාජාවලිය බෙදුනු රාජ්‍යයේ පසු බැසීම පිළිබදව විචිත්‍ර අයුරින් විස්තර කරනු ලබයි. ප්‍රොපේතවරුන් දිගින් දිගටම දෙවියන් වහන්සේගේ විනිශ්චය අත ළගයි යනුවෙන් පිළිබදව සෙනගට අනතුරු ඇගෙවි නමුත් ඔවුන් පසුතැවිලි නොවූහ. ඉශ්‍රායෙල් රාජ්‍යය පුනපුනාම දුෂ්ට රජවරුන් විසින් පාලනය කරනු ලැබුනු අතර යුදාහි සිටි රජවරුන් කිහිප දෙනෙක් යහපත් වුවද බහුතරයක්ම සෙනගව යෙහෝවාට නමස්කාර කිරිමෙන් ඉවතට ගෙන ගියහ. මෙම යහපත් පාලකයන් ස්වල්ප දෙනාට එලිෂා සහ අනෙකුත් ප්‍රොපේතවරුන් හා සමග එකතුවි ජනතාවගේ පරිහානිය වැළැක්විය නොහැක. ඉශ්‍රායෙලයෙහි උතුරු රාජ්‍යය අවසානයේදී අසිරියානුවන් මගින් විනාශ කරනු ලැබූ අතර වසර 136 කට පමණ පසවු යුදාහී දකුණු රාජ්‍යය බබිලෝනිවරුන් මගින් විනාශ කරනු ලැබිණ.

2 වන රාජාවලිය පොතෙහි ප්‍රමුඛ තේමා 3 ක් ගෙන හැර දැක්වේ. මූලිකවම ස්වාමින් වහන්සේ උන් වහන්සේගේ සෙනග අකීකරුවී එතුමන් විරුද්ධව කටයුතු කරන විට ඔවුන්ව විනිශ්චය කරනු ලබන සේක. ඉශ්‍රායලිතයන්ගේ අවිශ්වාසවන්තකම රජවරුන්ගේ දුෂ්ට රූප නමස්කාරය තුළින් පිළිබ්ඹු වූ අතර එහි ප්‍රතිඵලයක් වූයේ ඔවුන්ගේ කැරළි ගැසීමට විරුද්ධව දෙවියන් වහන්සේ උන් වහන්සේගේ ධර්මිෂ්ඨ උදහස ක්‍රියාවෙහි යෙදීමයි. දෙවනුව නම් දෙවියන් වහන්සේගේ සත්‍යය ප්‍රොපේතවරුන්ගේ වචනය සෑම විටම ඉෂ්ට වීමයි. ස්වාමින් වහන්සේ සෑමවිටම උන් වහන්සේගේ වචනය තබන හෙයින් එතුමන්ගේ ප්‍රොපේතවරුන්ගේ වචනද සෑමවිටම සත්‍යයවේ. තෙවනුව ස්වාමින් වහන්සේ විශ්වාසවන්තව සිටින සේක. උන් වහන්සේ දාවිත්ට දුන්නාවූ පොරොන්දුව සිහිපත් කළසේක (2 වන සාමුවෙල් 7:10–13) එසේම සෙනගගේ සහ ඔවුන්ව පාලනය කළ දුෂ්ට රජවරුන්ගේ අකීකරුකම තිබුණත් ස්වාමින් වහන්සේ දාවිත්ගේ පවුල අවසාන නොකල සේක.

ලකුණු පහල වීමි: යේසුස් වහන්සේ විසින් 1 වන රාජාවලියේ ශාරපත්හී වැන්දඹුව මෙන්ම 2 වන රාජාවලියේ නාමනගේ කථාවන් වන භාවිතා කරනු ලැබුවේ යුදෙව්රුන් විසින් උදාහරණ කොට දැක්වූයේ දෙවියන් වහන්සේගේ කරුණාව ලබන්නට නුසුදුසු යයි සැළකූ – දිළිදුන්ල දුර්වල වූවන්ල පීඩිතයන්, සුංගම් අයකරන්නන්, සමාරිතයන් සහ අන්‍යජාතීන් යන අය කෙරෙහි උන් වහන්සේගේ දයාවෙහි මහත්වූ සත්‍යය උපහැරණය කොට දැක්වීමටය. දිළිදු වැන්දඹුව සහ ලාදුරු රෝගියා පිළිබද උදාහරණ උපුටා දැක්වීමෙන් යේසුස් වහන්සේ සුවය දෙනු ලබන මහා වෛද්‍යවරයාණන් තමන් වහන්සේ බව සහ දිව්‍යයමය පරම කරුණාව මහත් ලෙස අවශ්‍යවන්නන්ට උන් වහන්සේ උපකාර කරන බට විදහා දැක්වූ සේක. සමාජයේ සියළුම තලයන් තුළින් ආකර්ශණය කරනු ලබන ස්ත්‍රී පුරුෂ, ධනවත් දිළිදු, යුදෙවිවන් සහ අන්‍ය ජාතීන් එනම් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය පිළිබදව අභිරහසේ පදනම් වූ සත්‍යයද එයවේ. (එපිස 3:1–6).

එලිෂාගේ හාස්කම් බොහෝමයක්ම යේසුස් වහන්සේ පිළිබද ලකුණු පහළ කරනු ලබයි. එලිෂා විසින් ශුනම්මීය ස්ත්‍රයගේ පුත්‍රයා මළවුන්ගෙන් නැගිටුවීම, (2 රාජාවලිය 4:34–35) නාමන්ගේ කුෂ්ඨ රෝගය සුව කරනු ලැබීම (2 රාජාවලිය 5:1–19) සහ යව රොටී කිහිපයක් වැඩි වර්ධනය කොට සිය දෙනකු පෝෂණය කොට කැබලිද ඉතිරි වීම (2 රාජාවලිය 4:42–44).

ප්‍රායෝගික උපයෝගය: දෙවියන් වහන්සේ පාපයට ද්වේශ කරනු ලබන අතර අනියත ආකාරයට එය දිගින් දිගටම පවත්වාගෙන යාමට උන් වහන්සේ ඉඩ නාරීන සේක. අප උන් වහන්සේට අයත් නම් අප අකීකරු වන අවස්ථාවන්හී උන් වහන්සේගේ හික්මවීමද අපට බලාපොරොත්තු වීමට සිදුවේ. ප්‍රේමවන්ත පියාණන් වහන්සේ තමන් වහන්සේගේ දරුවන්ව නිවරුදි කරනු ලබන්නේ ඔවුන්ගේ ශුභසිද්ධිය උදෙසා මෙන්ම ඔවුන් උන් වහන්සේට අයත් බව සනාථ කර ලීමටය. දවියන් වහන්සේ සමහර අවස්ථාවන්හී තම දරුවන්ව නිදොස් කිරීමට නොඇදහිලිවන්තයන්ව භාවිතා කරනු ලබන අතර විනිශ්චය පැමිණවීමට ප්‍රථමයෙන් අපට අනතුරු ඇගවීම් කරනු ලබන සේක. කිතුණුවන් ලෙස අප උන් වහන්සේගේ මාර්ග වලින් ඉවත්වී යන විට මගපෙන්වීමට සහ අනතුරු ඇගවීමට උන් වහනසේගේ වචනය අපට ඇත. ආදීකාලීන ප්‍රොපේතවරුන් මෙන් උන් වහනසේගේ වචනය විශ්වාසවන්ත සහ සෑම වීටම සත්‍යය කථා කරනු ලබයි. දෙවියන් වහන්සේගේ සෙනග වන අප එසේ නොවූවත් එතුමන්ගේ විශ්වාසවන්තකම කිසිදා හිගනවේ.

වැන්දඹුවගේ සහ ලාදුරු රෝගියාගේ කථාන්තර ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය හා සම්බන්ධව උදාහරණවේ. එලිෂා සමාජයේ පහත්ම තලයන් වල අය කෙරෙහි අනුකම්පා දැක්වූවා සේම ක්‍රිස්තුස් වහන්සේට අයත් වන්නන් අපගේ සභාවට අප පිළිගත යුතුවෙමු. දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන හෙයින් (ක්‍රියා 10:34) අපද එසේ නොකළ යුතුවෙමු.



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



2 වන රාජාවලිය පොත