settings icon
share icon

2 වන ලේකම් පොත

කර්තෘ: 1 වන ලේකම් පොතල එහි කර්තෘන් පිළිබදව නිරූපිත වශයෙන්ම නම් කරනු නොලබයි. 1 වන සහ 2 වන ලේකම් පොත් එස්රා විසින් ලියනු ලැබූ බවට ප්‍රවාදයක් ඇත.

ලියනු ලැබූ දිනය: 2 වන ලේකම් පොත බොහෝ විට ක්‍රි. පූ. 450 ත් 425 ත් අතරතුර කාලයෙහි ලියවෙන්නට ඇත.

ලිවීම්හි අභිමතාර්ථය: 1 වන සහ 2 වන ලේකම් පොත් තුළින් ආවරණය කරනු ලබන්නේල 1 වන සහ 2 වන සාමුවෙල් මෙන්ම 1 වන සහ 2 වන රාජාවලිය පොත්හී සදහන් කරුණුමය. 1 වන සහ 2 වන ලේකම් පොත් වැඩිපුරම අවධානය යොමු කරන්නේ කාලවකවානුවේ පූජක දෘෂ්ඨිකෝණය පිළිබදවය. 2 වන ලේකම් පොත ඉඳුරාම ජාතියේ ආගමික ඉතිහාසය පිළිබද ඇගයීමකි.

මූලික පද: 2 ලේකම් 2:1, සලමොන් සමිදාණන් වහන්සේගේ නාමයට මාලිගාවක්ද තමාට රජ මැදුරක්ද ගොඩනගන්න අදහස් කරගෙන.

2 ලේකම් 29:1–3, හෙසකියා වයස අවුරුදු විසිපහේදී රජවී විසිනව අවුරුද්දක් යෙරුසලමෙහි රජකම් කළේය. ඔහුගේ මවගේ නම අබියාය. ඈ ශෙකරියාගේ දුවකි. ඔහුගේ පියවූ දාවිත් කළ සියල්ල ලෙස ඔහු සමිදාණන් වහන්සේගේ ඇස් හමූයෙහි හරි දේ කළේය. ඔහු රජකමට පත්වූ පළමුවන අවුරුද්දේ පළමුවන මාසයේදී සමිදාණන් වහන්සේගේ මාලිගාවේ දොරවල් ඇර ඒවා ප්‍රතිසංස්කරණය කළේය.

2 ලේකම් 36:14 ,පූජකයන්ගේ සියලූ ප්‍රධානීහුද සෙනගද ජාතීන්ගේ සියලූ පිළිකුල් ක්‍රියා හැටියට බොහෝ සේ අපරාධ කරමින් සමිදාණන් වහන්සේ යෙරුසලමෙහි විශුද්ධ කළ උන් වහන්සේගේ මාලිගාව අපවිත්‍ර කළෝය.

2 ලේකම් 36:23, තවද උන් වහන්සේ යුදාහී තිබෙන යෙරුසලම උන් වහන්සේට මාලිගාවක් ගොඩනගන්ට මට අණ කර තිබේ. උන් වහන්සේ මුළු සෙනගගෙන් ඔබ අතරේ සිටින්නේ කවරෙක්ද? ඔහු සමග ඔහුගේ දෙවි සමිදාණන් වහන්සේ වැඩ සිටින සේක්වා ඔහු එතැනට යේවායි පර්සියාවේ සයිරස් දන්වන්නේය.

කෙටි සාරංශය: 2 වන ලේකම් පොත දකුණු රාජ්‍යය වන යුදාහී ඉතිහාසය වාර්ථා කරනු ලබන්නේ සලමොන්ගේ රාජ්‍යය පාලනයේ පටන් බබිලෝනියේ විප්‍රවාසයේ අවසානය දක්වාය. යුදාහී පසුබැසීම කලකිරීමට කරුණක් වන නමුත් ජනතාව දෙවියන් වහන්සේ වෙතට හැරවීමට අතීශයින් උද්යෝගී වන්නාවූ ආත්මික ප්‍රතිසංස්කාරකයන්ට අවධාරණයක් දී තිබේ. අයහපත් රජවරුන් පිළිබදව හෝ යහපත් රජවරුන්ගේ අසාර්ථක වීම් පිළිබදව ඉතා ස්වල්ප වශයෙන් සදහන් කොට ඇති අතර යහපත්කම පමණක් අවධාරණය කොට තිබේ. 2 වන ලේකම් පොත පූජක දෘෂ්ඨිකෝණයක් ගන්නා අතර උතුරු රාජ්‍යය වන ඉශ්‍රායලය පිළිබදව කලාතුරකින් සදහන් කරනු ලබන්නේ ඇයගේ ව්‍යාජ නමස්කාරයත් යෙරුසලමේ දේවමාලිගය ඒත්තු ගැන්වීම ප්‍රතික්ෂේප කිරීමත් හේතුකොටගෙනය. 2 වන ලේකම් පොත අවසන් වන්නේ යෙරුසලමෙත් එහි දේවමාලිගාවෙත් විනාශයෙනි.

ලකුණු පහල වීම්: පරණ ගිවිසුමේ රජවරුන් සහ දේවමාලිගාවන් වලට සම්බන්ධව ඇති නිර්දේශයන් හා සේම අපට ඒ සියල්ලම දැකිය හැක්කේ අපගේ සැබෑවූ රජුන්ගේ රජ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙන්ම ශුද්ධාත්මයාණන් වහන්සේගේ මාළිගාව වන උන් වහන්සේගේ සෙනග පිළිබද පිළිබ්ඹුවකි. ඉශ්‍රායලෙහිවූ ඉතා විශිෂ්ඨම රජවරුන්ටද පව්කාර මනුෂ්‍යයන් මෙන් බොහෝ දෝෂ තිබුණු අතර ඔවුන් සෙනගට මගපෙන්වූයේද අපරිපූර්ණවය. වර්ෂ දහසක කාලයක් රජුන්ගේ රජ මේ පොළොවට ජීවත් වීමට සහ රජ කිරීමට එන විට දාවිත්ගේ නිත්‍යානුකූල බලයලත් උරුමක්කරු ලෙසට උන් වහන්සේ තමන්වහන්සේව මේ පොළොවෙහිම සිහසුන මත තහවුරු කරගනු ලබන සේක. ධර්මිෂ්ඨකමින් සහ ශුද්ධකමින් රජ කරනු ලබන පරිපූර්ණ රජ කෙනෙකු අපට ලැබෙන්නේ එවිටයල එනම් ශ්‍රේෂ්ඨම ඉශ්‍රායෙල්හි රජවරුන්ට සිහින මැවීමට පමණක් හැකි කාරණයකි.

එපරිද්දෙන්ම සලමොන් විසින් ගොඩ නගනු ලැබූ බලවත් දේවමාලිගාව සැලසුම් කරනු ලැබුවේ සදාකාලයටම පැවතීමට නොවේ. වසර 150 කට පසුව දිරාපත්වීම සහ රූප නමස්කාරයට නැවත හැරුණු අනාගත පරපුර විසින් විකෘති කරනු ලැබූ හේතුවෙන් එය පිළිසකර කිරීමට ඇවැසි විය. (2 රාජාවලිය 12). එනමුත් ශුද්ධාත්මයාණන් වහන්සේගේ දේවමාලිගාව එනම් ක්‍රිස්තුස් වහන්සේට අයත් වන්නන් සදාකාලයටම ජීවත්වේ. ඒ දේවමාලිගාව නම් මනුෂ්‍යය දෑත් වලින් නොසෑදු එනමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව සෑදු යේසුස් වහන්සේට අයත් වන අපයග (යොහාන් 1:12–13) අප තුළ ජීවත් වන ආත්මයාණන් වහන්සේ කිසිවිටක අප කෙරෙන් නික්ම නොයන අතර යම් දිනක දෙවියන් වහන්සේගේ දෑතට ප්‍රවවේසමෙන් අපව භාර දෙනු ලබන සේක. (එපීස 1:13, 4:30) මේ පොළොවෙහි කිසිඳු පූජ්‍ය ස්ථානයක එවන් පොරොන්දුවක් අන්තර්ගත නොවේ.

ප්‍රායෝගික උපයෝගය: ලේකම් පොත කියවනු ලබන්නන්ට ඇරයුම් කරනු ලබන්නේ අතීතයේ පටන් සෑම පරපුරක්ම ඇගයීමට ලක් කර සෑම කෙනෙකුටම කීකරුකම කරණකොටගෙන ආශිර්වාදය හෝ දුෂ්ටකම හේතුවෙන් දඞුවම් කරනු ලැබීමට හේතුවත් වටහා ගන්නා ලෙසය. අපගේ පරම්පරාවෙත් එම පරම්පරාවෙත් තත්වය අප විසින්ද ඒකාබද්ධව සහ පෞද්ගලිකව සසදා බැලිය යුතුවෙමු. අප හෝ අපගේ ජාතීය හෝ අපගේ සභාව යම් දුෂ්කරතාවයන් අත්දකින්නෙමු නම් අපගේ විශ්වාසයන් සහ විවිධවූ රජවරුන් යටතේ සිටි ඉශ්‍රායලිතයන්ගේ අත්දෑකීම්ද සමග අප මෙවන් විශ්වාසයන් කෙරෙහි ක්‍රියා කරන අන්දම සසදා බැලීම අපට මහත් ප්‍රතිලාභයක් ගෙනදේ. දෙවියන් වහන්සේ පාපයට ද්වේශ කරන අතර උන් වහන්සේ එයට කිසිඳු ඉඩක් දෙනු නොලබන සේක. එනමුත් අපට ලේකම් පොතෙන් යමක් හෝ උගන්වනු ලබන්නේ නම් එය වනාහී දෙවියන් වහන්සේ අපට සමාව දීමට අභිප්‍රාය කරන අතර යටහත්ව යාච්ඤා කිරීමෙන් සහ පශ්චාතාපවීමෙන් අපව සුව කරනු ලබන බවත්යග (1 යොහාන් 1:9).

ඔබට දෙවියන් වහන්සේගෙන් ඔබ අපේක්ෂා කරන ඕනෑම දෙයක් ලබා ගැනීමට හැකි වූයේ ඔබ ඉල්ලා සිටින්නේ කුමක්ද? අත්‍යධික ධනයද? ඔබට සහ ඔබ ප්‍රේම කරන්නවුන්ට සුවයද? ජීවනය සහ මරණයට ඉහළින් බලයද? ඒ ගැන සිතීම විශ්මජනක නොවේ? එනමුත් ඊට වඩා විශ්මජනක දේ නම් දෙවියන් වහන්සේ එවන් යෝජනාවක් සලමොන්ට ගෙන ආ කල ඔහු විසින් මේ කිසිවක් තෝරාගනු නොලැබින. ඔහු විසින් ඉල්ලනු ලැබුවේ දෙවියන් වහන්සේ ඔහුට පවරනු ලැබූ කාර්‍යය ඉතා හොදින් නිම කිරීමට අවශ්‍යය වන ප්‍රඥාව සහ දැන්ගැන්මය. මෙයින් ලැබෙන ගුරුකම නම් දෙවියන් වහන්සේ අප සෑම කෙනෙකුටම ඉටු කිරීමට නියෝගයක් දී ඇති අතර අපට උන් වහන්සේගෙන් ඉල්ලා ලබා ගත හැකි මහත් වූ ආශිර්වාදය නම් අපගේ ජීවිතයේ එතුමන්ගේ කැමැත්ත ක්‍රියාත්මක කිරීමට හැකියාවයග ඒ සදහා අපට ඉහළින් එන ප්‍රඥාව (යාකොබ් 3:17) අවශ්‍යය වන්නේ උන් වහන්සේගේ කැමැත්ත වටහා ගැනීමට මෙන්ම අපගේ කාර්‍යයන් සහ ආකල්ප යන දෙකම ක්‍රිස්තුස් වහන්සේගේ සමානතාවය අනුව වීමට අප පොළඹවන්නාවූ තේරුම් ගැනීම සහ ආත්මීය දැනගැන්මයග (යාකොබ් 3:13).

English



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

2 වන ලේකම් පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries