settings icon
share icon

1 වන ලේකම් පොත

කර්තෘ: 1 වන ලේකම් පොතල එහි කර්තෘන් පිළිබදව නිරූපිත වශයෙන්ම නම් කරනු නොලබයි. 1 වන සහ 2 වන ලේකම් පොත් එස්රා විසින් ලියනු ලැබූ බවට ප්‍රවාදයක් ඇත.

ලියනු ලැබූ දිනය: 1 වන ලේකම් පොත බොහෝ විට ක්රි. පූ. 450 ත් 425ත් අතරතුර කාලයෙහි ලියවෙන්නට ඇත.

ලිවීමිහි අභිමතාර්ථය: 1 වන සහ 2 වන ලේකම් පොත් තුළින් ආවරණය කරනු ලබන්නේ, 1 වන සහ 2 වන සාමුවෙල් මෙන්ම 1 වන සහ 2 වන රාජාවලිය පොත්හී සදහන් කරුණුමය. 1 වන සහ 2 වන ලේකම් පොත් වැඩිපුරම අවධානය යොමු කරන්නේ කාලවකවානුවේ පූජක දෘෂ්ඨිකෝණය පිළිබදවය. 1 වන ලේකම් පොත විප්රවාසයෙන් පසුව ලියනු ලැබුවේ ඊශ්රායෙලයට නැවත එනු ලබන්නවුන්ට දෙවියන් වහන්සේව නමස්කාර කළ යුතු ආකාරය තේරුම් ගැනීමට උපකාර කරනු වස්ය. ඉතිහාසය කේන්ද්ර වී ඇත්තේ දක්ෂිණ රාජධානිය, යුදා, බෙන්යමින් සහ ලෙවී ගෝත්ර තුළය. මෙම ගෝත්ර දෙවියන් වහන්සේට වඩාත් විශ්වාසවන්තව සිටීමට නැඹුරු වී ඇත.

මූලික පද: 1 ලේකම් 11:1–2 “එකල සියලූ ඉශ්‍රායෙල්වරු හෙබ්‍රොන්හී සිටි දාවිත් වෙතට රැස්වී කථා කොටථ අපි ඔබගේ ඇටද මාංසද වමුවග පසුගිය කාලවල සාවුල් රජව සිටියදී පවා ඉශ්‍රායෙල් පිටතට ගෙන ගියෙත් ඇතුළට ගෙනාවෙත් ඔබය. ඔබගේ දෙවිවූ ස්වාමින් වහන්සේ – නුඹ මාගේ සෙනගවූ ඉශ්‍රායෙල් පාලනය කරන්නෙහිය. නුඹ මාගේ සෙනගවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා වන්නෙහියයි ඔබට කීසේකැයි කීවෝය.”

1 ලේකම් 21:13, “මම මහත් අමාරුවකට පැමිණ සිටිමි. ඉතින් ස්වාමින් වහන්සේ අතට අසුවන්නෙමි; මක්නිසාද උන් වහන්සේගේ අනුකම්පාව ඉතා මහත්ය. මනුෂ්‍යයාගේ අතට අසුවන්ට මට සිද්ධනොවේවයි ගාද්ට කීවේය.”

1 ලේකමි 29:11, “මහන්තත්වයද පරාක්‍රමයද තේජසද ජයද මහිමයද අයත් ඔබටය. මක්නිසාද ස්වර්ගයෙහිත් පොළොවෙහිත් ඇති සියල්ල ඔබගේය, රාජ්‍යයත් ස්වාමින් වහන්ස ඔබට අයිතිය, ඔබ සියල්ල කෙරෙහි හිස මෙන් උසස්ව සිටිනසේක.”

කෙටි සාරංශය: 1 වන ලේකම් පොතෙහි පළමු වන පරිච්ඡේද 9 කැප වී ඇත්තේ ලැයිස්තු සහ පෙළපත් වලටය. තවද ලැයිස්තු සහ පෙළපත් 1 වන ලේකම් පොතෙහි ඉතිරි කොටස පුරාවටද විසිරී ඇත. 1 වන ලේකම් පොත අතරතුරාවට සිංහාසනයට දාවිත්ගේ ආරෝහණය සහ ඉන් අනතුරුව ඔහුගේ ක්‍රියා පිළිබදවද වාර්තා කොට ඇත. මෙම පොත නිම වන්නේ දාවිත්ගේ පුත්‍රයා වූ සොලමන් ඊශ්‍රායෙල්හී රජ බවට පත්වීම සදහන් කරමිනි. කෙටි සංක්ෂිප්තක් ලෙස 1 වන ලේකම් පොත මෙසේයථ 1:1–9 23 දක්වා පරිච්ඡේද – තෝරා ගනු ලැබූ පෙළපත්ත 9:24–12 40 දක්වා පරිච්ඡේද – දාවිත්ගේ උසස් වීමත 13:1–20 30 දක්වා පරිච්ඡේද – දාවිත්ගේ රාජ්‍ය කාලය.

ලකුණු පහල වීමිථ 1 වන ලේකම් 16:33 හි සදහන් දෙවියන් වහන්සේට ස්තුතී දීමේ දාවිත්ගේ ගීතය තුළින් ඔහු යොමු කරනු ලබන්නේ දෙවියන් වහන්සේ “මෙම පොළොව විනිශ්චය කිරීමට” පැමිණෙන කාලය පිළිබදවය. මෙය මතෙව් 25 පිළිබදව ලකුණු පහල වන අතර, මෙතුළින් යේසුස් වහන්සේ විස්තර කරනු ලබන්නේ උන් වහන්සේ මෙම පොළොව විනිශ්චය කිරීමට පැමිණෙන කාලය පිළිබදවය. කන්‍යාවන් දස දෙනාගේ සහ තලෙන්ත උපමාවන් තුළින් උන් වහන්සේ අනතුරු අගවනු ලබන්නේ තමන්ගේ පාප ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලින් වසනු නොලැබූවන්” පිටත අන්ධකාරයට හෙළනු ලබන බවයි. උන් වහන්සේගේ සෙනගව එතුමන් ධෛර්‍යමත් කරනු ලබන්නේ උන් වහන්සේ බැටළුවන්ව එළුවන්ගෙන් වෙන් කරනු ලබන හෙයින් උන් වහන්සේ එන කළ සූදානමින් සිටින ලෙසයි.

දාවිත්ගේ ගිවිසුමේ එක් කොටසක 17 වන පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ විසින් පුනර්වාචනය කරනු ලබන්නේ ඉදිරියේදී එනු ලබන මෙසියස් වහන්සේ දාවිත්ගෙන් පැවත එන කෙනෙකුන් බවය. 13–14 දක්වා පදයන්හී විස්තර කරනු ලබන්නේ දේව ගෘහයේ පුත්‍රයාණන්ව තහවුරු කරනු ලැබ එතුමන්ගේ සිහසුනද සදාකාලයට තහවුරු කරනු ලබන බවයි. මෙය අදාල කරනු ලබන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට පමණි.

ප්‍රායෝගික උපයෝගය: 1 වන ලේකම් පොතෙහි සදහන් පෙළපත් අපට වියළි ස්වභාවයක් ගෙන දෙන බව හැඟෙන නමුත් එතුළින් අපට මතක් කර දෙනු ලබන්නේ දෙවියන් වහන්සේ උන් වහන්සේගේ දරුවන්ව පෞද්ගලික හඳුනන නමුත් අපගේ සෑම හිස කෙසක් පවා ගණන් කොට ඇත. මතෙව් 10:30– අපට සෑහීමට පත් විය හැක කරුණක් වන්නේ අප කවුරුන්ද අප කුමක් කරන්නේද යන්න දෙවියන් වහන්සේගේ සිතෙහි සදාකාලයටම ලියවී ඇත යන කාරණාව අපට සහනයක් ගෙන දෙනු ලබයි. අප ක්‍රිස්තුස් වහන්සේට අයත් නම් අපගේ නම් සදාකාලයටම බැටළු පෝතකයාණන්ගේ ජීවන පොතෙහි ලියවී ඇති බවය. එළිදරව් 13:8.

දෙවියන් වහන්සේ උන් වහන්සේගේ සෙනගට විශ්වාසවන්තව සිටින අතර උන් වහන්සේගේ පොරොන්දුද තබන සේක. දාවිත් ඉශ්‍රායෙල් කෙරෙහි රජ ලෙස පත් කරනු ලැබූ කළ දෙවියන් වහන්සේ ඔහුට දුන්නාවූ පොරොන්දුව සම්පූර්ණ වීම 1 වන ලේකම් පොත තුළින් අපට දැක ගත හැක. 1 ලේකම් 11:1–3 උන් වහන්සේ අපටද දී ඇති පොරොන්දුද ඉටු කරන බව අපට මෙතුළින් සහතිකයක් ලබා ගත හැක. උන් වහන්සේව අනුගමනය කරන්නන්ට, පශ්චාතාප වී ක්‍රිස්තුස් වහන්සේ වෙතට එන්නවුන්ට සහ එතුමන්ගේ වචනයට කීකරු වන්නන්ට ආශිර්වාද කිරීමට උන්වහන්සේ පොරොන්දු වී ඇත.

කීකරුකම තුළින් ආශිර්වාද ලැබේ, අකීකරුකම කරණකොටගෙන විනිශ්චය ගෙන එනු ලබයි. 1 ලේකම් පොත, 1 වන සහ 2 වන සාමුවෙල් පොත් සහ 1 වන සහ 2 වන රාජාවලිය පොත් වූ කලී ඉශ්‍රායෙල් ජාතීන්ගේ පාපයේ ස්වභාවය, පශ්චාතාපවීම, පාප කමාව සහ ප්‍රතිෂ්ථාපනය පිළිබදව කෙරෙන පුරාවෘත්තයන්ය. ඒ අයුරෙන්ම අප සැබෑ පසුතැවීමකින් උන් වහන්සේ වෙතට එන්නෙමු නම් දෙවියන් වහන්සේ අප ගැන ඉවසා අපගේ පාප වලටද කමාව දෙනු ලබන සේක. 1 යොහාන් 1:9, උන් වහන්සේ අපගේ වේදනා වලින් පිරුණාවූ යාච්ඤා වලට සවන් යොමු කරන සේක, අපගේ පාප වලට කමාව දෙනු ලබන සේක, උන් වහන්සේ හා සමග ඇති සහභාගීත්වය ප්‍රකෘතිමත් කරනු ලැබ ප්‍රීතියේ මාර්ග කරා අප ගෙන යනු ලබන බැවින්ල එම කාරණා කරණාකොටගෙන අපට සහනයක් ලබා ගත හැක. English



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



නැවතත් සිංහල මුල් පිටුවට

1 වන ලේකම් පොත
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries