1 වන සාමුවෙල් පොත



කර්තෘ: එහි කර්තෘ නිර්නාමිකය. අප දන්නා පරිදි සාමුවෙල් විසින් පොතක් ලියනු ලැබූ අතර මෙම පොතෙහි කොටසක්ද ඔහු විසින් ලියනු ලැබුවා වන්නට පිළිවන. (1 වන සාමුවෙල් 10:25) මෙයට දායකවූ අනෙකුත් අය වශයෙන් සමිභාවිතාවක් ඇත්තේ අනාගතවකෘතවරයන් / ඉතිහාසඥයන් වන නාතාන් සහ ගාද්ය (1 වන ලේකම් 29:29).

ලියවී ඇති වර්ශය: මූලිකවම 1 වන සහ 2 වන සාමුවෙල් එක පොතක් විය. සෙප්ටූජන් පරිවර්තකයන් විසින් ඒවා වෙන් කරනු ලැබූ අතර එම වෙන් කිරීම් එවක සිට දැනුදු තෙක් පවත්වාගෙන එනු ලැබී ඇත. 1 වන සාමුවෙල්හී සිදුවීම් දළ වශයෙන් ක්‍රි.පූ.1100 සිට ක්‍රි.පූ.1000 කාල පරාසය දක්වා ව්‍යාප්තවේ. 2 වන සාමුවෙල්හී සිදුවීම් තවත් වසර 40 ක් පමණ ආවරණය කරනු ලබයි. එසේ නම් ලියනු ලැබූ දිනය ක්‍රි. පූ. 960 න් පසු යම් කලෙක විය යුතුවේ.

ලියවී ඇති හේතුව: 1 වන සාමුවෙල් කානාන් දේශයේ ඊශ්‍රායෙල්හී ඉතිහාසය වාර්ථා කරනු ලබන්නේ විනිශ්චයකාරයන්ගේ පාලනයෙන් ඉවත්ව රජවරුන් යටතේ එක්සත් කරනු ලැබූ ජාතියක් ලෙසටය. සාමුවෙල් නික්ම එනු ලබන්නේ අවසාන විනිශ්චයකාරයා ලෙසට වන අතර පළමු රජවරුන් දෙදෙනා වන සාවුල් සහ දාවිත්ව රජකමට ආලේප කරනු ලබන්නේ ඔහු විසිනි.

ප්‍රධාන පදයන්:
අප විනිශ්චය කරන්ට අපට රජෙකු දුන මැනවැයි කී කීම ගැන සාමුවෙල් අසතුටු විය. තවද සාමුවෙල් ස්වාමින් වහන්සේය යාචිදෘ කළේය. ස්වාමින් වහන්සේද: සෙනග නුඹට කියන සියල්ල ගැන ඔවුන්ගේ හඩට ඇහුමිකන් දීපන්න. මක්නිසාද ඔවුහු නුඹ එපා කළා නොවල මා ඔවුන් කෙරෙහි රජකම් නොකරන පිණිස මා එපා කළෝය.” (1 වන සාමුවෙල් 8:6–7).

“සාමුවෙල්ද සාවුල්ට කථාකොට: නුඹ අණුවන ලෙස ක්‍රියා කෙළෙහිය. නුඹේ දෙවිවූ ස්වාමින් වහන්සේ නුඹට අණ කළ උන් වහන්සේගේ ආඥාව රක්ෂා කළේ නැත. රක්ෂා කළා නම් ස්වාමින් වහන්සේ නුඹේ රජකම ඉශ්‍රායෙල් කෙරෙහි සදාකාලේටම ස්ථිර කරනවා ඇත. නමුත් දැන් නුඹේ රජකම පවතින්නේ නැත. ස්වාමින් වහන්සේ නුඹට අණකළ දේ නුඹ රක්ෂා නොකළ බැවින් උන් වහන්සේ තමන්ගේ සිතට එකගවූ මනුෂ්‍යයකු සොයා ගෙන තමන්ගේ සෙනග කෙරෙහි අධිපතියා වෙන්ට ඔහු නියම කර තිබේ යයි කීවේය.” (1 වන සාමුවෙල් 13:13–14)

සාමුවෙල්ද: “ස්වාමින් වහන්සේගේ හඩට කීකරුවීම පමණ දවන පූජාවලටත් ය. පූජාවලටත් ස්වාමින් වහන්සේ ප්‍රසන්න වන සේක්ද? පූජාවට වඩා කීකරුවීමත් බැටළුවන්ගේ තෙලට වඩා ඇහුම්කන්දීමත් හොදය. මක්නිසාද කැරළිකාරකම පේන කීමේ පාපයටත් මුරණ්ඩුකම දේවතාවන් හා රූප ඇදහීමටත් සමානය. නුඹ ස්වාමින් වහන්සේගේ වචනය පහ කළ නිසා උන් වහන්සේත් නුඹ රජකමෙන් පහ කළ සේකැයි කීවේය.” (1 වන සාමුවෙල් 15:22–23)

කෙටි සාරාංශය: 1 වන සාමුවෙල් පොත පිළිවෙලකට කාණ්ඩ දෙකකට බෙදා වෙන් කළ හැකත සාමුවෙල්ගේ ජීවිත කථාව (1–12 දක්වා පරිච්ඡෙද) සහ සාවුල්ගේ ජීවිත කථාව (13–31 දක්වා පරිච්ඡෙද). මෙම පොත ආරම්භ වන්නේ සාමුවෙල්ගේ මවගේ අප්‍රමාදී යාච්ඤාවට පිළිතුරු වශයෙන් සිදුවූ ඔහුගේ ආශ්චර්යජනක උපතෙනි. සාමුවෙල් දරුවෙකු ලෙස ජීවත් වූයේ සහ සේවය කරනු ලැබුවේ දේවමාලිගාවෙහිය. දෙවියන් වහන්සේ සමූහයක් අතරින් ඔහුව අනාගතවකෘතවරයෙකු ලෙස තෝරා ගනු ලැබූ අතර ( 3:9–21) එම දරුවාගේ ප්‍රථම අනාගත වාක්‍යය වූයේ දූෂිත පූජකයන්ට විරුද්ධව තිබූ විනිශ්චයක් පිළිබදවය.

ඉශ්‍රාලිතයන් තමන්ගේ නිරන්තර සතුරන් වන පිලිස්තිවරුන් හා සම. සටනට යති. පිලිස්තිවරුන් ගිවිසුම් පෙට්ටිය අත්පත් කොටගෙන තාවකාලිකව ඔවුන් සන්තකව තබා ගනිතත් දෙවියන් වහන්සේ විනිශ්චය එවූ පසු පිලිස්තිවරුන් පෙට්ටිය ආපසු ලැබෙන්නට සැලැස්වූහ. සාමුවෙල් ඉශ්‍රාලිතයන්ට පශ්චාතාප වීමට මෙන්ම (7:3–6) පිලිස්තිවරුන් කෙරෙහි ජය ගන්නටද ඇරයුම් කළේය.

ඉශ්‍රායෙල් සෙනගට අනෙකුත් ජාතීන් මෙන් වන්නට අවශ්‍යය වී රජ කෙනෙකු අපේක්ෂා කළහ. සාමුවෙල් ඔවුන්ගේ මෙම බලයෙන් ඉල්ලා සිටීම පිළිබදව අප්‍රසන්න වුවද දෙවියන් වහන්සේ ඔහුට පැවසුවේ ඔවුන් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ සාමුවෙල්ගේ නායකත්වය නොව උන් වහන්සේගේ නායකත්වය බවය. ඔවුන්ට රජ කෙනෙකු සිටීමෙහි අර්ථය පිළිබදව අනතුරු ඇගවීමෙන් පසුව සාමුවෙල්ල බෙන්ජමින් ගෝත්‍රයෙන් වූ සාවුල්ව මිශ්පාහි රජකමට ආලේප කලේය (10:17–25).

සාවුල් ආරම්භක සඵලත්වය භුක්ති විඳින ලද්දේ අම්මෝනිවරුන්ව යුද්ධයේදී පරාජය කිරීමෙන්ය. (11 වන පරිච්ඡෙදය) නමුත් ඔහු වැරදි අදියර මාලාවක්ම අනුගමනය කරමින් බිය සැකක් නොමැතිව යාගයක්ද ඔප්පු කලේය. (13 වන පරිච්ඡෙදය) ඔහුගේ පුත්‍රයා වන ජොනතන්ව භාවිතා කරමින් අඥාණ භාරයක් වෙමින් (14 වන පරිච්ඡෙදය) දෙවියන් වහන්සේගේ සෘජු ආඥාවක්ද කඩ කලේය. (15 වන පරිච්ඡෙදය) සාවුල්ගේ කැරලි ගැසීමේ ප්‍රතිඵලයක් ලෙසින් දෙවියන් වහන්සේ සාවුල්ගේ තනතුර ගැනීමට වෙනත් කෙනෙකු තෝරා පත් කරන සේක. ඒ අතරම දෙවියන් වහන්සේ උන් වහන්සේගේ ආශිර්වාද සාවුල් කෙරෙන් ඉවත් කරන ලදුව දුෂ්ඨ ආත්මය සාවුල්ව වියරු වීම කෙරෙහි පෙළඹවීම ඇරඹේ (16:14).

සාමුවෙල් තරුණයකු වූ දාවිත්ව ඊළග රජ ලෙස ආලේප කරනු වස් බෙත්ලෙහෙමට ගමන් කරයි. (16 වන පරිච්ඡෙදය) අනතුරුව දාවිත් ගෝලියත් නම්වූ පිලිස්තියා හා සමග පැවතුනාවූ ප්‍රසිද්ධ ඝට්ටනයෙන් පසුව ජාතික වීරවරයෙකු බවට පත්වේ. (17 වන පරිච්ඡෙදය) දාවිත් සාවුල්ගේ රජ මැදුරේ සේවය කරමින් සහ සාවුල්ගේ දියණිය විවාහ කරගනිමින් සාවුල්ගේ පුත්‍රයා හා සමග මිතුදමක්ද ආරම්භ කරයි. සාවුල් දාවිත්ගේ සාර්ථකත්වය සහ ජනප්‍රියභාවය හේතුකොටගෙන ඊර්ෂ්‍යාව හටගෙන දාවිත්ව නැසීමට ප්‍රයත්න දරයි. දාවිත් පලා යෑමෙන් අනතුරුව අවදානම් සහිත වූත් කුමණත්‍රණකාරීවූත් ආලයෙන් පූර්ණවූත් සුවිශේෂි කාලපරිච්ඡේදයක් ආරම්භ කරයි. අධිස්වභාවික උපකාරයක් සහතව දාවිත් ඉතා සියුම් ලෙස මෙන්ම නිත්‍ය වශයෙන්ම ලේ පිපාසිතවූ සාවුල්ව මග හැරයයි. (19 - 26 දක්වා පරිච්ඡෙදයන්) ඒ සියල්ල මධ්‍යයේ වුවද දාවිත් තමාගේ අවංකකම සහ ජොනතන් හා සමග තිබූ මිත්‍රත්වය පවත්වාගෙන යයි.

පොතෙහි අවසාන භාගයේදී සාමුවෙල් මිය ගොස් ඇති අතර සාවුල් ව්‍යාකූලවූ පුද්ගලයකු බවට පත්වේ. පිලිස්තියා සටනෙහි සන්ධ්‍යාකාලයේදි සාවුල් පිළිතුරු සොයයි. දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කළ හෙයින් ඔහුට ස්වර්ගයෙන් කිසිඳු උපකාරයක් නොලැබී ඒ වෙනුවට ඔහු වෙනත් මාධ්‍යයකින් උපදෙස් ලබා ගැනීමට උත්සාහ කරයි. රැස්වීම අතරතුර අවසාන අනාවැකිය කියනු වස් සාමුවෙල්ගේ ප්‍රාණය මළවුන්ගෙන් නැගිටුනු ලබයි: පසු දින යුද්ධයේදී සාවුල් මිය යනු ලබයි. අනාවැකිය සම්පූර්ණ වියත; ජොනතන් ඇතුළු සාවුල්ගේ පුතුන් තිදෙනා යුද්ධයෙන් පරිහානියට පත්වේ, සාවුල් සිය දිවි නසා ගනු ලබයි.

අනාගතවැකි: 1 වන සාමුවෙල් 2:1–10 හි සදහන් වන හන්නාගේ යාච්ඤාව ක්‍රිස්තුස් වහන්සේට නොයෙක් අනාගතය හෙළි කරන නිර්දේශයන් ගෙනදෙයි. දෙවියන් වහන්සේ ඇයගේ පර්වතය ලෙසට ඇය උදම් අනයි. (2 වන පදය) ශුභාරංචි වාර්ථා තුළින් අපට දැනුම් දෙනු ලබන්නේ අපගේ ආත්මික නිවාස ගොඩ නැගිය යුතු පර්වතය නම් යේසුස් වහන්සේ බවය. පාවුළු යේසුස් වහන්සේව යුදෙව්වන්ට සදහන් කරන්නේ “බාධාවේ පර්වතය” ලෙසය. (රෝම 9:33) අපගේ ආත්මයට “ජීවනදායක ජලය” උන් වහන්සේ සපයන්නාක් මෙන් පාළුකරයේදී ඉශ්‍රායෙල් සෙනගට ආත්මික පානයක් සපයා දුන් හෙයින් ක්‍රිස්තුස් වහන්සේව “ආත්මික පර්වතය” ලෙස නම් කරනු ලැබූ සේක. (1 වන කොරින්ති 10:4; යොහාන් 4:10) හන්නාගේ යාච්ඤාවේදීත් පොළොවේ සීමාන්ත දක්වා විනිශ්චය කරනු ලබන දෙවියන් වහන්සේ පිළිබද නිර්දේශයක්ද කරනු ලබන අතර (2:10) මතෙව් 25:31–32 යේසුස් වහන්සේ පිළිබදව සදහන් කරනු ලබන්නේ සියල්ලන්ව විනිශ්චය කරනු පිණිස තේජසෙන් යුතුව එනු ලබන මනුශ්‍යය පුත්‍රයා ලෙසටය.

ප්‍රායෝගික භාවිතය: සාවුල්ගේ ඛේදාන්ත කථාන්තරය නාස්තිවූ ඉඩප්‍රස්ථාවක් පිළිබද අධ්‍යයනයකි. ඔහු සියල්ල සන්තකව සිටි කෙනෙකි / ගෞරවය, ආධිපත්‍යය, ධනය, කඩවසම් පෙනුම සහ වෙනත් බොහෝ දේ. එහෙත් ඔහු මිය ගියේ කිසිඳු බලාපොරොත්තුවක් නොමැතිව, ඔහුගේ සතුරන් කෙරෙහි බිය වැදී, ඔහුගේ ජාතිය, පවුල සහ ආගම අසමත් කළ බව දැනගෙනය.

අකීකරු කමින් දෙවියන් වහන්සේව ප්‍රසන්න කළ හැකීටවේ යයි සිතූ දෝෂය සාවුල් විසින් කරන ලදී. වත්මන් කාලයේ බොහෝ දෙනා මෙන් ඔහුද විශ්වාස කලේ සංවේදී අභිප්‍රායන් දුෂ්ට හැසීරීම් හා නිපූරණය කරන බවය. සමහරවිට ඔහුගේ බලය හේතුවෙන් ඔහු අහංකාර වී ඔහු සියළු නීති වලටත් ඉහළින් සිටිනවායයි සිතන්නට වූවා වන්නට පිළිවන. කෙසේ හෝ ඔහු දෙවියන් වහන්සේගේ ආඥා පිළිබදව පහත් නිගමනයකට පැමිණ ඔහු පිළිබදව උසස් නිගමනයට පැමිණියේය. එසේම ඔහුගේ වැරදි ක්‍රියා පිළිබදව ඔහුගේ මුහුණුට කියා පෑ කල්හී ඔහු දෝෂහරණය කිරීමට ප්‍රයත්න දැරූ විට එකල්හී දෙවියන් වහන්සේ ඔහුව ප්‍රතික්ෂේප කළ සේක (15:16–28).

අප සියල්ලන්ද මුහුණ පාන්නේ සාවුල්ගේ ගැටළුවමය – එනම් හදවත පිළිවදව ප්‍රශ්නයකි. සාර්ථකත්වය උදෙසා දෙවියන් වහන්සේගේ කැමැත්තට කීකරු වීම අවශ්‍යයවේ, ඒ ආකාරම අප උඩගුකමින් උන් වහන්සේට විරුද්ධව කැරලි ගැසුවොත් අප අපටම හානි කර ගැනීමට සලසා ගමු.

එලෙස බලන කළ දාවිත් මුලදී එසේ නොවීය. සාමුවෙල්ටද ඔහුව නොපෙනී තිබීමට පෙළඔවීමෙන් පරික්ෂා කරනු ලැබීය (16:6–7) එනමුත් දෙවියන් වහන්සේ දකින්නේ හදවතයල එමෙන්ම දාවිත්ව දුටුවේ තමාගේ සිතට එකගවූ මනුශ්‍යයෙක් ලෙසය. (13:14) දාවිත්ගේ නිහතමානී බව සහ අවංකකම ස්වාමින් වහන්සේ වෙනුවෙන් ඇති නිර්භීතකම මෙන්ම යාච්ඤාවට ඇති ඔහුගේ කැපවීම මුසුවූ විට අප සියළු දෙනාට ඉතා කදිම නිදසුනකි.



පැරණි ගිවිසුම පිළිබඳ සමීක්ෂණය



1 වන සාමුවෙල් පොත