settings icon
share icon
ප්‍රශ්නය

මිථ්‍යා විශ්වාස ගැන බයිබලය පවසන්නේ කුමක්දදැක්විම පිලිබඳ බයිබලීය අදහස?

පිළිතුර


මිථ්‍යා විශ්වාසය පදනම් වී ඇත්තේ ඉන්ද්‍රජාලික බලයක් ඇති වස්තුවක් මත ඇති වූ නොදැනුවත්කම මතය. මිථ්‍යා විශ්වාසයට තවත් වචනයක් වන්නේ "රූප වන්දනාව වේ. සැලසුමක් රහිතව සිදුවන දේවල් වලට බයිබලය සහාය නොදක්වයි, මක්නිසාද දෙවියන් වහන්සේගේ ස්වෛරී පාලනයෙන් පිටත කිසිවක් සිදුවිය නොහැක. එතුමා සියලු දේ සිදුවීමට ඉඩ හරින්නේ හේතුවක් ඇතිව හෝ අවසර දෙන්නේ එතුමාගේ දිව්‍ය සැලැස්මට අනුවය (ක්‍රියා 4:28, එපීස 1:10).

ලෝකය පුරා බොහෝ මිථ්‍යා විශ්වාසයන් තිබේ. එනම් ඉණිමඟක් යටින් නොයැවීම, ජෝතිශය, කළු මැජික්, පේන කීම වූඩූ සහ මන්ත්‍ර ගුරුකම් වැනි අද්භුත පිළිවෙත් දක්වා වේ. එම ක්‍රියා වල යෙදෙන අය ශුද්ධ ලියවිල්ල හෙළා දකී. ජෝතිශය (ද්වීතීය කථාව 4:19), මැජික්, පේනකීම, හා යන්ත්‍ර මන්ත්‍ර (2 රාජාවලිය 21:6, යෙසායා 2:6). එමෙන්ම රූප වන්දනාවද තහනම් වන අතර එම ක්‍රියා වල නියැලෙන කිසිවෙක් දෙවියන් වහන්සේගේ රාජධානියට ඇතුළු වන්නේ නැත. මෙවැනි ආකරයේ ක්‍රියා අතීශයින් භයානික වන්නේ එහි නියැලෙන්නන්ගේ මනස යක්‍ෂයාගේ බලපෑම් වලට විවෘත වන බැවිනි." 1පේත්‍රස් 5:8 අපට අවවාද කරන්නේ ආත්ම දමනයෙන් යුක්තව අවදිව සිටින පිණිසය. මක්නිසාද අපේ සතුරා වන යක්‍ෂයා ගොරවන සිංහයෙකු මෙන් ගිල දමන පිණිස කෙනෙකු සොයමින් සිටියි".

අපගේ ඇදහිල්ල ලබා ගත යුත්තේ මිනිසා විසින් සාදන ලද වස්තුන් හෝ චාරිත්‍ර සිටිත් විරිත් වලින් නොව සදාකාල ජීවනය ලබා දෙන එකම සැබෑවූ දෙවියන් වහන්සේ ගෙන්මය. "කිසිම මිනිසෙක් ඔබව කුරිරු හා රැවටිලිකාර දර්ශන හරහා වහල් භාවයට ගෙන නොයන පිණිස වග බලා ගත යුතු වන්නේ ඒවා රඳා පවතින්නේ ක්‍රිස්තුස් වහන්සේ මත නොව මිනිස් සම්ප්‍රදායන් හා මේ ලෝකයේ මූලික මූල ධර්ම මත බැවින්ය. මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේ තුළ දේවත්වයේ පූර්ණත්වය සම්පූර්ණයෙන් ජීවත් වන අතර, සැම බලයකටම සහ අධිකාරියකම ප්‍රධානියා වන ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබට පූර්ණත්වය ලබා දී ඇති බැවින්ය (කොලොස්සි 2:8-10).

English



නැවතත් සිංහල මුල් පිටුවට

මිථ්‍යා විශ්වාස ගැන බයිබලය පවසන්නේ කුමක්දදැක්විම පිලිබඳ බයිබලීය අදහස?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries