settings icon
share icon
ප්‍රශ්නය

කිතුනුවකු සිය දිවි නසාගන්නේ නම්, ඔහු / ඇය තවමත් ගැළවී තිබේද?

පිළිතුර


සමහර කිතුනුවන් සියදිවි නසාගෙන තිබීම කණගාටුදායක කරුණකි. ඛේදවාචකයකට එකතු කිරීම යනු සියදිවි නසා ගැනීම ස්වයංක්‍රියව නිරයට යවන බවට ව්‍යාජ ඉගැන්වීමකි. සියදිවි නසා ගන්නා කිතුනුවකු ගැළවීම නොලබන බව බොහෝ දෙනා විශ්වාස කරති. මෙම ඉගැන්වීමට බයිබලයෙහි අනුබල නැත.

ශුද්ධ ලියවිල්ල උගන්වන්නේ, අප ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි සැබවින්ම විශ්වාස කරන මොහොතේ සිට අපට සදාකාළ ජීවනය සහතික වන බවයි. (යොහාන් 3:16 — දෙවියන්වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේමකළ සේක්ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන්වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනාම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිසය). බයිබලයට අනුව, කිතුනුවන්ට සදාකාළ ජීවනය ඇති බවට සැකයකින් තොරව දැන ගත හැකිය. (1 යොහාන් 5:13- මෙය මා ඔබ වෙත ලියා එවන්නේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් අදහන ඔබ සැමට සදාතන ජීවනය ඇති බව ඔබ නිසැකව දැන ගන්නා පිණිසය). කිතුනුවකු දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් වෙන්කරන්න කිසිවකට නොහැකිය. (රෝම 8:38-39 — මන්ද මරණයටවත්, ජීවිතයටවත්, දේව දූතයන්ටවත්, භුතාධිපතීන්ටවත්, බලධාරීන්ටවත්, දැන් තිබෙන කිසිවටකවත්, අතී උසටවත්, මහා ගැඹුරටවත්, මුළු විශ්වයෙහි අන් කිසි මැවිල්ලකටවත් අපගේ ස්වාමින් වන ජේසුස්ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇති දේව ප්‍රේමයෙන් අප වෙන් කළ නොහැකි බව මම ඒකාන්තයෙන් දනිමි). කිසිම "මැවූ දෙයකට කිතුනුවකු දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් වෙන් කළ නොහැකි වන අතර, කිතුනුවකු පවා සියදිවි නසා ගැනීම " "මැවූ දෙයක්" වේ. එමනිසා කිතුනුවකු දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් වෙන් කිරීමට සියදිවි නසා ගැනීමට පවා නොහැකිය. යේසුස්වහන්සේ අපගේ සියළු පාප වෙනුවෙන් මියගිය අතර, සැබෑ කිතුනුවකු අධ්‍යාත්මිකප්‍රහාරයක හා දුර්වලකමේ කාළයකදී සියදිවි නසාගන්නේ නම්, ඔහුගේ පාපය තවමත් ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයෙන් ආවරණය වේ.

බයිබලයට අනුව, සියදිවි නසාගැනීම යනු පුද්ගලයෙකු ස්වර්ගයට ඇතුළුවන්නේද යන්න තීරණයකරන්නේ නැත. ගැළවීම නොලබන අයෙකු සියදිවි නසා ගන්නෙ නම් ඔහු නිරයට යවන ගමන වේගවත් කිරීම "හැර වෙන කිසිවක් කර නැත. කෙසේ වෙතත් සියදිවි නසා ගත් පුද්ගලයෙකු අවසානයේ නිරයේ සිටින්නේ ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන ගැළවීම ප්‍රතික්ෂේප කිරීම මිස ඔහු සිය දිවි නසාගත් නිසා නොවේ. (යොහාන් 3:18 බලන්න- "උන් වහන්සේ අදහාගන්නා විනිශ්චය කරනු නොලැබේ. අදහා නොගන්නා දෙවියන් වහන්සේ ඒකජාතක පුත්‍රයාණන් අදහා නොගන්නා බැවින් දැනටම විනිශ්චය ලබා ඇත.") කෙසේ වෙතත්, පුද්ගලයෙකුගේ හෝ ඇයගේ මරණයේ මොහොතේ සිදුවූයේ කුමක්දැයි කිසිවෙකු සැබවින්ම නොදන්නා බව අප පෙන්වා දිය යුතුයි. සමහර අය මරණීය සංවාද ඇති අතර මරණයට පෙර අවස්ථාවලදී ක්‍රිස්තුස් වහන්සේව පිළිගනිති. සියදිවි නසා ගැනීමක් අවසාන වශයෙන් දෙවන වරට වෙනස් විය හැකි අතර දෙවියන්වහන්සේගේ දයාව ඉල්ලා කෑ ගසයි. අපි එවැනි විනිශ්චයන් දෙවියන් වහන්සේට භාර දෙමු. (1සාමුවෙල් 16:7- "සමිදාණන් වහන්සේ මිනිසා බලන්නාක් මෙන් නොබලන සේක. මිනිසා බලන්නේ බාහිර පෙනීම දෙසය. එහෙත්, සමිදාණන් වහන්සේ බලන්නේ සිත දෙසයි වදාළ සේක").

ඇදහිලි වන්තයෙකුගේ දිවි නසා ගැනීම ඕනැම කෙනෙකුට බලාපොරොත්තු සුන්වීම සමඟ සටන් කළ හැකි බවටත් අපගේ සතුරා වන සාතන් මුල සිට මිනීමරුවෙක් බවටත් සාක්ෂියකි. (යොහාන් 8:44ට අනුව ඔබේ පියා යක්ෂයා ය. එබැවින් ඔබේ කැමැත්ත ඔබේ පියාගේ ආශාවන් ඉටු කිරීමය. මුල සිටම ඔහු මිනීමරුවෙකි. සත්‍යය ඔහු තුළ පිහිටා නැති බැවින්, ඔහු සත්‍යයෙහි නොපිහිටියේය. ඔහු බොරු කියන කල ඔහුගේ නියම ගතියෙන්ම කතා කරයි. මන්ද, ඔහු බොරුකාරයෙකි. ඔහු බොරුවේ පියාය). සියදිවි නසා ගැනීම තවමත් දෙවියන්වහන්සේට එරෙහි බරපතල පාපයකි. බයිබයට අනුව සිය දිවි නසා ගැනීම මිනීමැරුමකි. එය සැමවිටම වැරදිය. කිතුනුවන් දෙවියන් වහන්සේ උදෙසා ඔවුන්ගේ ජීවිත ගත කිරීමට කැඳවනු ලබන අතර, කවදා මිය යා යුතුද යන්න තීරණය කිරීම දෙවියන්වහන්සේ හා දෙවියන් වහන්සේම පමණකි.

අදදින පරික්ෂාවන්ට මුහුණ දෙන සෑම කෙනෙකුටම දෙවියන් වහන්සේ කරුණාව සහ ගීතිකා කරුගේ දෘෂ්ටිකෝණය ලබා දෙනු ඇත. මාගේ ආත්මය ඔබ පහත් වන්නේ ඇයි? මා මෙතරම් කළබළ වන්නේ ඇයි? ඔබේ බලාපොරොත්තුව දෙවියන්වහන්සේ කෙරෙහි තබන්න. මක්නිසාද මාගේ ගැළවුම්කරුවා සහ මාගේ දෙවියන්වහන්සේ වන ඔහුට මම ප්‍රශංසා කරන්නෙමි. (ගීතාවලිය 43:5 ට අනුව ඇයි මා මෙසේ දුක් සයුරේ කිමිදෙන්නේ? ඇයි මා මෙසේ කෙඳිරිගාමින් ළත වන්නේ? දෙවි තුමන් ගැන බලා සිටිමි. මාගේ දෙවිදුන් හට, මිදුම්කරුන් හටය ළිත් මෙමම් පැසසුම් දෙමි").

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනුවකු සිය දිවි නසාගන්නේ නම්, ඔහු / ඇය තවමත් ගැළවී තිබේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries