settings icon
share icon
ප්‍රශ්නය

ලියවිල්ලෙහි ප්‍රමාණවත් භාවය යන දහම / භාෂිතය කුමක්ද? බයිබලය සෑහේ යන්නෙහි අරුත කුමක්ද?

පිළිතුර


ලියවිල්ලෙහි ප්‍රමාණවත් භාවය යන දහම යනු කිතුනු ඇදහිල්ලෙහි ප්‍රධාන මූල ප්‍රඥප්තියයි. ලියවිල්ල සෑහේ යන්න පැවසීමේ අරුත නම් සේවය හා ඇදහිල්ලේ ජීවිතය සඳහා අපව සන්නද්ධ කරගැනීමට අපට අවශ්‍ය එකම දෙය බයිබලය පමණක් බවය. එයින් තමන් වහන්සේ හා මනුෂ්‍ය ප්‍රජාව අතර බිදුණු සම්බන්ධතාවය යේසුස් වහන්සේ කරණකොටගෙන යලි ප්‍රතිස්ථාපනය කිරීම පිළිබඳ පැහැදිලි ඉදිරිපත් කිරීමක් දෙනු ලබයි. බයිබලය අපට ඇදහිල්ල, තෝරා ගැනීම සහ යේසුස් වහන්සේගේ කුරුසියේ මරණය හා මළවුන්ගෙන් උකුත්වීම කරණකොටගෙන ගැලවීම, පිළිබඳව උගන්වයි. මෙම ශුභාරංචිය වටහා ගැනීම සඳහා වෙනත් කිසිම ලියවිල්ලක් අවශ්‍ය නොවන අතර, ඇදහිල්ලේ ජීවිතයක් සඳහා සන්නද්ධ කරන පිණිස වෙනත් ලියවිලිද අවශ්‍ය නැත.

"ලියවිල්ල" යනුවෙන් සඳහන් කිරීමේදී කිතුණුවන් වටහා ගන්නා ක්‍රමය නම් පරණ හා අළුත් ගිවිසුම් යන දෙකොටසමය. පාවුල්තුමා ලියවිල්ල ගැන ප්‍රකාශ කරනු ලැබුවේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ගැළවීම පිණිස නුඹ නැණවත් කරන්ට පුළුවන්වූ ශුද්ධ ලියවිලි නුඹ බාලවයසේ පටන් දැනගෙන සිටින බවත් දැන ඒවායේ පිහිටා සිටපන්න දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත්, තරවටුවටත්, හික්මවීමටත්, ධර්මිෂ්ඨකම ගැන ගුරුකම්දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ (2 තිමොති 3: 15-17). ලියවිල්ල දෙවියන් වහන්සේගේ හුස්ම නම් එය මනුෂ්‍යයාගේ හුස්ම නොවේය. ලියවිල්ල මනුෂ්‍යයා විසින් ලියනු ලැබුවත් ඔවුන් "නමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් පොළඹවනු ලැබ, දෙවියන් වහන්සේගෙන් ලැබූ ලෙස කථා කළෝය" (2 පේත්‍රැස් 1:21). මනුෂ්‍යයා විසින් ලියන ලද කිසසිම ලියවිල්ලක් යහපත් වැඩය සඳහා සන්නද්ධ කරණ පිණිස ප්‍රමාණවත් වන්නේ නැති අතර එම වැඩය කළ හැක්කේ දෙවියන් වහන්සේගේ වචනයට පමණය. තව දුරටත්, ලියවිල්ල මනුෂ්‍යයා මුළුමනින්ම සන්නද්ධ කරන පිණිස සෑහේ නම්, තවත් කිසිවක් අවශ්‍යවන්නේ නැත.

කොලොස්සි පොතෙහි 2 වන පරිච්ජේදයේ ලියවිල්ලෙහි ප්‍රමාණවත් බව අභියෝගයට ලක්වුන කල්හි සභාව මුහුණ දෙන භයානකතත්වයන් හා බයිබලීය නොවන ලියවිලි අතර ශුද්ධ ලියවිල්ල සංවිලීන වීම පිළිබඳ සාකච්ජා කරයි. පාවුල්තුමා කොලොස්සි සභාවට අනතුරු අඟවමින් "ක්‍රිස්තුස් වහන්සේට එකඟ තැනැත්තා මනුෂ්‍යයන්ගේ පරම්පරාගත නියෝගවලත්, ලෝකයේ ගුරුකම් වලත් ප්‍රකාරයට තිබෙන පණ්ඩිතකමද හිස්වූ රැවටිලිකාරකමද, කරණකොටගෙන නුඹලා කොල්ලයක් කරගන්න කිසිවෙක් නොසිටින හැටියට බලාගනිල්ලා" (කොලොස්සි 2:8) යයි පවසයි. යූද් ඊටත් වඩා ඝෘජුව ප්‍රකාශ කරමින් "ප්‍රේමවන්තයෙනි, අපේ පොදු ගැළවීම ගැන නුඹලාට ලියා එවන්ට මුළු උත්සාහය දරණ විට එකවරක්ම ශුද්ධවන්තයන්ට භාර දුන් ඇදහිල්ල උදෙසා උනන්දු ආකාරයෙන් පොර අල්ලන ලෙස අවවාද කරමින් නුඹලාට ලියා එවන්ට මට ඕනෑ විය (යූද් 1:3). "එක් වරක්" යන වාක්‍ය ඛණ්ඩය සැළකිල්ලට ගන්න. සභා පාලකතුමා කෙතරම් භක්තිවන්ත වූවත්, දේව ධර්මවර්යකු වූවත් නිකායික සභාව කොහේ සිටන් පැමිණියත් දෙවියන් වහන්සේගේ වචනයට සමාන කරන්ට හෝ පූරණ කරන්ට හෝ කිසිම ලියවිල්ලකට නොහැකි බව මෙයින් පැහැදිලි වේ. දෙවියන් වහන්සේගේ වරිතය, මනුෂ්‍යයාගේ ස්වාභාවය, පාපයේ ධර්මයද, ස්වර්ගය, නිරය සහ යේසුස් වහන්සේ තුළින් ගැළවීමද පිළිබඳව ඇදහිලිවන්තයාට වටහා ගැනීමට අවශ්‍ය සියල්ල බයිබලය තුළ අඩංගුව ඇත. බයිබලය සෑහේ යන කරුණ පිළිබඳව ප්‍රබල පදයන් ගීතාවලිය පොතෙහි සඳහන්වේ. ගීතාවලිය 19:7-14 දක්වා පදයන් හී දාවිත්තුමා දෙවියන් වහන්සේගේ වචනය තුළ ප්‍රීතිවෙමින් දේව වචනය සම්පූර්ණ බවත් සත්‍යවාදී බවත්, සිත ප්‍රීතිමත් කරන බවත්, ඇස් එළිය කරන බවත්, සැබෑබවත් සම්පූර්ණයෙන්ම ධර්මිෂ්ඨබවත් පවසයි. බයිබලය පරිසමාප්ත බැවින් වෙනත් කිසිම ලියවිල්ලක් අවශ්‍යවන්නේ නැත.

බයිබලය සෑහේ / ප්‍රමාණවත් බව අදවන විට ප්‍රහාරයන්ට ලක් වෙමින් පවතින අතර, වේදනාවට කාරණයක් වන්නේ බොහෝවිට එම ප්‍රහාරයන් අපගේම සභාවන් වලින් විමයි. ලෞකික කළමනාකරණ ශිල්පි ක්‍රම, සෙනඟ ඇදගැනීමේ විධික්‍රම, විනෝද උත්සව, අමතර බයිබලීය එළිදරව්වන්, ගුහ්‍ය සම්ප්‍රදානයන් සහ මනෝමය අනුශාසනාදීම් වැනි සියල්ලක්ම ප්‍රකාශකරනු ලබන්නේ බයිබලය සහ එහි ප්‍රඥප්තීන් කිතුණු දිවියට ප්‍රමාණත් නොවන බවයි. නුමුත් යේසුස් වහන්සේ පවසන ලද්දේ "මාගේ බැටළුවෝ මාගේ හඬඅසති. මමද ඔවුන් අදුනමි. ඕව්හු මා පස්සේ එති (යොහාන් 10:27). එතුමාගේ හඬට අප සියලු දෙනද සවන්දිය යුතු වන අතර එම හඬ ලියවිල්ල වන අතර සම්පූර්ණයෙන්ම එය සෑහේ.



English



නැවතත් සිංහල මුල් පිටුවට

ලියවිල්ලෙහි ප්‍රමාණවත් භාවය යන දහම / භාෂිතය කුමක්ද? බයිබලය සෑහේ යන්නෙහි අරුත කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries