settings icon
share icon
ප්‍රශ්නය

යෙසායා 53 "දුක් විඳීමේ සේවකයා" යන අනාගතවාක්‍ය යේසුස් වහන්සේ පිළිබඳවද?

පිළිතුර


හෙබ්‍රෙව් ලියවිල්ලෙහි පරණ ගිවිසුමේ "ටනාකා" හි ඇති මෙසායනික අනාගතවාක්‍ය අතරින් ඉතා ශ්‍රේෂ්ඨ, යුදෙව්වන්ගේ මෙසියස් වහන්සේ ගේ පැමිණීම පිළිබඳ අනාගතවාක්‍ය වන්නේ යෙසායා 53 වේ. "දුක් වීඳිමේ සේවකයා" ලෙස හදුන්වන අනාගතවක්තෘවරුන්ගේ කොටස ඈත අතීතයේ පටන් යුදෙව් ආගමෙහි ඉතිහාසය පිළිබඳ වූ රබ්බීවරුන් සීයොන් වෙත මතු දවසකදී පැමිණෙන මිදුම්කරුවෙක් ගැන ප්‍රකාශ කිරීමට පරිහරණය කරන ලදී. මෙය දුක් විඳීමේ සේවකයාගේ අන්‍යතාවය පෙන්නුම් කරණ පිණිස සම්ප්‍රදායානුකුලව විශ්වාස කරන ලැබූ කොටස යෙසායා 53 වේ.

බැබිලෝනීය තල්මුද් පවසන්නේ මෙසියස් වහන්සේ, එතුමාගේ නම කුමක්ද? රබ්බීවරු පවසන්නේ " ලාදුරු රෝගීන්ගේ විශාරදයා" මන්ද "සැබැවින් උන්වහන්සේ උසුලා ගත්තේ අපගේ දුක්ය, දරා ගත්තේ අපගේ ශෝකය, එසේවී නුමුත් උන්වහන්සේ ගේ දඬුවමද, දෙවියන් වහන්සේගේ පහරද ලැබූ ලාදුරු රෝගියෙකුයි සිතීමුව (සැන්හැන්ඩ්‍රින් 98 බී) යන ලෙසයි.

රූත් 2:14 තවත් පැහැදිලි කිරීමක් දෙමින් මිඩ්රාෂ් රූත් රබ්බාහ් රජුන් වන මෙසියස් වහන්සේ ගැන පවසන්නේ "මෙහාට ඇවිත් සිංහාසනය අසලට ළංව මේ රොටී වලින් කන්න, එනම් රාජධානියේ රොටියයි, නුඹේ කැබෙල්ල කාඩි හොද්දේ පොඟවා" මෙම කොටස දඬුවමක් ලෙස පෙන්නුම් කොට, "වචනයේ සඳහන් පරිදි" නුමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය පොඩි කරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය" යන කොටසට සමාන කර දක්වයි.

ටාගුම් ජොනතන් "මෙන්න මගේ දාසයා වන මෙසියස් සපල වන්නේය. ඔහු උසස්ව, වර්ධනය වී, ඉතාමත් ශක්තිමත් වන්නේය". යනුවෙන් පවසයි.

සොහර් "ඔහු තුවාල කරණු ලැබුවේ අපේ අපරාධ නිසාය සමග තවත් ඒවා එකතු කරමින් ඒදන් උයනේ රෝගී පුත්‍රයන්ගේ මාළිගාව යනුවෙන් මාළිගාවක් ඇති අතර එය තුළට එතුමා ඇතුල්ව එහි සිටින සැම රෝගයක්ම, සෑම වේදනාවක්ම, ඊශ්‍රායෙල් ගේ සෑම දඬුවමක්ද විභාග කොට ඔවුන් සෑම කෙනෙකුවම විවේක ගන්වනවා ඇත. ව්‍යවස්ථාව උල්ලංගනය කිරීමේ වරදට ඊශ්‍රායෙල් මත පැමිණි දඬුවම එතුමා මත නොගත්තේ ඊශ්‍රායෙල්හි දඬුවම කරපිට ගන්නට වෙනත් කිසිවෙකුට හැකි නොවන අතර, ඊශ්‍රායෙල් එය කෙසේ දරා ගන්නද? මෙය "සැබැවින්ම උන්වහන්සේ උසුලා ගත්තේ අපේ රෝගයයි" ලෙස ලියවුන බවට සඳහන් කරයි.

අති උතුම් (රාම්බාම්) රබ්බි මොසෙස් මයිමනොදිස්ගේ," මෙසියස් සොයා ගැන්ම් කෙබදුද? මීට පෙර කිසිවෙකු නොදන්නා වූ කෙනෙකු පහල වනවා ඇත. ඔහු සැබෑවේ ආරම්භය වන බව සනාථ කරන්නට බොහෝ ලකුණු සහ පුදුම සිදු කරනවා ඇත. මන්ද සර්වබලධාරී එතුමා තමාගේ කාරණා සිතිවිලි ප්‍රකාශකරමින් "මෙන්න පැළෑටිය නම් වූ මනුෂ්‍යයා තමන්ගේ ස්ථානයෙන් පැළවී ඇවිත් (සෙකරියා 6:12). ඒවා මෙලෙස වේ. යෙසායාද මෙලෙස කාලයට සමාන කරමින් පියා හෝ මව හෝ පවුල පිළිබඳ සඳහනක් නොමැතිව එතුමා ඉදිරියෙහි මූලාංකුරයක් ලෙස වියළි පොළොවෙන් මතු වෙනවා ඇත යන්න යෙසායාගේ වචන වලින්, පැහැදිලි කරනවිට, කිසිවකු තේරුම් නොගන්නාවූ, නොඇසුවාවූ, නොදුටුවාවූ, කිසිවකු නොපැවසුවාවූ මෙවදන් රජවරුන් පවා ඇසෙන කල්හි මුඛයන් පවා වසා ගන්නවා ඇත"යනුවෙන් පවසයි.

නුමුත් අවාසනාවකට නූතන යුදෙව් රබ්බිවරුන් "දුක් විඳීමේ සේවකයා" ලෙස යෙසායා 53 සඳහන් වන්නේ ඊශ්‍රායලය පිළිබඳව හෝ යෙසායා තමා පිළිබඳව පැවසූ පදයක් ලෙස හෝ මෝසෙස් ගේ හෝ වෙනත් යුදෙව් අනාගතවක්තෘ කෙනෙක් ලෙස හෝ පිළිගනු ලබයි. නුමුත් පුරාණයේ බොහෝ රබ්බිරුන් පිළිගන්නාසේ යෙසායා පැහැදිලිවම ප්‍රකාශ කරනු ලබන්නේ මෙසියස් වහන්සේ පිළිබඳවමය.

යෙසායා 53 හි 2 වන පදයෙහි, එහි නිර්මලත්වය සනාථ කරයි. "උන්වහන්සේ ළා පැළයක් මෙන්ද වියළි බිමින් මතුවෙන අංකුරයක් මෙන්ද" යන පිංතුරය මේ වනවිට වර්ධනය වී ඇත. "අංකුරයක් මෙන්ද" යන්න සැකයකින් තොරව මෙසියස් වහන්සේ පිළිබඳ යොමු කිරීමක් බව පිළිගත හැකිවේ. එමෙන්ම එය පොදු මෙසායනික යොමුවක් ලෙස යෙසායා පොතෙහි මෙන්ම තවත් ස්ථානවලද සඳගන් වේ. දාවිත්ගේ වංශය ඇදවැටුණු ගසක් ලෙස කපා දමනු ලැබුවද, ඊශ්‍රායෙල්ට දුන් පොරොන්දුව නම් එම කඳෙන් අංකුරයක් ලියලන බව පවසයි. එම අංකුරය මෙසියස් රජ බවය.

යෙසායා 53 හි සඳහන්වන මෙසියස් වහන්සේ, ඉතා උසස් කොටසළකනූ ලබන රජවරුන් පවා එතුමා ඉදිරියේ මුඛය වසාගන්නා දුක් විඳිමේ සේවකයා සැකයකින් තොරව මෙසියස් වහන්සේමය. වැටුණු දාවිත් වංශයෙන් මතුව ආ අංකුරය මෙසියස් වහන්සේය. එතුමා රජවරුන්ගේ රජය එතුමාණන් වහන්සේ අවසාන ගිවිසුම සපයන ලදී.

යෙසායා 53 පැමිණෙන දාවිත් රජ ලෙස යොමු කරවනු ලබන්නේ මෙසියස් වහන්සේ වෙතට බව තේරුම් ගත යුතුය. රජ මෙසියස් වහන්සේ කරණකොටගෙන වූ අනාගතවාක්‍ය වූයේ එතුමා අපගේ පාපයේ මිලය ගෙවන්නට දුක් විඳ මරණයට පත්විය යුතු බවත් මළවුන් ගෙන් නැගිටිය යුතු බවත්ය. එතුමාව විශ්වාස කරන්නවුන්ට පවිත්‍ර වීම සඳහා ලේ වල ගිවිසුම ලෙසද, ජාතීන්ට පූජකවරයෙක් ලෙසද මෙහෙවරෙහි යෙදෙනවා ඇත. මෙය යොමු කළ හැක්කේ එකම එක් අයෙකුට පමණි. එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේටය.

එතුමාගේ දරුවන් ලෙස ප්‍රකාශ කරන්නන්ට එතුමාද අංකුරයක් හා ජයග්‍රහණයේ ඉතුරුව ගැන පොරොන්දුවක්ද දෙන ලදී. යුදෙව් අපෝස්තුළු වරුන්ගේ සාක්‍ෂියට අනුව, යේසුස් වහන්සේ අපගේ පව් උදෙසා ජීවිත පූජා කළ බවත්, මළවුන් ගෙන් උත්ථානවූ බවත් දෙවියන් වහන්සේගේ දකුණු පාර්ශවයට ස්වර්ගාරෝහණය වූ බවත් දැන් අපගේ උත්තම පූජකයාණන් වහන්සේ අපව පාපයෙන් පවිත්‍ර කරණ මෙහෙවරෙහි යෙදන බවත්ය (හෙබ්‍රෙව් 2:17, 8:1). යෙසායා පෙර දැක්මෙන් දුටු මෙසියස් වහන්සේ යේසුස් වහන්සේමය.

රබ්බී මොෂේ කොහෙන් ඉබින් ක්‍රිස්පින්ට අනුව, යෙසායා 53, ගුරුවරුන් ගේ දැනුම එපාකර තමාගේ හදවතේ මුරණ්ඩුකමට ඇහුම්කන්දී තමාගේ මතයේ රැදුණු ඊශ්‍රායෙල් යයි පරිවර්තනය කරන අයට තමන්ගේ රබ්බීවරුන් ගේ රජ මෙසායාගේ ඉගැන්වීම් අනුව යෙසායා මෙම අනාගතවාක්‍ය ප්‍රකාශ කරණු ලැබුයේ, අනාගතයේ පැමිණෙන්ට සිටින මෙසියස් වහන්සේගේ සැබෑ ස්වභාවය එළිදරව් කරන පිණිස ලැබුණු දිව්‍යමය අණ නිසාය. එනම් පැමිණෙන්ට තිබෙන, පැමිණ ඊශ්‍රායලය මුදවන්නාවූ සහ එතුමාගේ අභිමතය පරිදි මිදුම්කරුවාණෝ සේ පැමිණුනදා පටන්, තවත් කෙනෙකු මෙසියස් වහන්සේ සේ පෙනී සිටින්නට උත්සාහ කරනු ලැබුවහොත් මේ ගති ලක්‍ෂණ ඇත්දෝයි සොයා බලා එසේ වේ නම්, එතුමා අපගේ ධර්මිෂ්ඨකමේ මෙසියස් වහන්සේ ලෙසත් නොවේ නම් කිසිදා ඔහු මෙසියස් වහන්සේ නොවන බවත් පිළිගන්නට හැකිවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යෙසායා 53 "දුක් විඳීමේ සේවකයා" යන අනාගතවාක්‍ය යේසුස් වහන්සේ පිළිබඳවද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries