settings icon
share icon
ප්‍රශ්නය

වෙනත් කෙනෙකුට බාධාවක්වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර


අන්‍යයන්ට සැලකීම නියාමනය කරන නීති මාලාවක් මධ්‍යයේ අපට පෙනී යන්නේ "බිහිරාට දොස් නොකියන්න, අන්ධයාට ඉස්සරහ පැකිල වන දෙයක් නොතබා, නුබේ දෙවියන්වහන්සේට භයව සිටපන්න." (ලෙවී කථාව 19:14). නිසැකවම, අන්ධයෙකු ඉදිරියේ ගලක් හෝ ගඩොල් තැබීම කෲරය, නමුත් අළුත් ගිවිසුම ප්‍රායෝගික කියමන ගෙන එය අධ්‍යාත්මික රූපකයක් බවට පත් කරයි.

කුරුසියේ ඇණගැසීම සම්බන්ධයෙන් යෙසුස්වහන්සේ ප්‍රකාශ කලවිට පේදුරුතුමා එය ප්‍රතික්ෂේප කිරිම ගැන උන්වහන්සේව තරවටු කලවිට උන්වහන්සේ, "සාතන්, මා පස්සට යව, ඔබ මට බාධාවකි; මක්නිසාද ඔබ සිත යොමු කරන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්තට නොව මිනිසාගේ කැමැත්තටය" (මතෙව් 16:23). සාතන්ගේ බලපෑම යටතේ පේතෘස්තුමා යේසුස්වහන්සේට පැවරි ඇති දේට බාධා කිරීමට උත්සාහ කළේය. කුරුසියේ ඇණ ගැසීමේ මාවතේ යේසුස්වහන්සේ "පැකිලීමට" ඔහු උත්සාහ කළේය. පාවුල්තුමා එම අදහස නැවත අවධාරණය කරයි: "නමුත් අපි කුරුසියේ ඇණ ගසනු ලැබූ ක්‍රිස්තුස්වහන්සේව දේශනා කරන්නෙමු, යුදෙව්වන්ට බාධාවකි, අන්‍යජාතීන්ට මෝඩකම" (1 කොරින්ති 1:23). මෙසියස්වහන්සේව කුරුසියේ ඇණ ගසනු ඇතැයි යන අදහස යුදෙව්වන්ට බාධාවක් විය. මෙය මෙසියස්වහන්සේ කෙබඳුවනු ඇත්ද යන්න පිළිබඳ ඔවුන්ගේ විශ්වාසයන් අවුලුවා හැරියේය.

නමුත් බොහෝවිට, "බාධාව" යන්නෙන් අදහස් කරන්නේ යම් දෙයක් හෝ වෙනත් කෙනෙකු දෙවියන්වහන්සේ සමග සම්බන්ධතාවයෙන් වළක්වන අයෙකි. මතෙව් 18:5-7 හී යේසුස්වහන්සේ මෙසේ පවසයි. "යමෙක් මාගේ නාමයෙන් එවැනි දරුවෙකුව පිළිගන්නේද; නමුත් මා විශ්වාස කරන මේ කුඩා දරුවන්ගෙන් එක්කෙනෙක් පැකිලෙන්නේ නම්, ඔහුගේ ගෙලෙහි බර ඇඹරුම් ගලක් එල්ලා මුහුදට හෙලිම හොඳය. එහි බාධාවන් නිසා ලෝකයට දුක්වේ! මක්නිසාද පැකිලීම නොවැළැක්විය හැකිය. නමුත් පැකිලීම ඇති ඒ මිනිසාට දුක්වේ!"පාපයට වඩා කෙනෙකුගේ අත කපා දැමීම වඩා හොඳය (මතෙව් 18:8), රාජ්‍ය දෘෂ්ටිකෝණය අනුව, දරුවෙකුව පාපයට යොමු කරනවාට වඩා දියේ ගිලීම හොඳය. රෝම 14:13 හි පාවුල්තුමා පෙන්වා දෙන්නේ දෙවියන්වහන්සේ පමණක් විනිශ්චය කරන බවයි; අප අන් අයව විනිශ්චය කිරීමට නොව, අප එතරම් සැලකිල්ලක් දක්වන පාපයට ඔවුන්ව යොමු නොකරන්නේ යැයි සැලකිලිමත් වන්න.

මාර්ගය තව ටිකක් අපැහැදිලි වනවිට බාධා ඇතිවේ. පරිණත ක්‍රිස්තියානි ජීවිතය කීකරු, විනය ගරුක ඇදහිල්ලකට පටහැනි යැයි පෙනෙන සමහර නිදහසට ඉඩ දෙයි. පිළිම වලට පූජා කළ මස් අනුභව කිරීම ගැන කොරින්තිවරු සැලකිලිමත් වූහ. නවීන ගැටළු අතරට මධ්‍යස්ථව හෝ නැටීමෙන් මත් පැන් පානය කිරීම ඇතුළත්වේ. "නමුත් ඔබේ නිදහස කෙසේ හෝ දුර්වලයන්ට බාධාවක් නොවීමට වග බලා ගන්න" (1 කොරින්ති 8:9). අපගේ නිදහස දෙවියන්වහන්සේ සමඟ වෙනත් කෙනෙකු ගමන් කිරීම වටින්නේ නැත. දෙවියන්වහන්සේ ඉඩ දෙන දෙයක් තවත් කෙනෙකුව පාපයට යොමු කරයි නම්, අප එයින් වැළකී සිටිය යුතුය. කිතුනුවන් වශයෙන් අපට විශාල නිදහසක් ලබාදී ඇත, නමුත් විශාලතම දෙය නම් අන් අයගේ සුභසාධනය අපේම දේට වඩා සලකා බැලීමේ නිදහසයි.

බාධාවකින් වැළකී සිටීම යනු තවත් කෙනෙකුව පාපයට යොමු නොකිරීමයි. අප මෙය ඉටුකරන ආකාරය රඳා පවතින්නේ අප අවට සිටින අයගේ තත්වය සහ හදවත් මතය. දෙවියන්වහන්සේගේ ප්‍රේමය හා සැපයුම තුළ අපට ඇති සුරක්ෂිත භාවය, දැන් සහ සදාකාලිකවම, දුර්වල අයට, එනම් දෙවියන් වහන්සේ කවුද යන්න තේරුම් ගැනීමට නිශ්චිත දිරිගැන්වීමක් අවශ්‍ය අයට සැලකිලිමත් වීමට අපට ඉඩ සලසයි. සමහර අවස්ථාවලදී, එයින් අදහස් කරන්නේ දෙවියන්වහන්සේ කරුණාවේ දෙවිකෙනෙකු බව නිදර්ශනය කිරීම සඳහා එම නිදහසේ ජීවත්වීමයි. වෙනත් අය තුළ, එයින් අදහස් කරන්නේ දුර්වල ඇදහිලිවන්තයන් ගොඩ නඟා ගැනීම සඳහා අපව හික්මවීම සහ ඔවුන් සූදානම් නැති නිදහසකට ඔවුන්ව තල්ලු නොකිරීමයි. නමුත් සෑමවිටම එයින් අදහස් කරන්නේ පාපය ලෙස බයිබලය නිශ්චිතව හඳුනාගෙන ඇති ආකාරයට ක්‍රියා කිරීමට තවත් කෙනෙකුව දිරිමත් නොකිරීමයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

වෙනත් කෙනෙකුට බාධාවක්වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries