settings icon
share icon
ප්‍රශ්නය

වචනානුසාරයෙන්ම ස්වර්ගයේ වීථී රන් වලින් හෙබි වේද?

පිළිතුර


ස්වර්ගයේ රන් වීථී බොහෝ විට ගීත සහ කාව්‍යයන් තුළින් සදහන් වන නමුත් දේව වචනයේ එසේ සොයා ගැනීමට අසීරුය. සත්‍යය වශයෙන්ම කිවහොත් ශුද්ධ ලියවිල්ලෙහි රන් වීථි පිළිබද සදහන් වන එක් පාඨයක් පමණක් දක්නට ලැබෙන අතර එය තිබෙන්නේ නව යෙරුසලම නමැති ශුද්ධවූ නුවර තුළය: "නුවර වීථී විනිවිද පෙනෙන වීදුරු මෙන් පවිත්‍රය" (එළිදරව් 21:1, 21). එසේ නම් මෙම පදය තුළින් අපට වචනානුසාරයෙන්ම ස්වර්ගයේ වීථී රන් වලින් හෙබි වන බවට ප්‍රකාශ කරනු ලබයිද? එසේ නම් පදගතාර්ථ රන් වීථී පිළිබදව ඇති වැදගත්කම හෝ අර්ථාන්විතභාවය කුමක් වේද?

ග්‍රීක භාෂාවට පරිවර්තනය කළ "රන්" යන්න "චිරූශන්" ලෙස හැදින්වෙන මෙන්ම එය අර්ථවත් වන්නේ "රන්, රන් ආභරණ හෝ වැස්ම" ලෙසය. එසේ හෙයින් එය පරිවර්තනය කිරීමට නම් "රන්" යන්න උච්තවේ. සත්‍යය වශයෙන්ම කිවහොත් බොහෝ විට අර්ථ නිරූපණයේ අරගල ඇති වනු ලබන්නේ මනුෂ්‍යයන් විසින් දේව වචනයේ සමහර කොටස් වචනානුසාරයෙන්ද සමහර කොටස් උපමා අලංකාර සහිතව ගනු ලබන්නෙහිද යන්න නිර්ණය කිරීමට උත්සාහ දැරීමේදීය. දේව වචනය හැදෑරීමේදී යහපත් වූ මිණුම් දණ්ඩක් නම් සියල්ලම වචනානුසාරයෙන් ලබා ගැනීම වන්නේ එය එසේ නොවේ නම් එය අර්ථ ශූන්‍යය වන හෙයිනි. එළිදරව් පොතේ මෙම පරිච්ඡේදයේ යොහාන් විසින් හුදෙක්ම අහඹු විස්තරාත්මක භාෂිතයන් භාවිතා කරනු නොලබයි. එළිදරව් 21 හී මුල් කොටස්හී ඔහුට නුවර මනින පිණිස රන් දණ්ඩක් දෙනු ලබන අතර (15 වන පදය) ඔහු නිරූපිත වශයෙන්ම ස්වර්ගයෙහි පවුර විස්තර කරනු ලබන්නේ එය සූර්යකාන්ති වලිනුත් නුවර පවිත්‍ර රන් වලිනුත් ගොඩ නගා තිබූ බවය (18 වන පදය) ඔහු තවදුරටත් විස්තර කරනු ලබන්නේ නුවර පවුරෙහි අත්තිවාරම සියලූ ආකාර අනර්ඝ ගල් වලින්ද මාණික්‍යය වලින්ද සමන්විතවී ඇති බවය (19 සහ 20 වන පද). මෙම විශේෂිතයන් මනසේ තබා ගත් කල රන් වීථී පිළිබද ඇති විස්තරය යෝග්‍යය වේ.

ස්වර්ගයෙහි වීථී රන් වලින් සාදා තිබේ නම් ඉන් ඇති ඵල කුමක්ද? මූලිකවම, රත්‍රන්හී තත්වය සැලකිල්ලට ගන්න. පොළොවෙහි රන් අනාවරණය කර ගත් විට රන් කරුවන් බලාපොරොත්තු වන ප්‍රිය උපදවන තත්වය එය නොවේ. අපවිත්‍ර දේ ඉවත ලනු වස් රන් උණු කල යුතුවන්නේ පවිත්‍ර රන් පමණක් ඉතිරි වනු පිණිසය. ස්වර්ගයෙහිදී යොහාන් විසින් දුටුවාවූ රන් ඉතාමත්ම ඉහළ ගුණාත්මක භාවයකින් යුතු වූයෙන් එය විනිවිද පෙනෙන ආකාරයක් ගනු ලැබුවේ දෙවියන්වහන්සේගේ බැබලෙන්නාවූ මහිමයේ පවිත්‍ර ආලෝකය පරාවර්තනය වීම සදහාය. පවිත්‍ර කරනු සදහා දෙවියන්වහන්සේට ඇති හැකියාව රන් වලට පමණක් සීමා නොවේ; යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරය කරණකොටගෙන ස්වර්ගයට ඇතුළු වන්නන්ව දෙවියන්වහන්සේ පවිත්‍ර කර තිබෙන සේක. "අපේ පාපවල් කියා දෙමු නම් අපේ පව් කමා කරන්ටත් සියලූ අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටින සේක" (1 යොහාන් 1:9). උන්වහන්සේගේ නිර්මාණයේ ආකාරයට පිරිසිදු කමෙන් එකක් වනුයේ දෙවියන්වහන්සේගේ ශුද්ධ නුවර පමණක් නොව එම නුවර පුරවැසියනුත්ය.

සමහර විද්වතුන් පදගතාර්ථවම ස්වර්ගයෙහි වීථී රත්‍රන් යන අදහස තබා නොගනිති. කෙසේ නමුත් යොහාන්ට දුන් එළිදරව්වෙහි පෙළ යෙදුම තුළ දෙවියන්වහන්සේ විසින් දෙනු ලැබූ පාඨය දෙස සරලවම බලන කල එය සැක කිරීමට කිසිදු හේතුවක් දක්නට නොලැබේ. කෙසේ නමුදු සදාකාලිත්වය කෙරෙහි ඇති අපගේ අවධානය ලෞකික වස්තූන් පිලිබදව යොමු වන්නේ කලාතුරකිනි. මනුෂ්‍යයා රන් වැනි වස්තූන් පසු පස හබා යන අතර යම් දිනෙක ඇදහිලිවන්තයාට එය හුදෙක්ම ස්වර්ගයෙහි පදික වේදිකාවක ප්‍රභවයක් ලෙස පමණක් දැක්වේ. වටිනා ආභරණ හෝ භෞතික ද්‍රව්‍ය භාවිතා කරමින් ස්වර්ගය කෙතරම් නිර්මාණ කළද අපට ප්‍රේම කරන මෙන්ම අපව ගලවා ගනු පිණිස ජීවිතය පූජා කල දෙවියන්වහන්සේ තරම් මහත් වටිනාකමක් සහිත කිසිවෙකු නොමැත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

වචනානුසාරයෙන්ම ස්වර්ගයේ වීථී රන් වලින් හෙබි වේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries