කුරුසියට ගිය මාර්ගයේ ස්ථාන මොනවාද, එමෙන්ම අපට එතුළින් ඉගෙන ගත හැක්කේ කුමක්ද?



ප්‍රශ්නය: කුරුසියට ගිය මාර්ගයේ ස්ථාන මොනවාද, එමෙන්ම අපට එතුළින් ඉගෙන ගත හැක්කේ කුමක්ද?

පිළිතුර:
වයා ඩොලරෝසා ලෙසද හඳුන්වනු ලබන, කුරුසියට ගිය මාර්ගයේ ස්ථාන වූ කලී යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මේ පොළොවෙහි ගත කළ අවසාන පැය කිහිපය පිළිබද කෙරෙන්නාවූ විස්තරයක් වන අතර එය සෑම කිතුණුවකුටම අඛණ්ඩව ආත්මික ස්ථිර විශ්වාසයක් ඇති කරන සහ අපගේ ජීවිතයට අදාල කර ගැනීමක්වේ. කුරුසියට ගිය මාර්ගයේ ස්ථාන තුළින් යේසුස්වහන්සේ උන්වහන්සේගේ ජීවිත පූජාව කරණකොටගෙන ගැළවීමේ මාවතක් ලබාදෙනු වස් දේවත්වයේ සියලූ වරප්‍රසාදයන් පසෙක ලෑමට එතුමන් යටහත්ව ක්‍රියා කළ ආකාරය පිළිබදව තියුණු සිහි ගැන්වීමක් අපට ලබා දේ.

එම අවසන් පැය කිහිපය විස්තර කරනු ලබන්නාවූ පුළුල් ලෙස පිළිගත් අනුවාදයන් කිහිපයක්ම ඇතල ඉන් එකක් නම් දේව වචනය සම්බන්ධ වූවක් වන අතර අනෙක යේසුස්වහන්සේගේ අවසාන පැය කිහිපයේ වඩාත් සාම්ප්‍රදායික සිදුවීම් පිළිබද වාර්තාවක් ගනියි. කුරුසියට ගිය මාර්ගයේ ස්ථාන වල සාම්ප්‍රදායික ස්වරූපය මේ ආකාරයෙන් වේ;

1. යේසුස්වහන්සේ මරණයට තීන්දු වන සේක.
2. යේසුස්වහන්සේට උන්වහන්සේගේ කුරුසිය ලබා දෙන සේක
3. පළමු වතාවට උන්වහන්සේ බිම ඇද වැටෙන සේක
4. යේසුස්වහන්සේට උන්වහන්සේගේ මෑණියන් වන මරියාව මුණ ගැසෙන සේක
5. කිරේනියේ සීමොන්ට උන්වහන්සේගේ කුරුසිය උසුලාගෙන යෑමට බල කරන ලදී
6. වෙරෝනිකා යේසුස්වහන්සේගේ මුහුණෙන් ලේ පිසදා දමනු ලබන්නීය
7. දෙවන වරටත් යේසුස්වහන්සේ බිම ඇද වැටෙන සේක
8. යේසුස්වහන්සේට යෙරුසලමෙි ස්ත්‍රීන්ව මුණ ගැසෙන සේක
9. තෙවන වරටත් යේසුස්වහන්සේ බිම ඇද වැටෙන සේක
10. යේසුස්වහන්සේගේ වස්ත්‍ර ඉරා දමනු ලැබේ.
11. යේසුස්වහන්සේව කුරුසියට තබා ඇණ ගසනු ලබන සේක – කුරුසිපත් වීම
12. යේසුස්වහන්සේ කුරුසියේදී මරණයට පත්වන සේක
13. යේසුස්වහන්සේගේ ශරීරය කුරුසියෙන් ඉවත් කරනු ලබන සේක – තැන්පත් කිරීම සහ ශෝකාලාපය
14. යේසුස්වහන්සේගේ ශරීරය සොහොනෙහි තැන්පත් කරනු ලබන සේක

කුරුසියට ගිය මාර්ගයේ ස්ථාන සම්ප්‍රදායික ස්වරූපයට අනුව කෙසේ නමුත් 3, 4, 6, 7, සහ 9 යන ස්ථාන පැහැදිලිවම දේව වචනය හා අනුකූල නොවවේ. එහි ප්‍රතිඵලයක් ලෙස “කුරුසියට ගිය මාර්ගයේ ශුද්ධ ලියවිල්ලේ සදහන් වන ස්ථාන” වර්ධනය වී ඇත. කුරුසියට ගිය මාර්ගයේ ස්ථාන 14 පිළිබදව දේවවචනයේ විස්තර කිරීම සහ එකිනෙකහි ජීවිත අදාලත්වය පිළිබදව පහත සදහන් වේ;

කුරුසියට ගිය මාර්ගයේ පළමුවන ස්ථානය: යේසුස්වහන්සේ ඔලීව කන්දෙහි සිටීමේ (ලුක් 22:39–46).
යේසුස්වහන්සේ ඔලීව කන්දෙහිදී, කුරුසියේ උන්වහන්සේගේ මරණය නමැති කුසලානය තමන්ගෙන් පහ කරන ලෙස ඉල්ලමින් යාච්ඤා කළ සේක; එතුළින් පිළිඹ්බු කරනු ලැබුවේ යේසුස්වහන්සේගේ මනුෂ්‍යත්වයයි (ලුක් 22:39–46). උන්වහන්සේට මුහුණ දීමට වූ සිදුවීම් අරභයා තිබූ උන්වහන්සේගේ මහත් වූ අපේක්ෂාව පිළිබදව කල්පනා කිරීමට එතරම් අපහසු නොවේ. සියලූ කිතුණුවන්ට තම ජීවිත වල දෙවියන්වහන්සේගේ කැමැත්ත සහ තමන්ගේ කැමැත්ත අතර තෝරා ගැනීමක් කර ගැනීමට අවස්ථාවක් පැමිණෙන අතර එම තෝරා ගැනීම යේසුස්වහන්සේගේ තෝරා ගැනීම මෙන් යම්කිසි කැපවීමේ මට්ටමක් සහ දෙවියන්වහන්සේට කීකරු වීම මෙන්ම හදවතෙහි සැබෑ තත්වය විදහා දක්වයි. යේසුස්වහන්සේ උන්වහන්සේට මුහුණ දීමට තිබූ ඉරණම පිළිබදව දැනුවත් වී සිටි සේක් නමුත් උන්වහන්සේ ඔලීව කන්දේදී සිදුවීම් වෙනස් කිරීම පිණිස දෙවියන්වහන්සේට යාච්ඤා කල අවස්ථාවේදි තමන් වහන්සේගේ අනාගත වෙනුවෙන් පැවතුනු දේ කුමක් වූවත් උන්වහන්සේගේ යාච්ඤාව වූයේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු වන ලෙසය. කුරුසියේ ඇණ ගසා සිටියදී එතුමන්ගේ හුස්ම නැතිවී යන මොහොතේදී පවා යේසු ස්වහන්සේ විසින් අපට තවමත් උගන්වනු ලැබුවේ දේව වචනයට කීකරුවීමේ වැදගත්කම සහ සෑම අවස්ථාවකදීම උන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමේ වැදගත්කමය.

කුරුසියට ගිය මාර්ගයේ දෙවන ස්ථානය: යේසුස්වහන්සේව යූදස් විසින් පාවා දෙනු ලැබ අත් අඩංගුවට ගනු ලැබීම (:ලුක් 22:47–48).
යේසුස්වහන්සේව පාවා දෙනු ලැබූ අවස්ථාටවේදී යූදස් ඉතිහාසයේ අවමානයට ලක්වූ චරිතයක් පමණක් නොවල සෑම කිතුණුවකුටම තමාද පාපයට පොළඹවනු ලැබූ අවස්ථාවන් තිබුනු බවට හොල්මන් කරනු ලැබූ බවට මතකයක් ලෙස ඔහු පත්ව ඇතග කිතුණුවකුට පාපයේ පැකිලී සිටිම වනාහී අපට ජීවනය ලබා දුන් තැනන්වහන්සේව පාවා දෙන්නාක් මෙනි. තෝරාගත් හැසිරීමක් වී සිතාමතාම ආත්මික අවබෝධයෙන් ඉවත්ම යාම නමැති පාවා දීමේ පාපය කෙතරම් විශාලද? (ලුක් 22:47–48). යූදස් යේසුස් වහන්සේගේ පාද පාමුල හිද උන්වහන්සේගෙන් ඉගෙන ගනිමින් වසර ගණනාවක් එතුමන් හා සමග වාසය කළේය. එනමුත් ඔහුගේ හදවත ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය කරණකොටගෙන සැබෑවටම පරිණාමනය වී නොමැති හේතුවෙන් සාතන් විසින් පරීක්ෂා කරනු ලැබූ කල ඔහු වැටීමට ලක්වූයේය. ඇදහිලිවන්තයන් හැටියට අපට පවසා ඇත්තේ අප සැබවින්ම ඇදහිල්ලේ පවතින්නවුන්ද යන්න දැක ගැනීම පිණිස අපව “සෝදිසි කර බලන” ලෙසය. :2 කොරින්ති 13:5).

කුරුසියට ගිය මාර්ගයේ තෙවන ස්ථානය: සැනෙඩ්‍රින් සභාව මගින් යේසුස්වහන්සේව වරදට පත් කරනු ලැබීම (ලුක් 22:66–71).
එක් උත්තම පූජකයකුගෙන්ද පූජකයන් සැත්තෑ දෙනෙකුගෙන් සහ ලියන්නන්ගෙන් සෑදි ඇති සැනෙඩ්‍රින් මන්ත්‍රණ සභාව විසින් පිලාත්ලෙන් ඉල්ලූම් කරනු ලැබුවේ යේසුස් වහන්සේව නීත්‍යාණුකූල ලෙස මරණයට පත් කරනු ලබන ලෙසයි. මෙම සිදුවීම සියලූ කිතුණුවන්ට අනතුරු ඇගවීමක් ලෙස ක්‍රියා කරනු ලබන්නේ ස්වයං දැහැමි ලෙස අන්‍යයන්ව විනිශ්චය කරමින් අපව උසස් කර නොගැනීමට ප්‍රවේසම් වන ලෙසයි. මේ ලෝකයේ දේව වචනය හා සම්බන්ධ දැනුම සහ උසස්වූ තනතුරු ශුද්ධ පරිපූර්ණත්වයෙන් තවමත් අතීශයින් හීන වන අතර ඉතාමත් ශ්‍රද්ධාවත් මිනිසුන් අතර සිටින්න වුන්ගේ පවා වෑටීමට අහංකාර සිතුවිලි පහසුවෙන් තුඩු දෙන කරුණක් විය හැක. දේව වචනය මගින් අපට උගන්වනු ලබන්නේ ආධිපත්‍යයේ තනතුරු වලට ගෞරවය කරන ලෙස වන අතර අවසානයේදී අපගේ ජීවිත තුළ උත්තරීතර ලෙස බල පවත්වනු ලැබිය යුත්තේ දේව වචනය සහ දේව කැමැත්තය. දෙවියන් වහන්සේගේ ශුද්ධාත්ම බව්තීස්මය කිතුණුවන්ට තෑගි කරනු ලැබී ඇත්තේ ඔවුන්ව සනසන්ටල උගන්වන්ට සහ සෑම අවස්ථාවකදීම මග පෙන්වන්ටත්, දෙවියන්වහන්සේගේ සම්පූර්ණ කැමැත්ත අනුව ඔවුන්ට සෑම තීරණයක්ම ගැනීමට ඉඩ හරිනු පිණිසත්, සැනෙඩ්‍රින් සභාව මෙන් ආගමික පාලකයන් අත්‍යවශයෙන්ම නිශේධනය කරනු පිණිසත්ය. යුදෙව් සෙනග විසින් සැනෙඩ්‍රින් සභාවට උත්තරී ආගමික ආධිපත්‍යය පැවරීම හේතුකොටගෙන සැනෙඩ්‍රින් සභාවේ පූජකයන් සහ ලියන්නන්ව දූෂණය කෙරෙහි මග පෙන්වූ අතර ඔවුන්ගේ ආධිපත්‍යය පීඩාවට පමුණුවන ඉගැන්වීමක් යේසුස්වහන්සේ ආරම්භ කළ විට ඔවුන් උන්වහන්සේට විරුද්ධව කුමන්ත්‍රණය කර අවසානයේදී රෝමානු ආණ්ඩුව මගින් උන්වහන්සේව කුරුසිපත් කිරීමට බලවත්සේ ඉල්ලනු ලැබූහ (ලුක් 22:66–71).

කුරුසියට ගිය මාර්ගයේ සතරවන ස්ථානය: පේත්‍රැස් විසින් යේසුස්වහන්සේව නොහඳුනන බව ප්‍රකාශ කරනු ලැබීම (ලුක් 22:54–62).
යේසුස්වහන්සේව අත් අඩංගුවට ගත් කළ එම ස්ථානයට රැස්ව සිටි බොහෝ දෙනෙකු, පේත්‍රැස් යේසුස්වහන්සේගේ අනුගාමිකයකු වීම හේතුවෙන් ඔහුට දෝෂාරෝපණය කළහ (ලුක් 22:54–62) යේසුස්වහන්සේ විසින් පෙරාතුව අනාවැකි පල කලාක් මෙන් පේත්‍රැස් විසින් යේසුස්වහන්සේව නොහඳුනන බව තුන් වරක් ප්‍රකාශ කරන ලදී. පේත්‍රැස් වූ කලී යේසුස්වහන්සේ කළ හාස්කම් ප්‍රත්‍යක්ෂ ලෙස ඇසින් දුටු මෙන්ම යේසුස්වහන්සේ හා සමග ජලය මතද ඇවිදිනු ලැබූ ආදරණීය සහ විශ්වාසවන්ත ගෝලයෙකි (මතෙව් 14:29–31). එසේ වූවත් පේත්‍රැස් විසින් යේසුස්වහන්සේව නොහඳුනන බව ප්‍රකාශ කරමින් මනුෂ්‍යය වර්ගයාගේ දුර්වලභාවය විදහා දක්වනු ලැබුවේ තමාව අත් අඩංගුවට ගනී යයි තිබූ බිය හේතුවෙනි. ලෝ මුළුල්ලේම සිටින්නාවූ කිතුණුවන් නොඇදහිලිකාර සමාජයක් මගින් තවමත් පීඩාවට සහ නින්දාවට මුහුණ දෙනු ලබන්නේ වාචික අපවාදයන් පටන් පහරදීම් සහ මරණය දක්වාය. සෙනග විසින් ස්වයං දැහැමි ලෙස පේත්‍රැස් යේසුස්වහන්සේව නොහඳුනන බවට කළ ප්‍රකාශ විනිශ්චය කිරීමට හැකි වන්නේ ඔහුට යේසුස්වහන්සේ හා සමග තිබූ සබදතාව රෝමානුවන් විසින් අනාවරණය කරගෙන ඔහුට කුමක් කරනු ලබයිදැයි තිබූ බිය හේතුවෙන් වූවත් දේව වචනය විශ්වාස කරනු ලබන කිතුණුවන් කොපමණ දෙනෙකුට ප්‍රසිද්ධ හෝ පෞද්ගලික විවේචනයන් මධ්‍යයේ වුවද ඔවුන්ගේ ඇදහිල්ල පිළිබදව කිසිදිනක නිහඩව නොසිටි බවට කියා පෑ හැකිද? එවන් නිශ්චලතාවයක් තුළින් විදහා දක්වනු ලබන්නේ මනුෂ්‍යය වර්ගයාගේ අස්ථීර භාවයවේ. පේත්‍රැස්ගේ ඇදහිල්ල අසම්පූර්ණ ඇදහිල්ලක් වූයේ මූලිකවම ඒ මොහොතේ ශුද්ධාත්මයාණන්වහන්සේ ඔහු තුළ වැඩ වාසය නොකළ හෙයිනි. පෙන්තකොස්තයේදී ඇදහිලිවන්තයන්ගේ හදවත් තුළ ජීවත් වීමට ආත්මයාණන්වහන්සේ පැමිණීමෙන් අනතුරුව පේත්‍රැස් එඩිතර ඇදහිල්ලේ සිංහයෙකු බවට පත්වී (ක්‍රියා 2), තමන්ගේ ස්වාමින්වහන්සේව ප්‍රකාශ කිරීමට කිසි දිනක බිය නොවීය.

කුරුසියට ගිය මාර්ගයේ පස්වන ස්ථානය: යේසුස්වහන්සේව පොන්තියුස් පිලාත් විසින් විනිශ්චය කරනු ලැබීම (ලුක් 23:13–25).
වර්තමානයේ නීතිමය ප්‍රමිතීන්ට අනුව යේසුස්වහන්සේව අධිකරණයක් තුළ වරදට පත් කිරිම විය නොහැක්ක් වන්නේ විශේෂයෙන්ම උන්වහන්සේට විරුද්ධව ඉදිරිපත් කරනු වස් සැබෑ සාක්ෂී නොතිබූ හෙයින්යග පොන්තියුස් පිලාත්ට යේසුස්වහන්සේ විසින් කර ඇති කිසි දෝෂයක් සොයා ගැනීමට නොහැකි වූ හෙයින් උන්වහන්සේව නිදහස් කිරීමට ඔහුට අවශ්‍යය විය (ලුක් 23:13–24). එනමුත් සැනෙඩ්‍රින් සභාව බලවත් ලෙස ඉල්ලුයේ උන් වහන්සේගේ මරණයට නියෝග නිකුත් කරන ලෙසය. සැනෙඩ්‍රින් සභාව මොසෛයික ව්‍යවස්ථාව සහ සම්ප්‍රදායන් ලෙස පාලනය කරනු ලැබූ හෙයින් යේසුස්වහන්සේව සලකනු ලැබුවේ යුදෙව්වන් කෙරෙහි ඔවුන්ගේ වූ පාලනයට උන්වහන්සේ බලවත් තර්ජනයක් ලෙසයග යේසුස්වහන්සේ සෙනගට උගන්වනු ලැබුවේ ගැළවීම වූ කලී දෙවියන්වහන්සේගේ කරුණාව කරණකොටගෙන ලැබෙන දෙයක් විනා සැනෙඩ්‍රින් සභාව මගින් පිහිටුවන ලැබූ නොයෙකුත් ශික්ෂා පිළිපැදීම තුළින් නොවනබව මෙන්ම එවන් ඉගැන්වීම් ආගමික නායකයන්ගේ ආධිපත්‍යයන් පීඩාවට පමුණුවනවා පමණක් නොව ඔවුන්ගේ ජීවනෝපායට බලවත් තර්ජනයක්ද එල්ල වන බවය. අදටත් දෙවියන් වහන්සේගේ බලය සහ තෝරාගැනීම මත වන ගැළවීමේ පණිවුඩය, අපගේ උත්සාහයෙන් නොවූවත් එය අප්‍රසිද්ධවේ. මානව වර්ගයාට ඔවුන්ගේ වැටුණු ස්වභාවයට අනුව සෑම විටම තමන්ගේම ගැළවීම ක්ෂාත් කර ගැනීමට අවශ්‍යයවේ නොහොත් අවම වශයෙන් එයට කොටස්කරුවකු හෝ වීමට අවශ්‍යය වන්නේ අවම වශයෙන් එම මහිමයේ කොටසක් හෝ අත්පත් කර ගැනීමටය. එනමුත් ගැළවීම ස්වාමින් වහන්සේගේය, උන්වහන්සේගේ මහිමය කිසිවකුට දෙනු නොලබන සේක (යෙසායා 42:8).

කුරුසියට ගිය මාර්ගයේ සයවන ස්ථානය: යේසුස්වහන්සේව කසයෙන් තලනු ලබා කටු ඔටුන්නක් පළදවනු ලැබීම (ලුක් 23:63–65).
මෙම බයිබල් පාඨයේ සදහන් කරනු ලබන සුව කිරීම වූ කලී ආත්මික සුව කිරීම නොහොත් පාපයෙන් සුව කරනු ලැබීමයි. පව් කමාව සහ දෙවියන් වහනසේගේ ප්‍රසාදයට නැවතත් ප්‍රතිශ්ඨාපනය කරනු ලැබීම බොහෝ විට නියෝජනය කරනු ලබන්නේ සුව කිරීමේ ක්‍රියාවක් ලෙසය. මරියතුමී යේසුස් වහන්සේව බිහි කිරීමට වසර පන්සියයකට ප්‍රථමයෙන් යෙසායා විසින් අනාවැකි පල කරනු ලැබුවේ අපගේ අපරාධ නිසා යේසුස්වහන්සේව තුවාල කරනු ලබන බව සහ (යෙසායා 53:3–6) පොඩි කරනු ලැබුවේ අපගේ අයුතුකම් නිසා වන අතරම උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබෙන බවය.

කුරුසියට ගිය මාර්ගයේ සත්වන ස්ථානය: යේසුස්වහන්සේ තමන්වහන්සේගේ කුරුසිය රැගෙන යනු ලැබීම (මාර්ක් 15:20).
යේසුස්වහන්සේ තමන්වහන්සේගේ කුරුසිය උසුලා ගත් විට උන්වහන්සේ දැවයකට වඩා යමක් උසුලාගෙන ගිය සේක. එදින සිටි බොහෝ ප්‍රේක්ෂයන් නොදැනීම යේසුස්වහන්සේ විසින් උසුලාගෙන යනු ලැබුවේ මිනිස් වර්ගයාගේ පාපද, එම පාපයන්ට ලැබිය යුතු දඩුවම් වලට මුහුණ දෙමින් උන්වහන්සේ විසින් මනුෂ්‍යයා වෙනුවෙන් විදීමට සූදානම්වූ දුක්ය. යේසුස්වහන්සේ මතෙව් 16:24 හී අපට අනුශාසනා දෙනු ලබන්නේ, “යමෙක් මා පස්සේ එන්ට කැමති නමි ඔහු තමාම නොසලකා තමාගේ කුරුසිය රැගෙන මා අනුව ඒවා.” එලෙසම අනාවරණය කරනු ලබන්නේ මෙය විකල්පයක් නොවන බවයග “තමාගේ කුරුසිය රැගෙන මා අනුව නේන තැනැත්තා මට සුදුසු නොවේ”. (මතෙව් 10:38) අපගේ කුරුසිය රැගෙන යාම මරණයේ උපකරණයක් යන්නෙන් අදහස් වන්නේ සම්පූර්ණයෙන්ම නව මැවිල්ලක් ලෙස ජීවත් වී ක්‍රිස්තුස්වහන්සේගේ සේවය සහ කීකරුකම පිණිස තම කමට නැසීමය (2 කොරින්ති 5:17) මෙයින් අදහස් කරනු ලබන්නේ අපගේ කැමැත්ත, අපගේ ස්නේහයන්, අපගේ අභිලාශයන් සහ අපගේ ආශාවන් දෙවියන්වහන්සේට යටත් කිරීමය. අප විසින් අපගේම සතුට උත්තරීතර වස්තුවක් ලෙස සොයා නොයමින් අවශ්‍යය වුවහොත් සියල්ල නොහිමියෙන් අපගේ ජීවිතද පූජා කිරීමට කැමති වීමය.

කුරුසියට ගිය මාර්ගයේ අටවන ස්ථානය: කිරේනියේ සීමොන් යේසුස් වහන්සේට කුරුසිය උසුලා ගෙන යාමට උපකාර කිරීම (ලුක් 23:26).
කිරේනියේ සීමොන් ඒ අවස්ථාවේ ගොදුරක් බවට පත්වූ බවට සැලකෙන්ට පිළිවන. ඔහු බොහෝ දුරට යෙරුසලමට පැමිණෙන්ට ඇත්තේ පාස්කු උත්සව වලට විය හැකි හෙයින් මේ වන විට ඇතිවන්නාවූ ක්‍රියා පටිපාටිය පිළිබදව ඉතාමත් අල්ප වශයෙන් දැන සිටින්නට ඇත. අපද කිරේනියේ සීමොන් පිළිබදව දන්නාවූ කරුණු ඉතා අල්ප වන්නේ යේසුස්වහන්සේ ඇණ ගැසීමට වූ කුරුසිය උසුලා ගෙන යාමට උපකාර කිරීමෙන් අනතුරුව ඔහු පිළිබදව කිසිඳු සදහනක් නොමැත (ලුක් 23:26). උපකාර කිරීමට රෝම සොල්දාදුවන් විසින් අණ කරනු ලැබූ නමුත් සීමොන් ඊට ප්‍රතිරෝධය නොපෑවේ ඒ අවස්ථාටවේ තිබූ තත්වය හේතුවෙන් තම ජීවිතය පිළිබදවූ බිය හේතුවෙන් නිසා වන්නට පිළිවන. තමන්වහන්සේගේ කුරුසිය කැමැත්තෙන්ම උසුලා ගෙන ගිය යේසුස්වහන්සේ මෙන් නොව කිරේනියේ සීමොන්ට අකමැත්තෙන් වුවද එය උසුලා ගෙන යාමට හෝ එය ගෙන යාමට බල කරන ලදී. කිතුණුවන් ලෙස අපද යේසුස් වහන්සේ හා සමග එතුමන්ගේ දුක් වීදීම් වලට කැමැත්තෙන් එක්විය යුතු වෙමු. මන්දයත් පාවුළු විසින් අපට අනුශාසනා දෙනු ලබන්නේ එබැවින් අපගේ ස්වාමින්වහන්සේගේ සාක්ෂිය ගැනවත් උන්වහන්සේගේ හිරකාරයෙක්වන මා ගැනවත් ලැජ්ජා නොවී දෙවියන්වහන්සේගේ බලයේ ප්‍රකාරයට සුභාරංචිය නිසා මා සමග දුක් විදපන්න (2 තිමොති 1:8).

කුරුසියට ගිය මාර්ගයේ නවවන ස්ථානය: යේසුස්වහන්සේට යෙරුසලමේ ස්ත්‍රීන් මුණ ගැසෙන සේක (ලුක් 23:27–31).
යේසුස්වහන්සේ කුරුසිපත් කිරීමට ගෙන ගිය මාර්ගයේ හඩමින් සිටි ස්ත්‍රීන් සහ උන්වහන්සේගේ ගෝලයන්ගෙන් සමහරකු මුණ ගැසුණු විට එතුමන් ඔවුන්ට අවවාද කරනු ලැබුවේ ඔවුන් උන්වහන්සේ උදෙසා නොහැඩිය යුතු නමුත් ඔවුන්ගේ අවධානය යොමු විය යුත්තේ යෙරුසලමේ නැගී එන දුෂ්ටකම් හේතුකොටගෙන ඔවුන් සහ ඔවුන්ගේ දරුවන්ගේ ජීවිත උදෙසා වන බවය (ලුක් 23:27–31). බලවත් ලෙස වේදනා සහ පුද්ගලික නින්දාවන් විදින කල වුවද යේසුස්වහන්සේ තමන්වහන්සේ ගැන නොව අවධානය යොමු කරනු ලැබුවේ, තමන්ගේ ජීවිතයේ පාපය හේතුකොටගෙන සදාකාල නිරයට හෙලීමේ අන්තරායට මුහුණ දීමටවූ ජීවිත සහ ආත්ම කෙරෙහිය. වර්තමාන කිතුණුවන්ටද එම අවවාදයම උචිත වන්නේ අප දෙවියන්වහන්සේට ඇති කීකරුකම සහ භක්තිවන්තකමට ප්‍රථමයෙන් අපගේ අපේක්ෂාවන් වලට ඉඩ නොහැරීමට සැලකිලිමත් විය යුතු බවය. යේසුස්වහන්සේ පැවසුවේ “මාගේ රාජ්‍යය මෙලොවින් නොවේ” (යොහාන් 18:36) වූ අතර ස්වර්ගයෙහි පුරවැසියන් ලෙස අපගේ ඉලක්කය සහ අවධානය විය යුත්තේ එහි බවය.

කුරුසියට ගිය මාර්ගයේ දස වන ස්ථානය: යේසුස්වහන්සේව කුරුසියෙහි ඇණ ගසනු ලැබීම (ලුක් 23:33–47).
මිනිස් ස්වරූපයෙන් අවසාන හුස්ම හෙලු දැවය මතට තමන්වහන්සේගේ දෑත් සහ දෙපා හරහා කූඤ්ඤ ඇණ ගමන් කරන අවස්ථාවේදී උන්වහන්සේට ඉතාමත්ම ළගින්ම සිටියවුන්ට අසරණ ලෙස ඒ අසලින් සිටීමට බලකිරීමේ මොහොතේ බිහිසුණුකම පිළිබදව වසර දෙදහසකට පසුව වුවද කල්පනා කිරීම අපහසු කාර්‍යයක් වේ (ලුක් 23:44–46). ඒ මොහොතේ සිදුවනු ලැබූ දේහී අර්ථය නිසි අයුරින් වටහා ගැනීමට උන්වහන්සේ ප්‍රේම කළවුන්ට සහ උන් වහන්සේගේ ගෝලයින්ට නොහැකි වූහ. ඒ වන විටත් ඔවුනට වටහා ගැනීමට අපොහොසත් වී තිබුණේ මනුෂ්‍යයන් විසින් කරනු ලැබූ මෙම දුෂ්ට ක්‍රියාවලිය ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නවුන් කෙරෙහි වූ දේව අරමුණ සහ ගැළවීමේ ප්‍රතිඵලයක් බවය. වර්තමානයේ අපට මෙපමණ මහත් ගැළවීම අපි නොසලකා සිටියොත් කොහොම ගැළවෙමුද? (හෙබ්‍රව් 2:3). වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යයවූ මනුෂ්‍යයන් අතරේ දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය (ක්‍රියා 4:12).

කුරුසියට ගිය මාර්ගයේ එකලොස් වන ස්ථානය: විශ්වාස කරනු ලැබූ සොරාට යේසුස්වහන්සේ උන්වහන්සේගේ රාජ්‍යය පොරොන්දු වන සේක (ලුක් 23:43).
යේසුස්වහන්සේගේ එහා පසින් ඇණ ගසනු ලැබූ සොරාට යේසුස්වහන්සේගේ ජීවිතය අවසන් වනවා නොව භෞතික ලෝකය අතික්‍රමණය කරමින් මනුෂ්‍යයත්වයට උන්වහන්සේ විසින් ඉෂ්ට කිරීමට ආවාවූ සදාකාල පොරොන්දුව මෙයයි යන සංකල්පය ග්‍රහණය කර ගැනීම ඔහුය කළ හැක්කක් විය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ වූ ඇදහිල්ල තුළින්වූ කරුණාව කරණකොටගෙන පාරාදීසයට ඇතුලත් වීමේ ප්‍රථම පුද්ගලයකු බවට මෙම සොරා පත්වේ (එපීස 2:8–9). මන්දයත් මෙම සොරා දේව පුත්‍රයාව පිළිගෙන විශ්වාස කරනු ලැබූ හෙයින් යේසුස්වහන්සේ විසින් ඔහුට කියනු ලැබුවේ අද ඔහු උන්වහන්සේ හා සමග පාරාදීසයෙහි සිටින බවය. පැහැදිලිවම, පුද්ගලයකු ගැළවීම ලබන්නේ තමාගේ ක්‍රියා වලින් නොව ඇදහිල්ල තුළින් වූ කරුණාවෙන් බව මෙම කදිම නිදසුනක් වන්නේ යේසුස්වහන්සේට පීඩා කළ හා හෙලා දුටු පුද්ගලයන් ජනතාව විශ්වාස කිරීම පිණිස යොමු කරනු ඇත.

කුරුසියට ගිය මාර්ගයේ දොලොස් වන ස්ථානය: කුරුසිය මත සිටියාවූ යේසුස්වහන්සේ උන්වහන්සේගේ මෑණියන්ට සහ ගෝලයන්ට කථා කරන සේක (ලුක් 23:48–49).
යේසුස්වහන්සේ උන්වහන්සේගේ මරණ මොහොතේදීත් තමන්ගේ අවශ්‍යයතාවයන්ට වඩා අන්‍යයන්ගේ අවශ්‍යතාවයන් ඉදිරියෙන් තබමින් පරාර්ථකාමී ලෙස උන්වහන්සේගේ මෑණියන්ව රැක බලා ගැනීමට උන්වහන්සේගේ ප්‍රේමණීය ගෝලයා වූ යොහාන්ට භාර දුන් සේක (යොහාන් 19:27). උන්වහන්සේගේ මුළු ජීවිතයම, උන්වහන්සේගේ මරණයද ඇතුළුව නිදසුනක් මගින් අපට උගන්වනු ලැබුවේ අපද අපගේ අවශ්‍යයතාවයන්ට වඩා අන්‍යයන්ගේ අවශ්‍යතාවයන් ඉදිරියෙන් තබමින් දෙවියන්වහන්සේගේ සම්පූර්ණ කැමැත්තට සියල්ල යටහත් කළ යුතු බවය. උන්වහන්සේගේ වචනය පිළිපැදීමට ඇති කැමැත්ත සහ ආපදාවන්ට මුහුණ දෙමින් සිටින කල්හීද විශ්වාසවන්තව අන්‍යයන් වෙනුවෙන් කැප කිරීම් කරමින් ක්‍රියාවන් සමග විදහා දැක්වීම තුළින් සැබෑ කිතුණු ජීවිතයක චරිත ලක්ෂණ නිර්වචනය කරනු ලබයි.

කුරුසියට ගිය මාර්ගයේ දහතුන් වන ස්ථානය: යේසුස්වහන්සේ කුරුසිය මත මරණයට පත් වන සේක (ලුක් 23:44–46).
යේසුස්වහන්සේගේ මරණය සිදුවන අවස්ථාවේදී අති ශුද්ධස්ථානයෙන් මනුෂ්‍යයා වෙන් කරනු ලැබූ දේව මාලිගාවේ තිරය ඉහළ සිට පහල දක්වා දෙකඩ විණි. පැරණි ගිවිසුම අවසන් වී නව ගිවිසුමෙහි ආරම්භය මෙයින් සනිටුහන් කරන බවට අවබෝධ නොවූ මෙම සිදුවීම ඇසින් දුටු යුදෙවිවන්ට බිය සුළු තත්වයක් වියග තව දුරටත් මනුෂ්‍යයාට පාපය හේතුකොටගෙන දෙවියන්වහන්සේගෙන් වෙන්වීමේ පීඩාව විදීමට අවශ්‍යය නොවන නමුත් දැන් අපට පව් කමාව සදහා නිර්භීතව යාච්ඤාවෙන් කරුණාවේ සිංහාසනය වෙත ළගා වීමට හැකි වනු ඇත. යේසුස්වහන්සේගේ ජීවිතය සහ ජීවිත පූජාව පාපයේ බාධකයන් ඉවත ලා තබමින් කරුණාව තුළින් වන ගැළවීම අත්පත් කර ගැනීමට හැකියාව ඇති කරනු ලබයි.

කුරුසියට ගිය මාර්ගයේ දස සතර වන ස්ථානය: යේසුස්වහන්සේව සොහොනෙහි තැන්පත් කරනු ලබන සේක (ලුක් 23:50–54).
යේසුස්වහන්සේගේ මරණයෙන් පසුව එතුමන්ව කුරුසියෙන් පහළට රැගෙන ආවායින් අනතුරුව, යුදෙව් ගම්මානයක් වූ අරිමාතිය නම් නුවර සිටි යෝසෙප් නම් මනුෂ්‍යයකු විසින් ලබා දෙන ලද සොහොනක උන්වහන්සේව තැන්පත් කරනු ලැබූ සේක (ලුක් 23:50–54). යෝසෙප්ද සැනෙඩ්‍රින් සභාවේ සමාජිකයකු වුවද යේසුස්වහන්සේගේ නඩු විභාගයට සහ කුරුසිපත් කිරීමට විරුද්ධ වූයේය. ශුද්ධ ලියවිල්ලට අනුව යේසුස් වහන්සේ මෙසියස්වහන්සේ බව යෝසෙප් රහසින් විශ්වාස කරනු ලැබු නමුත් ඔහුගේ විශ්වාසය ප්‍රසිද්ධියේ පිළිගැනීමේ අනිටු විපාකයට බිය විය (යොහාන් 19:38) යේසුස් වහන්සේගේ මරණයෙන් පසුව යෝසෙප් පිලාත් වෙතට රහසින් ගොස් උන්වහන්සේගේ මෘත ශරීරය ඉල්ලූම් කරනු ලැබුවේ නිසි භූමදානයක් කිරීමට හැකිවනු පිණිසය.

යේසුස්වහන්සේගේ බලවත් ජීවිත පූජාව මනුෂ්‍යයාගේ පාපයට වන්දියක් පමණක් වූවා නොව මරණය අභිබවා යන සහ පරාජය කරන මහත් ජයග්‍රහණයක් බවට පත්වූයේ පාපයේ ශාපයෙන් උපත ලැබූ මනුෂ්‍යයන්ගේ වැලැක්විය නොහැකි ඉරණම වෙනත් ආකාරයකින් වන්නට තිබූ හෙයිනි. පාපය ස්ව වැලැක්විය නොහැකි දණ්ඩනය ඔසවා ගෙන යනු ලබන අතරම එහි කුලිය නම් මරණයවේ. අපගේ මැවුම්කරුවාණන් ඉතාමත් සාධාරණ හෙයින් පාපයේ කුලිය ගෙවන ලෙස ඉල්ලා සිටි සේක. දෙවියන්වහන්සේ සාධාරණ වනවා හා සේම ප්‍රේමණීය සහ දයාවන්තද හෙයින් අපගේ පාපයට කුලිය ගෙවීම පිණිස උන්වහ්න්සේගේ ඒකජාතක පුත්‍රයාණන් එවනු ලැබුවේ අප එසේ සදහටම මියැදෙනු බව දන්නා හෙයිනි (යොහාන් 3:16). දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ දයාව බොහෝ ලෙස විදහා දැක්වෙන්නේ යේසුස්වහන්සේගේ වදන් වලිනි. එනම් උන්වහන්සේ කුරුසිය මත එල්ලී මරණයට පත් වෙමින් සිටියදී ඔවුන්ගේ නොදැනුවත්කම හේතුවෙන් උන්වහන්සේව මරණයට පත් කරන්නන්ට සමාව දෙන ලෙස ඉල්ලු අවස්ථාවේදීය (ලුක් 23:34) තමන්ගේ දැනුමේ සහ බුද්ධියේ ඇති හිගකම හේතුවෙන් දේව වචනයට සහ ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම යටත් වීමට මිනිසාට ඇති අකමැත්ත අනුමාන කිරීමට ඉතා පහසුය. එම සමාකලනයේ උත්පරාසය නම් යේසුස්වහන්සේට කුරුසියේ ඇති කළාවූ එම මාරක විපත වර්තමානයේ මානව වර්ගයා තවමත් පීඩා විදින එම නොදැනුවත්කම ජය ගත නොහැකි වූවන්ට ආත්මික මාරක විපතක් වේ. තමන් වහන්සේගේ ජීවිත පූජාව කරණකොටගෙන යේසුස්වහන්සේ විසින් ලබා දුන් ගැළවීමේ දීමනාව පිළිගැනීම පාපිෂ්ඨ මනුෂ්‍යයා ප්‍රතික්ෂේප කරනු ලබන අතර එය නියත වශයෙන්ම කැරළිකාර නොදැනුවත්කමේ ඵලයක් සහ දෙවියන් වහන්සේගේ -ණයෙන් මිනිසා වෙන් කරනු ලබන පාපයද වේ.



නැවතත් සිංහල මුල් පිටුවට



කුරුසියට ගිය මාර්ගයේ ස්ථාන මොනවාද, එමෙන්ම අපට එතුළින් ඉගෙන ගත හැක්කේ කුමක්ද?