settings icon
share icon
ප්‍රශ්නය

බයිබලය කියවීම පටන් ගැන්මට සුදුසු ස්ථානය කුමක්ද?

පිළිතුර


ආරම්භයට පිටුවෙන් පිටුව කියවීමට බයිබලය සාමාන්‍ය පොතක් නොවන බව වටහා ගැන්ම ඉතා වැදගත්ය. එය සැබවින්ම පුස්තකාලයක්, හෝ පොත් එකතුවකි. අවුරුදු 1500 ක කාලයක් පුරාවට බොහෝ භාෂාවලින් බොහෝ කතෘන් විසින් ලියූ පොත් කාණ්ඩයකි. මාටින් ලූතර් පැවසුවා බයිබලය “යේසුස් වහන්සේගේ තොටිල්ල” මක්නිසාද සියලු බයිබලානුකුල ඉතිහාසයන් හා අනාවැකි කථා කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ ගැනය. එමනිසා, බයිබලය කියවීමේදී ශුභාරංචියෙන් ආරම්භ කිරීමෙන් හොඳය. මාර්ක් ශුභාරංචිය ඉක්මන් හා තේරුම් ගැනීමට පහසු නිසා ඉන් පටන් ගැනීම වඩාත් හොඳය. ඊට පසු ඔබට යොහාන් ශුභාරංචියට යාමට අවශ්‍ය වනු ඇත. එහි සඳහන් වන්නේ යේසුස් වහන්සේ තමා ගැන ප්‍රකාශ කරපු ප්‍රකාශයන්ය. මාර්ක් පවසන්නේ යේසුස් වහන්සේ කරපු දේවල් වන අතර යොහන් පවසන්නේ උන් වහන්සේ තමන් ගැන පැවසූ දේ හා යේසුස් වහන්සේ කව්ද? යන්නය. යොහන් පොතේ සමහර ඉතා සරළ හා පැහැදිලි කොටස් ඇති අතර සමහරක් ගැඹුරු කොටස්ද ඇත. ශුභාරංචි (මතෙව්, මාර්ක්, ලූක්, යොහන්) කියවීමෙන් ඔබව ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය හා සේවය පිළිබඳ දැනුවත් කරයි.

ඊට පසු, සමහර ලිපි (රෝම, එපීස, පිලිප්පි) කියවන්න. ඒවායේ කියා දෙන්නේ ස්වාමින් වහන්සේව ප්‍රසන්න කරන ජීවිතයක් ගත කරන්නේ කෙසේද කියා. ඔබ පරණ ගිවිසුම කියවීමට ආරම්භ කරන විට උත්පත්ති පොත කියවන්න. එහි දෙවියන් වහන්සේ ලෝකය මැවීම හා මිනිස් වර්ගයා පාපයට වැටීම හා ලෝකයේ වැටීම පිළිබඳවද කථා කරයි. නික්මයාම, ලෙවී කථාව, ගණන් කථාව හා ද්විතිය කථාව යන පොත් ඉතාමත් අසීරුවේ මන්ද ඒවායේ පුරාවට ව්‍යවස්ථාව හා දෙවියන් වහන්සේ යුදෙව්වන්ට ජීවත්වීමට දුන් ආඥා ගැන සඳහන් කරයි. නමුත් ඒ පොත් ඔබ මග නොහැරිය යුතුය. ඒවා පසු අධ්‍යයනයට සුදුසුවේ. කිසිම විටක ඒවායේ හිර නොවන්න. ඊශ්‍රායෙලය පිළිබඳව හොඳ දැනුමක් ලබා ගැනීමට යොෂුවා සිට ලේකම් දක්වා කියවන්න. ගීතාවලිය සිට සලමොන්ගේ ගීතිකාව දක්වා කියවීමෙන් හෙබ්‍රෙව් කාව්‍යයමය හා ප්‍රඥාව පිළිබඳව දැනුමක් ලබා ගත හැක. අනාගතවාක්‍ය පොත්, යෙසායා සිට මලාකි දක්වාද තේරුම් ගැනීමට අපහසු වේ. මතකතබා ගන්න බයිබලය තේරුම් ගැනීමට යතුර නම් දෙවියන් වහන්සේගෙන් ප්‍රඥාව ඇයද සිටීමයි (යාකොබ් 1:5). බයිබලයේ කතෘ දෙවියන් වහන්සේය. එමනිසා උන් වහන්සේට අවශ්‍යයි ඔබ බයිබලය (උන් වහන්සේගේ වචනය) තේරුම් ගැනීමට.

සෑම කෙනෙකුටම හොඳ බයිබල් ශිෂ්‍යයෙකු වීමට නොහැකි බව තේරුම් ගත යුතුය. විශේෂිතවූ “සුදුසුකම්” ඇති කෙනෙකුට පමණි වචනය ඉගෙනීම දේව ආශීර්වාදය සමග කළ හැක්කේ.

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ල කරණකොටගෙන ඔබ ගැලවීම ලබා ඇද්ද (1 කොරින්තියන් 2:14-16) ?

දේව වචනයට ඔබ බඩ ගින්නේද (1 පේත්‍රැස් 2:2) ?

ඔබ ඕනෑකමින් දේව වචනය නිරීක්‍ෂණය කරනවාද (ක්‍රියා 17:11) ?

මේ ප්‍රශ්න තුනට ඔබගේ පිළිතුර “ඔව්” නම්, ඔබට දෙවියන් වහන්සේගේ දේවවචනය දැන ගැනීමට ඔබ දරණ උත්සාහයට ඔබට ආශීර්වාද කරන බවට සහතික විය හැක. ඔබ කොහෙන් පටන් ගත්තත් ඔබගේ ඉගෙනීමේ ක්‍රමය (පිළිවෙල) කෙසේ වෙතත් ප්‍රශ්නයක් නැත. ඔබ කිතුනුවකුද යන්න ඔබට ස්තීර නැති නම්-ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන ඔබ ගැලවීම ලැබුවා යැයිද යන්න ගැනත් එසේම ශුද්ධාත්මයාණන් ඔබ තුළ සිටිනවාද යන්නත් ඔබට ලියවිල්ල තේරුම් ගැනීමට අපහසුය. ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ල කරණකොටගෙන ගැලවීම නොලැබූ අයෙකුගෙන් බයිබලයේ සත්‍යතාවන් සඟවා ඇත. නමුත් ඒවා විශ්වාස කරන්නන්ට ජීවනයයි (1 කොරින්ති 2:13-14; යොහන් 6:63).

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලය කියවීම පටන් ගැන්මට සුදුසු ස්ථානය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries