settings icon
share icon
ප්‍රශ්නය

ආත්මිකව මැරූණු ස්වාභවය යනු කුමක් ද?

පිළිතුර


ආත්මිකව මැරූණු ස්වාභවය යනු අප දෙවියන් වහන්සේගෙන් වෙන්ව ජීවත් වීම වේ. උත්පත්ති 3:6 ආදම් පාපයට වැටුණු කල්හි, සියලුම මනුෂ්‍යයන් පිට මරණය පැමිණුනා. දෙවියන් වහන්සේ, ආදම් සහ ඒවට උයනේ තිබුන යහපත හා නපුර දැනගැනිමේ ගසේ ගෙඩි නොකන ලෙස ආඥා කළ සේක. උයනේ තිබෙන සියලුම ගස්වලින් ගෙඩි කෑමට පුළුවන්, නමුත් නපුර හා යහපත දැනගැනිමේ ගසේ ගෙඩි කෑ දවසේ ඒකාන්තයේන්ම නසින බවට අවවාද කළ සේක. ඒකාන්තයේන්ම නසිනවා යනු, මරණය ස්තිරයි, එනම් ආත්මික මරණයේ පටන්ගැන්ම වේ. පසුව එය අපගේ ශාරිරික මරණය දක්වාම පැමිණියා. ආදම් පව් කළ විගසම, දෙවියන් වහන්සේගෙන් වෙන්වීම තුලින් ආත්මික මරණය ඔහු තුලට පැමුණුනා. උත්පත්ති 3:8 ආදම් උයනේ සැගවී සටීමෙන්, දෙවියන් වහන්සේගෙන් වෙන්වීම පෙන්නුම් කරන අතර වරද ඔහුගේ භාර්යාව පිට දැම්මා උත්පත්ති 3:12.

අවාසනාවකට මෙම ආත්මික හා ශාරිරික මරණය ආදම් සහ ඒවට පමණක් සිමා වුනේ නැත. ආදම් මනුෂ්‍යයන්ගේ අරම්භකයා ලෙස, ඔහු තුලින් සියලුම මනුෂ්‍යයන් පාපිෂ්ඨයන් බවට පත්විය. රෝම 5:12 හි පාවුල් තුමා මෙසේ පවසයි, එනම් ආදම් කරණකොටගෙන පාපයටත්, පාපය කරණකොටගෙන මරණයත් ලෝකයා තුලට පැමිණීයේය. එසේම රෝම 6:23 පාපයේ කුලිය නම් මරණය වේ. එම නිසා පාපිෂ්ඨයාය මරණය ස්තිර වේ. හේතුව අපගේ පාපය අපව දෙවියන් වහන්සේගෙන් වෙන් කරනවා.

ආදම් තුලින් එන පාපයන් පමණක් නොව, අප තුල තිබෙන සියලුම පාපයන් අපව දෙවියන් වහන්සේ ගෙන් වෙන් කරනවා. එපිස 2:1 “නුඹලා නුඹලාගේ වරද සහ පාපය කරණකොටගෙන මැරි සිටි කළ, උන්වහන්සේ නුඹලා ජිවත් කළ සේක”. මෙය අපගේ ආත්මික පාපය ගැන පවසන්නේ. හේතුව අප තවම ශරිරිකව ජිවත් වෙන බැවින්, අපට ගැළවිමක් තිබෙන බව ස්තිරයි. අප ආත්මිකව මැරුණ සවාභයේන් සිටි විටදි දෙවියන් වහන්සේ අප ගළවාගත් සේක (එපිස 2:5, රෝම5:8). එසෙම කොලොස්සි 2:13 පවසන සත්‍යතාවය, “ නුඹලාගේ වරදවලට මාංශයේ මැරි සිටියාවු නුඹලා උන්වහන්සේ සමඟ ජිවත් කළ සේක. එසේ උන්වහන්සේ අපගේ සියලු වරද අපට කමා කළ සේක”.

අපි පාපයේ මැරි සිටි කළ, දෙවියන් වහන්සේ කෙරෙහි හො උන්වහන්සේගේ වචනය කෙරෙහි සම්පුර්ණව විශ්වාස කළ නොහැක. උන්වහන්සේගෙන් තොරව අපට කිසිවක් කළ නොහැකි බව යේසුස් වහන්සේ ප්‍රකාශ කළ සේක (යොහාන් 15:5). එම නිසා උන්වහන්සේගේ බලය නැතුව උන්වහන්සේ ලඟට පැමිණිමට නොහැක (යොහාන් 6:44). පාවුල් තුමා රෝම 8:7, 8 හි, මෙසේ උගන්වයි, අපගේ සාමන්‍ය මණස තුල ස්වාමින් වහන්සේව සතුටු කළ නොහැක. වැටුණු ස්වාභවයේන් සිටින අපට උන්වහන්සේව තේරුම් ගැනිම අපහසු කාර්යයකි (1කොරින්ති 2:14).

දෙවියන්වහන්සේගේ මහත් ක්‍රියාව නිසා ආත්මිකව මැරි සිටි අපව උන් වහන්සේ ජිවත් කළ සේක. එම නිසා අපි නැවත උපත ලැබු අය වේ. නැවත ඉපදිම යනු යේසුස් වහන්සේගේ මරණය හා නැවත නැගිටිම කරණකොටගෙන ශුද්ධාත්මයාණන් වහන්සේ අප තුල ඇති කරන ක්‍රියාවකි. නැවත උපත ලැබු අය ක්‍රිස්තුස් වහන්සේ සමඟ ජීවත් වේ. (එපිස 2:5) ශුද්ධාත්මයාණන් වහන්සේ තුලින් අලුත් ජිවිතයක් ලැබි (තිතස් 3:5) නැවතත්, දෙවැනි සැරේ ඉපදුනා හා සමාන වේ. යේසුස් වහන්සේ නිකොදෙමුස් කී ලෙස වේ (යොහාන් 3:2-7). එමනිසා අපට මරණය නොව සදාකාල ජිවනය ස්තිර වේ. යේසුස් වහන්සේ මා කෙරෙහි විශ්වාස කරන්නාය සදාකාල ජිවනය තිබේ යැයි කී සේක (යොහාන් 3:16, 36 / 17:3).

පාපය මරණයට මඟපෙන්වයි. එමනිසා මරණයෙන් ගැළවෙන්නට තිබෙන එකම මාර්ගය යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කිරිම වේ. එවිට ශුද්ධාත්මයාණන් වහන්සේ කරණකොටගෙන ක්‍රිස්තුස් වහන්සේ තුල සදාකාල ජිවනයට මගපෙන්වන සේක.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ආත්මිකව මැරූණු ස්වාභවය යනු කුමක් ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries