settings icon
share icon
ප්‍රශ්නය

ආත්මික පරිණත භාවය යනු කුමක්ද? මම වඩාත් ආත්මිකව පරිණත වන්නේ කෙසේද?

පිළිතුර


ආත්මික පරිණත භාවය ළඟා කරගත හැක්කේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හා සමානවීමෙනි. ගැළවීමෙන් පසු, සෑම කිතුනුවෙකුම ආත්මික වශයෙන් පරිණතවීමේ අභිප්‍රාය ඇතිව ආත්මික වර්ධන ක්‍රියාවලිය ආරම්භ කරයි. ප්‍රේරිත පාවුල්ට අනුව, එය මේ ජීවිතයේ කිසිදිනෙක අවසන් නොවන අඛණ්ඩ ක්‍රියාවලියකි. පිලිප්පි3:12-14 හී, ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ පූර්ණ දැනුම ගැන කථා කරමින්, ඔහු තම පාඨකයන්ට පවසන්නේ "මා දැනටම ලබාගෙන සිටිනවාවත් දැනටම සම්පූර්ණවී සිටිනවාවත් නොවේ. නුමුත් යමක් පිණිස ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මා අල්ලාගත් සේක්ද, ඒක අල්ලාගන්ට වීර්ය කරමින් මමත් දුවගෙන යමි. සහෝදරයෙනි, මම තවමත් අල්ලා ගත්තෙමියි නොසිතමි. නුමුත් එකක් කරමි, එනම්, පස්සෙන් තිබෙනදේ මතක නැතිකොට, ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගෙන යමින්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම් පළ කරා දුවමි" බවයි. පාවුල් තුමාට මෙන් අපටත් ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ පිළිබඳ ගැඹුරු දැනුමක් ලබා ගැනීමට නොකඩවා ඕනෑ කමින් ඉදිරියට යා යුතුය.

ක්‍රිස්තියානි පරිණත භාවයට අවශ්‍ය වන්නේ, තමාගේ ප්‍රමුඛතාවයන් සම්පූර්ණයෙන් නැවත පෙලගස්වා ගනිමින්, තමාව සතුටු කරගැනීම පසෙකලා දෙවියන්වහන්සේව සතුටු කරමින් දෙවියන්වහන්සේට කීකරු වීමට ඉගෙන ගැනීමයි. පරිණත භාවයේ රහස නම් ස්ථීර භාවය හා අප දැනුවත් ලෙස දෙවියන්වහන්සේට සමීප කරවීමට අවැසිදේ කිරීමට ඇති නොපසුබට උත්සාහයි. මෙම පිළිවෙත් ආත්මික ආචාරධර්ම ලෙස හඳුන්වනු ලබන අතර බයිබලය කියවීම / අධ්‍යයනය කිරීම, යාච්ඤාව, සහභාගිකම, සේවය සහ භාරකාරත්වය වැනිදේද ඇතුළත් වේ. කෙසේ වෙතත්, අප මේවා උදෙසා කෙතරම් වෙහෙස මහන්සිවී කටයුතු කළත්, ශුද්ධාත්මයාණන් අප තුළ ක්‍රියා නොකළහොත් මේ කිසිවක් කළ නොහැකිය. ගලාති5:16 හි අපට පවසන්නේ, "ආත්මයාණන් අනුව ගමන් කළයුතු" බවයි. "ගමන් කරනවා" සඳහා මෙහි භාවිතා කර ඇති ග්‍රීක වචනයේ ඇත්ත වශයෙන්ම අදහස් වන්නේ "අරමුණක් ඇතිව ගමන් කිරීම" යන්නයි. පසුව එම පරිච්ඡේදයේම, පාවුල් තුමා නැවත අපට පවසන්නේ, අප "ආත්මයාණන් අනුව ගමන් කළයුතු" බවයි. මෙහි, "ගමන් කරනවා" ලෙස පරිවර්ථනය කර ඇති වචනයට "පියවරෙන් පියවර, වරකට එක පියවරක්" යන අදහසදී ඇත. එය ශුද්ධාත්මයාණන්වහන්සේගේ උපදෙස් යටතේ ගමන් කිරීමට ඉගෙන ගැනීමයි. ආත්මයෙනගෙන් පූර්ණවීම යන්නෙන් අදහස් කරන්නේ, අප ආත්මයාණන්වහන්සේගේ පාලනය යටතේ ගමන් කිරීමයි. අපි වඩ වඩාත් ආත්මයාණන්වහන්සේගේ පාලනයට යටත් වනවිට, අපගේ ජීවිත තුළ ආත්මික ඵලවල වැඩිවීමක්ද අපි දකිමු (ගලාති5:22-23). මෙය ආත්මික පරිණත භාවයේ ලක්ෂණයකි.

අප කිතුණුවන් බවට පත්වනවිට, ආත්මික පරිණත භාවය සඳහා අපට අවශ්‍ය සියල්ල අපට දෙනු ලැබේ. පේත්‍රස් තුමා, "මක්නිසාද තමන්වහන්සේගේ මහිමයෙන් හා ගුණවන්තකමෙන් අප කැඳවාගත් තැනන්වහන්සේ දැන ගැනීම කරණකොටගෙන, උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේව භක්තියටත් අදාළවූ සියලුදේ අපට දීතිබේ" යැයි අපට පවසයි (2 පේත්‍රැස්1:3). දෙවියන්වහන්සේ පමණක් අපගේ සම්පත වනඅතර, සියලු වර්ධනය පැමිණෙන්නේ උන්වහන්සේ කරණකොටගෙන නමුත්, කීකරුවීමට තෝරා ගැනීම අපගේ වගකීම වේ. පේත්‍රස් තුමා නැවතත් මෙම අවස්ථාවේදී අපට උපකාර කරයි: "එසේය, මේ කාරණය නිසාම මුළු උත්සාහයෙන් නුඹලාගේ ඇදහිල්ල සමඟ ගුණයද, ගුණය සමඟ දැන ගැන්මද, දැන ගැන්ම සමඟ පමණ දැන ක්‍රියා කිරීමද, පමණ දැන ක්‍රියා කිරීම සමඟ ඉවසිල්ලද, ඉවසිල්ල සමඟ දේවභක්තියද, දේවභක්තිය සමඟ සහෝදර ස්නේහයද, සහෝදර ස්නේහය සමඟ ප්‍රේමයද සපයා ගනිල්ලා. මක්නිසාද මේවා නුඹලාට තිබේ නම්, වැඩිවේ නම්, අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දැන ගැනීමෙහි කම්මැළි බවටවත් අඵල බවටවත් පැමිණෙන්ට ඒවා නුඹලාට ඉඩ නොදෙයි" (2 පේත්‍රැස් 1:5-8). ස්වාමීන් වන යේසුස්වහන්සේගේ දැනුමෙන් ක්‍රියාකාරී හා ඵලදායීවීම ආත්මික පරිණත භාවයේ සාරයයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ආත්මික පරිණත භාවය යනු කුමක්ද? මම වඩාත් ආත්මිකව පරිණත වන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries