settings icon
share icon
ප්‍රශ්නය

අධ්‍යාත්මික ගමන යනු කුමක්ද?

පිළිතුර


අධ්‍යාත්මික ගමන යනු දෙවියන්, ලෝකය සහ තමා පිළිබඳ අවබෝධය වර්ධනය වන විට, පුද්ගලයෙකුගේ ස්වභාවික දියූණුව අදහස් කිරීම සඳහා විවිධ ආගම් විසින් භාවිතා කරන වාක්‍ය ඛණ්ඩයකි. එය දැනුමෙන් හා ප්‍රඥාවෙන් ගැඹුරින් වැඩෙන ජාත්‍යන්තර ජීවන රටාවකි. නමුත් ක්‍රිස්තියානි ධර්මය කරා යන අධ්‍යාත්මික ගමනක් යන්නෙන් අදහස් කරන්නේ, ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පුද්ගලයා හා කාර්යය ඇතුළත් නොවන හා පදනම් නොවන යම් ආකාරයක "අධ්‍යාත්මික" දෙසට යන ගමනකට වඩා බෙහෙවින් වෙනසය්.

ක්‍රිස්තියානි අධ්‍යාත්මික ගමන සහ නව යුගයේ අනුවාදය අතර වෙනස්කම් කිහිපයක් තිබේ. නව වයස්වල අය දිනකට පැය කිහිපයක් මන්ත්‍ර ගායනා කරන ලෙස පවසති. බයිබලය දෙවියන්වහන්සේ සමඟ දිනපතා යාච්ඤාව තුළත් සංවාදයේ යෙදෙන ලෙස පවසයි (1 තෙසලෝනික 5:17 එනම් නොකඩවා යාච්ඤා කරන්න). නව නියෝජිතයින් විශ්වාස කරන්නේ මිනිසුන්ට ඔවුන්ගේ ගමනේදි තමන්ගේම මාර්ගයක් තෝරාගත හැකි බවත් සියළු මාර්ග එකම ගමනාන්තයකට මඟ පෙන්වන බවත්ය. බයිබලය පවසන්නේ එක් මාර්ගයක් පමණක් ඇති බවයි (යොහාන් 14:6 එනම් යේසුස්වහන්සේ ඔහුට කියන සේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත) අධ්‍යාත්මික ගමනක් විශ්වයට අනුකුල වනු ඇතැයි නව වයස් කරුවන් විශ්වාස කරති. බයිබලය උගන්වන්නේ විශ්වය යුද්ධයක යෙදෙන බවත් (එපීස 6:12 එනම් මක්නිසාද අපේ පොරබැඳීම වනාහි මාංසයට සහ රුධිරයට විරුද්ධව නොව, අධිපතිකම්වලටත් පරාක්‍රම ධාරින්ටත් මේ අන්ධකාර ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය), ගමනේ කොටසක් වන්නේ වෙනත් ආත්මයන් හා අපගේම ගමන සඳහා සටන් කරන බවත්ය (1තිමෝති 6:12 එනම් ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන් කොට සදාකාල ජීවනය අල්ලා ගන්න, ඊට නුඹ කැඳවනු ලැබ , බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියෙහි යහපත් ප්‍රකාශනය කර සිටියෙහිය).

තවත් වෙනසක් නම්, බයිබලය ඇත්ත වශයෙන්ම අධ්‍යාත්මික ගමනක් හා ඒ තුළින් ගන්නා පියවර ගැන කථා කරයි.කිතුනුවකු කුඩා කාලයේ පටන් ගනී (1කොරින්ති 13:11), තවමත් ලෝකය බොළඳ ඇස් වලින් දකිමින්, තවමත් මාංසයෙන් බලපෑමට ලක්ව ඇති අතර දෙවියන්වහන්සේ පිළිබඳව මූලික අධ්‍යාපනයක් සහ දෙවියන්වහන්සේ සමඟ ඔවුන්ගේ ස්ථාවරය අවශ්‍යය වේ (1කොරින්ති 3:1-2 එනම් සහෝදරයෙනි, ආත්මිකයන්ට මෙන් නුඹලාට කථා කරන්ට නොහැකිව, මාංසිකයන්ටත් ක්‍රිස්තුස්වහන්සේ තුළ බිළිඳුන්ටත් මෙන් කථා කළෙමි, 1පේත්‍රැස් 2:2 එනම් ස්වාමින්වහන්සේ යහපත් බව නුඹලා රස බලා දැන ගත්තහු නම්). නව කිතුනුවන්ට ඇදහිල්ලේ තරුණවියට සරිලන පරිදි දේවස්ථානයේදී වැඩ ලබා දෙනු ලැබේ (1තිමෝති 3:6 එනම් ඔහු උඩඟු නොවී යක්ෂයාට පැමිණි දඬුවමට නොවැටෙන පිණිස අලුත් ගෝලයෙක් නොවිය යුතුය). කිතුනුවන් දෙවියන්වහන්සේ හා ලෝකය පිළිබඳව අවබෝධයෙන් වැඩෙත්ම, ඔවුන් ක්‍රියා කළ යුතු ආකාරය සහ ලෝකයට සම්බන්ධ වන්නේ කෙසේද යන්නේ පිළිබඳව වැඩිදුර ඉගෙන ගනියි (තීතස් 2:5-8). පුද්ගලයකු තම අධ්‍යාත්මික ගමනේදී තරුණයාට ආදර්ශයක් වේ (තීතස් 2:3-4 එනම් එසේම මහළු ස්ත්‍රීවරුන් ශුද්ධකමට ඔබින ලෙස හැසිරෙන, කේලාම් නොකියන, බොහෝ මුද්‍රිකපානයට නොවහල්වූ, යහපත් දේ උගන්වන්නාවූ තැනැත්තියන්ව සිටිය යුතුය) සහ සමහරවිට පල්ලියේ නායකයෙක්. (1තිමෝති 3).

අධ්‍යාත්මික ගමනේ හදවත වන්නේ එය ගමනක් යන අවබෝධයයි. අපෙන් කිසිවෙකු පරිපූර්ණ නොවේ. අප ඇදහිලිවන්තයන් බවට පත්වූ පසු , ක්ෂණික අධ්‍යාත්මික පරිණත බවක් අපේක්ෂා නොකෙරේ. ක්‍රිස්තියානි ජීවිතය යනු අපගේ අවධානය (2කොරින්ති 7:1 එනම් එබැවින් ප්‍රේමවන්තයෙනි, මේ පොරොන්දු අපට තිබෙන නිසා , මාංසයේද ආත්මයේද සියලු කිලිටිකම්වලින් අපම පවිත්‍ර කර ගනිමින්, දෙවියන් වහන්සේ කෙරෙහි භයින් යුක්තව, ශුද්ධකම සම්පූර්ණ කර ගනිමු). සහ දෙවියන් වහන්සේ අප තුළ කරන වැඩ (පිලිප්පි 1:6 එනම් නුඹලා තුළ යහපත් වැඩක් පටන් ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණ කරන සේකැයි යන මේ විශ්වාසය ඇතිව සිටිමි, පිලිප්පි 2:12-13 එනම් එබැවින්, මාගේ ප්‍රේමවන්තයෙනි, නුඹලා නිතරම කීකරුව සිටියාක් මෙන්ම, මා ළඟ සිටියදී පමණක් නොව දැන් මා ඇත්ව සිටින විටද ඊට වඩා කීකරුව, භයෙනුත් වෙවුලුමෙනුත් නුඹලාගේම ගැළවීම ඉෂ්ටකර ගන්න) යන ක්‍රියාවලියට සම්බන්ධ ක්‍රියා වලියකි. එමෙන්ම වයසට වඩා අවස්ථාව හා චේතාන්විතව එය කළ යුතුය (1තිමෝති 4:12 එනම් නුඹේ යෞවනකම සුළු කරන්ට කිසිවෙකුට ඉඩ නැර, කථාවෙනුත් හැසිරීමෙනුත් ප්‍රේමයෙනුත් ඇදහිල්ලෙනුත් පිරිසිදුකමෙනුත් අදහන්නන්ට නුඹම ආදර්ශයක් වෙන්න).

හිස් ගායනයෙන් පිරී ඇති අධ්‍යාත්මික ගමනක් හිස් හදවතකට පමණක් හේතු වේ. බයිබලය අධ්‍යයනය කිරීම, එය පවසන දේට කීකරු වීම සහ දෙවියන් වහන්සේව විශ්වාස කිරීම යන ලෝකය පිළිබඳ සැබෑ අවබෝධයක් සහ එහි මැවුම්කරුවා කෙරෙහි ගැඹුරු ප්‍රේමයක් ගෙන දෙන ජීවිත කාළය පුරාම සිදුවන වික්‍රමයකි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අධ්‍යාත්මික ගමන යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries