settings icon
share icon
ප්‍රශ්නය

ආත්මික වර්ධනය නම් කුමක්ද?

පිළිතුර


ආත්මික වර්ධනය නම් යේසුස් වහන්සේ වගේ වඩ වඩාත් වීමයි. අපි අපගේ ඇදහිල්ල යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මත තබන විට ශුද්ධාත්මයාණන් වහන්සේ අපව යේසුස් වහන්සේ වගේ වීමට උපකාර කරයි. අප උන් වහන්සේගේ ස්වභාවය ඇති බව සනාථ කරයි. ආත්මික වර්ධනය විස්තර කරයි 2 පේත්‍රැස් 1:3-8, ඉන් අපට සඳහන් කරනවා දෙවියන් වහන්සේගේ බලයෙන් “අපට අවශ්‍ය සියල්ල ඇති බව” දේවභක්තික ජීවිතයක් ගත කරන පිණිස, එය ආත්මික වර්ධනයේ ප්‍රධාන ඉලක්කයයි. මතක තබා ගන්න අපට අවශ්‍ය දේ පැමිණෙන්නේ “උන් වහන්සේ පිළිබඳ අපගේ දැනුම තුළින්” එය අපට අවශ්‍ය සියලුදේට පිළිතුර කරා ගෙන යයි, උන් වහන්සේ පිළිබඳ දැනුම අපට පැමිණෙන්නේ වචනය තුළින්. එය අපගේ මානසික දියුණුව හා වර්ධනයට දී ඇත.

ගලාති 5:19-23 ලැයිස්තු දෙකක් දී ඇත. පද 19-21 ලැයිස්තු ගත කරයි “මාංශයේ ක්‍රියාවලිය” මේ දේවල් තමයි අපගේ ජීවිතයේ හඳුන්වා දෙන්නේ අප ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියට ගැලවීම උදෙසා පැමිණි විට. මාංශයේ ක්‍රියාකාරකම් නම් අප පාපෝච්චාරණය කර යුතුව තිබෙන දෑ, පසුතැවිය යුතුව තිබෙන, හා දෙවියන් වහන්සේගේ උපකාරය සමග ඉන් ජය ගැනීම. ආත්මික වර්ධනය අත් දකිනවිට “මංශයේ ක්‍රියා” අපගේ ජීවිතයේ පැහැදිලි වේ. දෙවන ලැයිස්තුව “ආත්මයේ ඵල” (22-23 පද). යේසුස් වහන්සේගේ ගැලවීම අත්දැක තිබෙන අපගෙන් බලාපොරොත්තු වන චරිත ලක්‍ෂණ වේ. ආත්මික වර්ධනය පිළිබිඹු වන්නේ ඇදහිලිවන්තයාගේ ජීවිතයේ ඇති ආත්මික ඵල කරණකොට ගෙනය.

ගැලවීමේ වෙනස සිදුවන විට, ආත්මික වර්ධනය ආරම්භ වේ. ශුද්ධාත්මයාණන් අප තුළ වැඩ වසයි (යොහන් 14:16-17). ක්‍රිස්තුස් වහන්සේ තුළ අපි අළුත් පුද්ගලයෙකි (2 කොරින්ති 5:17). පරණ ස්වභාවය වෙනුවට අළුත් ස්වභාවය ඇති කර ඇත (රෝම 6-7). ආත්මික වර්ධනය ජීවිතය පුරාවටම සිදුවන දෙයකි. එය රඳා පවතින්නේ දෙවියන් වහන්සේගේ වචනය මත අපගේ අධ්‍යනය හා අදාලකර ගැනීම මත වේ (2 තිමෝති 3:16-17) හා ආත්මය තුළ අප‍ෙග් ගමන (ගලාති 5:16-26). ආත්මික වර්ධනය අපි සොයන අතර අපි වර්ධනය විය යුතු යැයි දෙවියන් වහන්සේ සිතන තැන් ගැන අපි දෙවියන් වහන්සේගෙන් අසා ප්‍රඥාව ලබා ගත යුතුය ඒ පිළිබඳව. උන් වහන්සේ පිළිබඳ දැනුම හා ඇදහිල්ල වර්ධනය කිරීමට දෙවියන් වහන්සේගෙන් ඉල්ලිය හැක. දෙවියන් වහන්සේගේ ආශාව අප ආත්මිකව වර්ධනය වීම වේ. ආත්මික වර්ධනය අත් දැකීමට අවශ්‍ය සියලුම දේ දෙවියන් වහන්සේ අපට දී ඇත. ශුද්ධාත්මයාණන්ගේ උපකාරය සමග අපට පාපයෙන් ජය ගත හැක. ඒ වගේම ස්තීරව අපගේ ගැලවුම්කරුවා වගේ වීම, යේසුස් ක්රි.ස්තුස් වහන්සේ වගේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ආත්මික වර්ධනය නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries