settings icon
share icon
ප්‍රශ්නය

අධ්‍යාත්මික ගොඩනැගීමේ ව්‍යාපාරය නම් කුමක්ද?

පිළිතුර


අධ්‍යාත්මික ගොඩනැගීමේ ව්‍යාපාරය වර්තමානයේ ඉතා ජනප්‍රියත්වයක් දරයි. එය කෙසේ නමුත් දේව වචනයේ සත්‍යයතාවයෙන් ඈත් වී ක්‍රිස්තියානි ධර්මය ගුප්ත ස්වරූපයකට පත් කරන්නක් මෙන්ම එය යම් තාක් දුරට සියලූම එවැන්ජලිස්ත නිකායන් තුළට පාහේ කාන්දු වී ඇත. අධ්‍යාත්මික ගොඩනැගීම පිළිබද මෙම අදහස පදනම් වී ඇත්තේ අප යම් පුරුදු වලට යොමු වී සිටින්නෙමු නම් අපට යේසුස්වහන්සේ මා සමාන විය හැකිය යන පූර්වාවයවය මතය. අධ්‍යාත්මික ගොඩනැගීමේ යෝජකයන් සාවද්‍යය ලෙස උගන්වනු ලබන්නේ ඕනෑම කෙනෙකුට මෙම ගුප්ත චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කළ හැකි බවත් දෙවියන්වහන්සේව තම තුළම සොයා ගත හැකි බවත්ය.

බොහෝ විට වර්තමාන අධ්‍යාත්මික ගොඩනැගීමේ ව්‍යාපාරයේ අනුගාමිකයන් විසින් විශ්වාස කරනු ලබන්නේ අධ්‍යාත්මික විනය කරණකොටගෙන සොයන්නාට ඔහුට හෝ ඇයට විවර්තනය වූ විඥාන ක්ෂේත්‍රයට ඇතුළු වීම තුළින් පරිණාමනය විය හැකි බවය. අධ්‍යාත්මික ගොඩනැගීමේ ව්‍යාපාරය මගින් සංලක්ෂිත වනුයේ චිත්තාපර යාච්දඤාව, චිත්තාපර අධ්‍යාත්මිකත්වය සහ කිතුණු ගූඩවාදයවේ.

සැබෑ දේව වචනානුකුළ අධ්‍යාත්මික ගොඩනැගීම හෝ අධ්‍යාත්මික පරිණාමනය ආරම්භ වනුයේ අප දෙවියන්වහන්සේගෙන් තොරව ජීවත් වන පව්කරුවන්ය යන අවබෝධයෙනි. අපගේ බුද්ධි මහිමයන් පාපයෙන් දූෂීත වි ඇති හෙයින් අපට දෙවියන්වහන්සේව ප්‍රසන්න කළ නොහැක. සැබෑ අධ්‍යාත්මික පරිණාමනය හට ගනු ලබන්නේ අප දෙවියන්වහන්සේට යටහත් වන කළ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මග පෙන්වීම සහ බලය කරණකොටගෙන උන්වහන්සේ අපව පරිණාමනය කරන ලබන සේක. අවම වශයෙන් නව ගිවිසුමේ සෑම යැවුම් පත්‍රයකම අඩක් හෝ දෙවියන්වහන්සේට ප්‍රසන්න ජීවිතයක් ගත කරන්නේ කෙසේද යන්න පිළිබදව අවධානය යොමු කර ඇත – එනම් කීකරුකම තුළින් සහ සෑම දෙයක් තුළ ශුද්ධාත්මයාණන් වහන්සේට අවනත වීම කරණකොටගෙනය. ශුද්ධ ලියවිල්ලෙහි අපව මුදවාගනු ලැබූල ගැළවීම ලැබූ, සාන්තුවරයන්, සොල්දාදුවන් සහ සේවකයන් ලෙස හඳුන්වනු ලබයි. එනමුත් එතුළින් අපට උගන්වනු ලබන්නේ ආත්මයාණන් වහන්සේගේ බලයෙන් පමණක් එම නාමයන්හී අර්ථයට අනුව අපට ජිවත් විය හැකි බවය.

පහත සදහන් පාඨයන් තුළින් අධ්‍යාත්මික පරිණාමනයේ විවිධ පැතිකඩයන් සහ ඇදහිලිවන්තයාගේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ ක්‍රියාකාරිත්වය ආදි පිළිබදව ආමන්ත්‍රණය කරනු ලබයි:

"මක්නිසාද උන්වහන්සේ පූර්වයෙන් ඇදිනගත්තවුන් තමන්වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුලූඳුලා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමානවෙන්ට පූර්වයෙන් නියම කළසේක" (රෝම 8:29). පරිණාමනයේ ඉලක්කය මේය: එනම් අපද ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමය.

"අපි සියල්ලෝද මුහුණ වැස්මක් නැතුව ස්වාමින්වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් දක්වමින් ආත්මයාණන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කෙරෙන් තේජසින් තේජසට එම ස්වරූපයට වෙනස් කරනු ලබමුව" (2 කොරින්ති 3:18). මෙය වනාහී ක්‍රිස්තුස්වහන්සේගේ ස්වරූපයට අපව වෙනස් කරනු ලබන්නේ නීති රීති අනුගමනය කිරීමෙන් නොව ඇදහිල්ලෙන් ආත්මයාණන්වහන්සේගේ මග පෙන්වීම අනුගමනය කිරීමෙන් බව උගන්වනු ලබන පාඨයක කොටසකි.

"මක්නිසාද අපිත් වරක් අඥානව, අකීකරුව, මුළාව, අනේකාකාර තෘෂ්ණාවලටත් සැප සෙල්ලම් වලටත් වහල්ව ක්‍රෝධයෙන් හා ඊර්ෂ්‍යාවෙන් හැසිරෙමින් නුරුස්සනු ලබනට සුදුස්සන්ව සිටියෙමුව. නමුත් අපගේ ගැළවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේගේ ගුණවන්තකමද මනුෂ්‍යයන් කෙරෙහි ඇති ප්‍රේමයද ප්‍රකාශවූ කල අප විසින්ම කළාවූ ධර්මිෂ්ඨකමේ ක්‍රියාවලින් නොව තමන්වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නමැති සේදීමෙන්ද ශුද්ධාත්මයාණන්වහන්සේගේ අලූත් කිරීමෙන්ද උන්වහන්සේ අප ගැළවූ සේක. එසේය උන්වහන්සේගේ කරුණාවෙන් අප ධර්මිෂ්ඨ කරනු ලැබ සදාකාල ජීවනයේ බලාපොරොත්තුවේ හැටියට උරුමක්කාරයන් වන පිණිස උන්වහන්සේ අපගේ ගැළවුම්කාරයාණන්වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ශුද්ධාත්මය අධික ලෙස අප පිට වැගිරවූසේක" (තීතස් 3:3–7).

මෙහිදී පාවුළු විසින් අපට අපගේ පෙර සහ පසු ජීවිතය පිළිබදව මතක් කර දෙනු ලබයි. අපගේ පාප වෙනුවෙන් ක්‍රිස්තුස්වහන්සේගේ මරණය තුළින් අපට පෙන්වා ඇති "දෙවියන්වහන්සේගේ කරුණාවන්තකම සහ ප්‍රේමයට" අප ප්‍රතිචාර දක්වා ඇත්තෙමු. අප අපගේ පාප පිළිබද පශ්චාතාප වී ඇති අතර දැන් දෙවියන්වහන්සේගේ දරුවන් සේ වෙනස් වූවන් ආකාරයට ජීවත්වීමට ආත්මයාණන්වහන්සේගේ අඛණ්ඩ පෙළඹවීම සහ බලවත් කිරීමට ප්‍රතිචාර දක්වමු. එහි ප්‍රතිඵලයක් ලෙස අප පරිණාමනය වී ඇත්තේ "නැවත ඉපදීම නමැති සේදීමෙන්ද ශුද්ධාත්මයාණන්වහන්සේගේ අලූත් කිරීමෙන්ද" (5 වන පදය) වේ. එසේ නම් මෙය සැබෑ අධ්‍යාත්මික ගොඩනැගීමවේ – එනම් අපගේ ආත්මයන් උන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ විසින් ක්‍රිස්තුස්වහන්සේගේ ස්වරූපයට ප්‍රකෘතිමත් කිරීමය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අධ්‍යාත්මික ගොඩනැගීමේ ව්‍යාපාරය නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries