settings icon
share icon
ප්‍රශ්නය

අප වටා සිදුවන අධ්‍යාත්මික සටන පිළිබඳව අප දැනුවත් විය යුතුද?

පිළිතුර


සෑම කිතුනුවෙකුම ඔහු / ඇය අධ්‍යාත්මික සටනක සිටින බව වටහා ගැනීම ඉතා වැදගත්ය. එයින් මිදීමට ක්‍රමයක් නැත. අප අවට ඇති අධ්‍යාත්මික සටන පිළිබඳ දැනුවත් භාවය ඉතා වැදගත්ය. දැනුවත් භාවය පමණක් නොව, සුපරීක්ෂාකාරිත්වය, සූදානම, ධෛර්යය සහ නිවැරදි ආයුධ ආධ්‍යාත්මික යුද්ධ වල යෙදෙන තීරණාත්මක අංගවේ.

2 කොරින්ති 10:3-5 හී පාවුල්තුමාගේ වචන වලින්, "මක්නිසාද අපි මාංසයෙහි හැසිරෙන නුමුත් මාංශයේ හැටියට යුද්ධ නොකරමුව. (මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳ හෙළීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය). අපි විවාදයන්ද දෙවියන් වහන්සේ ගැන දැන ගැනීමට විරුද්ධව උසස් වන්නාවූ සියලු උසස් දේවල්ද බිඳහෙළා, සියලු සිතිවිලි ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීමට වාල්කර දෙමුව." කිතුනුවන් වශයෙන් "අපගේ යුද්ධය" අධ්‍යාත්මික බව පැහැදිලිය. අපි සටන් කරන්නේ භෞතික සටනක් හෝ මිනිස් සටනක් නොවේ. එය අධ්‍යාත්මික මට්ටමක පවතී — එහි සතුරන්, පරමාධිපත්‍යයන්, බලකොටු සහ ආයුධ සියල්ල අධ්‍යාත්මිකය. අපි මිනිස් ආයුධ වලින් අධ්‍යාත්මිකව සටන් කිරීමට උත්සාහ කළහොත්, අප අසමත් වන අතර සතුරා ජයග්‍රහණය කරනු ඇත.

පාවුල්තුමා මෙහි යක්ෂයන් සමඟ සටන් කිරීම ගැන කථා නොකරන බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. යේසුස්වහන්සේ සහ ප්‍රේරිතයන් භූතයන් දුරු කළවිට, ඔවුන් ප්‍රදර්ශනය කළ අනෙක් සංඥා හා අරුම පුදුමදේ සමඟ මූලික වශයෙන් ඔවුන් පැවසූ දේවල අධිකාරය ඔප්පු කිරීම විය. ප්‍රේරිතයන් සැබවින්ම දෙවියන්වහන්සේගෙන්වූ බවත් උන්වහන්සේගේ ප්‍රකාශකයන් බවට ප්‍රබල "සාක්ෂියක්" දෙවියන්වහන්සේ විසින් ලබාදීම දෙවියන් වහන්සේට එකල වැදගත් විය. ශුද්ධ ලියවිල්ලේ විශ්වාසවන්ත භාවය රඳා පවතින්නේ ප්‍රේරිතයන්ගේ බලය මතය, එබැවින් දෙවියන්වහන්සේ ප්‍රේරිතයන්ට ඔවුන්ගේ ඉගැන්වීම් සත්‍යාපනය කිරීමට බලය ලබා දුන්නේය. කාරණය නම්, අවසාන අධිකාරිය සහ අපගේ අවසාන අධ්‍යාත්මික අවිය ශුද්ධ ලියවිල්ල බව පෙන්වීමයි. සෑම කිතුනුවකුම කරන ආකාරයේ අධ්‍යාත්මික සටන මූලික වශයෙන් මනස හා හදවතේ සටනකි.

අධ්‍යාත්මික සටන සෑම කිතුනුවකුටම තරමක් පෞද්ගලිකය. යක්ෂයා ගිල දැමීමට උත්සාහ කරන "ගොරවන සිංහයෙකු" හා සමාන වන අතර, අපි ඔහුට විරුද්ධව අවදියෙන් සිටිය යුතුය (1 පේත්‍රැස් 5:8). අපගේ ආත්ම වල සතුරාට "ගිනිදැල් ඊතල" ඇත. එය නිවා දැමිය හැක්කේ ඇදහිල්ලේ පලිහෙන් පමණි. එය ඇදහිලිවන්තයෙකු විසින් දෙවියන්වහන්සේගේ සම්පූර්ණ සන්නාහයෙන් සන්නද්ධ වේ (එපීස 6:10-17 බලන්න). පරීක්ෂාවට හසුනොවීමට "බලාගෙන යාච්ඤා කරන්න" කියා යේසුස් වහන්සේ අපට පැවසිය (මාර්ක් 14:38).

2 කොරින්ති 10:4-5 ට අනුව, "සමපේක්ෂන" සහ "උසස් දේ" වලින් සෑදී ඇති අධ්‍යාත්මික බලකොටු මේ ලෝකයේ තිබේ. සමපේක්ෂන යන වචනය ග්‍රීක භාෂාවෙන් ලොජිස්මෝස්වේ. එහි තේරුම "අදහස්, සංකල්ප, තර්ක, දර්ශන." දෙවියන්වහන්සේගේ සත්‍යයෙන් ආරක්ෂාවීමට ලෝක ජනයා මෙම තර්කනය ගොඩ නංවයි. කනගාටුවට කරුණ නම්, මෙම බලකොටු බොහෝවිට බන්ධනාගාර බවට පත්වී අවසානයේ සොහොන් ගෙවල් බවට පත්වීමයි. කිතුනුවන් වශයෙන් අපට මෙම බලකොටු කඩා දමා වැසියන් බේරා ගැනීමට කැඳවීමක් ඇත. එය භයානක හා දුෂ්කර කාර්යයකි, නමුත් දිව්‍ය අවි ගබඩාවක් සෑමවිටම අප සතුව ඇත. අවාසනාවට, සතුරාගේ හොඳම උපක්‍රම වලින් එකක් වන්නේ දිව්‍යමය දේට වඩා මිනිස් ආයුධ සමඟ සටන් කිරීමට අපව පොළඹවා ගැනීමයි.

ලෞකික දර්ශනයට එරෙහිව සටන් කරනවිට, මිනිස් බුද්ධිය සහ ආයුධ වලින් කිසිදු පලක් නැත. අලෙවිකරණ ශිල්පීය ක්‍රම, ප්‍රති-දර්ශන වාදයන්, මිනිස් ප්‍රඥාවේ ඒත්තු ගැන්වෙන වචන (1 කොරින්ති 2:4), තාර්කිකත්වය, සංවිධානය, කුසලතා, විනෝදාස්වාදය, අද්භූත, වඩා හොඳ ආලෝක කරණය, වඩා හොඳ සංගීතය — මේ සියල්ල මිනිස් ආයුධවේ. මේ කිසිවක් අධ්‍යාත්මික යුද්ධය ජය නොගනී. පලදායී වන එකම දෙය නම් අප සතුව ඇති එකම ආක්‍රමණශීලී අවිය දෙවියන්වහන්සේගේ වචනය වන ආත්මයේ කඩුවයි (එපීස 6:17). මෙම අධ්‍යාත්මික සටනේදී සොල්දාදුවන් ලෙස මෙම කඩුව අපටබොහෝ නිදහස ලබා දෙයි. දෙවියන්වහන්සේ අප වෙනුවෙන් සටන් කරන බවත් (යෝෂුවා 1:7-9) සහ උන්වහන්සේ අපව අත්නොහරින බවත් දැන දැනත් අපට භීතියෙන් නිදහස තිබේ. දෙවියන්වහන්සේගේ පණිවිඩය අප විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එය ප්‍රතික්ෂේප කරන අයගේ ආත්ම වලට අප වගකිවයුතු නැති බව දැන දැනම අපට වරදකාරිත්වයෙන් නිදහස්වේ (මාර්ක් 6:11). අපට පීඩා හා වෛරයට ලක්වුවහොත්, පළමුවෙන්ම ක්‍රිස්තුස්වහන්සේටත් පීඩා හා වෛර කරනු ලැබීය (යොහන් 15:18) සහ අපගේ සටන් තුවාල පොහොසත් හා ප්‍රේමනීය ලෙස ස්වර්ගයට නැඹුරුවනු ඇති බව දැන දැනම අපට බලාපොරොත්තු සුන්වීමෙන් නිදහස්වේ (මතෙව් 5:10).

මේ සියලු නිදහස ලැබෙන්නේ දෙවියන්වහන්සේගේ බලවත් ආයුධය වන උන්වහන්සේගේ වචනය භාවිතා කිරීමෙනි. දුෂ්ටයාගේ පරීක්ෂාවන්ට එරෙහිව සටන් කිරීම සඳහා අප මිනිස් ආයුධ භාවිතා කරන්නේ නම්, අප අසාර්ථකත්වයන් සහ බලාපොරොත්තු සුන්වීම් පවත්වාගෙන යනු ඇත. අනෙක් අතට, දෙවියන්වහන්සේගේ ජයග්‍රහණ බලාපොරොත්තුවෙන් පිරී ඇත. "අපගේ හදවත් නපුරු හෘදය සාක්ෂියකින් පවිත්‍ර කර අපගේ ශරීර පිරිසිදු ජලයෙන් සෝදාගෙන ඇදහිල්ල පිළිබඳ පූර්ණ සහතිකයකින් අවංක හදවතකින් ළං වෙමු. අපේ බලාපොරොත්තුව පාපොච්චාරණය නොකොට තදින් අල්ලා ගනිමු. මක්නිසාද පොරොන්දු දුන් තැනැන්වහන්සේ විශ්වාස වන්තය" (හෙබ්‍රෙව් 10:22-23). ප්‍රේරිතයන් දුන් ශුභාරංචියේ සත්‍ය, සම්පූර්ණ පණිවිඩය අසන සහ පිළිගන්නා අයගේ හදවත් "පවිත්‍රව ඉසිනු" සහ "පිරිසිදු ජලයෙන් සෝදා හරිනු ලැබේ." මොකක්ද මේ වතුර? අප සටන් කරනවිට අපව ශක්තිමත් කරන්නේ දේව වචනයයි (එපීස 5:26; යොහන් 7:38).

English



නැවතත් සිංහල මුල් පිටුවට

අප වටා සිදුවන අධ්‍යාත්මික සටන පිළිබඳව අප දැනුවත් විය යුතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries