settings icon
share icon
ප්‍රශ්නය

"ආත්මගත සහකරු" යනුවෙන් අයවලූන් සිටීද? තමාට විවාහ වීම සඳහා එක් නිශ්චිත තැනැත්තෙක් දෙවියන්වහන්සේ ලබාදී ඇද්ද?

පිළිතුර


"ආත්මගත සහකරු" යනුවෙන් සාමාන්‍යයෙන් අදහස් කරනුයේ, සෑම කෙනෙකුටම, තමාට සම්පුර්ණයෙන්ම ගැලපෙන තවත් කෙනෙකු සිටින බවත්, එම "ආත්මගත සහකරු" හැර වෙනත් කෙනෙකු සමග විවාහ වුවහොත්, එම විවාහය කිසිදිනක ප්‍රීතිමත් නොවන බවත්ය. මෙම සංකල්පය දේව වචනාකූලද? නැත. එය එසේ නොවේ. මෙම ආත්මගත සහකාරත්වය සමහර අය, බොහෝ විට දික්කසාද වීම සඳහා නිදහසට කරුණක් වශයෙන් ප්‍රයෝජනයට ගනිති. තමාගේ විවාහ ජීවිතය සතුටුදායක නොවන අය, සමහර විට ඔවුන් විවහා වී ඇත්තේ තමාගේ "ආත්මගත සහකරුවා" සමග නොවන බැවින් තමා එම විවාහයෙන් දික්කසාද වී තමාගේ සැබෑ "ආත්මගත සහකරුවා" සොයා ගත යුතු බව පෙන්වා දෙති. මෙය හුදෙක් නිදහසට කරුණක්, එනම් නොහික්මුණු දේව වචනයට පටහැනි නිදහසට කරුණක් මිස, වෙන කිසිවක් නොවේ. ඔබ විවාහ වී ඇත්නම්, ඔබ විවාහ වී ඇති තැනැත්තා ඔබේ "ආත්මගත සහකරුවා" වේ. මාර්ක් 10:7–9 හි මෙසේ දැක්වේ. මිනිසෙක් තම පියාද, මවද, අතහැර සිය භාය්‍ර්‍යාවට ඇඵම් වන්නේය. ඒ යුවලද එක් කෙනෙක් වෙති. මෙසේ ඔහු එවක් පටන් දෙදෙනෙක් නොව එක්කෙනෙක් වන්නෝය. එබැවින් දෙවියන්වහන්සේ එක්කළ අය මනුෂ්‍යයා විසින් වෙන් නොකෙරේවා. "තවදුරටත් දෙදෙනෙකු නොව එක් අයකු වෙති", සහ ඔවුන් දෙදෙනා "එක් කරනු" ලබති. එනම් "ආත්මගත සහකරුවන්" වෙති.

යම් යුවලක් ප්‍රාර්ථනා කරන අයුරින්ම විවාහයක් ඒකාකාරි සහ ප්‍රීතිමත් නොවිය හැක. ස්වාමීපුරුෂයා සහ භාය්‍ර්‍යාව හට තමන් ප්‍රිය කරන, කායික මානසික සහ අධ්‍යාත්මික සම්බන්ධතාවය නොලැබිය හැක. එවැනි තත්වයකදී එම යුවල සැබෑ "ආත්මික සහකාරත්වය" වැඩි දියුණු කර ගැනීමට වෙහෙස විය යුතුය. දේව වචනයේ විවාහය සම්බන්ධව පෙන්වා දෙන කරුණු වලට කීකරු වීමෙන් එක් මාංශයක් වු "ආත්මික සහකාරත්වය"ට ආවේණික වු ගුණාංග වන සමීපත්වය, ආදරය සහ කැපවීම විවාහක යුවලකට වැඩි දියුණු කරගත හැක. (එපීස 5:22–33) ඔබ විවාහ වී ඇත්නම් එසේ විවාහ වී ඇත්තේ ඔබගේ "ආත්මගත සහකරු" සමගය. විවාහ ජීවිතය කොතරම් අවුල් සහගත වුවද, එය සුවපත් කර, කමාව ලබාදී ප්‍රකෘතිමත් කර සැබෑ විවාහක ප්‍රේමය සහ සමගිය දෙවියන්වහන්සේ හට ලබා දිය හැක.

තමාට නොගැළපෙන තැනැත්තෙකු සමග විවාහ වීමට හැකියාවක් ඇද්ද? අප දෙවියන්වහන්සේට යටත් වී එතුමාගේ මඟපෙන්වීම සොයන්නේ නම්, එතුමා අපට මඟපෙන්වීමට පොරොන්දු වන සේක. හුදෙක් නුඹේම නුවණෙහි නොපිහිටා, මුඵ සිතින් හිමිතුම කෙරෙහි විශ්වාසය තබන්න. හැම දෙයකදීම සමිඳුන් සිහිකරන්න. එතුමා ඔබට හරිමඟ පෙන්වනු ඇත. (හිතෝපදේශ 3:5–6) එම බයිබල් පාඨ මගින් අවධාරණය කෙරෙන්නේ, ඔබගේ මුඵ සිතින් ස්වාමින් වහන්සේව විශ්වාස නොකරන්නේ නම්, ඔබ ඔබේම අදහස් මත රැදි සිටීම නිසා වැරදි මාර්ගයක ඔබ යා හැක. දෙවියන්වහන්සේට අකීකරුව, උන්වහන්සේ සමග සමීප සම්බන්ධතාවයක් නොමැතිවු අවස්ථාවකදී, උන්වහන්සේගේ අභිප්‍රාය නොවන කෙනෙකු සමග ඔබගේ විවාහය සිදුවිය හැක. නමුත් එවැනි අවස්ථාවකදී වුවද, සර්ව බලධාරී දෙවියන්වහන්සේ එය පාලනය කරන සේක.

යම්කිසි විවාහයක් දෙවියන්වහන්සේගේ අභිප්‍රායට එරෙහිව සිදුවුවද, එය දෙවියන් වහන්සේගේ සර්වබලධාරී කැමැත්ත සහ සැලසුම තුළ පවතී. දෙවියන් වහන්සේ දික්කසාද වීම ප්‍රතික්‍ෂේප කරන සේක. (මලාකි 2:16) එබැවින් "තමාට නොගැලපෙන තැනැත්තෙකු සමග විවාහ වීම" දික්කසාද වීමට නිදහසට කරුණක් ලෙස දේවවචනාකූලව දක්වා නැත. "මම විවාහ වී ඇත්තේ වැරදි සහකරු සමග බැවින් මට ගැළපෙන ආත්මික සහකරු" ලබා ගන්නා තෙක් කිසි දිනක මා හට සතුටින් සිටිය නොහැක යන ප්‍රකාශය අංශ දෙකකින් දේව වචනයට පටහැනි වේ. පළමුවැන්න නම්, එම ප්‍රකාශය මගින් ඔබගේ වැරදි තිරණය දෙවියන්වහන්සේගේ කැමැත්ත ඉක්මවා යන අතර, එය උන් වහන්සේගේ සැලසුම විනාශ කරනු ඇත. දෙවනුව, එම ප්‍රකාශය මගින් දැක්වෙන්නේ අවුල් සහගත විවාහයක් තුල ප්‍රීතිය, සමගිය සහ සාර්ථකත්වය යලි ඇති කිරිමට දෙවියන්වහන්සේට නොහැකි බවය. අප සිදුකරන කිසිම ක්‍රියාවක් නිසා දෙවියන්වහන්සේගේ සර්වබල කැමැත්ත අවුල් කල නොහැක. කොතරම් නොගැළපෙන දෙදෙනෙකු වුවද, එකිනෙකාට සර්ව සම්පූර්ණයෙන්ම ගැලපෙන දෙදෙනෙක් ලෙසට සකස් කිරීමට දෙවියන් වහන්සේට හැකිය.

අප දෙවියන්වහන්සේ සමග කිට්ටු සම්බන්ධතාවයක් තබාගන්නේ නම් උන්වහන්සේ අපට මග පෙන්වමින් උපදෙස් දෙන සේක. යම් තැනැත්තෙක් ස්වාමීන්වහන්සේ හා ගමන් කරමින් සැබවින් උන්වහන්සේගේ කැමැත්ත සොයන්නේ නම්, උන්වහන්සේ බලාපොරොත්තු වන සහකරුවා වෙතට ඔහුව ගෙනයනු ඇත. අප දෙවියන්වහන්සේට යටත් වී උන්වහන්සේ අනුව යන්නේ නම්, අපගේ ආත්මික සහකරුවා වෙතට උන්වහන්සේ අපව ගෙන යන සේක. කෙසේ වුව "ආත්මික සහකරුවකු" වීම තත්වයක් සහ සාම්ප්‍රදායක්ය. ස්වාමිපුරුෂයා සහ භාය්‍ර්‍යාව "එක මාංශයක්ව", ආත්මිකව, කායිකව සහ අධ්‍යාත්මිකව එකිනෙකා සහ බැඳීම නිසා, ඔවුන් "ආත්මික සහකරුවන්" වේ. ව්‍යවහාරයේදී යම් යුවලක් කිනම් අයද බව දැන ගැනීමට යම් ක්‍රියාවලියක් ඇතත්, දිනෙන් දිනම "ආත්මගත සහකරුවන්" එය යථාර්ථයක් බවට පත් කෙරේ. සැබෑ "ආත්මගත සහකරුවන්" තුල ඇති ඒකත්වය ඇතිකර ගත හැක්කේ විවාහයේ ඇති දේවවචනාකූල භාවය ක්‍රියාත්මක කිරීමෙනි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

"ආත්මගත සහකරු" යනුවෙන් අයවලූන් සිටීද? තමාට විවාහ වීම සඳහා එක් නිශ්චිත තැනැත්තෙක් දෙවියන්වහන්සේ ලබාදී ඇද්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries