settings icon
share icon
ප්‍රශ්නය

සොදොම් සහ ගොමෝරා තුල සිදු වු පාපය කුමක්ද?

පිළිතුර


සොදොම් සහ ගොමෝරා සම්බන්ධව දේව වචනයේ විස්තර අඩංගු වන්නේ උත්පත්ති 18-19 පරිච්ඡේදයන් වලය. උත්පත්ති 18 මගින් සමිදාණන් සහ දේව දුතයන් දෙදෙනෙක් ආබ්‍රහම් සමග කථා කිරීමට පැමිණීම ගැන සදහන් වේ. "සොදොම් සහ ගොමෝරා නගරයන්ට විරුද්ධව නගන චෝදනා කොතරම් දරුණුද? ඔවුන්ගේ පාපය කොතරම් බරපතලද?" යනුවෙන් සමිදාණන් ආබ්‍රහම්ට දැන්වු සේක. (උත්පත්ති 18:20) ආබ්‍රහම්ගේ ඥාති පුත්‍රයා වු ලොත් සහ ඔහුගේ පවුල සොදොම් නගරයේ විසු හෙයින් එම නගරය ගැන කරුණාව දක්වන ලෙස ආබ්‍රහම් සමිදාණන්ට කන්නලව් කලේය.

දේව දුතයන් දෙදෙනා මනුෂ්‍ය වේශයෙන් සොදොම් සහ ගොමෝරා නගරවලට පැමිණි බව උත්පත්ති 19 පරිච්ඡේදයේ සදහන් වේ. එම දේවදුතයාන් දෙදෙනා නගරයේ චතුරාශ්‍රයේ ලොත් මුණ ගැසු විට ඔවුන්ට තම නිවසට පැමිණ නවාතැන් ගන්නා ලෙස ලොත් ඉල්ලීමක් කලේය. එයට දේවදුතයන් එක!ග විය. ඔවුන් නිදාගැනීමට යාමටත් පෙර සොදොම් නගරයේ සතර දෙසින්ම බාල මහඵ පුරුෂයන් ලොත්ගේ නිවාස වටකර ගත්හ. ඔවුන් ලොත්ට හඩගසා "අද රෑ ඔබ වෙත් පැමිණි මිනිසුන් කොහේද? අප ඔවුන් සමග කම් සැප විදින පිණිස ඔවුන් පිටතට ගෙනෙන්න" යයි කී බව දේව වචනයේ සදහන් වේ. (උත්පත්ති 19:4-5) එවිට දේව දූතයන් එම මිනිසුන්ගේ ඇස් අන්ධ කොට ලොත් සහ ඔහුගේ මුළු පවුලට නගරයෙන් පලා ගොස් දෙවියන්වහන්සේ සොදොම් සහ ගොමෝරා නුවර වැසියන්ට ලබා දීමට යන විනාශයෙන් බේරෙන මෙන් දැන්වූහ. "සමිදාණන් සොදොම් සහ ගොමෝරා නගර පිට ගෙන්දගම් සහ ගිනි වර්ෂා වහින්න සැලැස්වූ සේක. උන්වහන්සේ ඒ නගරද මුළු මිටියාවත්ද නගර වාසින්ද පොලොවේ ගස් කොළන්ද විනාශ කර දැමූ සේක…" (උත්පත්ති 19:24)

ඉහත චේදයේ දැක්වෙන කරුණු අනුව "සොදොම් සහ ගොමෝරා නගරවල සිදුවුයේ කිනම් පාපයක්ද?" යන ප්‍රශ්නයට පිළිතුරක් ලෙස හැගෙන්නේ සම ලිංගික සම්භන්ධතාවයයි. කැමැත්තේන් හෝ බල කිරීමක් හේතුවෙන් පුරුෂයන් දෙදෙනෙකු අතර ඇති අස්වාභාවික ලිංගික සම්භන්ධතාවය "සොදොම්" යනුවෙන් හැදින්වීමට හේතුවුයේ මෙම සිද්ධිය වේ. දෙවියන් වහන්සේ මෙම නගර දෙක විනාශ කිරීමට තුඩු දුන් හේතු වලින් එකක් සමලිංගික සම්බන්ධතාවය බව මෙයින් පැහැදිලිවේ. මනුෂ්‍ය වේශයෙන් පැමිණි දේව දුතයන් දෙදෙනා සමග සංවිධාත්මක අපරාධ කල්ලියක් ලෙස සමලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීමට එම නගර වාසින්ට අවශ්‍ය විය. එමෙන්ම දෙවියන්වහන්සේ සොදොම් සහ ගොමෝරා නගර විනාශ කිරීමට එකම හේතුව සමලිංගික සම්බන්ධතාවය බව පැවසීම දේව වචනයට අනුකූල නොවේ. සොදොම් සහ ගොමෝරා නගරවල සිදු වු පාපයන් එක් අංශයකට සීමා නොවීය.

එසකියෙල් 16:49–50 පද මගින් ප්‍රකාශවනුයේ "නුඹේ සහෝදරී වු සොදොම්ගේ අපරාධ මෙසේය. ඇ සහ ඇගේ දූවරු අහංකාරීව සිටියහ. අධික ආහාරද සැප පහසුකම්ද ඇතිව සිටියහ. එහෙත් ඔවුන් අසරණයන්ද දිළිදුන්ද සැලකුවේ නැත. ඔවුන් උඩගුව සිට මා ඉදිරියේ පිළිකුල් ක්‍රියා කලහ." හෙබ්‍රෙව් වචනයෙන් පරිවාර්ථනය වු පිළිකුල් යන්නෙහි තේරුම් වනුයේ සදාචාරාත්මක නොවන අප්‍රසන්න ක්‍රියාවලට වන අතර ලෙවී ව්‍යවස්ථාව 18:22 පදයේ සදහන් පරිදි සම ලිංගික සම්බන්ධතාවය හදුන්වන්නේද "පිළිකුල්" යන වචනයෙනි. එසේම ජුද් 7 පරිච්ඡේදයෙන් ප්‍රකාශවන්නේ සොදොම් සහ ගොමෝරා නගර වැසියන් සමලිංගික සම්බන්ධතාවයෙන් සහ දුරාචාරයන් වල යෙදුනෝය. ඒ අනුව සොදොම් හා ගොමෝරා නගර වැසියන් නිරත වී සිටියේ එම පාපයේ පමණක් නොවන අතර, එම සම්බන්ධතාවයන් එහි විනාශය සදහා හේතුවු මුලික කරුණ බවද පෙනේ.

සොදොම් සහ ගොමෝරා වැසියන් සිදුකල පාපය වනුයේ ආගන්තුක සත්කාර නොකිරීම බව දේව වචනය මගින් සමලිංගික සම්බන්ධතාවය දෝෂාරෝපනයට ලක්කිරීම පිලිනොගන්නා අය හුවා දක්වති. සොදොම් සහ ගොමෝරා වැසියන් ඇත්ත වශයෙන්ම ආගන්තුක සත්කාර නොකළහ. සංවිධාත්මක අපරාධ කල්ලි, සමලිංගික සම්බන්ධතාවයන් මගින් අපචාර කිරීම තරම් ආගන්තුක සත්කාරයට එරෙහි කිසිවක් නොමැත. එනමුත් දෙවියන් වහන්සේ සොදොම් හා ගොමෝරා සම්පුර්ණයෙන්ම විනාශ කලේ ඔවුන් ආගන්තුක සත්කාර නොකල බැවින් යනුවෙන් පැවසීමෙන් සමලිංගික සම්බන්ධතාවයේ ඇති පාපිෂ්ඨ භාවය මග හැරේ. සොදොම් සහ ගොමෝරා වැසියන් බොහෝ දරුණු පාප සිදුකිරීම සදහා වැරදිකරුවන් වු අතර, දෙවියන් වහන්සේ එම නගරවලට ගිනියම්වු ගෙන්දගම් හා ගිනි වර්ෂා වගුරුවා එහි වැසියන් සහ සියඵම ජිවින් සම්පුර්ණයෙන්ම විනාශ කලේ ඔවුන් සමලිංගික සම්භන්ධතාවයේ යෙදුන නිසාය. අදටත් සොදොම් හා ගොමෝරා නගර පිහිටි ස්ථානයේ දක්නට ඇත්තේ පාඵ මුඩු බිම්ය. මනුෂ්‍යයාගේ පාප ගැන, විශේෂයෙන්ම සමලිංගික සම්භන්ධතාවය උන්වහන්සේගේ හැගීම් කුමක්දැයි දැනගැනීම සදහා සොදොම් හා ගොමෝරා බලවත් උදාහරණයකි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සොදොම් සහ ගොමෝරා තුල සිදු වු පාපය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries