සමාජ සාධාරණත්වය පිළිබදව දේව වචනයේ කුමක් සදහන් වේද?

සමාජ සාධාරණත්වය පිළිබදව දේව වචනයේ කුමක් සදහන් වේද?


ප්‍රශ්නය: සමාජ සාධාරණත්වය පිළිබදව දේව වචනයේ කුමක් සදහන් වේද?

පිළිතුර:
සමාජ සාධාරණත්වය පිළිබදව කිතුණු අදහස ගැන සාකච්ඡා කිරීමට පෙර එහි කොන්දේසි පිළිබදව අර්ථ දැක්විය යුතුය. සමාජ සාධාරණත්වය වූ කලී දේශපාලනික ආරෝපිත සංකල්පයක් වන අතර එය සැබවින්ම නවීන දින සන්දර්භයෙන් වෙන් කර තැබිය නොහැක. දේශපාලන යුගයේ වම් පස තමන්ට සහාය දීමට කරන්නාවූ මොරගැසීමක් ලෙස සමාජ සාධාරණත්වය බොහෝ විට භාවිතාවේ. විකිපීඩියාවේ "සමාජ යුක්ති විනිශ්චය" ප්‍රවේශයෙන් උපුටාගත් කොටස මෙම සංකල්පය පිළිබදව කදිම නිර්වචනයකි:

"සමාජ සාධාරණත්වය වනාහී සමාජීය සාධාරණ ලෝකයක් කරා ගමන් කිරිම සදහා ඇතැම් අය භාවිතා කරන සංකල්පයකි. මෙම සන්දර්භය තුළ සමාජ සාධාරණත්වය පදනම් වී ඇත්තේ මානව හිමිකම් සංකල්පය සහ සමානාත්මතාව මත මෙන්ම ප්‍රගතිශීලි බදුකරණයල ආදායම් පුනරුත්තාපන කිරීම හෝ දේපල යලි බෙදාහැරීම හරහා ආර්ථික සමානතාවාදයකට සම්බන්ධ වේ. මෙම ප්‍රතිපත්ති අරමුණු කරගෙන ඇත්තේ ඇතැම් සමාජයන්හී පවතින වර්තමාන පැවැත්මට වඩා සමාන සමානාත්වයක් ඇති බවට සංවර්ධන ආර්ථික විද්‍යාඥයින් යොමු කිරීම සහ ක්‍රමාණුකූල සාධාරණ ක්‍රමවේදයක් තුළ ආවර්තනික සමානාත්වයන් තුළ සිදුවිම් වල සමානතාවයන් නිපදවීමටය."

මෙම නිර්වචනයේ ප්‍රධාන පදය වන්නේ "සමානාත්මතාවාදය" යන්නය. මෙම වචනයෙන් "ආදායම නැවත බෙදාහැරීම" "දේපල යලි බෙදාහැරීම" සහ "සමානතාවයේ ප්‍රතිඵලය" යන වාක්‍ය ඛණ්ඩයන් සමග සමාජ සාධාරණත්වය ගැන බොහෝ දේ පවසයි. දේශපාලන මූලධර්මයක් ලෙස සමානාත්මතාවාදය යනු සෑම පුද්ගලයෙකුටම එකම (සමාන) දේශපාලනල සමාජල ආර්ථික හා සිවිල් අයිතීන් තිබිය යුතුය යන අදහස ප්‍රවර්ධනය කරයි. මෙම අදහස පදනම් වී ඇත්තේ නිදහස් ප්‍රකාශන වැනි එවැනි ලේඛන වල අචල කළ නොහැකි මානව හිමිකම් වල අත්තිවාරම මතය.

කෙසේ නමුත් ආර්ථික මූලධර්මයක් ලෙස සමානාත්මතාවය යනු සමාජවාදය හා කොමියුනිස්ට්වාදය පිටුපස ඇති ගාමක බලවේගයයි. එය වූ කලී ධනය යලි බෙදාහැරීම මගින් ආර්ථික අසමානතාවේ බාධක ඉවත් කිරීමට උත්සාහ දරන ආර්ථික සමානතාවාදය වේ. ප්‍රගතිශීලි බදු ප්‍රතිපත්තිය ධනවත් පුද්ගලයන්ගේ ප්‍රාග්ධනයකින් වැඩි මුදලක් ලබා ගන්නා අතරම එම විධික්‍රම නොමැති අය සදහා ජීවන මටිටම ඉහළ නැංවීම සදහා මෙය ක්‍රියාත්මකවේ. වෙනත් වචන වලින් කිවහොත් ආණ්ඩුව ධනවතුන්ගෙන් අය කොටගෙන දිළිඳුන්ට ලබා දෙයි.

මෙම ඉගැන්වීමේ ගැටළු සහගතභාවය ද්විත්වවේ: පළමුවල ධනපතියන් දිළිඳුන් සූරාකමින් ධනවත් වී ඇති බවට පූර්වායවයක් ආර්ථික සමානාත්මතාවෙහි අන්තර්ගතවේ. පසුගිය වසර 150 පුරා සමාජවාදී සාහිත්‍යය මෙම වාතාවරණය ප්‍රවර්ධනය කරනු ලබයි. කාල් මාක්ස් සිය කොමියුනිස්ට් ප්‍රකාශනය මුලින්ම ලියූ අවස්ථාවේදී මෙය මූලිකවම සිදුවන්නට ඇති අතර වර්තමානයේද මෙය එසේ සිදු විය හැකි නමුදු සෑම විටම එය එසේ නොවේ. දෙවනුවල සමාජවාදී වැඩපිළිවෙල තුළින් ගැටළු නිරාකරණය කරනු වෙනුවට ගැටළු ඇති කිරිමට නැඹුරුවේ; වෙනත් වචන වලින් කිවහොත් ඔවුන් වැඩ නොකරනු ලබයි. ඌන සේවා නියුක්ත හෝ රැකියා විරහිතයින්ගේ ආදායම අතිරේකව ලබා ගැනීම සදහි භාවිතා කරන සුභසාධනය නියමානුකූලව ප්‍රතිග්‍රාහකයන් තමන්ගේ තත්වය දියුණු කර ගැනීම වෙනුවට රජයේ දීමනාව කෙරෙහි රදා පවතින්නන් බවට පත්වෙති. සමාජවාදය හෝ කොමියුනිස්ට් වාදයේ ජාතික පරිමාණයෙන් පරික්ෂාවට ලක්ව ඇති සෑම තැනකම සමාජය තුළ පන්ති විභේදනයන් ඉවත් කිරීමට අසමත්වි ඇත. ඒ වෙනුවට රදළ පෙලෙහි නොහොත් සාමාන්‍ය මිනිසාගේ ගෞරවය කම්කරු පන්තියේ නොහොත් දේශපාලන පන්තියේ ගෞරවය තුළින් ප්‍රතිස්ථාපනය කරනු ලබයි.

එසේ නම් සමාජ සාධාරණත්වය පිළීබදව කිතුණු අදහස කුමක්ද? දෙවියන් වහන්සේ යුක්තියේ දෙවියන්වහන්සේ බව දේව වචනයෙහි අපට උගන්වනු ලබයි. ඇත්ත වශයෙන්ම කිවහොත් "උන්වහන්සේගේ සියලූ මාර්ග ධර්මිෂ්ඨය" (ද්වීතිය කථාව 32:4).

තවද දිලිඳු සහ දුක්ඛිත තත්වය කෙරෙහි සැලකිල්ල සහ රැකවරණය යොමු කරන සමාජ සාධාරණත්වය පිළිබද සංකල්පය දේච වචනය අනුමත කරයි (ද්වීතිය කථාව 10:18; 24:17; 27:19). දේව වචනයේ නිතරම පියා නැත්තන්, වැන්දඹුවන් සහ විදේශිකයන් පිළිබදව සදහන් කරන අතර එනම් තමන්මට තමන්ගේ ආරක්ෂාව සලසාගත නොහැක්කන් හෝ කිසිඳු ආධාරක ක්‍රමයක් නොතිබූ අයවේ. ඉශ්‍රායෙල් ජාතියට දෙවියන්වහන්සේ විසින් නියම කර තිබුනේ දිළින්දන් සලකන ලෙසත් අවසානයේදී එසේ කිරීමට ඔවුන්ගේ වූ අසාර්ථකත්වය ඔවුන්ගේ විනිශ්චයට සහ එම දේශයෙන් ඔවුන්ව නෙරපා දැමීමට හේතුවද එය විය.

යේසුස්වහන්සේ විසින් ඔලීව කන්ද මත කරන ලද දේශනාවෙහිදී "ඉතාමත් කුඩා කෙනෙකුට" සැලකීම (මතෙව් 25:40), පිළිබදව සදහන් කරනු ලබන අතර ශුග යාකොබ් තුමාගේ යැවුම් පත්‍රයේ "සැබෑ ආගමේ" ස්වභාවය පිළිබදව පැහැදිලි කරනු ලබයි (යාකොබි 1:27). එහෙයින් "සමාජ සාධාරණත්වය" මගින් අප අදහස් කරනු ලබන්නේ දිළින්දන් රැක බලා ගැනීමට සදාචාරාත්මක වගකීමක් තිබේ නම් එය නිවැරදි බවය. වැටීම කරණකොටගෙන වැන්දඹුවන්, පියා නැති දරුවන් සහ විදේශිකයන් බිහි වන අතර සමාජයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබූවන්ට සැලකීම පිණිස පැරණි මෙන්ම නව ගිවිසුමේ සැලසුම් උන්වහන්සේ විසින් ඇති කර ඇත. එවන් හැසිරීමක ආකෘතිය යේසුස්වහන්සේ වන අතර උන්වහන්සේ දෙවියන්වහන්සේගේ යුක්තිය පිළිබදව හැගීම මේ සමාජයේ ප්‍රතික්ෂේප කරනු ලැබූවන්ටද ගෙන එනු ලබන්නේ සුභාරංචි පණිවුඩය තුළිනි.

කෙසේ නමුදු සමාජ සාධාරණත්වය පිළිබදව ක්‍රිස්තියානි සංකල්පය සමාජ සාධාරණත්වය පිළිබදව සමකාලීන මතයට වඩා වෙනස් වූවකි. දිළින්දන්ව සැලකීම පිළිබදව දේව වචනයේ සදහන් උපදෙස් සමාජමය වූවකට වඩා පුද්ගලික දෙයකි. වෙනත් වචන වලින් කිවහොත් "ඉතාමත් කුඩා කෙනෙකුට" හෝ උපකාර කිරීම හැකි අයුරින් සෑම කිතුණුවකුව දිරිගන්වනු ලබනු ඇත. මෙම දේව වචනානුකූල ආඥාවන්ට පදනම දක්නට ලැබෙන්නේ ශ්‍රේෂ්ඨතම ආඥාවන්හී දෙවනුව වන – තමාට මෙන්ම තමාගේ අසල්වැසියාටද ප්‍රේම කරන්නය මතය (මතෙව් 22:39). සමාජ සාධාරණත්වය පිළිබදව වර්තමාන සංකල්පය ආණ්ඩුව හා සමග පුද්ගලයා ප්‍රතිස්ථාපනය කරනු ලබන්නේ, එයින් බදුකරණය සහ අනෙකුත් ක්‍රම මගින් ධනය යලි බෙදාහරිනු ලබන බවය. මෙම ප්‍රතිපත්තිය තුළින් ප්‍රේමයෙන් යුතුව බෙදා දීම දිරිමත් නොකරනු ලබන අතර දුෂ්කරතා මධ්‍යයේ උපයා ගත් ධනය උදුරා ගනු ලැබීම වෙනුවෙන් සමහරුන් දක්වන්නාවූ ප්‍රතිවිරෝධයවේ.

තවත් වෙනස් කමක් නම් සමාජ සාධාරණත්වය පිළිබදව ක්‍රිස්තියානි ලෝක දර්ශනය ධනවතුන් ලාභ ලබන්නන්ගේ ප්‍රතිලාභයන් බව උපකල්පනය නොකරයි. ක්‍රිස්තියානි ලෝක දර්ශනයට අනුව ධනය අයහපත් නොවන නමුත්, කෙනෙකුගේ ධනය පිළිබදව යහපත් ගබඩාකරුවකු වීම වගකීමක් මෙන්ම අපේක්ෂාවක්ද ඇත. (සියලූ ධනය පැමිණෙන්නේ දෙවියන්වහන්සේගෙන්ය) වර්තමාන සමාජ සාධාරණත්වය ක්‍රියාත්මක වන්නේ ධනවතුන් දිළින්දන් ගසා කනු ලබති යන උපකල්පනය මතය. තෙවන වෙනස්කම නම් ගබඩාකාරකම නමැති කිතුණු සංකල්පය තුළ කිතුණුවන්ට තමන්ට සහය දීමට අවශ්‍යය වේ නම් අසරණ අයට සරණ විය හැක. නිදසුනක් ලෙස කිතුණුවකුට නූපන් දරුවකු පිළිබදව හදවතක් ඇත්නම් තමාගේ කාලයල තලෙන්ත සහ ධනය භාවිතා කරමින් ජීවන ගැති නියෝජිතායතන වලට සහය දිය හැක. සමකාලීන සමාජ සාධාරණත්වය යටතේ බෙදාහරින ලද ධනය ලැබිය යුත්තේ කව්රුන්ද යන්න තීරණය කරනු ලබන්නේ ආණ්ඩුව තුළ බලයෙහි සිටින අයවේ. අපගේ බදු මුදල් භාවිතා කොට රජය කුමක් කරයිද යන්න පිළිබදය අපට කිසිඳු පාලනයක් නොමැති අතර එම මුදල් වටිනාකමක් ඇතැයි සැලකිය හැකි අසරණ සරණ කටයුතු වලට යොදතැයිද යන්න අප විසින් නොසිතිය යුතුවෙමු.

මූලික වශයෙන්ම සමාජ සාධාරණත්වය සදහා දෙවියන්වහන්සේ කේන්ද්‍ර කොටගත් ප්‍රවේශයක් සහ මිනිසා කේන්ද්‍රගත වූ ප්‍රවේශයක් අතර ආතතියක් පවතියි. මිනිසා කේන්ද්‍රගත වූ ප්‍රවේශය ආණ්ඩුව දකිනු ලබන්නේ ගැළවුම්කරුවකුගේ භූමිකාවක් ලෙස වන අතර එය තුළින් රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබදව මනෝරාජ්‍යයක් ඇති කරනු ලබයි. දෙවියන්වහන්සේ කේන්ද්‍ර කොටගත් ප්‍රවේශය ක්‍රිස්තුස්වහන්සේව ගැළවුම්කරුවාණන් ලෙස දකිනු ලබන්නේ උන්වහවහන්සේගේ නැවත පැමිණීමෙහිදී ස්වර්ගය පොළොවට ගෙන එනු ලබන සේක බවය. උන්වහවහන්සේගේ නැවත පැමිණීමෙහිදී ක්‍රිස්තුස්වහන්සේ සියල්ල ප්‍රතිශ්ඨාපනය කොට සම්පූර්ණ යුක්තිය ක්‍රියාත්මත කරනු ලබන සේක. ඒ වන තුරු කිතුණුවන් දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ යුක්තිය විදහා දක්වමින්, කරුණාව සහ දයාව අසරණයන්ට දක්වනු ලබති.

English
නැවතත් සිංහල මුල් පිටුවට
සමාජ සාධාරණත්වය පිළිබදව දේව වචනයේ කුමක් සදහන් වේද?