settings icon
share icon
ප්‍රශ්නය

පාපයේ වහලෙකුවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර


සෑම කෙනෙකුම අධ්‍යාත්මික අර්ථයෙන් වහලෙකි. එක්කෝ අපි පාපයට වහලුන් වෙමු, එය අපගේ ස්වාභාවිකතත්වය හෝ අපි ක්‍රිස්තුස් වහන්සේට වහලුන් වෙමු. අළුත් ගිවිසුමේ ලේඛකයෝ කැමැත්තෙන්ම ක්‍රිස්තුස්වහන්සේගේ වහලුන් ලෙස ඔවුන්ගේ තත්වය ප්‍රකාශ කළහ. පාවුල් තුමා රෝම වරුන්ට තම ලිපිය විවෘත කරන්නේ තමා "යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දාසයෙක්" ලෙසටය (රෝම 1:1) සහ තිතස්ට ලියූ ලිපිය තමා "දෙවියන්වහන්සේගේ දාසයෙක්" ලෙස හඳුන්වමින් (තීතස් 1:1). යාකොබ් තම ලිපිය විවෘත කරන්නේ "දෙවියන්වහන්සේ හා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක්" (යාකොබ් 1: 1). බොහෝ පරිවර්තන වල මෙම ඡේද වල "සේවකයා"හෝ "බැඳුම්කර සේවකයා"යැයි කියනු ලැබේ. නමුත් ඩූලස් යන ග්‍රීක වචනයේ තේරුම "දාසයා"යන්නයි.

යොහන් 8:34 හී යේසුස්වහන්සේ නොඇදහිලිවන්ත පරිසිවරුන්ට මෙසේ පවසයි, "සැබවක්, සැබවක් මම ඔබට කියමි, පාපය කරන සියල්ලෝ පාපයේ දාසයෝය." ඔහු තම දාසයාට හා ඔහුගේ ස්වාමියාට සමානකම් දක්වයි. වහලුන්ට තමන්ගේම කැමැත්තක් නැත. ඔවුන් වචනාර්ථයෙන් තම ස්වාමිවරුන්ට වහල් භාවයේ සිටිති. පාපය අපගේ ස්වාමියා වනවිට, අපට එයට එරෙහි විය නොහැක. නමුත්, පාපයේ බලය ජය ගැනීමට ක්‍රිස්තුස් වහන්සේගේ බලයෙන්, "ඔබ පාපයෙන් නිදහස්වී ධර්මිෂ්ධකමට වහලුන් වී ඇත"(රෝම 6:18). අප පසුතැවිලිවී ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ පාපයට සමාව ලැබීමෙන් පසු, අප තුළ ජීවත්වීමට පැමිණෙන ශුද්ධාත්මයාණන් විසින් අපට බලය ලැබේ. පව් කිරීමට විරුද්ධ වීමටත් ධර්මිෂ්ධකමේ වහලුන් වීමටත් අපට හැකි වන්නේ උන්වහන්සේගේ බලයෙන්ය.

යේසුස්වහන්සේගේ ගෝලයන් උන්වහන්සේට අයිති වන අතර උන් වහන්සේව සතුටු කරන දේවල් කිරීමට අවශ්‍යය. මෙයින් අදහස් කරන්නේ දෙවියන්වහන්සේගේ දරුවන් උන්වහන්සේට කීකරුවී පුරුදු පාපයෙන් නිදහස්ව ජීවත් වන බවයි. අපට මෙය කළ හැක්කේ යේසුස්වහන්සේ අපව පාපයේ වහල් භාවයෙන් නිදහස් කර ඇති නිසාය (යොහන් 8:36), එබැවින් අප තවදුරටත් මරණීය දණ්ඩනයට හා දෙවියන්වහන්සේගෙන් වෙන්වීමට යටත් නොවේ.

රෝම 6:1-23 තව දුරටත් දාසයෙකු හා ඔහුගේ ස්වාමියා පිළිබඳ මෙම අදහසට එකඟවේ. කිතුනුවන් වශයෙන් අප පුරුද්දක් ලෙස පාපයේ නියැලෙන්නේ නැත. රෝම 6:4 පවසනවා අපව තැන්පත්කර ක්‍රිස්තුස් වහන්සේ සමග නැවත නැඟිටුවනු ලැබූ බැවින්, පාපයේ වහලෙකු වන නොඇදහිලිවන්තයා මෙන් නොව, අපට දැන් ජීවිතයේ නව කතාවේ ගමන් කළ හැකිය. රෝම 6:6 තවදුරටත් කියා සිටින්නේ, අපගේ පරණ ආත්මය උන්වහන්සේ සමඟ කුරුසියේ ඇණගසනු ලැබූ බව අප දන්නා බැවින් අපගේ පාප ශරීරය දුරු කරනු පිණිස, අප තවදුරටත් පාපයේ වහලුන් නොවිය යුතුය. රෝම 6:11 හී පවසන්නේ අප පාපයට මැරී සිටින බවත් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ දෙවියන්වහන්සේට ජීවත්ව සිටින බවත්ය.

දෙවියන්වහන්සේ අපට අණ කර ඇත්තේ පාපය අපගේ ශරීර තුළ රජවීමට ඉඩ නොදී, එහි තෘෂ්ණාවන්ට කීකරු නොව, ඒ වෙනුවට අප ධර්මිෂ්ධකමේ උපකරණ ලෙස උන්වහන්සේට ඉදිරිපත් කළ යුතුය (රෝම 6:12-14). රෝම 6:16-18 හී අපට පවසා ඇත්තේ අප කීකරුවන තැනැත්තාගේ වහලුන් බවය, එක්කෝ පාපයට කීකරුවීම හෝ ධර්මිෂ්ධකමට කීකරුවීම. ශුද්ධකමේ හා සදාකාල ජීවනයේ ත්‍යාග අපට ලැබෙන දෙවියන්වහන්සේට අප වහල් විය යුතුය. අප එසේ කරන්නේ පාපයේ කුලිය මරණය වන නමුත් දෙවියන්වහන්සේගේ නොමිලේ දෙන ත්‍යාගය අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සදාකාල ජීවනයයි (රෝම 6:23).

රෝමවරුන්ගේ කතුවරයා වන ප්‍රේරිත පාවුල්තුමා තව දුරටත් කියා සිටින්නේ, ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකුවූ පසුවත් පාපය තුළ ජීවත් නොවීම කොතරම් දුෂ්කර දැයි තමා දන්නා බවයි. සියලුම කිතුනුවන් දැන ගැනීමට මෙය වැදගත්වේ. අප දැන් පාපයේ දඩුවමෙන් නිදහස්වී සිටියද, අප මේ මිහිපිට ජීවත්ව සිටියදී පාපය ඉදිරියේ ජීවත්වෙමු. අපට පාපයේ බලයෙන් නිදහස් විය හැකි එකම ක්‍රමය නම් අප ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් පැමිණෙන මොහොතේ ඇදහිලිවන්තයන්ට ලබා දෙන ශුද්ධාත්මයාණන්ගේ බලයයි (එපීස 1:13-14), මෙය ක්‍රිස්තුස්වහන්සේ තුළ අපව මුද්‍රා කරයි දෙවියන්වහන්සේගේ දරුවන් වශයෙන් අපගේ උරුමය පිළිබඳ පොරොන්දුවක් ලෙස.

අපගේ ජීවිත තුළ ශුද්ධාත්මයාණන්ගේ පැමිණීම යන්නෙන් අදහස් වන්නේ, අප අපගේ ඇදහිල්ල තුළ වර්ධනයවී දිනපතාම දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමට පටන් ගන්නා විට, අපට වැඩි වැඩියෙන් පාපයට එරෙහිවීමට ශක්තිය ඇති බවය. ශුද්ධාත්මයාණන්වහන්සේගේ ක්‍රියාකාරිත්වය තුළින් අපට බලය ලැබී ඇත්තේ පාපයට එරෙහිවීමට මිස එහි පරීක්ෂාවට හසුනොවී දෙවියන් වහන්සේගේ වචනයට අනුව ජීවත් වීමටය. පුරුදු පව් අපට වඩාත් පිළිකුල් සහගත වනු ඇත, තවද දෙවියන්වහන්සේ සමග අපගේ ඇසුරට බාධාවක් වන කිසිවක් කිරීමට අප අකමැතිවනු ඇත.

රෝම 7:17-8: 2 ඇදහිලිවන්තයන්ට පුදුමාකාර දිරි ගැන්වීමක් වන්නේ අප පව් කරනවිට පවා අප ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින බැවින් තවදුරටත් දඩුවමක් නොලැබෙන බව අපට පවසා ඇති බැවිනි. 1 යොහන් 1:9 අපට සහතික කරයි, අප කිතුනුවන් වශයෙන් පාපය කරනවිට, අපගේ දෛනික පව් ස්වාමින්වහන්සේට පාපොච්චාරණය කළහොත්, ඔහු විශ්වාසවන්ත හා ධර්මිෂ්ධ වන අතර, අප නිවැරදි සම්බන්ධතාවයක දිගටම ජීවත් වන පිණිස ඔවුන්ගෙන් අපව පවිත්‍ර කරනු ඇත. ඔහු සමග ක්‍රිස්තුස්වහන්සේ අපට ප්‍රේම කළාක් මෙන් එකිනෙකාට ප්‍රේම කරන ලෙසත්, සමිඳාණන්වහන්සේට ප්‍රසන්නදේ ඉගෙන ගෙන එය පිළිපැදීමටත් ආලෝකයේ දරුවන් ලෙස ගමන් කිරීමට ප්‍රේරිත පාවුල්තුමා අපට ධෛර්යමත් කර අවවාද කරයි (එපීස 2:1-10; 3:16-19; 4:1-6; 5:1-10). යක්ෂයාගේ කූටෝපායන්ට එරෙහිව නැගී සිටීමට හැකි වන පිණිස සෑම දිනකම දෙවියන්වහන්සේගේ සම්පූර්ණ සන්නාහය පැළඳගෙන ස්වාමින්වහන්සේ තුළ ශක්තිමත්ව සිටින්නේ කෙසේද යන්න එපීස 6:10-18 දක්වා පාවුල් අපට පෙන්වා දෙයි.

සෑම දිනකම දේවවචනය කියවීමෙන් හා අධ්‍යයනය කිරීමෙන් හා උන් වහන්සේ සමඟ යාච්ඤා කිරීමෙන් කාලය ගත කිරීමෙන් අපගේ ඇදහිල්ල වර්ධනයවීමට හා පරිණතවීමට අප ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් ලෙස කැපවන විට, ශුද්ධාත්මයාණන්ගේ බලයේ සිටගෙන එයට විරුද්ධවීමට අපට වැඩි වැඩියෙන් හැකියාව ලැබෙනු ඇත. ක්‍රිස්තුස්වහන්සේ තුළ අප දිනපතා ලබා ඇති පාපයට එරෙහි ජයග්‍රහණයන් අපව ධෛර්යමත් කර ශක්තිමත් කරනු ඇති අතර අප තවදුරටත් පාපයේ වහලුන් නොව දෙවියන්වහන්සේට වහලුන් බව ප්‍රබල ආකාරයකින් පෙන්නුම් කරයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පාපයේ වහලෙකුවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries