දේවවචනයේ අවස්ථායික ආචාරධර්ම පිළිබදව උගන්වනු ලබයිද?

දේවවචනයේ අවස්ථායික ආචාරධර්ම පිළිබදව උගන්වනු ලබයිද?


ප්‍රශ්නය: දේවවචනයේ අවස්ථායික ආචාරධර්ම පිළිබදව උගන්වනු ලබයිද?

පිළිතුර:
අවස්ථායික ආචාරධර්ම යනු සදාචාරමය ආචාරධර්ම පිළිබද විශේෂිත මතයකි. යම්කිසි ක්‍රියාවක සදාචාරය නිර්ණය කරනු ලබන්නේ එහි පෙළ යෙදුම මගිනි. අවස්ථායික ආචාරධර්ම සදහන් කරනු ලබන්නේ නිරවද්‍යය දෙයක් සහ සාවද්‍යය තිබේ නම් එය හුදෙක් නිර්ණය කරනු ලබන්නේ එම අවස්ථාවේ අපේක්ෂිත ප්‍රතිඵලය හේතුකොටගෙනය. අවස්ථායික ආචාරධර්ම සදාචාරාත්මක සාපේක්ෂතාවාදයෙන් වෙනස් වනු ලබන්නේ සදාචාරාත්මක සාපේක්ෂතාවාදයෙන් කියා පාන්නේ නිරවද්‍යය සහ සාවද්‍යය දෑ නොමැති බවය. අවස්ථායික ආචාරධර්ම මගින් සදාචාරාත්මක සංග්‍රහය ආවරණය කරනු ලබන්නේ එක් එක් අවස්ථාවේ අවශ්‍යතා සපුරාලමින් නිරවද්‍යය සහ සාවද්‍යය කුමක්ද යන්න නිර්ණය කරමිනි.

ආවරණයෙන් ආවරණය ගත් කළ දේවවචනය සත්‍යය වූත්ල ස්ථාවරවූ සහ යෝග්‍යය වූවකි. අවස්ථායික ආචාරධර්ම කිසිවිටකත් දේව වචනය තුළින් ඉගැන්වීමක් හෝ දැනමුතුකම් දීමක් හෝ පක්ෂව කථා කිරීමක් වේද? කෙටිම පිළිතුර “නැත” යනුයි. අප මූලධර්ම 3 ක් සලකා බලමු: 1) දෙවියන්වහන්සේ මැවුම්කරුවාණ න් මෙන්ම පෝෂකයාණන් වන සේක. 2) දෙවියන් වහන්සේගේ වචනයේ සියල්ලම සත්‍යයවේ. අප අකැමති මෙන්ම අපට අවබෝධ කරගත නොහැකි කොටස්ද එහි අන්තර්ගතවේ. 3) නිරවද්‍යය සහ සාවද්‍යය දේ නිර්ණය සහ නිර්වචනය කරනු ලබන්නේ දෙවියන්වහන්සේ කව්රුන්ද යන්නෙනි.

1. දෙවියන්වහන්සේ මැවුම්කරුවාණන් මෙන්ම පෝෂකයාණන් වන සේක. අවස්ථායික ආචාරධර්ම තුළින් පවසනු ලබන්නේ සදාචාරය නිර්ණය වන්නේ වටපිටාව සහ එක් එක් අවස්ථාවන් කරණකොටගෙන බවය. දේව වචනයේ ප්‍රකාශ කරනු ලබන්නේ සදාචාරය නිර්ණය කරනු ලබන්නේ දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය කරණකොටගෙන බවත් උන්වහන්සේ මැවුම්කරුවාණන් මෙන්ම පෝෂකයාණන් වන බවත්ය. එය අර්ථ විචාරය පිළිබදව කාර්‍යයක් නොව එනමුත් කරුණකි. දෙවියන්වහන්සේ යමක් එක් කණ්ඩායමකට අණ දෙනු ලැබ තවත් කණ්ඩායමකට තහනම් කරනු ලබන යන්න් නිරවද්‍යයද සාවද්‍යයද යන්න හෝ සාදාචාරද නොමැතිද හෝ නිර්ණය වන්නේ අවස්ථාව අනුව නොව දෙවියන්වහන්සේ අණ කරණකොටගෙනය. නිරවද්‍යය දේ සාවද්‍යය සේ කෙරෙහි ආණ්ඩු කිරීමට දෙවියන්වහන්සේට ආධිපත්‍යය ඇති. රෝම 3:4 හි පවසනු ලබන්නේ “සියලූ මනුෂ්‍යයන් බොරුකාරයන් වුණත් දෙවියන්වහන්සේ සැබෑ බව පෙනේවා.”

2. දෙවියන්වහන්සේගේ වචනයේ සියල්ලම සත්‍යයවේ. දේව වචනය අවස්ථායික ආචාරධර්මයන්ට පක්ෂව කථා කරන බව යෝජනා කිරීම එහි දෝෂ ඇති බවට ඇගවීමයි. එය එසේ නොවේ. එය එසේ නොවන්නේ පලමු වන කරුණ වන දෙවියන්වහන්සේ මැවුම්කරුවාණන් මෙන්ම පෝෂකයාණන් වන හෙයිනි.

3. නිරවද්‍යය සහ සාවද්‍යය දේ නිර්ණය සහ නිර්වචනය කරනු ලබන්නේ දෙවියන්වහන්සේ කව්රුන්ද යන්නෙනි. දෙවියන්වහන්සේගේ ස්වභාවය නම් ප්‍රේමය වේ. ප්‍රේමය යනු කුමක්ද යන්න උන්වහන්සේ විසින් නිර්ණය කරනු ලබන්නේ උන්වහන්සේගේ ක්‍රියා තුළින් නොව උන්වහන්සේ කව්රුන්ද යන්න තුළිනි. දේව වචනයේ සදහන් වනුයේ “දෙවියන්වහන්සේ ප්‍රේමය.” බවය (1 යොහාන් 4:16). ප්‍රේමය පරාර්ථකාමී මෙන්ම අන්‍යයන් ගැන සලකන්නාවූත් කිසිවිටකත් තම මහිමට හෝ සන්තුෂ්ටිය පසු පස හඹා නොයයි. (1 කොරින්ති 13). එසේ හෙයින් දෙවියන්වහන්සේගේ ගුණාංග වලින් උනවහන්සේ කව්රුන්ද යන්න දේව වචනය දෙවියන්වහන්සේ තුළින් දෙනු ලැබූවක් හෙයින් මෙන්ම එය සත්‍යයද හෙයින් දෙවියන්වහන්සේගේ ස්වභාවය තර්ජනයට ලක් කරනු ලබන කිසිඳු ආචාර ධර්ම පද්ධතියක් තිබිය නොහැක. අවස්ථායික ආචාරධර්ම නිරවද්‍යය දේ සහ සාවද්‍යය දේ සොයනු ලබන්නේ බහුතරයක් හෝ ආත්මාර්ථකාමය කරණකොටගෙන එක් පුද්ගලයකු සතුටු කිරීම වෙනුවෙනි. ප්‍රේමය වූ කලී එහි විරුද්ධාර්ථයවේ. ප්‍රේමය තුළින් අන් අයව ධෛර්‍යයට පත් කිරීම සහ ගොඩ නැගීම කරනු ලබයි.

අවස්ථායික ආචාරධර්මයන්හී මූලික ගැටළු දෙකක් නම් නිරපේක්ෂ සත්‍යය සහ සැබෑ ආදරයේ සංකල්පයවේ. දේව වචනයේ නිරපේක්ෂ සත්‍යය පිළිබදව උගන්වනු ලබන අතර එයින් නියම කරනු ලබන්නේ නිරවද්‍යය දේ සහ සාවද්‍යය දේ පූර්ව නිර්ණය කරනු ලබන්නේ ශුද්ධවූ දෙවියන්වහන්සේ මගින් බවය. එසේම ප්‍රේමය – සත්‍යය, අවංක සහ සැබෑ ප්‍රේමය පිළිබදව දෙවියන් වහන්සේගේ නිර්වචනය – කිසිවිටකත් ආත්මාර්ථකාමී සහ අපවිත්‍ර වේතනාවන්ට ඉඩ නොතබයි යම් තත්වයක් හේතුකොටගෙන පරාර්ථකාමිත්වය නියම වන බවට කව්රුන් හෝ පවසයි නම් එය තවමත් මිනිස් නිර්ණය කිරීමක් විනා දිව්‍යමය වූවක් නොවේ. වඩාත් සුදුසු කුමක්ද යන්න නිර්ණය කිරීමට සත්‍යය ප්‍රේමය නොමැති වූ මනුෂ්‍යය හේතූන් මූලික පදනමේ පටන්ම ආත්මාර්ථකාමිවේ.

එසේ නම් යම් දේ නිරවද්‍යය ලෙස පෙනෙන්නට තිබුණත් දෙවියන්වහනසේ විසින් ඒවා සාවද්‍යය බව පවසනු ලබන සේක් කුමක්වේද? අප විසින් දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය සහ දැඩි විශ්වාසය විශ්වාස කළ යුතු වන්නේ “දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැදවනු ලැබුවන්ට සියලූම දේ යහපත පිණිස එකට ක්‍රියා කරන” හෙයිනි. (රෝම 8:28) අප දෙවියන්වහන්සේට අයත් නම් උන්වහන්සේ අපට උන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ දී ඇත (යොහාන් 16), උන්වහන්සේ තුළින් නිරවද්‍යය දේ සහ සාවද්‍යය දේ පිළිබදව අපට අවබෝධයක් ඇත.

උන්වහන්සේ තුළින් අපට දෝෂ්‍යණය, ධෛර්‍යය ලැබෙන අතර ධර්මිෂ්ඨකම කෙරෙහි මග පෙන්වනු ලබන සේක. දෙවියන්වහන්සේ සොයන කාරණයක් පිළිබදව සත්‍යය දැන ගැනීමට උද්යෝගීමත් ආශාවක් දෙවියන්වහන්සේගේ පිළිතුරෙන් ලැබෙනු ඇත. “ධර්මිෂ්ඨකමට සාපිසා ඇත්තෝ ආශිර්වාද ලද්දෝය; මක්නිසාද ඔව්හූ තෘප්තියට පැමිණෙන්නෝය” (මතෙව් 5:6).

English
නැවතත් සිංහල මුල් පිටුවට
දේවවචනයේ අවස්ථායික ආචාරධර්ම පිළිබදව උගන්වනු ලබයිද?