settings icon
share icon
ප්‍රශ්නය

කිතුනුවන් පව්කාරයන්ද, සාන්තුවරයන්ද? නැතහොත් දෙදෙනාමද?

පිළිතුර


කිතුනුවන් පව්කාරයන් හා සාන්තුවරයන්ය. සියලු මනුෂ්‍යයන් පව්කාරයන් වන්නේ අප පාපයේ උපත ලැබූ නිසාය. නමුත් සියලු මිනිසුන් සාන්තුවරයන් නොවේ. බයිබලයට අනුව, සාන්තුවරයෙකු යනු පුදුමාකාර දේවල් කළ අයෙකු නොවේ, සභාවක් හෝ සංවිධානයක් විසින් සාන්තුවරයෙකු ලෙස සලකනු ලැබූ අයෙක් නොවේ. අළුත් ගිවිසුමේ "සාන්තුවරයා" ලෙස පරිවර්තනය කර ඇති වචනයේ තේරුම "පරිශුද්ධ, ශාරීරිකව නිර්මලය; සදාචාරමය වශයෙන් නිර්දෝෂී හෝ ආගමික; චාරිත්‍රානුකූලව වෙන් කරන ලද;ශුද්ධ." අළුත් ගිවිසුමේ ඡේදවල සන්දර්භය තුළ, සාන්තුවරයන් යනු ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයට අයත් අය වන අතර ඇදහිල්ල කරණකොටගෙන ගැලවීම ලබා ඇත (එපීස 2:8-9). වෙනත් වචන වලින් කිවහොත්, සාන්තුවරයා යනු කිතුනුවකුගේ තවත්ව චනයකි, ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි සැබෑ ඇදහිලිවන්තයෙකි.

සියල්ලන්ම පාපයෙන් උපත ලබා ඇති අතර සියල්ලන්ටම පාප ස්වභාවයක් ඇති බව පැහැදිලි බයිබලානුකුල සත්‍යයකි. දෙවියන්වහන්සේ මනුෂ්‍යයා මැව්වේ මුලින් යහපත් හා පාප ස්වභාවයකින් තොරව බව ශුද්ධලියවිල්ලෙහි සඳහන් වේ: "එවිට දෙවියන්වහන්සේ, 'අපගේ ස්වරූපයට අනුව මනුෂ්‍යාව සාදමු' කියා දෙවියන්වහන්සේ පැවසිය. උන්වහන්සේ ඔහුව මැව්වේය, පිරිමි සහ ගැහැණු ලෙස මැවීය" (උත්පත්ති 1:26-27) කෙසේ වෙතත්, උත්පත්ති 3 ආදම් සහ ඒවගේ වැටීම වාර්තා කරයි. ඔවුන්ගේ පාප ස්වභාවය ඔවුන්ගේ දරු පරපුරටද සම්ප්‍රේෂණය විය. මේ අනුව සෑම මනුෂ්‍යයෙක්ම පව්කාරයෙකි.

සාන්තුවරයන්, අනෙක්අතට, උපතලැබූසාන්තුවරයන්නොවේ; ඔවුන් නැවත ඉපදීමෙන් සාන්තුවරයන් බවට පත්වේ. අප සියල්ලන්ම "පව්කොට දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීනවී" ඇති නිසා (රෝම 3:23), අප සැමට අධ්‍යාත්මික නැවත ඉපදීමක් අවශ්‍යය. එසේ නොමැතිව සදාකාලයටම අපගේ පව්කාර තත්වයේ පවතිනු ඇත. නමුත් දෙවියන්වහන්සේ තම මහත් දයාවෙන් හා කරුණාවෙන් පව්කාරයෙකු සාන්තුවරයෙකු බවට පත් කිරීම සඳහා එකම ක්‍රමය ලබාදී ඇත. එනම් "බොහෝ දෙනෙකු උදෙසා මිදීමේ මිලයක් ලෙස තම ජීවිතය දීමට" පැමිණි ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේය (මතෙව් 20:28). පාපයෙන් ගැළවුම්කරුවෙකු සඳහා අපගේ අවශ්‍යතාවය පාපොච්චාරණය කර අප වෙනුවෙන් කුරුසියේ උන්වහන්සේගේ පූජාව පිළිගත්විට, අපි සාන්තුවරයන් වෙමු.

සාන්තුවරයන්ගේ ධූරාවලියක් නොමැත. ඇදහිල්ලෙන් ක්‍රිස්තුස්වහන්සේට අයිති සියල්ලෝම සාන්තුවරයන් වන අතර, අපගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ට වඩා අපෙන් කිසිවෙකු "සාන්තුවරයන්" නොවේ. වඩාත්ම අපැ හැදිලි කිතුනුවකුට වඩා සාන්තුවරයෙකු නොවන ප්‍රේරිත පාවුල් කොරින්තියේ සභාවට සිය පළමු ලිපිය ආරම්භ කරන්නේ ඔවුන් "ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ විශුද්ධවූ බවත්, සාන්තුවරයන් ලෙස කැඳවනු ලැබූ බවත්, සෑම තැනකම සිටින සියලු දෙනා කැඳවන බවත්ය. අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන්" (1 කොරින්ති 1:2, අවධාරණය එකතු කර ඇත). මෙම පදයෙහි හේගියෝස් විවිධ සාහිත්‍ය කරුවන් ලෙස "සාන්තුවරයන්", "ශුද්ධ" සහ "විශුද්ධ" ලෙස පරිවර්තනය කර ඇති අතර, ගැලවීම උදෙසා ක්‍රිස්තුස්වහන්සේට මෙතෙක් ආරාධනා කළ සියල්ලන්ම ස්වාමින්වහන්සේ විසින් ශුද්ධ කරනු ලැබූ සාන්තුවරයන්ය යන නොවරදින නිගමනයට මග පාදයි. අප සැවොම "සාන්තුවරයන් හා දෙවියන් වහන්සේගේ ගෘහයේ සාමාජිකයන්ව සිටින සෙසු පුරවැසියන්" (එපීස 2:19).

අප සාන්තුවරයන් නොවන්නේ අපව සභාවක් විසින් සාන්තුවරයන් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නිසා හෝ සාන්තුවරයට යාමට අපට නොහැකි නිසාය. කෙසේවෙතත්, ඇදහිල්ලෙන් අපව ගලවා ගත් පසු, දෙවියන් වහන්සේගේ සාන්තුවරයන් ලෙස අප කැඳවීමට සුදුසු යම් යම් ක්‍රියාවන්ට අපව කැඳවනු ලැබේ. "එහෙත්, ඔබව කැඳවූ තැනැත්තා ශුද්ධය, ඔබ කරන සියල්ලෙහිදී ශුද්ධ වන්න. මක්නිසාද එහි ලියා ඇත: 'මා ශුද්ධව බැවින් ශුද්ධ වන්න' (1 පේත්‍රැස් 1:15-16). සාන්තුවරයන් පව් රහිත නැත, නමුත් සාන්තුවරයන්ගේ ජීවිත අපගේ හදවත් තුළ ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීමේ යථාර්ථය පිළිබ්ඹු කරයි, මක්නිසාද අපි උන්වහන්සේ තුල "ජිවත් වෙමුව, හැසිරෙමුව" (ක්‍රියා 17:28).

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනුවන් පව්කාරයන්ද, සාන්තුවරයන්ද? නැතහොත් දෙදෙනාමද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries