settings icon
share icon
ප්‍රශ්නය

පව්කාරයාගේ යාච්ඤාව නම් කුමක්ද?

පිළිතුර


පව්කාරයන්ගේ යාච්ඤාව කියන්නේ යම් පුද්ගලයෙක් තමා පව් කල බව වැටහුනාම දෙවියන් වහන්සේට කරන යාච්ඤාව, ඒ සඳහා ගැලවුම්කාරයකුගේ අවශ්‍යතාවය. පව්කාරයන්ගේ යාච්ඤාව කෙනෙක් කියූ පමණින් තමන්ගේ සියලු දේ සම්පූර්ණ වෙන්නේ නැත. පව්කාරයන්ගේ යාච්ඤාව නම් යම් පුද්ගලයෙකු තමන්ගේ පව් ගැන නියම වශයෙන් ඵලදායි පිළිවෙලට ඉදිරිපත් කිරීමත්, අවබෝධ කර ගැනීම, තමන්ගේ පව්කාර බව විශ්වාස කිරීම සහ තමන්ට ගැලවීම අවශ්‍ය බව වටහා ගැනීම.

පව්කාරයන්ගේ යාච්ඤාවේ පළමු ලක්ෂනය (අංගය) නම් අපි සියලු දෙනාම තේරුම් ගැනීමට අවශ්‍යයි අපි පව්කාරයන් බව. රොම 3 : 10 ප්‍රකාශ කරනවා, ඒ ගැන මෙසේ ලියා තිබේ ධර්මිෂ්ඨ කෙනෙක් නැත, එසේය, එක්කෙනෙක්වත් නැත. ශුද්ධ බයිබලය පැහැදිලිව ප්‍රකාශ කරනවා අපි සියලු දෙනාම පව් කල බව. අපි සියලු දෙනාම පව්කාරයෝ බැවින් අපට දෙවියන් වහන්සේගෙන්, දයාව සහ ක්ෂමාව අවශ්‍යයි (තීතස් 3 : 5-7). අපේ පාප හේතුකොට ගෙන අපි සදාකාල දඬුවමකට සුදුසුයි (මතෙව් 25 : 46). පව්කාරයන්ගේ යාච්ඤාව කියන්නේ දඬුවම වෙනුවට සමාවට අභියාචනයක්. තවද එය ආයාචනයක් දෙවියන් වහන්සේගේ උදහස වෙනුවට දයාව ලබා ගැනීමට.

පව්කාරයන්ගේ යාච්ඤාවේ දෙවැනි ලක්ෂනය නම් දෙවියන් වහන්සේ අපේ පාපකාරි තත්වය නිසා අප වෙනුවෙන් දැනුම් තේරුම් ඇතිව සකස් කරන ලද පිළියම. දෙවියන් වහන්සේ මාංශ ගතවී මනුෂ්‍යයෙකු ලෙස ලොවට බිහි උනා යේසුස් ක්‍රිස්තුස් ලෙස (යොහන් 1 : 1,14) යේසුස් අපට ඉගැන්නුවා දෙවියන් වහන්සේගේ සත්‍ය ගැන, උන් වහන්සේ සම්පූර්ණ පාපයෙන් තොර ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කලා (යොහන් 8 : 46, 2 කොරින්ති 5 : 21). යේසුස් අපට උරුම දඬුවම රැගෙන, අප වෙනුවෙන් කුරුසිය මත තම ජීවිතය පූජා කලා (රෝම 5 : 8). යේසුස් මරණයෙන් උත්ථානවී පාපයට, මරණයට සහ නිරයට එරෙහි ජයග්‍රහනය පෙන්විය (කොලොස්සි 2 : 15, 1 කොරින්ති 15). මෙය හේතු කොට ගෙන අපි යේසුස් ක්‍රිස්තුස් තුළ සම්පූර්ණ විශ්වාසය තැබුවොත්, අපේ පාප වලට සමාව ලබා ගන්නට පුලුවන, තවද උන වහන්සේ අපට පොරොන්දුවූ පරිදි සවර්ග රාජ්‍යයේ සාදකාලික ගෘහය ලබා ගැනීමට පුලුවන. ඒ සඳහා අප කල යුත්තේ එකම දෙයයි, එනම් උන් වහන්සේ අප වෙනුවෙන් මැරුණ බවත්, මළවුන්ගෙන් උත්ථානවූ බව විශ්වාස කිරීමයි (රෝම 10 : 9-10). සමාව තුලින්ද, ඇදහිල්ල කරණකොට ගෙනද, අපට ගැලවීම ඇත. එපීස 2 : 8 අපට ප්‍රකාශ කරනවා, මක්නිසාද ඇදැහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නහුය.

පව්කාරයන්ගේ යාච්ඤාව කීමෙන් හුදෙක් අපි දෙවියන් වහන්සේට ප්‍රකාශ කරනවා අපි යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි විශ්වාසය තබනවා අපේ ගැලවුම්කාරයා බව. ගැලවීමේ ප්‍රතිඵලය ලබා ගන්නට විජ්ජා වචන නැත. අපට ගැලවීම ඇත්තේ, යේසුස්ගේ මරණය සහ උත්ථානය විශ්වාස කිරීමෙන් පමණි. ඔබ අවබෝධ කර ගන්නවා නම් ඔබ පව්කාරයෙක් කියා, යේසුස් ක්‍රිස්තුස් මඟින් ගැලවීම අවශ්‍ය නම්, මෙන්න, ඔබට දෙවියන් වහන්සේට යාච්ඤා කිරීම සඳහා පව්කාරයන්ගේ යාච්ඤාවක් -

දෙවියන් වහන්ස, මම දන්නවා මම පව්කාරයෙක් බව. මාගේ පව් නිසා ප්‍රතිවිපාක සහ දඬුවම් ලැබීමට සුදුසු බවත් දනිමි. කෙසේවූවත්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගේ ගැලවුම්කාරයා බව මම දැඩිව විශ්වාස කරමි. උන් වහන්සේගේ මරණය සහ උත්ථානවීම මඟින් මට ක්ෂමාව ලැබුණු බව මම විශ්වාස කරමි. යේසුස් වඋන්සේ පමණක් මාගේ පෞද්ගලික ගැලවුම්කාරයා සහ ස්වාමියා බව මම විශ්වාස කරමි. ඔබ මට දුන් ගැලවීම ගැනත්, දුන් සමාව ගැනත් ඔබට ස්තුති කරමි. ආමෙන්!

මෙය කියවීමෙන් පසු ඔබ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව තීරනයක් ගත්තාද? එසේ නම් මම අද ක්‍රිස්තුස් පිලිගතිමි කියා පහත සඳහන් බොත්තම ක්ලික් කරන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පව්කාරයාගේ යාච්ඤාව නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries