settings icon
share icon
ප්‍රශ්නය

තනිවු මව්වරුන්ට දෙවියන්වහන්සේ පවසන්නේ කුමක්ද?

පිළිතුර


දේවවචනයේ තනිවු මව්වරුන්ට සෘජුවම ඇමතීමක් කර නැත. නමුත් ස්ත්‍රීන්, මව්වරුන්, වැන්දඹුවන් සහ ඔවුන්ගේ දරුවන් අතර කරුණාවන්ත අනනෝන්‍යතාවයක් දෙවියන්වහන්සේ තුල තිබෙන බවට බොහෝ උදාහරණ ඇත. මෙම උදාහරණ සහ දෙවියන්වහන්සේගේ කරුණාව යම් මවක් තනිවී සිටියත්, විවාහක වුවත්, වැන්දඹු වුවත්, දික්කසාද වි සිටියත් ඔවුන්ට අදාළ වේ. දෙවියන්වහන්සේ එක් එක් තැනැත්තා ගැන සමීපව දන්නා අතර, ඔවුන් මුහුණ පා ඇති තත්වයද සම්පූර්ණයෙන් දන්නා සේක. විවාහයෙන් පිටස්තරව ලිංගික සම්බන්ධතා පැවැත්වීම පාපිෂ්ඨ සහ භයානක ක්‍රියාවක් බව දේවවචනය අවවාද කරන අතර, එමඟින් බොහෝ කරදර වලට මුහුණ පෑමට සිදුවන අතර, ඒ හේතුවෙන් ස්ත්‍රීයකට තනිවම දරුවකු නඩත්තු කිරීමට පවා සිදුවන අතර, එය සැබවින්ම අති දුෂ්කර ක්‍රියාවක් වනු ඇත. එම වරද ඇයගේම පාපිෂ්ඨ භාවයෙන් සිදුවුවත්, දෙවියන්වහන්සේ ඇයට උදව් කිරීමට සහ සැනසීම ලබා දීමට කැමති සේක. තවද එම ස්ත්‍රීයට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් සදාතන ස්වර්ගීක සැනසුම ලබා දීමට අවශ්‍ය පව් කමාව ලබා දීමට කැමති අතර උන්වහන්සේ පිළිගන්නා දරුවන් සහ ඔවුන් සමග අමනාප වී ඇති පියවරුන්ටද කමාව දෙන සේක.

තමාගේ වරදක් නොමැති වුවද, තනිවම තම දරුවන් රැකබලා ගැනීමට සිදුවීම නිසා යම් ස්ත්‍රීයකට තනිකම දැනෙනු ඇත. යුද්ධ සහ ත්‍රස්ත ක්‍රියාවලින් පිරුණු මෙම ලොවෙහි බොහෝ විට ස්ත්‍රීන් නිර්දෝෂි ගොදුරු බවට පත්වෙති. ඔවුන්ගේ ස්වාමී පුරුෂයන් යුධ බිමට ගොස් බොහෝ විට ආපසු නොපැමිණෙති. ඔවුන් තම මව්බිම උදෙසා පරාර්ථකාමී ලෙස දිවි පුදති. යම් ස්ත්‍රීයකුගේ ස්වාමි පුරුෂයා මිය යාම හේතුවෙන් ඇය දරුවන් සමග තනිවු විට, දෙවියන්වහන්සේ එම ස්ත්‍රීයට උපකාර කොට ඈ සනසන බවට කිසිම සැකයක් නැත.

දෙවියන්වහන්සේ පවුල් ගැන සලකා බලන සේක. තම පව් ගැන පශ්චාතාප වී උන්වහන්සේ සමග සම්බන්ධතාවයක් තබා ගැනීමට කැමති එක් එක් අය, ඔවුන්ගේ පවුල කුමන ආකාරයකට පැවතුනද, උන්වහන්සේ ඔවුන් ගැන වඩාත් සලකන සේක. අප උන්වහන්සේ දැන ගැනීම එතුමාගේ අභිප්‍රාය වන අතර එසේ වන්නේ, එමඟින් අපට ප්‍රීතියද උන්වහන්සේට මහිමයද ගෙන දෙන බැවිනි. අප ගැන අන් අය සිතන ආකාරය ගැනද, සභාව අප පිළිගන්නේද හෝ අපගේ සියඵ දේවල් විනාශ වී ඇත්දැයි යනුවෙන් අපගේ ජීවිත වලට අදාළ කරුණු ගැන අපගේ අවධානය යොමු කර ගනිමුව. නමුත් දෙවියන්වහන්සේ කිතුණුවන් කැඳවනුයේ අසහනයෙන් තොර ප්‍රීතිය සඳහාය. උන්වහන්සේ පවසනුයේ අපගේ සියඵ කරදර උන්වහන්සේට භාර දෙන ලෙසය. (1 පේත්‍රෘස් 5:7) අපගේ කරදර උන්වහන්සේ උසුලමින් අපගේ පව් වලට කමාව දෙමින්, අපගේ පව් අමතක කර දමා ඉදිරියට යෑමට උන්වහන්සේ අපට උපකාර කරන සේක.

උන්වහන්සේ අපගෙන් බලාපොරොත්තුවන එකම දෙය නම් උන්වහන්සේ හඳුනාගෙන උන්වහන්සේ තුළ ප්‍රීතිවෙමින් එතුමාව විශ්වාස කිරීමය. තනිවු මව්වරුන් හට බොහෝ විට මහත් වගකීමක් පැවරෙන අතර තම කරදර "පසෙක තබා" ජීවත් වීමට ඔවුන්ට සමහර විට දුෂ්කර වනු ඇත. තනිවු මවක් තමන්ගේ වරද ගැන කල්පනා කරමින් සිටිනු ඇත. නමුත් දෙවියන්වහන්සේ අණ කරනුයේ දිනකට සුඵ කාලයක් හෝ උන්වහන්සේ වෙතට අවදානය යොමු කරමින්, දවසේ ඉතිරි කාලය පුරාවටම උන්වහන්සේව විශ්වාස කරමින් කරදර පසෙක දැමීම කෙසේ හෝ සිදුකළ යුතු බවත්, උන්වහන්සේ වෙතට ළඟාවීම තුළින් අපගේ කායික සහ අධ්‍යාත්මික අවශ්‍යතාවයන් උන්වහන්සේ සපයන බවත්ය.

තනිවු මවකට මෙය හැඟෙනුයේ තම වේලාව දේව වචනය කියවීමට සහ යාච්ඤාවේ යෙදීමට මිඩංගු කළ යුතු ලෙසිනි. ඇය සමහර විට මෙසේ සිතිය හැක. එනම් තමාගේ දරුවන්ගේ වැඩ කටයුතු වල යෙදෙමින් ගෘහ පාලනයද කරමින්, අනෙකුත් රාජකාරී වල යෙදෙමින් සිටින අතර දේවවචනය කියවීමට සහ යාච්ඥා කිරීමට මා හට වේලාවක් නැත යනුවෙනි. තම දරුවා නිදාගත් විටදි හෝ වෙනත් කෙනෙකු භාරයේ තබා අඩුම තරමේ පැය භාගයක් වත් යාච්ඤාවේ යෙදී දෙවියන්වහන්සේ සමග කතා කරමින් දේව වචනය තුළින් උන්වහන්සේගේ හඩට සවන් දීමේ යෙදෙන්නේ නම් ඇයට පැවරී ඇති පිඟන් කෝප්ප සේදීම වැනි දේ අතපසු වුවද දවසේ ඉතිරි කොටසේදී දෙවියන් වහන්සේගේ මහත් පුදුමාකාර ශක්තිය සහ සැනිසිලි දායක සමීපත්වය ඇය ලබනු ඇත. පහත දැක්වෙන බයිබල් පාඨය ධාරණය කිරීමෙන් ජීවිතයේ පීඩනය වැඩිවී හෝ අසීරු තත්වයක් ඇති වු විට උන්වහන්සේගේ ආදරය සහ රැකවරණය ගැන මතකයට ගෙන දේ. ගීතාවලිය 118:6 "සමිඳුන් මාගේ පැත්තට සිටින බැවින් මම බිය නොවන්නෙමි. මට හානි කිරිමට කිසිවකුට හැකිද?" හෝ පිලිප්පි 4:13, "මා බලවත් කරන දෙවියන්වහන්සේ තුළ මට සියඵ දේ කළ හැකිය.

එබැවින් තනිවු මව්වරුන් හට දෙවියන්වහන්සේ පවසන්නේ කුමක්ද? එනම් අන් අයට උන්වහන්සේ පවසන දෙයමය. එනම් පව් ගැන මනස්ථාපනය වන්න. කමාව ලැබීම සඳහා ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න. යාච්ඤාව තුළින් දෙවියන්වහන්සේ සමග සම්බන්ධතාවයක් පවත්වා ගන්න. දේව වචනය තුළින් එතුමාගේ හඩට සවන් දෙන්න. පරීක්‍ෂා වලදි ශක්තිය පිණිස උන් වහන්සේ වෙතට ළඟා වන්න. උන්වහන්සේ සැලසුම් කර ඇති විශ්මජනක සදාතන ජීවිතය ගැන බලාපොරොත්තු තබා ගන්න. දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නන් හට උන්වහන්සේ සුදානම් කර ඇත්තේ, කිසිවකු කවදාවත් ඇසින් නුදුටු කණින් නොඇසු, සිතින් නොසිතූ දෙයකි (1 කොරින්ති 2:9).

English



නැවතත් සිංහල මුල් පිටුවට

තනිවු මව්වරුන්ට දෙවියන්වහන්සේ පවසන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries