settings icon
share icon
ප්‍රශ්නය

මරණය දක්වා යන්නාවූ පාපය යනු කුමක්ද?

පිළිතුර


නව ගිවිසුමේ සඳහන් වන, අර්ථය පහදා දීමට අපහසුම පදයන් ‍ෙගන් එකක් වනුයේ 1 යොහන් 5:16 යි. යමෙක් තමාගේ සහෝදරයා මරණයට නොපමුණුවන පාපයක් කරන බව දුටුවොත්, ඔහු යාච්ඤාකරාවා. එවිට ඔහුට එනම් මරණයට නොපමුණුවන්නාවූ පාපයක් කරන්නට (දෙවියන් වහන්සේ) ජීවනය දෙන සේක. මරණයට පමුණුවන්නාවූ පාපයක් ඇත්තේය. ඔහු ඉල්ලිය යුතුය කියා මා කියන්නේ ඒ ගැන නොවේ.” තිබෙන්නාවූ සියලුම අර්ථ කථනයන් අතුරින් මෙම පදයට අදාල ප්‍රශ්න වලට කිසි කෙ‍ෙනකු පිළිතුරු දී නොමැති බවක් පෙනී යයි. ඉතාමත් සුදුසුම අර්ථ කථනයක් සොයා ගත හැක්කේ මෙම පදය ක්‍රියා 5:1-10 හි සඳහන් අනනියස් සහ සප්පිරාට සිදුවූ දේ හා සමග සන්සන්දනය කිරීමෙනි (1 කොරින්ති 11:30 ද බලන්න). මරණය දක්වා යන්නාවූ පාපය වනාහි සිතාමතා, ස්ව කැමැත්තෙන්, නිරන්තරව, පසුතැවිලි නොවී යෙදෙන්නාවූ පාපයන් වේ. දෙවියන් වහන්සේගේ කරුණාව හේතුකොටගෙන, උන් වහන්සේගේ දරුවන්ට අප්‍රමාද දඬුවම් නොමැතිව, පාපයේ යෙදීමට ඉඩ ඇත. එනමුත් ඇදහිලිවන්තයාට පසුතැවිලි නොවූ පාපයත් සමග දිගින් දිගටම තවත් ජීවත්වීමට දෙවියන් වහන්සේ විසින් ඉඩ නොහරින එක්තරා මොහොතක් එනු ඇත. එවන් මොහොතක් එළඹුනු අවස්ථාවේදී කිතුනුවා තමන්ගේ ජීවිතය නසා ගන්නා තත්වයකටම දඬුවම් දීමට දෙවියන් වහන්සේ සමහරවිට තීරණය කරනු ලබන සේක.

ක්‍රියා 5:1-10 සහ 1 කොරින්ති 11:28-32 හි උන් වහන්සේ කළේ එසේමය. සමහරවිට පාවුලු 1 කොරින්ති 5:1-5 දක්වා පදවල කොරින්තිවාසීන්ට විස්තර කරනානට ඇත්තේ මෙය වන්නට පුලුවනි. පාපයේ නියැලී සිටින කිතුනුවන් වෙනුවෙන් අප යාච්ඤා කළ යුතු වෙමු. කෙසේ නමුත් දෙවියන් වහන්සේ විසින් විනිශ්චයක් නියම කළ ඇදහිලිවන්තයෙකුගේ යාච්ඤා වලට උන් වහන්සේ විසින් ඇහුම් කන් නොදී සිටීමේ කාලයක්ද එළඹෙන්නට හැක. යම් කෙනෙකු වෙනුවෙන් අපට යාච්ඤා කිරීමට ප්‍රමාද වැඩිද නැද්ද යන්න ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගැනීමේ අපහසුතාවයන්ද ඇතිවේ. දෙවියන් වහන්සේ යහපත් සහ ධර්මිෂ්ඨ හෙයින් කාලය ප්‍රමාදද නැද්ද යන්න තීරණය කිරීම සඳහා අප උන් වහන්ස්ට ඉඩ දිය යුතුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මරණය දක්වා යන්නාවූ පාපය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries