settings icon
share icon
ප්‍රශ්නය

මඟ හැරිමේ පාපයක් යනු කුමක්ද?

පිළිතුර


යාකොබ් 4:17 ප්‍රකාශ කරන්නේ, "එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම්, ඔහුට ඒක පාපයය." දෙවියන්වහන්සේගේ වචනයේ අප විසින් කල යුතු ලෙස උගන්වන නමුත් අප විසින් නොකරන්නා වුදේ මඟහැරිමේ පාපයක් යනුවෙන් හදුන්වනු ලබයි. එය සාමාන්‍යයෙන් භාවිතා කරනුයේ "නොකලයුතු පාපයක්ව තිබියදීත් එය කිරිමේ ක්‍රියාව"හෝ පුද්ගලයෙකු සක්‍රියව කරන පාපවලට අනුරූපවය. රෝම 7: 14-20 හී පාවුල්තුමා මෙම සංකල්ප දෙක අතර වෙනස දක්වයි. ඔහු පාපයේ මෙම දෙයාකාර ක්‍රමය පිලිබඳව නැඹුරුවිම දක්වයි. ඔහු කිරීමට අකමැතිදේ සහ කිරිම වැරදියි — පාපයේ ක්‍රියාව ලෙසත්, ඔහු කළ යුතුදේ දන්නා අතර ඇත්ත වශයෙන්ම කිරීමට කැමතිදේ ඔහු නොකරයි, එය මඟ හැරිමේ පාපයවේ. මෙන්න එය වාසය කරන මාංශයට පටහැනි නව ස්වභාවය පිළිබඳ පින්තූරයක්.

අළුත් ගිවිසුමේ, යේසුස්වහන්සේ දුන් හොඳම උදාහරණය යහපත් සමාරිතයා පිලිබඳ සිද්ධියයි. මිනිසෙකුට පහරදී උපකාර අවශ්‍යවූ පසු, ඔහු පසුකර ගිය පළමු මිනිසුන් දෙදෙනා — පූජකයෙකු සහ ලෙවීවරුන් දෙදෙනාම හොඳින් දැන සිටියහ. තුන්වන මිනිසා, සමාරිය ජාතිකයෙක්, අවශ්‍යතා ඇති මිනිසාට අනුකම්පා කිරීම නැවැත්වීය (ලූක් 10:30-37). යේසුස්වහන්සේ මෙම ආදර්ශය භාවිතා කළේ අපත් අවශ්‍යතා ඇති අයට උපකාර කළ යුතු බව ඉගැන්වීමටයි. එසේ කිරීමෙන්, උන්වහන්සේ පැහැදිලිවම සන්නිවේදනය කළේ නපුර ලුහුබැඳීම පාපයක්සේම යහපත කිරීමෙන් වැළකීසිටීම පව්කාර බවය.

මතෙව් 25:31-46 හී මඟ හැරිමේ පාප ගැන යේසුස්වහන්සේ තව දුරටත් විස්තර කරයි. එළුවන්, ක්‍රිස්තුස්වහන්සේ විසින් එවන ලද අය, අන්අය කුසගින්නෙන් හා පිපාසයෙන් සිටිනු දුටු නමුත් ආහාර හා ජලය ලබා නොදුන් අයයි. ඔවුන් ඇඳුම් පැළඳුම් අවශ්‍ය අන්අය දුටු, අසනීපවූ හෝ සිරගතව සිටි නමුත් ඇඳුම් ඇඳීමට හෝ සැනසීමට කිසිවක් නොකළ අයයි. මේ සියල්ල මඟ හැරීමේ පව් පිළිබඳ උදාහරණවේ. මෙම අගහිඟකම් ඇති අයට විරුද්ධව කිසිම පාපයක් සිදුනොවීය. ඔවුන් හිතාමතාම කුසගින්නේ හෝ ඇඳුම් නොමැති කමින් නොසිටියේය. නමුත් මඟ හැරීමේ පාපය සිදුවූයේ ඔවුන් වෙනුවෙන් සැපයිය හැකි අය එසේ නොකිරීමට තීරණය කළ විටය.

අවසාන වශයෙන්, පාවුල්තුමා සාරාංශ ප්‍රකාශයක් සපයන අතර, අප හරිදේ කළ යුත්තේ ඇයි සහ මඟ හැරිමේ පාප වලින් වැළකී සිටිය යුතුය. "යහපත කිරීමට අපි වෙහෙසට පත් නොවෙමු. මක්නිසාද නිසිවේලාවට අපි අස්වැන්න නෙළා ගන්නෙමු." (ගලාති 6:9). අපගේ ස්වර්ගික පියාණන්ගේ කැමැත්ත කරනවිට (මතෙව් 12:50), අපි මඟ හැරීමේ පාප වලින් වැළකී දෙවියන්වහන්සේට ප්‍රසන්න පලදායී ජීවිත ගත කරමු (රෝම 12:1-2; යොහන් 15:1-11).

English



නැවතත් සිංහල මුල් පිටුවට

මඟ හැරිමේ පාපයක් යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries